April 22, 2014

සාගර ජලය නොමිදෙන රහස


ශීත සෘතුවේදී විල් ජලය අයිස් බවට පත්වුවත් සාගර ජලය එසේ නොවන්නේ ඇයි? නියමිත තත්ත්වයන් ඇති වුවහොත් සාගර ජලය වුවද අයිස් බවට පත්විය හැක. නමුත් සාගර ජලය ද්‍රව තත්ත්වයේම පැවතීමට හේතු වන ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම තිබෙනවා. ලුණු ජලයේ හිමාංකය, එනම් ජලය අයිස් බවට පත්වන උෂ්ණත්වය පහත දැමීම පළමු වැන්නයි. සාගර ජලයේ සෑම රාත්තල් 100 කම ලුණු රාත්තල් 2 සිට 4 දක්වා ප්‍රමාණයක් අඩංගුයි. එම ප්‍රමාණය ජලයේ හිමාංකය ෆැරන්හයිට් අංශක 28 දක්වා පහත දැමීමට ප්‍රමාණවත්. දෙවනුව ධ්‍රැව ආසන්න සිසිල් ප්‍රෙද්ශ කරා තාපය ප්‍රවාහනය කිරීමට සාගර දියවැල් වලට පුලුවනි. ගල්ෆ් දියවැල් මගින් ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර මුහුදේ ඇති උණුසුම් ජලය උතුරු යුරෝපය දෙසට සහ ආක්ටික් සාගරය වෙතට ගෙන යනවා. සාගර ජලය සත්‍ය වශයෙන්ම මිදුණු විට මුහුදු අයිස් ඇති වෙනවා. ඒවායේ වැඩි ප්‍රමාණයක් අඩංගු වන්නේ නැවුම් ජලය. හේතුව මුහුදු ජලයේ අඩංගු ලුණු අයිස් වල ව්‍යුහයට ඇතුලත් නොවීමයි. සාගර අයිස් තට්ටු ආක්ටික් සාගරය මත වසර පුරාම පාවෙනවා. මෙම අයිස් තට්ටුව සාමාන්‍යයන් අඩි 10ක් පමණ ඝනකමකින් යුක්තයි. නමුත් මෑතකදී මෙම අයිස් තට්ටුවේ ඝනකම අඩි 8 ක් දක්වා තුනීවී තිබෙනවා. ඇන්ටාක්ටික් සාගරය ඇතුලු අනෙකුත් ප්‍රෙද්ශවල මුහුදු අයිස් තට්ටු වඩාත් තුනීවන අතර, ඒවා සෑම ග්‍රීස්ම සෘතුවකදීම දිය වෙනවා. විල්වල අයිස් මෙන්ම සාගර අයිස්ද මතුපිට පාවෙනවා. ඒ මගින් අයිස් තට්ටුවට යටින් ඇති සාගර උණුසුම්ව තබන බැවින් ගැඹුරු ජලය අයිස් බවට පත්වීමෙන් වලකිනවා. සීත සෘතුවේදී සාගර ජලය නොමිදීමේ රහස එයයි.

        ඩිස්කවරි ඇසුරිනි

0 comments:

Post a Comment