Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

March 31, 2014

අච්චු ගැසු කාමරය

රුපයේ දැක්වෙන අච්චු ගැසු කාමරය ත්‍රිමාණව අච්චු ගැසු ලොව පළමු ගොඩනැගිල්ල නොවේ. එහෙත් එය පරිගණක ප්‍රතිලේඛණයකින් සැලැසුම් කළ වර්ග මීටර 16 ක වර්ග ප්‍රමාණයක් සහ මීටර 3.2 ක් උසක් සහිත ත්‍රිමාණව මුද්‍රණය කළ ලොව ප්‍රථම ගොඩනැගිල්ල වනු ඇත. එහි විශාල මතුපිටක් සහිතය. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් වලින් කරන නිර්මාණය වෙනුවට මේ ත්‍රිමාණ මුද්‍රණය සඳහා සාමාන්‍ය ගොඩනැගිලි ද්‍රව්‍යයක් වන වැලි යොදා ගෙන තිබේ. වෙනත් කිසිම ත්‍රිමාණ මුද්‍රිත සැකිල්ලකට වඩා මෙම කාමරය ඉතා පුදුම සහගත ලෙස සාමාන්‍ය ආකාරයෙන් ඉදි කළ කාමරයක් වැනිය.
මෙය ටොන් 11 ක් බරැති, කිසිදු ආධාරකයක් මත නොරඳන ත්‍රිමාණව අච්චු ගැසු කාමරයක් බව ගෘහ නිර්මාණ ශිල්පි මයිකල් හැන්ස්වයර් සහ බෙන්ජිමින් ඩිලෙන්බර්ග් පවසති. තවද සංකිර්ණ මතුපිටක් සහිත එහි සම්පූර්ණ සැකිල්ලක් තිබේ.
පරිගණක ප්‍රතිලේඛණයක් මඟින් අහඹු ලෙස කාමරය සැලසුම් කර ඇති අතර සූරීච් නගරයේදී මුද්‍රණය කරන ලදි. පරිගණක නිර්මාණ සැලැස්ම සමඟ අච්චු ගැසීමේදී ගොඩනැගිලි ද්‍රව්‍ය ලෙස වැලි යොදා ගෙන තිබේ. එකිනෙක සම්බන්ධ කිරීමට ගම් වර්ග භාවිතා කර තිබේ. මීටර් 4 ක් පළල මීටර 2 ක් උස ලෙස සකසා මීටර 4 දක්වා වු උසකට කොටස් එක්කර ඇත. සම්පූර්ණ කාර්යයේ සැලැසුම් කරණයට වසරක් ගතවු අතර මුද්‍රණයට මාස 01 ක්ද සවිකිරීමට දින 01 ක්ද ගත විය.
දැනට මෙම කාමරයේ කිසිවෙකු පදිංචි නොවුනද මෙහි භාවිතය හා නිර්මාණයේදී ලද අත්දැකීම් මත වාසය සඳහා ගෘහයක් මුද්‍රණය කිරීමට (අච්චු ගැසීමට) නුදුරු අනාගතයේදී හැකිවනු ඇතැයි නිර්මාණකරුවෝ පවසති.  

උපුටා ගැනීම:-
Insanely complex 3-D Printed room - C.Lecher

March 27, 2014

සුළඟින්(සාමාන්‍ය වායු වලින්) ධාවනය වන වාහන

ඉන්ධන අවසාන වන විට වාහන ධාවනයට විකල්ප බලශක්ති  අවශ්‍යතාවය නිතැනින්ම මතුවේ. සුළඟ (සාමාන්‍ය වායු) සාර්වත්‍රික සහ පිරිසිදු වන අතර නොමිලේ ලබාගත හැකිය. එහෙත් සුළඟින් (සාමාන්‍ය වායු වලින්) බලය ලබා ගැනීමට බලය අවශ්‍ය වේ. සුළඟ (සාමාන්‍ය වායු) සම්පීඩනයෙන් බලය ලබාගත හැකිවීම නිසා සම්පූර්ණ සුළඟින් (සාමාන්‍ය වායු වලින්) ධාවනය වන වාහන නිෂ්පාදනය අපහසු වී තිබේ. තාක්ෂණ ක්‍රම දෙකක් එක් කිරීමෙන් මෙම අභියෝගය ජයගත හැකි බව ප්‍රංශයේ PSA Peugeot Citroen රථවාහන නිෂ්පාදන සමාගමේ ඉංජිනේරුවෝ දෙදෙනෙකු ප්‍රකාශ කරති. වායු /ගැසොලින් එංජිම් (gasoline engine) සහ ද්‍රාව තාක්ෂණය (hydraulics) මේ සඳහා යොදා ගැනේ. නව සංකල්ප අත්හදා බැලීම සඳහා 2010 වසරේදී දෙමුහුන් වායු වැඩසටහනක් (Hybrid Air Program) ක්‍රියාත්මක කරන ලදී. එහිදී වාණිජ අහස් යාත්‍රාවක ද්‍රාවක පද්ධතියට මෝටර් රථ එංජිමක්  සම්බන්ධ කර තිබේ. සාර්ථක විය නොහැකි බවට බොහෝදෙනා විශ්වාස කරන ව්‍යාපෘතියක් ඉදිරියට ගෙන යෑම අපේ උත්සහය යැයි ඉංජිනේරු කරීම් මොකඩම් පවසයි.

