October 5, 2016

අපි එකිනෙකාට වෙනස් වන්නේ මොළයේ කවර කොටස නිසාද ?

 
සියලුදෙනාම එකිනෙකාට වෙනස්ය. අපගේ ස්වීයත්වය එසේ එක් එක් පුගලයාට අනන්‍ය ලෙස ක්‍රියාකරනුයේ මොලයේ කුමන ප්‍රදේශයේ කුමන හේතු නිසාද? මෙම ස්වීයත්වය නිරුපනය කරන ලක්ෂණ වර්ගීකරණයට මනෝවිද්‍යාඥයෝ බොහෝ කාලයක සිට විවාද කරති.

සංවාදය

අපේ පැවැත්මේ ප්‍රධාන අංගය මොළය ලෙස සැලකේ. එහෙත් මොළයේ සුවිශාල ධාරිතාව පුර්ණ ලෙස හදුනාගැනීමට තව බොහෝ කාලයක් ගතවනු ඇත. දැනට අපගේ මොළයේ රටාව ගවේෂණාත්මකව හදුනාගෙන ඇති ආකාරයට භාෂාව, ගතිය (මනෝභාවය), මතකය, දැක්ම, කාරක හැකියාව සහ පුද්ගලතාව(පෞද්ගලිකත්වය) යන මධ්‍යගත කාර්යන්  6 ක් ලෙස මොළයේ නියෝග මත හැසිරේ යයි සැළකේ. මෙහිදී එම නියෝග සාවද්‍ය වුවහොත් කුමක් සිදුවේද?

පුද්ගලිකත්වය යනු පුළුල් මාතෘකාවක් වන අතර එමගින් මිනිසුන් ලෝකය හා සම්බන්ධ වීමේ පුරුද්ද සහ ඔවුන්ගේ අධ්‍යාත්මික ස්වීයත්වය විදහා පායි. ළමාවියේ සිට වැඩිවිය දක්වා වූ සංවර්ධනයන්ගෙන් පසුවද මේ හා සම්බන්ධවන රටාව බොහෝදුරට වෙනස් නොවී ජිවිත කාලය පුරාවට ස්ථාවරව පවතී. එම රටාව ඌරුව (ගතිය) සහ පුහුණු වූ හැසිරීම මගින් පෙළඹවීම් හා උද්වේග සදහා යොමු වේ.

පෙර සදහන් කළ පරිදි සැම පුද්ගලයෙකුට අදාළ අනන්‍ය ලෙස විදහාපාන පුද්ගලිකත්වය කිසියම් වූ හදුනාගැනිමකට ලක් කළ හැකි වර්ගිකරණයකට මනෝවිද්‍යාඥයෝ විවිධ ක්‍රම ඉදිරිපත්කර තිබේ. ඒවායින් බොහෝ කාලයක් භාවිතා කළ වඩාත් ජනප්‍රිය පිවිසුමකට අනුව පුද්ගලිකත්වය මාන 05 කට වර්ගීකරණය කර තිබේ.

1. අත්දැකීම් සදහා විවෘතභාවය / Openness to experience  -  ( අනුකුලත්වය/curious හෝ පරික්ෂාකාරිබව/ cautious )

2.   සිහිය/conscientiousness  - (සැලසුම්සහගත බව/organized  හෝ නොසැලිකිලිමත් භාවය / careless)

3.      බහිර්වර්තනය/extraversion  - (මිතුරු/outgoing හෝ හුදෙකලා බව/ solitary)

4.      මනාපතාවය/ එකගත්වය/agreeableness  - (මනාප/friendly හෝ වෙන්වූ/detached )

5.      ස්නායුවිකාරිත්වය/neuroticism          -  (කලබල බව/nervous හෝ රක්ෂිත බව /secured)

ස්වයං විචාරක ප්‍රශ්ණාවලියක් මගින් ලබාගත් පිළිතුරු අනුව මෙම මාන සදහා ලකුණු ලබාදී එමගින් යම් පුද්ගලයකුගේ පුද්ගලිකත්වය විස්තර කරනු ලැබේ. මෙවැනි විස්තර වලින් පුද්ගලයන්ගේ සාමාන්‍ය සහ අසාමාන්‍ය හැසිරීම් ද හදුනාගත හැකි වන අතර ඔහුගේ හෝ ඇයගේ රැකියා සඵලත්වය, ශාස්ත්‍රීය ජයග්‍රහණ සහ අන්තර් පුද්ගල සම්බන්ධතා පිලිබදව පුරෝකථනය කිරීමට හැකියාව ලැබේ.
යම් පුද්ගලයකුගේ පෞද්ගලිකත්වය සදහා ජාන සහ පාරිසරික සාධක යන දෙකම බලපායි. ජානවල දායකත්වය 30 – 50% අතර වේ. ඉතිරියෙන් බොහෝ ප්‍රමාණයක් සදහා එක් එක් පුද්ගලයාට අනන්‍ය වූ ලෙස පාරිසරික අත්දැකීම් දායක වේ.

අතීතයේදී මෙම විෂය ක්ෂේත්‍රය අධ්‍යනය සහ සංවර්ධනය සිදුවුයේ ඉතිහාසගත සිද්ධි පාදක කොට ගෙනය. වර්තමානයේදී පෞද්ගලිකත්වය හදුනාගැනීම සදහා වූ ස්නායුවේදී මනෝවෛද්‍ය විද්‍යාව බොහෝවිට මනෝවිද්‍යාවේ ශුද්ධවූ බදුන ලෙසද සැලකේ. 1895 දි විද්‍යාත්මක මනෝවිද්‍යාව නම් වූ සිග්මන්ඩ් ප්‍රොයිඩ්ගේ ව්‍යාපෘතියේ මුඛ්‍ය ලියවිල්ල සදහා මාතෘකාව වුයේද පෞද්ගලිකත්වයයි. පුද්ගලිකත්වය ඇතිවීම පිලිබදව ප්‍රධානම උදාහරණයක් ලෙස සලකනුයේ ඇමෙරිකානු ජාතික දුම්රිය මාර්ග සේවකයෙකු වූ Phineas Gage ගේ පෞද්ගලිකත්වය වෙනස් වූ ආකාරයයි. 1823 – 1860 කාලය තුළ ජීවත්වූ  Gage හදිසි අනතුරකට මුහුණපෑවේය. එහිදී විශාල යකඩ බටයක් ඔහුගේ හිස සම්පුර්ණයෙන් සිදුරු කර ඔහුගේ මොළයේ ලලාට ඛණ්ඩිකාවේ විශාල කොටසක් විනාශ කළේය. ඉන්පසු සුවය ලැබූ Gage ගේ පෞර්ෂය විශාල ලෙස වෙනස් වීමකට භාජනය වී තිබු බව වාර්තා වේ.
 


අන්තර්ජාලය ඇසුරෙණි.
https://www.youtube.com/watch?v=C0aNjxCrjrY

0 comments:

Post a Comment