April 21, 2014

අඳුරේ පෙනෙන සිවි කාච

සිවි කාච (Contact lenses) අපගේ දෘෂ්ඨිය වැඩි කරයි. එය ඔබව ඇස් කණ්ණාඩි භාවිතයෙන් වළක්වාලයි. පර්යේෂකයෝ ඉතා තුනි අධෝරක්ත සංවේදක (very thin infrared sensors) නිෂ්පාදනය කර තිබේ. එම සංවේදක සිවි කාච සඳහා යොදා ගැනිමෙන් රාත්‍රියේදී දෘෂ්ඨිය ලබා ගැනීමට හැකිවේ.

අඳුරේදී දැකීම සඳහා වර්තමානයේ භාවිතා වන තාක්ෂණය සියුම් නොවේ. ජුරාසික් පාක් නමැති විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියේ සහ නවතම හමුදාමය වාර්තා වල දැක්වෙන පරිදි අඳුරේ දැකීමට හිසෙහි පළඳින දුරේක්ෂ බඳු උපකරණ භාවිතා කළ යුතුය. මෙම දුරේක්ෂ බඳු අඳුරේදී දැකිය හැකි උපකරණ මඟින් ඉහළ උෂ්ණත්වයක් ඇති කරයි. උෂ්ණත්වය අඩු කිරිමටද තාක්ෂණය යොදා ගත යුතු බැවින් අවසානයේ උපකරණය ප්‍රමාණයෙන් විශාල වී තිබේ.
එහෙත් අඳුරේ දැකීමේ තාක්ෂණය ඇඟිලි තුඩු දක්වා කුඩා කිරීමට නව තාක්ෂණයට හැකි විය. ග්‍රැෆීන්(grapheme) භාවිතා කර සුපිරි තුනී අධෝරක්ත කිරණ සංවේදක නිර්මාණය කිරීමට මිචිගන් විශ්වවිද්‍යාලයේ  පර්යේෂකයෝ සමත් වී තිබේ. ග්‍රැෆීන් යනු කාබන් පරමාණුවක් තරම් සුපිරි තුනි අමුද්‍රව්‍යයකි. ත්‍රිමාණ ලෝකයේ පළමු ද්විමානය ලෙස සැළකිය හැකි ග්‍රැෆීන් ද්‍රව්‍යයෙන් සැදු මෙම සංවේදකය සිවි කාච හෝ Smart phone තුලට පහසුවෙන් ඇතුළු කළ හැකිවේ.

ග්‍රැෆීන් වලට අධෝරක්ත කිරණ, පරාජම්බුල කිරණ සහ සාමාන්‍ය ආලෝකය අවශෝෂනය කර ගත හැකි බව විද්‍යාඥයන් දැන සිටියේය. එහෙත් විදුලි සංඥාවක් නිකුත් කිරිමට තරම් බලවත් ආලෝකයක් එයට අවශෝෂණය කර ගත නොහැකිය. මිචිගන් පර්යේෂක කණ්ඩායම ග්‍රැෆීන් හි අවශෝෂණ සංවේදීතාව ඉහළ නංවා එමඟින් විදුලි සංඥාවක් නිකුත් කර ගන්නා ලදී (අධෝරක්ත කිරණ සඳහා) පර්යේෂකයෝ ඔවුන්ගේ සොයා ගැනීම Nature Nanotechnology  සඟරාවේ පළ කර තිබේ.
කිසිදු අමතර සිසිලන ක්‍රමයක් භාවිතයෙන් තොරව නව ග්‍රැෆීන් සංවේදකය කාමර උෂ්ණත්වයේදී ක්‍රියාත්මක වේ. ඒ නිසා නිර්මාණකරුවෝ කුඩා නියපොත්තක ප්‍රමාණයට ග්‍රැෆීන් සංවේදකය නිෂ්පාදනය කර ඇති අතර තවදුරටත් කුඩා කළ හැකි බව පවසයි. එය සිවි කාච, Smart phone සඳහා භාවිතා කර අඳුරේඳි දැකීමට අමතරව අධෝරක්ත කිරණ භාවිතයෙන් විවිධ නිර්මාණ සඳහා මෙම තාක්ෂණය යොදා ගනු ඇතැයි විදුලි සහ පරිගණක ඉංජිනේරු අංශයේ සහකාර මහාචාර්ය ෂාහෝ නියු ෂෝන්ග් පවසයි.

උපුටාගැනීම:
New sensor paves the way for night vision contact lenses by Carl Engelking

0 comments:

Post a Comment