October 6, 2016

විද්‍යාඥයෝ සොයාගත් විභ්‍රමණය වන නිල් ගින්දර

 
ගින්දර පිළිබද විශාරද දැනුමක් ගල් යුගයේදීම තමන් ලබා ගත බව මිනිසුන්ගේ විශ්වාසයයි. එහෙත් වසර සිය දහස් ගණනකට පසුවද ගින්දර තවමත්, වශීකරණයට සහ ව්‍යාකුලත්වයට හේතුවක් වී තිබේ.

 National Academy of Sciences (විද්‍යාවන් පිළිබද ජාතික විද්‍යාපිඨයේ) වත්මන් ක්‍රියාකාරකම් ලෙස ප්‍රසිද්ධියට පත්කළ අධ්‍යයනයකට අනුව මින් පෙර නිරීක්ෂණය නොකළ ගින්දර විශේෂයක් එනම් මාරිලෑන්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් විසින් “Blue Whirl (නිල් සුළිය)” යනුවෙන් නම් කළ සම්පුර්ණයෙන් නිල පැහැයෙන් දිදුලන සහ ජලය මතුපිට පවා වේගයෙන් භ්‍රමණය වන ගිනිදැල් විශේෂයක් හදුනාගත් බව වාර්තාවිය.

“සම්ප්‍රදායික ගිනි සුළි වලින් නව  Blue Whirl (නිල් සුළිය) පරිණාමනය වී යයි මෙම සොයාගැනීමේ සම කතෘ සහ Glen L Martin ආයතනයේ ඉංජිනේරු මහාචාර්ය Elaine Oran පවසයි. දුඹුලු අංශු පැතිරීම නිසා සාමාන්‍ය ගින්දර කහ පැහැය ගන්නේ ඉන්ධන සම්පුර්ණයෙන් දහනය වීම සදහා අවශ්‍ය O2 (ඔක්සිජන්) ප්‍රමාණවත්ව නොතිබීම නිසාය. එහෙත් Blue Whirl (නිල් සුළිය) පෙන්වාදෙන්නේ සම්පුර්ණ දහනය සදහා O2 ප්‍රමාණවත්ව ලබා ගෙන ඇති බවයි. දුඹුලු අඩු හෝ සම්පුර්ණයෙන් නොමැති නිසා එය වඩා පිරිසිදු දහනයක් වේ.

මෙම නිල් සුළිය හුදෙක් වර්ණවත් දර්ශනයක් ඉදිරිපත් කිරීමට අමතරව ද්‍රව යාන්ත්‍රණයට සම්බන්ධ සලා ප්‍රභේද (vortices) සහ භ්‍රමණ භූමික (vortex) අධ්‍යයනය සදහා යොදා ගත හැකිය. පර්යේෂණාගාර ක්‍රියාවලි වලට අමතරව ප්‍රයෝගික ජිවිතයේ ක්‍රියාවලි සදහාද නිල් සුළිය ආදේශ කර ගත හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි. එහි ඇති ස්ථාවරත්වය , පිරිසිදු බව, ඵලදායී බව සහ නිපදවීමට පහසු වීම යන ලක්ෂණ නිසා එය විශාල තෙල් ඉහිරීම්  පිරිසිදු කිරීමට භාවිතා කළ හැකිය.

“නිල් සුළිය දහනය වෙනත් වර්ගවල දහනයන්ට වඩා කාර්යක්ෂම වේ. දහනය වේගවත්ව හා වඩා සම්පුර්ණව සිදු වීමට අවශ්‍ය අයුරින් ප්‍රබල ලෙස වර්ධනය වූ උණුසුමක් ඉන්ධන මතුපිට ඇති කිරිමට එය සමත්.” යයි මෙම ඉදිරිපත් කිරීමේ සම කතෘ සහ ගිනි නිවාරණ ඉංජිනේරු අංශයේ සහකාර මහාචාර්ය Michel Gollner පැහැදිලි කළේය. “ ජලය සම්බන්ධව කළ අපගේ පරීක්ෂණයේදී සංසරණය වන නිල් සුළිය නිපදවීම ඉන්ධන ඇදගැනීම පහසු කරයි. එනිසා නිල් සුළි වලට සමාන වූ වඩා විශාල මට්ටමකින් ගීනිදැල්  ඇති කර ගත හැකිනම් අපට වායු විමෝචනය අඩුකර වඩා පිරිසිදු බවක් එනම් ඉන්ධන ඉහිරීම් පිරිසිදු කිරීමක් කළ හැකිය.” ඔහු තවදුරටත් සදහන් කළේය.

  

කෙසේවෙතත් නිල් සුළිය නිර්මාණය වන ක්‍රමවේදය හෝ යාන්ත්‍රණය නිවැරිදීව හදුනාගැනීමට පර්යේෂකයන් සමත් වී නැත. එනමුත් ඉහල කාර්යක්ෂමතාවක්, අඩු විමෝචක දහනයක් නිරුපනය කිරිම නිසා ඔව්හු නිල් සුළි පිළිබදව දැඩි උනන්දුවක් දක්වති.

අන්තර්ජාලය ඇසුරෙණි.  

https://www.youtube.com/watch?v=WVeJ2Sieg44

0 comments:

Post a Comment