April 8, 2014

සුවපත් දිවියකට වැදගත් “යකඩ”


යකඩ යනු සිරුරේ විවිධ කොටස් වෙත ඔක්සිජන් ගෙන යාම සදහා උපකාරී වන හිමොග්ලොබින් සෑදීමට අත්‍යවශ්‍ය වන පෝෂණ සංඝටකයකි.
Ø  ශාරීරික හා මානසික වර්ධනය නිසි පරිදි සිදු වීමට.
Ø  රෝග වැලදීම වැලැක්වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා ගැනීමට.
Ø  අලස බවෙන් තොර ක්‍රියාශීලී දිවි පෙවෙතකට.
Ø  මතක ශක්තිය හා අවදානය වැඩි කර ගැනීමට.
Ø  ගැබිණි සමයේ ඇතිවන විවිධ සංකූලතා අවම කර ගැනීමටඅපගේ සිරුරට යකඩ අවශ්‍ය වේ.
ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය නොලබීමෙන්,  එනම් යකඩ ඌණතාවය ඇති වීමෙන්
·        උපත් බර අඩු දරුවන් බිහිවීම.

·        වර්ධනය හීන වීම.

·        අවදානය හා මතක තබා ගැනීමේ හැකියාව අඩු වීම.
·        පහසුවෙන් ලෙඩ රෝග වැලදීම.
·        ඉක්මනින් විඩාවට පත් වීම.
·        කාර්යක්ෂමතාවය අඩු වීම වැනි ගැටලුකාරී තත්වයන් ඇතිවේ.
යකඩ ඌණතාවයට බලපාන මූලික හේතු ලෙස,

      o   එදිනෙදා ආහාර වේල තුළ ප්‍රමාණවත් තරම් යකඩ අඩංගු නොවීම.
      o   ආහාර වේලේ අඩංගු යකඩ ප්‍රමාණවත් ලෙස ශරීරයට උරා නොගැනීම.
   o   රුධිර වහනය

   o   හදිසි අනතුරු, අර්ශස් රෝග, මාස් ශුද්ධිය, දරු ප්‍රසූතියේදී අධිකව රුධිරය පිටවීම.

   o   පරපෝෂිත අසාදන(කොකු පණු රෝගය, මැලේරියාව වැනි) හදුනාගත හැකිය.
 එබැවින් අප ගන්නා අහාර වේලේ ප්‍රමාණවත් තරම් යකඩ ඇතුලත් වීම පිළිබදව සැලකිලිමත් විය යුතු අතර ලබා‍ ගන්නා ආහාරවල ඇති යකඩ අවශෝෂණය කර ගන්නා ප්‍රමාණය වැඩි කර ගැනීම පිළිබදවද විශේෂයෙන් දැනුවත් විය යුතුය.
ඒ සදහා, 
ü  විටමින් C බහුල  අළුත් එළවළු හා පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීම.
ü  ආහාර පිළියෙල කිරීමේදී දෙහි, සියඹලා, තක්කාලි වැනි ආම්ලික ද්‍රව්‍ය එකතු කර ගැනීම.
ü  කඩල, මුං වැනි ඇට වර්ග පැය 24 ක් පමණ පොගවා අංකුර ඇති වූ පසු ආහාර පිළියෙල කර ගැනීමට යොදා ගැනීම.
ü  ආප්ප තෝසේ වැනි දෑ පිළියෙල කිරීමේදී අනුගමනය කරන ආහාර පැසවීමේ(පිපීමේ) ක්‍රියා මාර්ග අනුගමනය කිරීම.
ü  හැකි සෑම විටකදීම මස්, මාලු  හෝ කරවල ඉතා සුළු ප්‍රමාණයක් හෝ ආහාර වේලට එකතු කර ගැනීම කළ හැකිය.
 
තවද තේ, කෝපි වැනි ටැනින් අඩංගු ආහාර යකඩ සිරුරට උරා ගැනීමට බාධා ඇති කරයි එම නිසා ආහාර වේල සමගම හෝ ආහාර ගැනීම ආසන්නයේ(පැයක් ඇතුලත) එවැනි දේවල් පානය කිරීමෙන් වැලකිය යුතුය.

0 comments:

Post a Comment