Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

September 30, 2016

එකිනෙකාට හිංසා කිරීමට මනුෂ්‍යයා පරිණාමනය වුයේ කෙසේද?

එකිනෙකාට හිංසා කරගැනීමට හැකි ලෙස මිනිසා පරිණාමනය වී තිබේ.එහෙත් අපි සාදාකල් එසේ නොවුනෙමු. එලෙසම අපට එසේ වීමට අවශ්‍ය වන්නේද නැත.

අනෙක් ක්ෂීරපායි සත්වයන් හා සංසන්දනාත්මකව සහ අපගේ ඉතිහාසයට අනුව අනෙකාගේ ලේ සෙලවීමට අප යොමු වුයේ කෙසේදැයි ග්‍රනාඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝස් මරියා ගෝමස් ඇතුළු කණ්ඩායමක් පර්යේෂණාත්මක අධ්‍යනයක යෙදුනේය. මියගිය මිනිසුන් මිලියන 04 ක දත්ත සහ වංශ ප්‍රවේණිකත්වය මෙම අධ්‍යයනය සදහා ඔවුන් භාවිතා කර තිබේ.එහිදී අවුරුදු 50,000 කට පෙර සිට අද දක්වා විසු මිනිසුන්ගෙන් 600 ක පමණ මනුෂ්‍ය ප්‍රජාවක්ද වර්ග 137 ක ක්ෂීරපායි සත්ව විශේෂ 1024ක්ද පර්යේෂණයට භාජනය කරමින් ඔවුන් දක්වා ඇති ප්‍රචණ්ඩත්වයේ මට්ටම නිරීක්ෂණය කර ඇත.මරණය සිදුවීමට හේතුව යුද්ධය, මනුෂ්‍ය ඝාතන, අමානුෂික පහරදීම්, ළදරු ඝාතන, බිලිදීම්, මිනිමස් ආහාරය, යනාදිය පිලිබදව ඔව්හු විශේෂයෙන් විමසීමට  භාජනය කළෝය. මාරක සිදුවීමේ තත්වය සදහා වගකීම එක අපරාධකරුවෙකුද නැතහොත් සන්ධානගත සහ සමුහ මරා දැමීමක්ද යන්න නොසලකන ලදී. මේ අනුව ලද විශාල දත්ත ප්‍රමාණයකින් පහත කරුණු ඉස්මතුවූ  බව වාර්තා වේ.

සියලු මනුෂ්‍ය මරණ වලින් 2% කට හේතුව අන්තර් පුද්ගල සාහසිකත්වයයි.

වඩාත් ප්‍රචණ්ඩ වී ඇත්තේ මධ්‍යතන යුගයයි.එනම් ගෙන්ජිස් ඛාන් ,කුරුස යුද්ධය ,පුජනිය රෝම අධිරාජ්‍යය  ,කළු වසංගතය යනාදිය පැවති කාල වකවානුව වේ.

විශාල මිනිසුන් ප්‍රමාණයක් එක ප්‍රදේශයක ගාල් වීම හෙවත් ජන ඝනත්වය වැඩි වීම මිනිසුන් මහත් කෝපයෙන් හැසිරීමට තරමේ ආතතියක් පෙන්වීමට හේතු වී නැත. ජනඝනත්වය වැඩිවීම ක්ෂීරපායි සත්වයන් අතර කලහකාරී බව ඇති කිරීමට හැකි පොදු හේතුවක් බැවින් පර්යේෂකයන් ඒ සදහා වැඩි සැලකිල්ලක් දක්වා තිබේ. ජනඝනත්වය වැඩි වර්තමානය හා සමකාලින යුගවලට වඩා ජනඝනත්වය අඩු යුගවල මාරක ප්‍රචණ්ඩත්වය වැඩි බවද නිරීක්ෂණය වී තිබේ.

වර්තමානයේදී වඩාත්ම අන්තර් පුද්ගල ප්‍රචණ්ඩත්වයක් පෙන්නුම් කර ඇත්තේ සංචරණ කණ්ඩායම් විසිනි. දඩයක්කාර-ඵලවැල රැස්කරන්නෝ (hunter-gatherers) ලෙස අධ්‍යනයේදී අර්ථ දැක්වූ මොවුහු සමානත්වතාව පිළිබද කුඩා සංචරණ කණ්ඩායම් වේ. මේ සදහා පුරාවිද්‍යාත්මක සාක්ෂි වලට වඩා වර්තමානයේ ජිවත්වන ජනතාව අතර හොද දත්ත තිබෙන බව ගොම්ස්ගේ පැහැදිලි කිරිමකි. දඩයක්කාර-ඵලවැල රැස්කරන්නෝ  වැඩි ප්‍රචණ්ඩත්වයක් ඇති කිරීමට හේතුව ඔවුන් දැන් ජීවත්වන ජනඝනත්වය වැඩි පරිසරය තුළ ඇති අන්තර් කණ්ඩායම් ගැටුම් වැඩි වීමයි. එසේ නැතිනම් ඔවුන් ඇසුරු කරන යටත් විජිත සමාජයේ රණකාමිත්වය සමග අන්තර් පුද්ගල ප්‍රචණ්ඩත්වය නිතර සිදුවීම මගින් ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමයි.

කෙසේවෙතත් ප්‍රචණ්ඩත්වය වර්ධනය අඛණ්ඩව සිදු නොවන බව දත්ත මගින් පැහැදිලි වීම බලාපොරොත්තු තැබිය හැකි කරුණකි. ප්‍රචණ්ඩත්වය උපරිම හා අවම අතර දෝලනය වෙමින් පවතී. ප්‍රචණ්ඩත්වයට ජානමය බැදීමක් නොමැති නමුත් සමාජ හැසිරීම සහ දේශභුමිකත්වය බැදී තිබේ.

යම් දිනක මෙම ප්‍රචණ්ඩත්වය උපරිම මට්ටම පසු කර අපගේ පරිණාමනයේ සීමාවන් ඉක්මවා යාවිද? මේ සම්බන්ධව පර්යේෂණ කණ්ඩායම පවසන්නේ අපගේ මුලාරම්භය කොතරම් ප්‍රචණ්ඩද නැතිනම් සාමකාමී(ශාන්තිකර) ද යන්න එතරම් වැදගත් නොවන බවත් අපට අන්තර් පුද්ගල ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සදහා අපගේ සමාජීය පරිසරය වෙනස් කිරීම යොදා ගත හැකි බවත්ය.