මොකඩම් හා ඇනිඩ්‍රිව්යාස් විසින් නිර්මාණය කළ දෙමුහුන් සුළං(සාමාන්‍ය වායු)  බල දුම්රියෙහි (Hybrid Air Powertrain) ද්‍රාවක පොම්ප සහ පිස්ටන් (piston) භාවිතා කර ටැංකියක් තුළ හයිඩ්‍රජන් වායුව සම්පීඩනය සිදුවේ. මෙය අධිපීඩන මාවායකය/ඇකියුමිලේටරය (accumulator) නම් වේ. ඇක්සලේටරය (Accelerator/ත්වරකය) පැඟීමෙන් පීඩිත වායු මුදා හැරේ. එම වායුව නිසා ද්‍රාවක ද්‍රව පොම්පය තුල ආපසු ගමන් කරයි. මේ නිසා පොම්පය මෝටරයක් ලෙස ක්‍රියා කර රෝද සඳහා බලය ලබාදේ. ද්‍රාවක ද්‍රව අවසානයේදී දෙවන ටැංකියේ තැන්පත් වේ.
සාමාන්‍ය ධාවනයේදී පද්ධතියට සුළං සහ වායු (Air & Gas) බල වලට මාරුවීම සිදුවේ.දෙමුහුන් විදුලි බල වාහන මෙන් වායු එංජිම (gasoline engine) අධිවේගී මාර්ග වලදී,ඳු වලදී  අමතර බලය සපයයි. ප්‍රතිජීවන තිරිංග පද්ධතිය ක්‍රියාත්මක නොවුනහොත්, එය හයිඩ්‍රජන් ටැංකිය ප්‍රතිපීඩනය කරයි. පැයට සැතපුම් 43 ක වේගයෙන් ධාවනය වන විට මුළු ධාවනයෙන් 60% - 80% ක් අතර ප්‍රමාණයක් සුළඟ(සාමාන්‍ය වායු)  මඟින් ධාවනය වන බව ඉංජිනේරුවරු පවසති.
වායු-විදුලි එංජිම් (gasoline-electric engine) සමඟ සංසන්නයේදී  දෙමුහුන් සුළං(සාමාන්‍ය වායු)  බල දුම්රිය සැහැල්ලු සහ ලාභදායී වේ. ඒවාගේම  එහි විශාල බැටරි නොමැති බැවින්විශාල ඉඩ ප්‍රමාණයක් මගීන් හා භාණ්ඩ සඳහා ඉතිරි වේ. පද්ධතිය නිර්මාණය කර ඇත්තේ වාහනයේ ජීව කාලය තුළදීම නඩත්තුවකින් තොරව ක්‍රියාත්මක වීමටය. සුළං (සාමාන්‍ය වායු)   ප්‍රතිආරෝපය කිරීම පමණක් සිදු කිරීම සමහර විට අවශ්‍යවනු ඇත.
යාස් සහ මොකඩම්ගේ සැලසුම් සාර්ථක බැවින් PSA Peugeot Citroen සමාගම සුළඟ(සාමාන්‍ය වායු) මගින් ධාවනය වන වාහන නිෂ්පාදනය කිරීමට තීරණය කර තිබේ. දෙමුහුන් සාමාන්‍ය වායු  බල දුම්රිය වසර 2015 දී යුරෝපීය හා ජාත්‍යන්තර වෙළඳපොළට ඉදිරිපත් කරන බව සමාගම පවසයි. මිල මෙතෙක් නියම කර නැතත් සුළං (සාමාන්‍ය වායු)  මෝටර් රථ මිල සාමාන්‍ය මෝටර් රථ මිල ගණන් වලට සමාන වනු ඇතැයි සඳහන්වේ.

