September 30, 2016

එකිනෙකාට හිංසා කිරීමට මනුෂ්‍යයා පරිණාමනය වුයේ කෙසේද?

එකිනෙකාට හිංසා කරගැනීමට හැකි ලෙස මිනිසා පරිණාමනය වී තිබේ.එහෙත් අපි සාදාකල් එසේ නොවුනෙමු. එලෙසම අපට එසේ වීමට අවශ්‍ය වන්නේද නැත.

අනෙක් ක්ෂීරපායි සත්වයන් හා සංසන්දනාත්මකව සහ අපගේ ඉතිහාසයට අනුව අනෙකාගේ ලේ සෙලවීමට අප යොමු වුයේ කෙසේදැයි ග්‍රනාඩා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝස් මරියා ගෝමස් ඇතුළු කණ්ඩායමක් පර්යේෂණාත්මක අධ්‍යනයක යෙදුනේය. මියගිය මිනිසුන් මිලියන 04 ක දත්ත සහ වංශ ප්‍රවේණිකත්වය මෙම අධ්‍යයනය සදහා ඔවුන් භාවිතා කර තිබේ.එහිදී අවුරුදු 50,000 කට පෙර සිට අද දක්වා විසු මිනිසුන්ගෙන් 600 ක පමණ මනුෂ්‍ය ප්‍රජාවක්ද වර්ග 137 ක ක්ෂීරපායි සත්ව විශේෂ 1024ක්ද පර්යේෂණයට භාජනය කරමින් ඔවුන් දක්වා ඇති ප්‍රචණ්ඩත්වයේ මට්ටම නිරීක්ෂණය කර ඇත.මරණය සිදුවීමට හේතුව යුද්ධය, මනුෂ්‍ය ඝාතන, අමානුෂික පහරදීම්, ළදරු ඝාතන, බිලිදීම්, මිනිමස් ආහාරය, යනාදිය පිලිබදව ඔව්හු විශේෂයෙන් විමසීමට  භාජනය කළෝය. මාරක සිදුවීමේ තත්වය සදහා වගකීම එක අපරාධකරුවෙකුද නැතහොත් සන්ධානගත සහ සමුහ මරා දැමීමක්ද යන්න නොසලකන ලදී. මේ අනුව ලද විශාල දත්ත ප්‍රමාණයකින් පහත කරුණු ඉස්මතුවූ  බව වාර්තා වේ.

සියලු මනුෂ්‍ය මරණ වලින් 2% කට හේතුව අන්තර් පුද්ගල සාහසිකත්වයයි.

වඩාත් ප්‍රචණ්ඩ වී ඇත්තේ මධ්‍යතන යුගයයි.එනම් ගෙන්ජිස් ඛාන් ,කුරුස යුද්ධය ,පුජනිය රෝම අධිරාජ්‍යය  ,කළු වසංගතය යනාදිය පැවති කාල වකවානුව වේ.

විශාල මිනිසුන් ප්‍රමාණයක් එක ප්‍රදේශයක ගාල් වීම හෙවත් ජන ඝනත්වය වැඩි වීම මිනිසුන් මහත් කෝපයෙන් හැසිරීමට තරමේ ආතතියක් පෙන්වීමට හේතු වී නැත. ජනඝනත්වය වැඩිවීම ක්ෂීරපායි සත්වයන් අතර කලහකාරී බව ඇති කිරීමට හැකි පොදු හේතුවක් බැවින් පර්යේෂකයන් ඒ සදහා වැඩි සැලකිල්ලක් දක්වා තිබේ. ජනඝනත්වය වැඩි වර්තමානය හා සමකාලින යුගවලට වඩා ජනඝනත්වය අඩු යුගවල මාරක ප්‍රචණ්ඩත්වය වැඩි බවද නිරීක්ෂණය වී තිබේ.

වර්තමානයේදී වඩාත්ම අන්තර් පුද්ගල ප්‍රචණ්ඩත්වයක් පෙන්නුම් කර ඇත්තේ සංචරණ කණ්ඩායම් විසිනි. දඩයක්කාර-ඵලවැල රැස්කරන්නෝ (hunter-gatherers) ලෙස අධ්‍යනයේදී අර්ථ දැක්වූ මොවුහු සමානත්වතාව පිළිබද කුඩා සංචරණ කණ්ඩායම් වේ. මේ සදහා පුරාවිද්‍යාත්මක සාක්ෂි වලට වඩා වර්තමානයේ ජිවත්වන ජනතාව අතර හොද දත්ත තිබෙන බව ගොම්ස්ගේ පැහැදිලි කිරිමකි. දඩයක්කාර-ඵලවැල රැස්කරන්නෝ  වැඩි ප්‍රචණ්ඩත්වයක් ඇති කිරීමට හේතුව ඔවුන් දැන් ජීවත්වන ජනඝනත්වය වැඩි පරිසරය තුළ ඇති අන්තර් කණ්ඩායම් ගැටුම් වැඩි වීමයි. එසේ නැතිනම් ඔවුන් ඇසුරු කරන යටත් විජිත සමාජයේ රණකාමිත්වය සමග අන්තර් පුද්ගල ප්‍රචණ්ඩත්වය නිතර සිදුවීම මගින් ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමයි.

කෙසේවෙතත් ප්‍රචණ්ඩත්වය වර්ධනය අඛණ්ඩව සිදු නොවන බව දත්ත මගින් පැහැදිලි වීම බලාපොරොත්තු තැබිය හැකි කරුණකි. ප්‍රචණ්ඩත්වය උපරිම හා අවම අතර දෝලනය වෙමින් පවතී. ප්‍රචණ්ඩත්වයට ජානමය බැදීමක් නොමැති නමුත් සමාජ හැසිරීම සහ දේශභුමිකත්වය බැදී තිබේ.

යම් දිනක මෙම ප්‍රචණ්ඩත්වය උපරිම මට්ටම පසු කර අපගේ පරිණාමනයේ සීමාවන් ඉක්මවා යාවිද? මේ සම්බන්ධව පර්යේෂණ කණ්ඩායම පවසන්නේ අපගේ මුලාරම්භය කොතරම් ප්‍රචණ්ඩද නැතිනම් සාමකාමී(ශාන්තිකර) ද යන්න එතරම් වැදගත් නොවන බවත් අපට අන්තර් පුද්ගල ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සදහා අපගේ සමාජීය පරිසරය වෙනස් කිරීම යොදා ගත හැකි බවත්ය.

එනම් සාමකාමී සමාජයක් අපට අවශ්‍ය නම් මනුෂ්‍යයාට එය නිර්මාණය කරගත හැකි වේ.


අන්තර්ජාලය ඇසුරෙණි.

0 comments:

Post a Comment