එනම් සාමකාමී සමාජයක් අපට අවශ්‍ය නම් මනුෂ්‍යයාට එය නිර්මාණය කරගත හැකි වේ.


අන්තර්ජාලය ඇසුරෙණි.

Drones (ඩරෝණ) වලින් අහස පිරේද?

මේ දිනවල Drone (ඩරෝණ) නියමු බලපත්‍රය ලබා ගැනීම හා Drone (ඩෝණ) ලියාපදිංචිය සදහා විශාල අයදුම් පත්‍ර සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබේ. මේනිසා නුදුරු අනාගතයේදීම අහස මිනිසුන් රහිත ගුවන් යානා මිලියන ගණනකින් පිරී යනු ඇතැයි ඇමෙරිකානු ෆෙඩරල් ගුවන්සේවා ආයතනය (FAA) සැක පහල කරති.

ෆෙඩරල් ගුවන්සේවා පරිපාලනය මගින් Drone ලියාපදිංචි කිරීමේ වැඩ පිළිවෙල ආරම්භ කර මාස 9 ක් වැනි කාලයක් තුලදී 550,000 කට වැඩි ප්‍රමාණයක මිනිසුන් රහිත ගුවන්යානා ලියාපදිංචි වී ඇති බව එම ආයතනයේ අධ්‍යක්ෂ අර්ල් ලෝරන්ස් පවසයි. දිනකට 2000 ක පමණ Drone ලියාපදිංචි කිරීම් සිදුකරන බවත් ඊට සාපේක්ෂව මිනිසුන් සහිත ගුවන් යානා 260 ක් පමණක් ලියාපදිංචි වන බව නව රාජ්‍ය කර්මාන්ත උපදේශක කමිටුවේදී ලෝරන්ස්  ප්‍රකාශ කර තිබේ.

වාණිජ ක්‍රියාකාරකම් වෙනුවෙන් Drone නියමු බලපත්‍ර සදහා මසක් ඇතුලත 13,710 ක් ඉල්ලුම් කර ඇති අතර ඉන් 5,080 ක් සමත් වී ඇත.2016 අවසාන වනවිට 15,000 කට වඩා Drone බලපත්‍ර නිකුත් කිරීම සිදු විය හැකිය. ඒ අනුව FAA පුරෝකථනය නම් 2020 වනවිට බලපත්‍රධාරි   Drone නියමුවන් 15,000 ක් පමණ බිහිවෙන බවයි.

විනෝදාංශය මෙන්ම වාණිජ ක්‍රියාකාරකම් සදහා Drone භාවිතය වෙනුවෙන් FAA හි ලියාපදිංචිය අත්‍යාවශ්‍ය වන නමුත් ලියාපදිංචි නොකළ Drone පිලිබද තක්සේරුවක් කිරීම අපහසු වී තිබේ. මේ අතර එක්සත් ජනපදයේ Drone අලෙවිය මේ වසරේ මිලියන 2.4 ක් වන අතර ලබන වසරේ එය දෙගුණයකට වඩා වැඩි වන බව Drone නිෂ්පාදකයන් සම්බන්ධ පාරිභෝගික තාක්ෂණ ආයතනය පවසයි. මේ නිසා FAA ආයතනය NASA සමග එක්වී Drone සදහා ගමනාගමන පාලන පද්ධතියක් අඩු උත්තරාන්ශ්‍රයකින් සකස් කිරීමට කටයුතු කරයි.  


අන්තර්ජාලය ඇසුරෙණි.

https://www.youtube.com/watch?v=4uPb6OKpHJA

September 29, 2016

අධික වායු දුෂණය නිසා මිනිසුන් 92% කට බලපෑම් සිදුවේ.(ලෝ.ස.සං)

අධික වායු දුෂණය නිසා ලොව සෑම පුද්ගලයින් 10 කින් 9ක්ම හදවත් රෝග, ආඝාත, පෙනහළු පිළිකා ඇතුළු විවිධ ගැටලුවලට මුහුණපාන බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) වාර්තා කරයි.
අග්නිදිග ආසියාව, නැගෙනහිර මධ්‍යධරණිය සහ බටහිර පැසිපික් ප්‍රදේශවල වායුවේ ගුණාත්මක බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිමා පසු කරමින් පිරිහී තිබෙන බවත් එම රටවල ජනගහනයෙන් 92% කට මෙම තත්වය දරුණු ලෙස බලපා ඇති බවත් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සියේ වාර්තාවේද සදහන් වේ.

නව චන්ද්‍රිකා දත්ත මගින් සැම රටකටම පාහේ සම්බන්ධ ප්‍රදේශ 3000 ක පමණ දුෂණය පිළිබද සම්ප්‍රදායික බිම් මට්ටමේ මිනුම් වාර්තා කර ඇත.මේවාට වැඩි වශයෙන් නාගරික ප්‍රදේශ මෙන්ම ග්‍රාමීය ප්‍රදේශද ඇතුලත් වේ.මැයි මාසයේ  WHO නිකුත් කළ වාර්තාවකට අනුව අඩු සහ මධ්‍යම ආදායම් රටවල පිහිටි නගරයන්හි වැසියන් 98%ක් පමණ අධික වායු දුෂණ ව්‍යසනයට මුහුණදී තිබේ.
ලොව සෑම මරණ 10 කින් එක් මරණයක් ගෘහස්ත සහ එළිමහන් දුෂණය නිසා සිදුවන බවද WHO ප්‍රකාශ කරයි. හාත්පස පැතිරුණු වායු දුෂණය නිසා ලොව ඉහලම මරණ අනුපාතය Turkmenistan යෙන් වාර්තා වේ. එම WHO වර්ගීකරණයට අනුව ටජිකිස්තානය, උස්බෙකිස්තානය ඇෆ්ගනිස්තානය ,ඊජිප්තුව සහ  චීනය අනුපිළිවෙලින් මරණ අනුපාතය වැඩි රට වල් වේ.

අවසාන වතාවට ලබා ගත් දැනට පවතින 2012 සංඛ්‍යාලේඛන වලට අනුව බාහිර වායු දුෂණය නිසා වසරකට මිලියන 3 ක් මියයන බව සදහන් වේ.

