වල්ලපට්ටා ශාකය අයිති වන්නේ Thumeloeaceae කුලය යටතේ එන Gyrinops ගණයට වේ. මෙම ශාකය උද්භිද විද්‍යාත්මකව හඳුන්වනු ලබන්නේ Gyrinops Walla යනුවෙනි.
මෙම ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වන අතර මීටර 15 පමණ
උස ශාකයක් වන මෙහි පත්‍ර දිගටි හැඩයෙන් යුක්ත වේ. අනෝදා ශාකයේ පත්රවලට සමාන වේ.
හොදින් වැඩුණු කද තද දුඹුරු පැහැයට හුරු අළු පැහැති වර්ණයෙන් යුක්ත වේ. කඳ දැඩි
ලෙස කෙඳි සහිතය. මෙම ශාකයේ කහවන් සුදු වර්ණයෙන් යුතු මල් හටගන්නා අතර ඵල රතුවන්
දුඹුරු වර්ණයෙන් යුක්ත වේ. මෙම ශාකය විශේෂයෙන් දක්නට ලැබෙන්නේ තෙත් කලාපයේ ය.
ගාල්ල, කලුතර, මාතර, ගම්පහ, මහනුවර, රත්නපුර, මාතලේ හා තරමක් දුරට නුවරඑළියේ දිස්ත්‍රික්කයෙත් වැවෙන
ශාකයකි. අපේ රටේ බහුලවම දකින්නට නොලැබෙන ශාකයක් වුවද ඉන්දියාවේ කේරළ හා තමිල්නාඩු
යන ප්‍රාන්තවලත් දකින්නට ලැබේ.
වල්ලපට්ටා ශාකයේ මල් හටගැනීම අප්‍රේල් සිට
ජුලි දක්වා සිදුවන අතර මේ කාලයේදීම නොමේරූ ගෙඩි ද දැකිය හැකිවේ. පුෂ්ප මංජරියක මල්
හට ගන්නා අතර ඒවා සුදු පැහැයට හුරු ලා කහ පැහැයක් ගනී. පුෂ්පිකාවක දිග සෙන්ටිමීටර
දෙකක් පමණ වේ. පළල මිලි මීටර 5 ක් පමණ වේ. පුෂ්පිකාවක පෙති පහක් දක්නට
ලැබේ. ඒවා නාළාකාර මුකුට නළයකින් සම්බන්ධ වන අතර මුකුට නළයේ ඇතුළත ඉහළ කෙළවරේ
පරාගධානි පහක් සම්බන්ධව පවතී. පරාගධානිවලට පහතින් කලංකය පිහිටා තිබේ.
පුෂ්ප හා ඵල හට ගැනීම එකම කාලසීමාවකදී
දැකිය හැකි වේ. මල් හට ගැනීම අඩු වයසින් සිදුවන අතර අඩි දෙකක් තුනක් උස ගස්වල පවා
ගෙඩි හට ගැනීම සිදුවේ. එක් කුඩා ගසකින් ගෙඩි විස්සක තිහක අතර ප්‍රමාණයක් නෙළිය
හැකි අතර විශාල ගසකින් මීට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගත හැක.
ශාකයේ පොත්ත පහසුවෙන් ගැලවී යාමත්, පත්‍රයේ නාරටි පිහිටා ඇති ආකාරයත්, ඵලයේ විශේෂිත ස්වභාවයත්, බීජයේ
ඇති පුළුන් වැනි උපාංගයන් ශාක නිවැරැදිව හඳුනා ගැනීමට භාවිත කළ හැකි සුවිශේෂී
ලක්ෂණයක් වේ.
ඒ අනුව වල්ලපට්ටා ශාකය උපයෝගි කර ගනිමින් රජය සහ පර්යේෂණ
ආයතන රැසක් එකතු වී නිෂ්පාදන රැසක් පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කළ යුතුව ඇත.
මෙමඟින් ආර්ථික වාසි රැසක් උපයා ගැනීමට හැකියාවක් තිබේ.
