භූ-රසායන
විද්‍යාව (Geochemistry) පිලිබඳව මහාචාර්යවරයෙකු වන ෆ්ලොරිඩා විශ්වවිද්‍යලයේ ආචාර්ය ස්ටීවන් බෙනර්
පවසන අන්දමට පෘථිවිය මත අද පවතින ජීවිය මෙහි ආරම්භවූවක් නොව, වසර බිලියන ගණනක් අතීතයේදී අඟහරු ග්‍රහයා
මත ඇතිවී අහඹු ලෙස පෘථිවියට පැමිණ මෙහි වැඩී ඇතිබවට සැළකිය හැකි සාධක විශාල වශයෙන්
හමුවෙමින් පවතී. ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර පැවැත්වුනු භූ-රසායන විද්‍යාව පිලිබඳ ජාත්‍යන්තර
සම්මන්ත්‍රණයකදී ආචාර්ය බෙනර් මේ කල්පිතය ඉදිරිපත් කලේය.
ජීවයේ පදනම වන හා ප්‍රෝටීන වැනි සංකීර්ණ අණු ස්වභාවයෙන් නිර්මාණය වූයේ කෙසේදැයි යන්න පිලිබඳව විද්‍යාඥයින් අතර තවමත් නිශ්චිත එකඟතාවයක් නැතත්; කාබන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා පොස්ෆරස් යන මූද්‍රව්‍ය එක්ව RNA, DNA හෝ ප්‍රෝටීන වැනි අතිශය සංකීර්ණ අණු ස්වභාවයෙන් ජනනයවීම සඳහා උත්ප්‍රේරක ලෙස ක්‍රියාකල වෙනත් මූළද්‍රව්‍ය රැසක් තිබෙන බව ජීව-රසායන විද්‍යාඥයින් හා භූ-රසායන විද්‍යාඥයින් පිලිගන්නවා. මොලිබ්ඩිනම් හා බෝරෝන් මින් වඩාත් වැදගත් බව සොයාගෙන තිබෙනවා.
මූලද්‍රව්‍යයක් වූ මොලිබ්ඩිනම් (Molybdenum) අධික ලෙස ඔක්සිකරණය වීමෙන් ඇතිවන ඇතිවන රසායණික සංයෝගයක් කාබන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා පොස්ෆරස් ස්ව-ප්‍රතිජනන හැකියාව ඇති (self-replicating molecules) ජීවාණු බවට සංයෝගවීමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකල බව විද්‍යාඥයින් විශ්වාස කරනවා.

අඟහරු ලොවින් පෘථිවියට
කඩාවැටුනු උල්කාපාතයක් - මෙය සහරා කාන්තාරයෙන්
හමුවිය
|
මහාචාර්ය බෙනර් ඇතුලු විද්‍යාඥයින් පවසන ආකාරයට, වසර බිලියන 3කට පෙර පෘථිවිය මත් ස්ව-ප්‍රතිජනන හැකියාව
ඇති අණු (එනම් ඒක සෛලික ජීවීන්ටත් වඩා ප්‍රාථමික ජීවය ) ඇතිවූ බවට විශ්වාස කෙරන
කාලයේ, මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මොලිබ්ඩිනම්
පෘථිවිය මත පැවතියත්, ඒවා අධික ලෙස ඔක්සිකරණය කිරීමට අවශ්‍ය
පමණට ඔක්සිජන් පෘථිවිය මත නොතිබුණු බවයි. වසර බිලියන 3කට පෙර පෘථිවි වායුගෝලයේ ඔක්සිජන් ඉතා
මදවූ අතර පෘථිවියේ ඔක්සිජන් වැඩිවන්නට පටන්ගත්තේ ප්‍රභාසංශ්ලේෂණය සිදුකල හැකි
ක්ලෝරොෆිල් අඩංගු ශාක බිහිවීමත් සමගයි.
වසර බිලියන 3කට පෙර පෘථිවිය ඔක්සිජන්-හීන පරිසරයක් වුවත් ඒ වනවිට අඟහරු ඝණ වායුගෝලයක් සහිත, ඉහල ඔක්සිජන් ප්‍රතිශතයකින් යුතු, මතුපිට ද්‍රව ජලය ගලාගිය, උණුසුම්-තෙත් ග්‍රහලෝකයක් බව අඟහරු ගවේශණය කරමින් සිටින රොබෝ යානා මගින් ලැබෙන දත්ත මගින් සනාථවී තිබෙනවා.
මේ අනුව, වසර බිලියන 3කට පෙර ජීවය ඇතිවීම සඳහා පෘථිවියට වඩා හිතරකර පරිසරයක් අඟහරුවා මත තිබී ඇති අතර විද්‍යාඥයින් පවසන අන්දමට ජීවය මුලින්ම අඟහරු මත ඇතිවී, ඉන්පසු ඒ ජීවානු අඟහරුවා මත ඇතිවූ දැවැන්ත ගිණි කඳු පිපිරීම් හා විශාල උල්කාපාත කඩාවැටීම් නිසා අඟහරුගේ ගුරුව්ත්ව බලයෙන් නිදහස් වී අභ්‍යවකාශයට විසිවී පසුව උල්කාපාත ලෙස පෘථිවියට වැටී පෘථිවිය මත පැළවූ බවයි.
ලිපියේ මුලින් ඇති ඡායාරූපයෙන් පෙනෙන්නේ එලෙස අඟහරුවාගෙන් ඉවතට විසිවී පෘථිවිය මතට උල්කාවක් ලෙස වැටුනු පාශාණයක්. අඟහරුවාගෙන් පෘථිවියට වැටුනු සමහර උල්කාපාත වල ජීවිය පැවති බවට සළකුණු තිබේ යැයි බොහෝ විද්‍යාඥයින් විශ්වාස කරනවා.

0 comments:
Post a Comment