“වායු දුෂණය සම්බන්ධ ලොව සිදුවීම් දෙකයි. පළමුවැන්න ධනවත් රටවල වායුවේ ගුණාත්මක බව වර්ධනය වීම හොදින් සිදුවේ. දෙවැන්න දුගී රටවල වායුවේ ගුණාත්මක බව සීඝ්‍රයෙන් පහත බසියි. අවසාන වශයෙන් සිදුවන්නේ මෙයයි.” යන්න පාරසරික සහ සමාජයීය සෞඛ්‍ය නිර්ණායක සදහා WHO හි සම්බන්ධිකාරක Carlos Dora පවසයි. ආසියාවේ සමහර රටවල මෙන් මුහුණු ආවරණ පැළදීමේ අවශ්‍යතාවයක් WHO හදුනාගෙන නැති බවත් වෛද්‍යවරු ,රෝගීන්ට හදවත් රෝග අවදානම පිලිබදව හෝ භූමිතෙල් ලාම්පු වෙනුවට සුර්ය බලශක්ති ලාම්පු භාවිතා කිරීම පිලිබදව උපදෙස් ලබාදෙන්නේ නම් වඩාත් සුදුසු බව Dora තවදුරටත් පවසයි.  
   

අන්තර්ජාලය ඇසුරෙණි

https://www.youtube.com/watch?v=YsmxZ_1AbRc

පෘථිවියේ CO2 තීරණාත්මක සීමාවක!!!


පෘථිවියේ කාබන්ඩයොක්සයිඩ් (CO2) මට්ටම සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී අඩුවීමක් දක්නට ලැබුනද මෙම 2016 වසරේදී එය සීමාකාරී මට්ටම ඉක්මවා ගොස් ඇත. ගිම්හාන කාලයෙන් පසු සාමාන්‍යයෙන් ශාක වර්ධනය පටන්ගන්නා නිසා කාබන්ඩයොක්සයිඩ්, ශාකවලට ලබාගැනීම සාපේක්ෂව ඉහළ යයි. එම නිසා  උතුරු අර්ධගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සැප්තැම්බර් මාසයේදී, සාපේක්ෂව පහ අගයක් ගනී.  කොළ හැලෙන කාලයේදී ඒවා පසට එක්වී දිරපත්වෙන විට කාබන්ඩයොක්සයිඩ් නැවත පරිසරයට මුදාහරියි. මෙම  ක්‍රියාවලිය මේ වසරේදීත් එලෙසින්ම සිදු වුවත් කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයේ අඩුවීමක් සිදු වී නොමැත.


කාර්මික විප්ලවයෙදී, මිනිසුන් වායුගෝලයට අධික ලෙස කාබන්ඩයොක්සයිඩ් එකතු කිරීමෙන් මෙම ශාක වලට ලබාගත නොහැකි වූ, අතිරික්ත කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා මෙලෙස විපර්යාස සිදුවී ඇති බව විද්‍යාඥයින් පවසයි. කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම නිසා අනෙකුත් දේශගුණික විපර්යාස කෙරෙහි බලපෑම් රැසක් සිදුව ඇත.

හෙට දින, ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය නවතා දැමුවද මෙම තත්වය තවත් දශක ගණනාවක්ම එලෙසින් පවතීවි. මේ වන විටත් වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් නිසා කාර්මික විප්ලවය ආරම්භයේ පටන් ලෝකය 1.8  F කින් උණුසුම් වී ඇත. මේ වසරේ, අපගේ නව 400 ppm ලෝකයේ ඇරඹුම සනිටුහන් කිරීමට අමතරව, වාර්තා වූ උණුසුම්ම වසර ද වේ.

පෘථිවියේ වන ඝනත්වය සීග්‍රයෙන් අඩු වී යාම නිසා මෙම කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය තුලනය කිරීමට සොබාදහම අපොහොසත් වී ඇත. එමෙන්ම, පෘථිවියේ යහපත් හෙට දවසක් වෙනුවෙන් තිරසාර පාරිසරික සංවර්ධනයන් උදෙසා නිරතුරුව සැමගේ අවධානය  යොමු විය යුතු ය.

උපුටා ගැනීම: http://www.scientificamerican.com/article/earth-s-co2-passes-the-400-ppm-threshold-maybe-permanently/


Google නව පික්සල් දුරකථන Android ක්‍රියා පද්ධති හදුන්වාදෙයිද?

Google ආයතනයේ 18 වෙනි උපන්දිනය සමරණ මේ දිනවල ඔක්තෝබර් 04 දා පවත්වන ඔවුන්ගේ මාධ්‍ය උත්සවය පිළිබදවද මාධ්‍ය අවධානය යොමු වී තිබේ. නව smartphone යක්, නව ක්‍රියාකාරී පද්ධතියක් සහ නව ලැප්ටොප් පරිගණකයක් එහිදී එළිදැක්වෙනු ඇතැයි කටකතා පැතිරේ. කිසිවක් තවමත් තහවුරු කර නැතත් Google සමාගම වැඩිවියට පත්වීම ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන නිවේදන මගින් පික්සල් (pixel) හා Andromeda වචන දෙක කේන්ද්‍ර කර ඇත. වඩාත් කතා බහට ලක්වී ඇති Pixel smartphone ය හෝ android බලගැන්වූ Google ගේ Nexus ජාලය නව විශේෂ නිෂ්පාදන ලෙස එළි දක්වනු ඇතැයි අනුමාන කළ හැකිය.

සමාගමෙහි දෘඩකාංග නිෂ්පාදනයේදී Nexus වසර ගණනක් ප්‍රධානත්වය හෙබවුවද එය අතහැර දැමීම හෝ එය Pixel නිෂ්පාදනයන්ට හැකිලීම ලබන සතියේදී සිදුවිය හැකිය. දැනටමත් ඔවුන් සතු Pixel 2 නෝට්බුක් සහ  Pixel C ටැබ්ලට් නිෂ්පාදන අංශ දෙක එකට එකතු කිරීම ඔවුන්ගේ අලෙවිකරණ ප්‍රතිපත්තිය අර්ථවත් කරනු ඇත.

