Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

April 30, 2014

අඩු විදුලි බිලකට මග

වර්තමානයේ  බොහෝ පුද්ගලයන් තම නිවසේ විදුලි බිල වැඩිවීම සම්බන්ධව විවිධ මැසිවිලි නගනු අපට අසන්නට සහ දකින්නට ලැබේ.නිවසේ විදුලි බිල වැඩිවිමට බොහෝ විට බලපානුයේ අපගේ නොසැලකිල්ල සහ අරපරෙස්සම නොමැති විම බව මේ සම්බන්ධව වඩාත් ගැඹුරින් අධ්‍යයනය කරන විට අපට පෙනී යයි.
අඩු විදුලි බිලක් සදහා අප අදුරේ සිටිය යුතු නැතිවාක් මෙන්ම විවිධ වු වැඩ පහසුකරගන්නා විදුලි උපකරණ භාවිතයෙන් වැලකී සිටිය යුතුද නැත. මේ සදහා අප කලයුතු එකම කාර්යය වන්නේ කාර්යක්ෂමව සහ අරපරිස්සම් සහිතව විදුලිය පාවිච්චි කිරීම පමණකි.

කාර්යක්ෂමව සහ අරපරිස්සම් සහිතව විදුලිය පාවිච්චිකරනුයේ කෙසේදැයි යන්න පිළිබදව අපි දැනුවත් වෙමු!


ශීතකරණයේ විදුලි නාස්තිය අවම කරමු

කාර්යක්ෂමව සහ සැලසුම් සහගතව ශීතකරණය භාවිතා කොට විදුලි බිල අඩු කර ගැනීමට පහත පියවරයන් අනුගමනය කරන්න.
  • ·        ශීතකරණය ස්ථානගත කිරීමේදී බිත්තිය හා ශීතකරණය පිටුපස අතර අගල් 10 ක හෝ ඊට වැඩි පරතරයක් සිටින සේ තබන්න.
  • ·        හිරු එළිය සෘජුව නොවැටෙන ස්ථානයක ශීතකරණය තබන්න.
  • ·        උණුසුම් ආහාර ශීතකරණයේ තැබීමට පෙර නිවෙන්නට සලස්වන්න.
  • ·        ආහාර ද්‍රව්‍ය පිටතට ගැනීමේ දී හෝ ඇතුලට දැමීමේ දී වැඩි වේලාවක් ශීතකරණයේ දොර ඇර තැබීමෙන් වලකින්න.
  • ·        ආහාර එකිනෙකට තදබද නොවන සේ ලිහිල්ව අසුරා තබන්න.
  • ·        තෙත සහිත ආහාර ශීතකරණයේ අසුරන විට ඒවා පොලිතීන් උර වල බහා තැබිම හෝ ඔතා තැබීමට මතක තබාගන්න.
  • ·        ශීත කිරීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති අවස්ථාවල දී ශීතකරණය ක්‍රියාවිරහිත කර තැබීම ද ඔබේ විදුලි බිල අඩු කරගැනීමට හේතුවනු ඇත.
විදුලි ස්ත්‍රික්කයේ කාර්යක්ෂමතාව උදෙසා

  • ·        රෙදි මැදීමට පෙර රෙදි වල ඝනකම අනුව වර්ග කරන්න.

  • ·        ඝනකම රෙදි වලින් මැදීම ආරම්භ කර තුනී රෙදි වලින් මැදීම අවසන් කරන්න.

  • ·        අවසන් රෙදි කිහිපය ස්ත්‍රික්ක කිරීමට පෙර ස්ත්‍රික්කයේ විදුලිය විසන්ධි කරන්න.

  • ·        රෙදි මැදීම අතරතුර ස්ත්‍රික්කය පසෙකින් තබන විට එහි පතුල සිරස්ව තැබිමට වගබලාගන්න.

  • ·        සතියක රෙදි එකවර මැදීමට පුරුදු වන්න.

ඔබ රෙදි සෝදන යන්ත්‍රයක හිමිකරුවෙක් නම් කාර්යක්ෂම රෙදි සේදීමක් සදහා 

  • ·        උපකරණයේ සදහන් බර ප්‍රමාණයට සරිලන ප්‍රමාණයක් පමණක් රෙදි යොදන්න.
  • ·        රෙදි ප්‍රමාණයට සරිලන ප්‍රමාණයෙන් ජලය භාවිතා කරන්න.
  • ·        රෙදි අනවශ්‍ය වාර ගණනක් සහ අනවශ්‍ය කාලයක් සේදීමෙන් වළකින්න.
  • ·         ස්වයංක්‍රීයව රෙදි වේලීම සදහා වොට් 500 පමණ විදුලියක් වැයවන බැවින් හැකි සැම විටම රෙදි අව්වේ දමා වියලාගන්න.