September 27, 2016

සොරා ගත් හෝ අස්ථාන ගත වූ භාණ්ඩ සොයා දීමේ තාක්ෂණය

සෑම වසරකම මෝටර් රථ විශාල ප්‍රමාණයක් සොරකම් කරන බව වාර්තා වේ.ඔබගේ හෝ ඔබේ මිතුරාගේ මෝටර් රථය සොරකම් කර ඇති බව දැනගත් විට ඔබ කොතරම් දුකට පත්වෙනවාද? මෝටර් රථ සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා කොතරම් නවීන ක්‍රම තිබුනද ඒ හා සමානව සොරකම් කිරීමේ ක්‍රමද දියුණුවී තිබේ. මෝටර් රථ අනතුරු ඇගවීමේ සංඥා විසන්ධි කළ හැකිය, දොරවල් යතුර නොමැතිව පමණක් නොව සමහර විට පරිගණක මගින් දොරට අත හෝ නොතබා විවෘත කළ හැකිය. මෙවැනි සොරුන්ගෙන් කෙසේ ආරක්ෂා වෙමුද? GPS ලුහුබදින ඒකක ඒ සදහා විකල්පයක් වුවත් එය සවි කිරීමට වෘත්තිකයන් අවශ්‍යය, මිල අධිකය, සේවාව පවත්වාගෙන යෑම සදහා මාසිකව ගෙවීම් කළ යුතුය.

ජිවිතයේ බොහෝ ගැටලුකාරීතත්ව සදහා පිරිවැය ඵලදායී තාක්ෂණයන්ද බිහිවීම සතුටට කරුණකි. ඔබගේ සොරකම් කළ මෝටර් රථය සොයා ගැනීමට හැකි වඩා ලාභදායි තාක්ෂණයක් හදුන්වා දි තිබේ.

දියුණු ලුහුබැදීමේ ක්‍රමයක් මගින් පාලනය වන පහසුවෙන් රහස්‍ය  ලෙස ස්ථානගත කළ හැකි ඉතා කුඩා උපකරණයක් වූ Track R දැනටමත් මිලියන 1.5 ක් පමණ අලෙවි වී ඇතැයි වාර්තා වේ. කාසියක ප්‍රමාණයේ මෙම උපකරණය ට පැතලි සිහින් බැටරියක් ඇතුළුකර පනගැන්විය යුතුය. ඉන්පසුව එය සමග නොමිලේ ලැබෙන යෙදුම (app)  iphone හෝ Android වැනි smart දුරකථනයකට බාගත කර එමගින් smartphone ය  හා Track R සම්බන්ධ කරගැනීම අවශ්‍යය. දැන් ඔබට ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය  ඕනෑම භාණ්ඩයක රහස්‍ය ලෙස Track R ඇලවිය හැකිය. මෝටර් රථයකනම් බිම කාපට් යට, යතුරු පැදියක නම් ටැංකියේ යටි පැත්තේ වැනි රහස්‍ය ස්ථානයක් ඒ සදහා තෝරාගත හැක. මෙලෙස තමාටම බල ගැන්විය හැකි සරල ක්‍රමයක් මගින් උපකරණය භාවිතය පහසු වේ. Track R අලවා ඇති ඕනෑම භාණ්ඩයක පිහිටීම smartphone තිරය මත පැහැදිලිව දැක ගැනීමෙන් ඔබ සතුටට පත්වනු ඇත. සොරා ගත් හෝ අස්ථාන ගත වූ භාණ්ඩ සොයා පේන ඇසීමට යායුතු නැත.ඩොලර් 29 ( රු.3700ක් පමණ ) ක ආරම්භක මිලක් වන Track R මගින් නිතර අස්ථාන ගත වන මුදල් පසුම්බි, ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි වටිනා භාණ්ඩ සොයාගැනීම පහසු වේ. ඔබගේ කටයුතු වඩා වැදගත් කාර්යයන් සදහා යොමු කිරීමට මින් නිදහස ලැබේ. නිතර පැන යන බල්ලන්, පුසන් වැනි සුරතල් සතුන් සොයා ගැනීමටද මෙය භාවිතා කළ හැකිය.

අන්තර්ජාලය ඇසුරෙණි.

 https://www.youtube.com/watch?v=oLUQK4VtLyM

0 comments:

Post a Comment