ලබන අගහරුවාදා Google ආයතනය  Pixel දුරකථන දෙකක් හදුන්වාදීමට නියමිතය. අගල් 5 Pixel සහ අගල් 5.5 Pixel XL නම් දුරකථන දෙකහිම බඳය ඇලුමේනියම් සහ විදුරු වලින් සදා තිබීම විශේෂත්වයකි එමගින් ඒවා සාමාන්‍ය ප්ලාස්ටික් Nexus දුරකථනවලට වඩා Apple iPhone වලට සමාන වේ. මෙලෙස ගුණාත්මක අමුද්‍රව්‍ය සදහා කළ වැඩි ආයෝජනය නිසා වැඩි මිලක් නියම කරනු ඇතැයි විශ්වාෂ කෙරේ. එනම් මිල වැඩි Apple නිෂ්පාදන වෙනුවට ආදේශ ලෙස වූ Google නිෂ්පාදන තවදුරටත් එසේ නොවනු ඇත.

මාදිලි දෙකම HTC ආයතනය මගින් නිෂ්පාදනය කරනු ඇතැයි හැගියන අතර එය සමාගම විසින් පෙර Nexus 5X හා 6P නිෂ්පාදනය කළ ආයතනවූ LG Electronics හෝ Huawei නොවේ. නිෂ්පාදනය එක ආයතනයකට පැවරීම, නව මාදිලිවල නිර්මාණ සහ නිෂ්පාදනයන්ගේ වැඩි පාලනයක් Google සමාගමට ලබා ගැනීමේ අරමුණ හේතුකොට ගෙන බව පැහැදිලි වේ. එවිට ඔවුනට iPhone සහ Samsung Galaxy නිෂ්පාදන හා වඩා හොද තරගකාරිත්වයකින් කටයුතු කළ හැකිය.

උපුටාගැනීම:

New Pixel Phones and Andromeda OS expected at Google Event by Jef Cozza
https://www.youtube.com/watch?v=9qJ4QM5j1q0

ඉක්වදෝරයේ ස්පර්ශ නොවූ ජෛව විවිධත්ව සුරපුරයෙන් ඛනිජතෙල්

ඉක්වදෝරයේ මෙතෙක් කිසිවකු අත නොතැබූ ඇමසන් වනාන්තරයේ මුළු ගැන්වුණු ප්‍රදේශ වලින් පළමු ඛනිජතෙල් බිංදුව මෑතකදී ඉක්වදෝර් රජය විසින් ලබා ගත් බව වාර්තා වේ.

මෙම ග්‍රහ ලෝකයේ වඩාත්ම ජෛව විවිධත්වය සහිත ප්‍රදේශය ලෙස නැගෙනහිර ඉක්වදෝරයේ යසුනි (Yasuni) ජාතික වනෝද්‍යානය සැලකේ. එලෙසම එම ප්‍රදේශය යට 40% ක හෙවත් බැරල් බිලියන 1.67 ක ප්‍රමාණයක තෙල් සම්පතක් ඇති බවද සනාථ වී තිබේ. ඉස්පින්ගෝ, ටම්බෝකොව  සහ ටිපුටිනි තෙල් බිම් වල තෙල් ඛැනීමට එරෙහිව මතුවූ සුවිශාල විරෝධතා ව්‍යාපාරය අවසාන කරමින් සහ මාස ගණනක පොම්ප කිරීමෙන් පසු ඉක්වදෝර් රජයට අයත් Petromazonas තෙල් සමාගම ප්‍රථම වරට ඛනිජතෙල් බැරල් ගණනාවක් ලබා ගන්නා ලදී.

“අද නව යුගයක ආරම්භයයි. සියලු ඉක්වදෝර වැසියන්ට නව දිගන්තයක් ලැබී තිබේ.”යයි ඉක්වදෝර උප ජනාධිපති ජෝජ් ග්ලාස් බදාදා ටිපුටිනි තෙල් බිමෙහි පැවති උත්සවයේදී ප්‍රකාශ කළ බව ප්‍රංශ ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.  

කෙසේවෙතත් පරිසරවේදීන් සහ ස්වදේශික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් මෙම තෙල් ඛැනීම පිලිබදව බලවත් අසතුට ප්‍රකාශ කරයි. ප්‍රදේශයට සහජ උරුම උභය ජීවින් විශේෂ 150 කට වැඩියෙන් සහ කුරුළු විශේෂ 500 ක පමණ වූ අපරිමිත මෙම ජෛව විවිධත්වයට අමතරව මෙම ප්‍රදේශයේ විවිධාකාර වර්ගයේ ස්වදේශික මිනිස් ජනගහනයක් ඇත. Tagarei-Taromenane ප්‍රදේශය වටවී ඇති තෙල් ඛැනීමේ වැඩ බිම් විශාල ප්‍රමාණය නිසා එහි පැවැත්ම පවා අස්ථිර බව Amazon Watch වාර්තා කරයි.


“තෙල් ඛැනීම සදහා භාවිතා කිරීමට කිසිසේත්ම නුසුදුසු මෙන්ම ඒ සදහා සිතාගත හැකි නරකම ප්‍රදේශය මෙයයි.Yasuni වැනි ප්‍රදේශයක් නැති කර ගැනීම ලොවට දරා ගත නොහැකියි.”යයි Amazon Watch හි ස්වදේශික අයිතිවාසිකම් කණ්ඩායමේ ඉක්වදෝර වැඩ සටහන් අධ්‍යක්ෂක කෙවින් කොනින් පවසයි.තවදුරටත් ප්‍රකාශයක් නිකුත් කරමින් “ විපත්තිකාර කාලගුණ විපර්යාස වැලැක්වීමට පෘථිවිය මත ඇති තෙල් සංචිත වලින් 80% ක් පොළව තුළ එසේම පැවතිය යුතු බව විද්‍යාඥයන් සනාථ කර තිබියදී තෙල් සදහා ඛැනීම් කළ යුතු පෘථිවියේ අවසාන භුමිය Yasuni යි. අයිස් යුගයේදී පවා බොහෝ සත්ව විශේෂ ආරක්ෂා කර ගැනීමට Yasuni සමත් වූ නමුත් වර්තමාණ ඛනිජතෙල් යුගයේදී තවදුරටත් එම රක්ෂණය කළ හැකි දැයි අපි බලා සිටිමු.” කොනින් සදහන් කළේය.


