April 25, 2014

මූල ද්‍රව්‍යයන් මෙතරම් වටීද?

01.Californium: කැලෆෝනියම්

ග්‍රෑම් එකක් ඇ:ඩො:මිලියන 27 කි
Curium නම් වු රසායනික සංඝටකයක් දිගින් දිගටම පරීක්ෂණ වලට භාජනය කිරීමෙන් කෘතිමව නිපදවු අතුරුඵලයක් වන Californium දැනට ලොව ඇති වටිනාම මූල ද්‍රව්‍ය වේ.විකිරණශීලි මූල ද්‍රව්‍යක් වනමෙහි සමස්ථානික 10 ක් පවතින අතර එයින් සමහරක් විවිධ පිළිකා සුව කිරීම සදහා යොදා ගනු ලබයි.තවද ලෝහ සහිත පස්වල රත්‍රන් හා රිදී සොයා ගැනීමට ද මෙය භාවිතා කරයි.ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී 1950 දී කෘතිමව නිපද වුවද  සුපර්නෝවා පිපිරුම් වලින් තාරකා විනාශවීමේදි Californium බිහිවීමට හැකි බව විද්‍යාඥයෝ පවසති.

02.Diamonds :දියමන්ති

ග්‍රෑම් එකක් ඇ:ඩො:210.000කි
ලොව ඝනත්වයෙන් වැඩිම අමුද්‍රව්‍ය ලෙස සැලකෙන දියමන්ති වල වටිනාකම මනිනු ලබන්නේ Four “C” “S”  මිනුම් න්‍රම වේදයනි. Clearity-පැහැදිලි බව,  Colour -වර්ණය, Cut-කපන ලද හැඩය, Carats-දියමන්තියේ බර(කැරට් අගය)අනුව දියමන්ති වල වටිනාකම තීරණය වේ.දියමන්තිය යනු වසර මිලියන ගණනක් තිස්සේ භූගෝලීය උණුසුම හා පීඩනයට හසුව සකස් වු ඛණිජයක් වන බැවින් මෙය ලොව වටිනාම ඛණිජ ද්‍රව්‍ය ලෙසද සැකසේ.


03.Tritium -ට්‍රීටියම්
ග්‍රෑම් එකක් ඇ:ඩො: -30.000
ඔබගේ අත් ඔර්ලෝසුවෙහි කටු අදුරේදී දිලිසෙයි නම් ඒ ට්‍රීටියම් හි සමස්ථානික  මූලද්‍රව්‍යයක් ඒවායේ  ආලේප කර ඇති නිසාවෙනි.ජලකර න්‍යෂ්ටික බෝම්බ නිපදවීම සදහා යොදාගනු ලබන ට්‍රීටියම් යනු අතිශයින්ම විකිරණශීලි මූලද්‍රව්‍යකි.මෙය ආඝ්‍රාණය කිරීම හෝ ශරීර ගතවීම භයානක ප්‍රථීපල ගෙන දීමට හැකිය.



04.Plutonium -ප්ලුටෝනියම්
ග්‍රෑම් එකක් ඇ:ඩො:  - 10.900

පරමාණුක බෝම්බ හා න්‍යෂ්ටික අවිවල අඩංගු කර ඇති නිසා විකිරණ ශීලි ප්ලුටෝනියම් හට ලැබී ඇත්තේ තරමක් නොමනා ප්‍රසිද්ධියකි.නමුත් මෙය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක වලින් ඇතුලත් කර ශක්තිය උපදවා ගත හැකි වීම විද්‍යාඥයින්ට ඉමහත් ප්‍රථිපල ලබා දෙන බව කිව යුතුය.අප සෞරග්‍රහ මණ්ඩලයේ සිට වඩාත්ම ඈතට යන Voyager -1 අභ්‍යාවකාශ යානයට බලය සැපයෙන්නේ ප්ලුටෝනියම් බැටරී පද්ධතියක් මගිනි.





05.Red Beryl -රෙඩ් බෙරිල්
ග්‍රෑම් එකක් ඇ:ඩො:  - 10.000
Red Beryl ලෙස හැදින්වන්නේ ඇමරිකාවෙන් හමුවුසුවිශේෂී රතු මාණික්‍ය විශේෂයකි.දඅයමන්ති වලට වඩා තරමක් අඩු ගනකමක් ඇති මේවා ආභරණ නිෂ්පාදනයට බොහෝසෙයින් භාවිතා කරනු ලබයි.

06.Helium3 -හීලියම්3
ග්‍රෑම් එකක් ඇ:ඩො:  - 2.000
විකිරණ ශීලි ට්‍රිටියම් බිදවැටිමේ අතුරුඵලයක් ලෙස හීලියම් 3ඇති වන අතර එහි ඇති පිරිසිදු න්‍යෂ්ටික ශක්තිය කෙරෙහි විද්‍යාඥයින් වැඩි වැඩියෙන් නැබුරු වෙමින් පවති.කෙසේ  වුවත් Helium3 පෘථීවිය මත ස්භාවිකව ඇති වන්නේ ඉතා ස්වල්ප වශයෙන් වීම ගැටළුවකි.නමුත් චන්ද්‍රයාගේ මතු පිට සුර්ය සුලි කුණාටු වලින් ලෙන එනු ලැබු Helium3 බොහෝ ප්‍රමාණයක් ඇතැයි විශ්වාස කෙරේ.

07.Gold -රත්‍රන්
ග්‍රෑම් එකක් ඇ:ඩො:  - 55 කි
රත්‍රන්වල වටිනාකම හෝ එමගින් අප සංස්කෘතියට එක් වී ඇති විශ්වාස හා සංස්කෘතිකාංග ගැන අප පැවසිය යුතු නැත.මේ වන විට ලෝකය තුල රත්‍රන් ටොන් 188.800ක් පමණ ගොඩ ගෙන ඇති අතර පොළව තුළ තවත් රත්‍රන් ටොන් 56.000ක් පමණ ඇතැයි විශ්වාස කෙරේ.



08.Platinum -ප්ලැටිනම්
ග්‍රෑම් එකක් ඇ:ඩො:  - 51 කි
සක්‍රීයතාවයෙන් ඉතා අඩු මෙම දුබල ලෝහමය බැදීමෙන් ,දුර්වර්ණ වීමෙන් ආරක්ෂා වීමේ ඉහළ හැකියාවකින් සමන්විත වීමත් ඉතා ඉහළ උෂ්ණත්ව වලට ඔරොත්තු දීමත් බොහෝ රසායනික ද්‍රව්‍ය සමග ගැටි නොනැසී පැවතීමේ හැකියාවන් තිබීමත් නිසා වෙද්‍ය උපකරණ නිපදවීමට බහුල සෙල යොදා ගනු ලබයි.නමුත් මෙහි විරලතාව නිසා වසරකට සොයා ගනු ලබන්නේ ටොන් සීයයකටත් අඩු ප්‍රමාණයකි.





0 comments:

Post a Comment