September 29, 2016

පෘථිවියේ CO2 තීරණාත්මක සීමාවක!!!


පෘථිවියේ කාබන්ඩයොක්සයිඩ් (CO2) මට්ටම සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී අඩුවීමක් දක්නට ලැබුනද මෙම 2016 වසරේදී එය සීමාකාරී මට්ටම ඉක්මවා ගොස් ඇත. ගිම්හාන කාලයෙන් පසු සාමාන්‍යයෙන් ශාක වර්ධනය පටන්ගන්නා නිසා කාබන්ඩයොක්සයිඩ්, ශාකවලට ලබාගැනීම සාපේක්ෂව ඉහළ යයි. එම නිසා  උතුරු අර්ධගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සැප්තැම්බර් මාසයේදී, සාපේක්ෂව පහ අගයක් ගනී.  කොළ හැලෙන කාලයේදී ඒවා පසට එක්වී දිරපත්වෙන විට කාබන්ඩයොක්සයිඩ් නැවත පරිසරයට මුදාහරියි. මෙම  ක්‍රියාවලිය මේ වසරේදීත් එලෙසින්ම සිදු වුවත් කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයේ අඩුවීමක් සිදු වී නොමැත.


කාර්මික විප්ලවයෙදී, මිනිසුන් වායුගෝලයට අධික ලෙස කාබන්ඩයොක්සයිඩ් එකතු කිරීමෙන් මෙම ශාක වලට ලබාගත නොහැකි වූ, අතිරික්ත කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා මෙලෙස විපර්යාස සිදුවී ඇති බව විද්‍යාඥයින් පවසයි. කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම නිසා අනෙකුත් දේශගුණික විපර්යාස කෙරෙහි බලපෑම් රැසක් සිදුව ඇත.

හෙට දින, ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය නවතා දැමුවද මෙම තත්වය තවත් දශක ගණනාවක්ම එලෙසින් පවතීවි. මේ වන විටත් වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් නිසා කාර්මික විප්ලවය ආරම්භයේ පටන් ලෝකය 1.8  F කින් උණුසුම් වී ඇත. මේ වසරේ, අපගේ නව 400 ppm ලෝකයේ ඇරඹුම සනිටුහන් කිරීමට අමතරව, වාර්තා වූ උණුසුම්ම වසර ද වේ.

පෘථිවියේ වන ඝනත්වය සීග්‍රයෙන් අඩු වී යාම නිසා මෙම කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය තුලනය කිරීමට සොබාදහම අපොහොසත් වී ඇත. එමෙන්ම, පෘථිවියේ යහපත් හෙට දවසක් වෙනුවෙන් තිරසාර පාරිසරික සංවර්ධනයන් උදෙසා නිරතුරුව සැමගේ අවධානය  යොමු විය යුතු ය.

උපුටා ගැනීම: http://www.scientificamerican.com/article/earth-s-co2-passes-the-400-ppm-threshold-maybe-permanently/


0 comments:

Post a Comment