 අන්තර්ජාලය ඇසුරෙණි

September 27, 2016

සජීවී පරිනාමකය (Transformer)

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට වල මෝටර් වාහන මනුෂ්‍ය ස්වරුපයේ (මනුෂ්‍යාභය) රොබෝවන් බවට පත්වීම Transformer (ට්‍රාන්ස්ෆෝමර්) ලෙස ප්‍රසිද්ධියට පත්වී තිබේ.පසුගියදා තුර්කියේදී 2013 BMW මෝටර් රථයක් මනුෂ්‍යාභ (humanoid) රෝබෝවක් ලෙසට ස්වරුපය සජීවීව වෙනස් කරමින්  Transformer චිත්‍රපට කථාවන්ට යම් සජීවී බවක් ලබා දෙන ලදී.

කුඩා දරුවන් ලෙස අප සියලුදෙනාම පාහේ රුපවාහිනියේ හා චිත්‍රපටි ශාලාවේ තිර මත දිස්වෙන මන්හ්කල්පිත ලෝක හා චරිත අපේ සජීවී ජිවිතයේ අත්දැකීම් වනු දැකීමට කැමැතිය. එවැනි සිහින සැබෑ කිරීමක් සදහා තුර්කියේ “Let vision” ක්‍රියාවලිය උත්සහය දරයි. වහලය හකුලුවා ගැනිමට හැකියාව ඇති සුමුදු ආකාරයේ BMW මෝටර් රථය Transformer චිත්‍රපට ආභාසයෙන් මෙන් විශාල මනුෂ්‍යාභ රෝබෝවක් බවට පරිවර්තනය විය. මේ ක්‍රියාවලිය සදහා hydrolics (ද්‍රව විද්‍යාව) හා සේවා මුලික ලෙස ප්‍රයෝජනවත් වී තිබේ.

Let vision හි ප්‍රථම පියවර වන මෙම ට්‍රාන්ස්ෆෝමර් අලෙවියකට ඉදිරිපත් නොකරයි. BMW මෝටර් රථයේ පරිනාමකයක් වූ මනුෂ්‍යාභ රොබෝව “Letrons” නමින් හදුන්වා ඇති අතර එය රොබෝ බවට හා රොබෝ නැවත මෝටර් රථය බවට පරිවර්තනය වීම, නැගී සිටීම සහ හිස කරකැවීම යන කාර්යයන් කිහිපයකට පමණක්  සිමා විය. වෙනත් කාර්යයයන් ක්‍රියාත්මක කරවීම සදහා දැනට පැන නැගී තිබෙන තාක්ෂණික ගැටළු මුදල් ආයෝජනය කිරීමෙන් අනාගතයේදී ජය ගත හැකි බව ප්‍රකාශ කරන නිර්මාණකරුවෝ ප්‍රමාණවත් ආයෝජනයක් ඇත්නම් Letrons ඇවද්දවියහැකි බවද දන්වා සිටිති.

අන්තර්ජාලය ඇසුරෙණි.

https://www.youtube.com/watch?v=4qGJ9_U1q-w

සොරා ගත් හෝ අස්ථාන ගත වූ භාණ්ඩ සොයා දීමේ තාක්ෂණය

සෑම වසරකම මෝටර් රථ විශාල ප්‍රමාණයක් සොරකම් කරන බව වාර්තා වේ.ඔබගේ හෝ ඔබේ මිතුරාගේ මෝටර් රථය සොරකම් කර ඇති බව දැනගත් විට ඔබ කොතරම් දුකට පත්වෙනවාද? මෝටර් රථ සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා කොතරම් නවීන ක්‍රම තිබුනද ඒ හා සමානව සොරකම් කිරීමේ ක්‍රමද දියුණුවී තිබේ. මෝටර් රථ අනතුරු ඇගවීමේ සංඥා විසන්ධි කළ හැකිය, දොරවල් යතුර නොමැතිව පමණක් නොව සමහර විට පරිගණක මගින් දොරට අත හෝ නොතබා විවෘත කළ හැකිය. මෙවැනි සොරුන්ගෙන් කෙසේ ආරක්ෂා වෙමුද? GPS ලුහුබදින ඒකක ඒ සදහා විකල්පයක් වුවත් එය සවි කිරීමට වෘත්තිකයන් අවශ්‍යය, මිල අධිකය, සේවාව පවත්වාගෙන යෑම සදහා මාසිකව ගෙවීම් කළ යුතුය.

ජිවිතයේ බොහෝ ගැටලුකාරීතත්ව සදහා පිරිවැය ඵලදායී තාක්ෂණයන්ද බිහිවීම සතුටට කරුණකි. ඔබගේ සොරකම් කළ මෝටර් රථය සොයා ගැනීමට හැකි වඩා ලාභදායි තාක්ෂණයක් හදුන්වා දි තිබේ.

දියුණු ලුහුබැදීමේ ක්‍රමයක් මගින් පාලනය වන පහසුවෙන් රහස්‍ය  ලෙස ස්ථානගත කළ හැකි ඉතා කුඩා උපකරණයක් වූ Track R දැනටමත් මිලියන 1.5 ක් පමණ අලෙවි වී ඇතැයි වාර්තා වේ. කාසියක ප්‍රමාණයේ මෙම උපකරණය ට පැතලි සිහින් බැටරියක් ඇතුළුකර පනගැන්විය යුතුය. ඉන්පසුව එය සමග නොමිලේ ලැබෙන යෙදුම (app)  iphone හෝ Android වැනි smart දුරකථනයකට බාගත කර එමගින් smartphone ය  හා Track R සම්බන්ධ කරගැනීම අවශ්‍යය. දැන් ඔබට ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය  ඕනෑම භාණ්ඩයක රහස්‍ය ලෙස Track R ඇලවිය හැකිය. මෝටර් රථයකනම් බිම කාපට් යට, යතුරු පැදියක නම් ටැංකියේ යටි පැත්තේ වැනි රහස්‍ය ස්ථානයක් ඒ සදහා තෝරාගත හැක. මෙලෙස තමාටම බල ගැන්විය හැකි සරල ක්‍රමයක් මගින් උපකරණය භාවිතය පහසු වේ. Track R අලවා ඇති ඕනෑම භාණ්ඩයක පිහිටීම smartphone තිරය මත පැහැදිලිව දැක ගැනීමෙන් ඔබ සතුටට පත්වනු ඇත. සොරා ගත් හෝ අස්ථාන ගත වූ භාණ්ඩ සොයා පේන ඇසීමට යායුතු නැත.ඩොලර් 29 ( රු.3700ක් පමණ ) ක ආරම්භක මිලක් වන Track R මගින් නිතර අස්ථාන ගත වන මුදල් පසුම්බි, ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි වටිනා භාණ්ඩ සොයාගැනීම පහසු වේ. ඔබගේ කටයුතු වඩා වැදගත් කාර්යයන් සදහා යොමු කිරීමට මින් නිදහස ලැබේ. නිතර පැන යන බල්ලන්, පුසන් වැනි සුරතල් සතුන් සොයා ගැනීමටද මෙය භාවිතා කළ හැකිය.

