April 8, 2014

වාහන වලට ජීව වායු

පැළැටි , සත්ව තෙල් වැනි ජීව පදාර්ථ මඟින් ඩීසල් නිෂ්පාදනය කළ හැක. ජීව ඩීසල් නිෂ්පාදනය පිළිබදව සාමාන්‍ය දැනුමක් මිනිසුන් තුළ තිබේ. එය පරිසර හිතකාමී නොවන පෙට්‍රෝලියම්  නිෂ්පාදන වලට ප්‍රතිවිරුද් වේ. ඉන්ධන භාවිතා වන වාහන සඳහා ජීව ඩීසල් ප්‍රයෝජනවත් වේ. හෙත් ගෑස් ( gas/වායු )  වලින් ධාවනය වාහන හිමියන්ට එවැනි තෝරා ගැනිමක් මෙතෙක් නොතිබුණි. ළඟදීම එය වෙනස් වී එවැනි වාහන සඳහා පිරහුම් හල් වලින් ජීව වායු (bio gas) ලබා ගැනිමේ අස්ථාව උදා වනු ඇත.
සම්ප්‍රදයානුකූලව ඉන්ධන සහ ජෛව  ඉන්ධන වර්ග යන දෙවර්ගයම රේඛීය/ඒකජ හයිඩ්‍රෝකාබන (linear hydrocarbon) නිෂ්පාදනයන් වේ. මේවා කාබන් පරමාණු වල දීර්ඝ රේඛීය දම්වැල් වේ. ග්ලිසරීන් නිෂ්පාදනය  කරන ශාඛා-දාම හයිඩ්‍රෝකාබන (branched- chain hydrocarbon) නම් කෙටි දම් වැල් කොටස් (Shorter branched- chain),  රේඛීය/ඒකජ හයිඩ්‍රෝකාබන වලට වඩා වෙනස්ය. ශාකමය අපද්‍රව්‍ය වලින් රේඛීය හයිඩ්‍රෝකාබන නිර්මාණය කිරීමට හැකිවුවද මෙතෙක් ශාකමය අපද්‍රව්‍ය මඟින් ගැසොලීන්(gasoline) වල වාෂ්පශිලීතාව සහිත ශාඛා හයිඩ්‍රෝකාබන (branched hydrocarbon) නිර්මාණය කිරීමට නොහැකිව තිබුණි.
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාර්ත් මැස්කල්ගේ මෙහෙයවීමෙන් ලෙව්ලිනික් අම්ලයේ (levulinic acid) පෝෂණ තොගයක් භාවිතයෙන් ජීව වායු (ජීව ගැස්ලීන්) නිපදවීමට ඩේවිස්ට හැකි විය. පිදුරු, තිරිඟු දඬු (Stalks) හෝ වෙනත් ශාක අපද්‍රව්‍ය වැනි සෙලියුලොසික් (Cellulosic) ද්‍රව්‍ය වලින් ලෙව්ලිනික් අම්ලය බොහෝ විට නිස්සාරණය කරයි.
අපද්‍රව්‍ය මුහුන් කළ යුතු නැත. තවද ජීව ඉන්ධන නිෂ්පාදනය මිල අධික නොවේ. අපද්‍රව්‍ය 60% ක  ගෑස් ( gas/වායු )  ප්‍රමාණයක් ලබාදේ. මෙම තාක්ෂණය වෙනුවෙන් විශ්ව විද්‍යාල පේටන්ට් බලපත්‍ර ඉල්ලුම් කර තිබේ. මෙම පරීක්ෂ සම්බන්ධ තොරතුරු Angwandte  Chemie සඟරාවේ ප කර තිබේ.


උපුටා ගැනීම:-  
Biogas line could join biodiesel at the pumps- Ben coxworth

1 comments:

Post a Comment