වල්ලපට්ටා ශාකයේ කඳේ සෑදෙන Agar නම් රෙසිනය සුවඳ විලවුන් නිෂ්පාදනයට යොදා
ගත හැකි අතර එසේම මෙම ශාකය යොදා ගනිමින් නොයෙකුත් පලඳනා නිපදවා ගැනීමටත් සමත් වී
තිබේ. අතීතයේදී දන්ත ආබාධවලට වගේම පත්තු බැඳීම වැනි ඖෂධීය ප්‍රතිකාරයන් සඳහා ද
භාවිත විය.
නීතිමය පසුබිම අනාගතය
ලංකාවේ වල්ලපට්ටා ශාකය ආරක්ෂා කර ඇත්තේ වන සංරක්ෂණ ආඥා
පනත මඟිනි. මෙයට අනුව වල්ලපට්ටා ශාකය වනයේ උපදින ද්‍රව්‍යයක් ලෙස නම් කර තිබේ. මෙම
ආඥා පනත යටතේ වල්ලපට්ටා ශාකය අපනයනය කරනවා නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපත්‍රය
මෙන්ම හයිටේස් ප්රඥප්තියේ බලපත්‍රය ද අවශ්‍ය වේ.
ශ්‍රී ලංකාව තුළ වල්ලපට්ටා වෙළෙඳාම කිසිසේත්ම කළ නොහැක.
වල්ලපට්ටා ශාකය ආරක්ෂා කර ගැනීමට විදේශ අමාත්‍යාංශයේ කාර්යභාරය අත්‍යවශ්‍ය වේ. ඒ
අනුව යම් ආකාරයකට නීති විරෝධි ලෙස වල්ලපට්ටා ශ්‍රී ලංකාවෙන් වෙනත් රටකට අපනයනය වේ
නම් එම රට මඟින් ලංකාව දැනුවත් කිරීම මඟින් වල්ලපට්ටා ශාකයේ ආරක්ෂාව තහවුරු කර
ගැනීමට හැකිය.
මෙම වල්ලපට්ටා ශාකය ස්ථාපිත වගාවක් ලෙසට පත් කිරීමෙන්
පසුව බලපත්‍ර දීමේ ක්‍රමය ඇති කළ යුතු අතර
බලපත්‍ර ලබා දිය යුත්තේ ගැසට් නිවේදනයක් මඟිනි.
වල්ලපට්ටා ජාවාරම ලංකාව පුරාවට සිදුවෙමින් පවතින කාල
වකවානුවක් බවට පත්වෙමින් තිබේ. ගුවන් තොටුපළ සහ වරාය හැර වෙනත් ක්‍රම වලින් ද
වල්ලපට්ටා රටින් පිටවන බවට තොරතුරු හෙළි වෙමින් තිබේ. මේ නිසා මෙරට පරිසර පද්ධතියට
හානි සිදු වෙනවා මෙන්ම රටට විශාල ධනස්කන්ධයක් අහිමි වීමේ ලකුණු දක්නට ලැබේ. එම
නිසා වල්ලපට්ටා ජාවාරම වහාම නැවැත්වීමට කටයුතු සිදු කළ යුතුව ඇත. කවර මත පළ වුණත්
මෙරට වල්ලපට්ටා ශාකවල ඇති ‘Agar’ විශේෂය ලොව මිහිරිතම සුවඳ විලවුන් නිපදවීමට හැකි සුවිශේෂී ද්‍රව්‍යයක් බව
නොරහසකි. වල්ලපට්ටා ශාකය වැඩිදියුණු කොට අනාගතයේ දී වල්ලපට්ටා ශාකය ආරක්ෂා කිරීමට
කටයුතු කිරීමට සිදු කළ යුතුව ඇත.ඒ අනුව නව වගාවක් ලෙස වල්ලපට්ට ශාකය වගා කිරීමට
දිරි ගැන්විය යුතු කාලය දැන් එළඹ ඇත.
මෙම වටිනාකමින් යුත් ශාකය සංරක්ෂණය කර ගැනීමට ජනතාව
පෙලඹවීමත්, ජනතාව දැනුවත් කිරීමත් අප සතු යුතුකමකි.
පී.ඩී.පී.ධනසේන,
විද්‍යා හා තාක්ෂණ
නිලධාරී-අඹන්ගගකෝරළේ.
1 comments:
ගෙදරක ඉඩමේ තියෙන ගසක් කැපීමට නීතිය කොහොමද
Post a Comment