අන්තර්ජාලය ඇසුරෙණි.

 https://www.youtube.com/watch?v=oLUQK4VtLyM

September 24, 2016

සොබාදහමේ නැනෝ තාක්ෂණය

දිනෙන් දින කරලියට පැමිණෙන නැනෝ තාක්ෂනය හා බැදුණු නිෂ්පාදන හා පර්යේෂණ  බොහොමයක්ම පාදක වී ඇත්තේ  අප අවට පරිසරයේම ඇති විවිධාකාර සංසිද්ධීන් සියුම්ව අධ්‍යනය කිරීමෙන් ය. ලෝටස් ආචරණය (lotus leaf effect), සලබයාගේ ඇස (moth eye), මකුළු දැල්, හූනාගේ පාද, විචිත්‍රවත් සමනල පියාපත්, මොනර පිල්  ආදී  සොබාදහමේ අපුර්ව නිමැවුම් මේ සදහා නිදසුන් කිහිපයකි.

කෙතරම් කුණු දුහුවිලි වැදුනද ස්වකීය වයුහය මගින් පිරිසිදු කරගන්නා නෙලුම් කොලේ ක්‍රම උපාය එනම් ලෝටස් ආචරණය (lotus leaf effect) පර්යේෂණයට භාජනය කරමින් සුවිශේෂී නිෂ්පාදනයන් කර ඇත. නෙලුම් කොලේ මතුපිට ඇති දහස් ගණනක් වූ නැනෝ නෙරීම් මගින් ඒ මත වැටෙන ජලය, පත්‍ර මත ඇති අපවිත්‍ර අංශුද සමඟ පෙරලී යැවීමෙන් පත්‍රය නිරතුරුව පිරිසිදුවට තබා ගනියි. මෙම ජල භීතික ගුණය අධ්‍යනය කොට ස්වයං පිරිසිදුකාරක වීදුරු හා ආවරණ, ඇගළුම් සෑදීමට අද වන විට සමත්ව ඇත.

වානේ වලටත් වඩා ශක්තිමත් ලෙස සැලකෙන මකුළු දැල්වල ඇති සිල්ක් රැහැන්වල ශක්තිය සදහා උපයෝගී වන්නේ තුනී නැනෝ මීටර් ප්‍රමාණයේ පළලින් යුත් ස්පටිකරූපී  ප්‍රෝටීන් ය. පරමාණුක මට්ටමින් ස්ථිර හයිඩ්‍රජන් බන්ධන   මගින්  එකට බැඳී ඇත. මෙමගින් යම් පීඩනයකදී පහසුවෙන් ඇදීමටත් ප්‍රත්‍යස්තතායි (flex)  හැකියාව ලැබී ඇත.

හුනන් (gacko) ගස්, බිත්ති, ජනේල  හා වහලයන් මත ගමන් කිරීමේදී උඩුබැලි අතට නොවැටී ගමන් කරන ආකාරය ඔබ දැක තිබෙනවා නේද? එසේ කිරීමට කිරීමට හැකියාව ලැබී ඇත්තේ ඇගිලිවල ඇති සුවිශේෂී ව්‍යුහයන් නිසාය. ඇගිලිවල ඇති නැනෝ කෙඳිවල අග්‍ර පැතලි වන අතර එවැනි කෙඳි දහස් ගණනක් එක්ව  සෑදුනු අන්වීක්ෂීය කෙඳිවලින් ඇගිලි සමන්විත වේ. මෙම වැඩි පෘෂ්ටික වර්ගඵලය නිසා වැන්ඩවාල් බල ක්‍රියාකාරිත්වය වැඩි වේ. ඇගිලිවල සෑම අණුවක්ම, එය දැඩිව බැදී ඇති  පෘෂ්ටයේ අණු සමග  දුර්වල විද්‍යුත් ආකර්ෂණ බලයක්  ඇති කරගනියි. මෙම සංයුක්ත බලය හේතුවෙන් හුනන්ගේ ශරීර බර උසුලා ගෙන ඕනෑම පෘෂ්ටයක් මත ගමන් කිරීමට හැකියාව ලැබී ඇත. මෙම සංසිද්ධිය උපයෝගී කරගනිමින් ඉන්ජිනේරුවන් විසින් කාබන් නැනෝ නාල මගින් සුපිරි ඇලෙනසුලු පටි, ගම්, බිත්ති හා කඳු තරණය කිරීමට රොබෝ නිර්මාණයේදී පවා යොදා ගනී. ත්‍රාසජනක චිත්‍රපට ජවනිකාවලදී මෙම සුපිරි ඇලෙනසුලු පටි යොදාගෙන ගොඩනැගිලිවල ඉහලට නගින අයුරු ඔබත් දැක ඇතුවාට සැක නැත.

විවිධ වර්ණයන්ගෙන් යුත් සමනලුන් කෙරෙහි අපගේ නෙත් සිත් ඇදී යන්නේ විචිත්‍ර වර්ණ නිසාවෙනි. සමනල පිහාටු වල වර්නවැහැ බවට වර්ණක හා පිහාටු වල වයුහය වැදගත් වේ. ස්තර වශයෙන් පිහිටි ශල්ක නම් සුවිශේෂී වයුහ සෑදී ඇත්තේ නැනෝ අංශු වලිනි. මෙම ස්තර අතර හිදැස් පවතින අතර, සමනල තටු අතරට වැටෙන ආලෝකය මෙම ස්තරීය නැනෝ වියුහ හා හිදැස් මගින් විවිධ ආකාරයට පරාවර්තනය වීමෙන් විවිධාකාර වර්ණවලින් දිස්වේ. මෙම සංසිද්ධිය මොනර පිහාටුවලද දක්නට ලැබේ.

සලබයන්ගේ ඇසේ වියුහයද සුවිශේෂි ආකාරයෙන් පිහාටා ඇත. එම ඇසේ ව්යුහය මගින් අඳුරු ආලෝක කිරණ තත්වයන් වඩාත් කාර්යක්ෂමව  අන්තර්ගහණය කරගනියි. එහිදී  අවශෝෂණය වන ආලෝක ප්රමාණය ඉහළ නැංවීම මගින් විලෝපිකයන් / ගොදුරු හදුනාගැනීමට උපකාරී වේ. ඒ සඳහා සලබයාගේ ඇසෙන් අවශෝෂණය කරගන්නා ආලෝකය, ඇසේ මැද දෙසට පරාවර්තනය කිරීමෙන් එම ක්‍රියාවලිය සිදු කෙරේ. පර්යේෂකයන් මෙම නව තාක්ෂණය, තුනී ග්‍රැෆීන් (graphene) උපයෝගී කරගනිමින්  හිරු එළිය මගින් ගෘහස්ථව බලශක්තිය උත්පාදනයට හැකි වේ යැයි විශ්වාස කෙරේ.


මෙවැනි වූ සොබාදහමේ අපූරු නිර්මාණයන් හදුනා ගනිමින් සහ ඒ පිළිබද පර්යේෂණයන් සිදු කරමින්, මානව හිතවාදී තිරසාර පාරිසරික සංකල්පයන් හදුනාගනිමින් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අංශයන්හි ප්‍රවර්ධනයට හෙට දින විවර කරමු.


මූලාශ්‍ර : Science Advances / University of Surrey

September 23, 2016

ග්‍රහ රාශි වෙනස් නොවේ.

කලබැගෑනියකට  මුලපිරු  මවාගත් සිද්ධියක් පිලිබදව පසුගියදා වාර්තා විය. නාසා ආයතනය විසින් ග්‍රහ රාශි වෙනස් කරනු ඇතැයි සති අන්තයේ  Cosmopolitan සගරාව වාර්තා කිරීම එයට හේතු පාදක වී තිබේ.ජ්‍යෙතිඥයන් පමණක් නොව ගණනය කිරීමට තරම් අපහසු මිනිසුන් ප්‍රමාණයකට මෙය විශාල ගැටළුවක් විය.

වසර 2000 කට පසු පළමුවරට නාසා ආයතනය ජ්‍යෙතිෂ ශාස්ත්‍රයේ සංඥා යාවත්කාලින කිරීමට අදහස් කර ඇත්තේ 86% ක විශාල ජන කොට්ඨාශයකගේ  ග්‍රහ රාශි වෙනස් වී ඇති හෙයින් බව මෙම සගරාව වාර්තා කර තිබේ.මෙවැනි මුලික වෙනස් කිරීමක අවශ්‍යතාවය පිලිබදව තාක්ෂණය විපරම් කරන්නේ නම් ඊට හේතුව ලෙස වර්තමාන අහස දැනට වසර දහස් ගණනකට පෙර තිබු අහසට වඩා වෙනස් බව සැලකීම අර්ථවත්ය.

එහෙත් මෙම සිද්ධියේදී Cosmopolitan සගරාවේ කතුවරයා මෙවැනි කළඹවන සුළු වාර්තාවක් ඉදිරිපත් කර ඇත්තේ නාසා ආයතනය ළමයින් සදහා පවත්වාගෙන යන අභ්‍යාවකාශ ප්‍රදේශය නම් වෙබ් පිටුවේ පසුගිය ජනවාරි මස පළවූ කරුණු පාදක කරගෙනය.

එහි නාසා ආයතනය සත්‍ය විද්‍යා ගවේෂණයක යෙදෙන බව සදහන් කරන අතර ග්‍රහ රාශි වල මුලාරම්භය පිළිබද පැහැදිලි කිරීමක්ද කර තිබේ. එහි සදහන් පරිදි වසර 3000 කට පෙර බැබිලෝනියානුවන් විසින් පෘථිවිය හා සුර්යා අතර මනඃකල්පිත රේඛාවක් මෙම ග්‍රහ රාශි නිර්මාණය සදහා පාදක කර ගෙන ඇත. එම මනඃකල්පිත රේඛාව අභ්‍යවකාශය දක්වා දික්කල විට සුර්යා, ආලෝක වර්ෂ සිය දහස් ගණනකට එපිට පිහිටි තාරකා වලින් සමන්විත තාරකා මණ්ඩල (Constellations ) පසු කරන ආකාරය පෙනී යයි.මෙවැනි තාරකා මණ්ඩල 12 ක්   බැබිලෝනියානුවන් විසින් හදුනාගෙන ඇති නමුත් එවැනි තරාකා මණ්ඩල 13 ක් පවතී. බැබිලෝනියානුවන් මග හල තාරකා මණ්ඩලය Ophiuchus නම් වේ. තවදුරටත් සදහන් කරන පරිදි පෘථිවියේ අක්ෂය පසුගිය වසර 3000 තුළ සෑහෙන ප්‍රමාණයකින් විතැන් වී තිබේ.එනිසා අද දක්නට ඇත්තේ වෙනස් අහසකි. වර්තමානයේ අප භාවිතා කරන රාශි වෙනස් විය හැකි බව නාසා ආයතනය මෙසේ පැහදිලි කර තිබේ.

එසේවුවද මෙය ග්‍රහ රාශි පිළිබද විද්‍යාත්මක පැහැදිලි කිරීමක් විනා කේන්ද්‍රය පිළිබද තක්සේරු කිරීමක් නොවේ. නාසා ආයතනය තාරකා විද්‍යාව පිළිබද අධ්‍යනය කිරීම මිස තාරකා ශාස්ත්‍රය අධ්‍යනය කිරීමක් නොකරයි. ඒ කෙසේවෙතත් නාසා ආයතනය රාශි වෙනස් කිරීමක් සිදු කර නැති අතර මෙම විද්‍යාත්මක ආයතනය යොමු වී ඇති සිද්ධි වාචක අධ්‍යනයන්ද වෙනස් කර නැත. “අපි ග්‍රහ රාශි වෙනස් නොකළෙමු. අපි නිවැරිදි ගණනය කිරීම් පමණක් සිදු කළෙමු” යැයි නාසා ආයතනයේ ප්‍රකාශක  ඩ්වෙයින් බ්‍රවුන් Gizmodo සගරාව වෙත ප්‍රකාශ කළේය. සුවිශාල සහ ආශ්චර්යමත් විශ්වය තුළ වූ ට්‍රිලියන සංඛාවක සෛල වල සචේතනික එකතුවන් ගැන සිතීම චමත්කාරජනක වේ. 

අභ්‍යවකාශය පිළිබද නාසා ආයතනයේ සුවිශේෂ රූප සදහා වෙබ් පිටුවක් පහත වේ.

අන්තර්ජාලය ඇසුරෙණි.


http://www.techtimes.com/articles/178631/20160921/nasa-changed-zodiac-signs-dont-freak-out-you-still-have-the-same-zodiac-sign.htm

September 22, 2016

ලොව ප්‍රථම යාන්ත්‍රික ශරීරාංග ඔලිම්පික් තරගාවලිය (Cybathlon)

ලොව පුරා සිටින යාන්ත්‍රික ශරීරාංග භාවිතා කරන්නන්ගේ ඔලිම්පික් තරගාවලිය ලබන මස ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර පැවැත්වීමට නියමිතය. මෙහිදී යාන්ත්‍රික ශරීර සැකිලි, ඉලෙක්ට්‍රොනික අත් පා , බලගැන්වූ රෝද පුටු හා වෙනත් තාක්ෂණික උපකරණ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑම සදහා භාවිතා කරන පුද්ගලයන් තරගකරුවන් ලෙස සහභාගී වේ. ලොව ප්‍රථම වතාවට පවත්වන මෙම Cybathlon තරගාවලියට කණ්ඩායම් පනහක් සහභාගී වීමට නියමිත අතර එහිදී මොළයේ සංඥා මගින් පමණක් පරිගණක චරිත මෙහෙයවීම, බලගැන්වූ රෝද පුටු මගින් පඩිපෙළ නැගීම බැසීම ,යාන්ත්‍රික අත් පා වල විවිධ ක්‍රියාකාරකම් යනාදි තරග රාශියක් පැවැත්වේ. බාහිර ආබාධ සහිත පුද්ගලයන්ගේ ජිවිත සදහා නවීන තාක්ෂණයේ සේවය සුරිච් හි  ETH විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොබට් රයිනර් (Robert Rainer) ගේ අදහසක් මත ආරම්භ වූ Cybathlon හිදී එළිදැක්වේ .

NASCAR සහ ෆොමියුලා වන්  වැනි මෝටර් රථ තරග මගින් මෝටර් රථවාහන තාක්ෂණය දියුණු වූවාසේම ඔක්තෝබර් 8 වෙනිදා ආරම්භවන Cybathlon තරගාවලිය මගින් පුද්ගල උපකාරක යන්ත්‍ර තාක්ෂණයේ දියණුව සදහා එම පරීක්ෂණ ක්ෂේත්‍රයේ විශාල පුළුල්වීමක් ඇතිවෙතැයි  Cybathlon සංවිධායක මණ්ඩලය බලාපොරොත්තු වේ. තරගකරුවන් කිහිපදෙනකුගේ කෙටි විස්තර මෙසේය.

1.අවුරුදු 29 දි හදිසි මෝටර් රථ අනතුරකදී අත් පා වාරු නොමැතිව ආබාධිත වූ ඩේවිඩ් රෝස් එස්සෙක්ස් විශ්ව විද්‍යාලයේ බුද්ධි ආලෝලන (Brainstormer) කණ්ඩායම නියෝජනය කරයි.ඔහු මොලයෙන් නිකුත් කරන තරංග මගින් පරිගණක පාලනය කිරීමේ තරගයට සහභාගී වේ. අතුරු-මුහුණත ලෙස මොළය යොදා ගැනීමේ තරග සදහා රෝස් වසර දෙකක කාලයක් පුහුණු වී ඇත. හිස් ආවරණයේ ඇති ඉලෙක්ට්‍රොඩ මගින් ඔහුගේ මොළයේ ක්‍රියාකාරකම් හෝ සිතුම් පරිගණකයට යොමු කර එමගින් පරිගණකය කොතරම් දුරට ක්‍රියාකර විය හැකිදැයි මෙම තරගයයි.

2.යාන්ත්‍රික අත්වල ක්‍රියාකාරකම් හෙවත් Prosthetic Arm Race වලට සහභාගිවන්නන්ගේ  අපේක්ෂාව එමගින් අඩු වියදම් යාන්ත්‍රි අත් පා නිෂ්පාදනයට තාක්ෂණය වඩාත් පුලුව යොමු කිරීමයි. එක් තරගකරුවෙකු වූ Evasion ගේ ඉලෙක්ට්‍රොනික අත බොහෝ දුරට පියවි අතක් ලෙස ක්‍රියාකරයි එහෙත් එය මිල අධිකය. එවැනි යාන්ත්‍රික අත් සාමාන්‍ය රෝගීන් සදහා නොලැබේ. තරගයේ ස්වරුපය නම් වඩාත් අඩු කාලයකදී ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයක් කිරීමයි. ඒ සදහා පාන් කැපීම, බන්දේසියක් අල්ලාගෙන සිටීම, බල්බයක් සවිකිරීම යන ක්‍රියා ඇතුලත්ය.

3. බලගැන්වූ රෝද පුටු මගින් පඩි පෙළක් නැගීම සහ බැසීම තවත් එක් තරග ඉසව්වකි.ඒ සදහා ඉම්පීරියල් විද්‍යාලයේ කණ්ඩායමක්ද ඉදිරිපත් වී තිබේ. මාංශ පේෂීන් මගින් උත්පාදනය කරන  ස්වභාවික ඉලෙක්ට්‍රොනික සංඥා හදුනාගැනීමට හා එයට ප්‍රතිචාර දැක්වීමට හැකි ස්වයංක්‍රීය ක්‍රමයක් පිලිබදව මෙම කණ්ඩායම උනන්දු වේ.






අන්තර්ජාලය ඇසුරෙණි.
https://www.youtube.com/watch?v=At3PHNkTWqg