උපුටාගැනීම:
Source-University of Illinois   
The Car That Runs On Air      http://www.popsci.com/article/cars/car-runs-air

March 25, 2014

බිම්මල් සොසේජස් නිෂ්පාදනය

අවශ්‍ය  ද්‍රව්‍ය:
බිම්මල් කි. ග්‍රෑම් 2 ,  සිට්රික් අම්ලය  ග්‍රෑම් 08,   
කෝන් පිටි ග්‍රෑම් 70,  රතු  ලුණු       ග්‍රෑම් 100,
මිරිස් කුඩු   ග්‍රෑම් 50,  ගම්මිරිස් කුඩු  ග්‍රෑම් 50,
ලූණු    ග්‍රෑම් 100,    සුදු ලූණු      ග්‍රෑම්  30,
අමු ඉගුරු ග්‍රෑම්  5,   එනසාල්      ග්‍රෑම්  1,
කරාඹු නැටි ග්‍රෑම් 1, කුරුදු          ග්‍රෑම්  1,
සාදන ක්‍රමය

සෝදා පිරිසිදු කර ගන්නා ලද බිම්මල් කුඩාවට කඩා  2%  ක  සිට්රික් අම්ල ද්‍රවණයක ගිල්වන්න. පසුව එම බිම්මල් නටන ජලයේ වි 1 - 2 ගිල්වා  ගන්න. ඉන්පසු එම බිම්මල් කෝන් පිටි, ලූණු, සිට්රික් අම්ලය හා කුලු බඩු මිශ්‍රණය සමග හොදින් අඔරා ගන්න. (blend).  ඉන්පසු  එම මිශ්‍රණය අතින් හෝ පුරවන යන්ත්‍රයක් මගින්  “ කේසීන් ” වලට පුරවා ගන්න. ඉන්පසු එය හුමාලයේ  පැ : 01 පමණ තම්බා ගන්න.  නිවුනාට පසු ඇසුරුම් කර ශීතකරණයේ තබන්න.

විදාතා මධ්‍යස්ථානය    අරණායක

අභ්‍යවකාශ උත්තෝලක (elevator)

අනාගත අභ්‍යවකාශ උත්තෝලක (elevator) තාක්ෂණ ප්‍රගතිය සඳහා NASA  ආයතනය මඟින් තරඟ සංවිධානය කරයි. පසුගිය තරඟයදී ඉදිරිපත් කර තිබු ලේසර් බලයෙන් ස්වයංක්‍රිය කඳු නඟින රොබෝ නිර්මාණ රුපියල් බිලියනක ත්‍යාගයක්  දිනා ග‍ෙ තිබේ.
අභ්‍යවකාශ උත්තෝලක ඉදිකිරිමේදී එහි කේබලයේ (cable/රැහැන්) අන්තයක් පෘථිවි සමකය ආසන්නයෙත් අනෙක් කෙළවර කිලෝමීටර දහස් ගණනක් ඉහ අභ්‍යවකාශයේත් ස්ථාපිත කළ යුතුය. පෘථිවි භ්‍රමණය මඟින්  ඇතිවන කේන්ද්‍රාභිසාරි බලය නිසා කේබලය ඇදි පවති. එම කේබලය මතින් ඉහළට නඟින රොබෝට පෘථිවි කක්ෂයට අවශ්‍ය ද්‍රව්‍ය මුදා හැරීමට හැකිවේ.
අභ්‍යවකාශ උත්තෝලකයක් ඉදිකිරීමට රුපියල් ට්‍රිලියන ගණනක විශාල ආයෝජනයක් කළ යුතුය. එහෙත් එවැන්නක් ඉදිකිරීමෙන් පසු අභ්‍යවකාශ සඳහා ගමන් කිරීම පහසුවේ. එවිට අභ්‍යවකාශ ගතවීමට වර්තමානයේදී මෙන් රොකට් අවශ්‍ය නොවේ. වැයවන මුදල්ද ඉතිරිවේ. එහෙත් ඒ සඳහා විශාල තාක්ෂණ බාධක ජයගත යුතුය. තාක්ෂණ බාධක ජයගැනීමට නිර්මාණකරුවන් උනන්දු කරවීම සඳහා මෙවැනි තරඟ සංවිධානය කරයි.
නව සොයාගැනීම් නිසා කේබල්වල ශක්තිය ගැටළුවක් නොවුනද ඉහත පරිදි කේබල් දිගේ ඉහට නඟින රොබෝට අවශ්‍ය බල ශක්තිය ලබා දීම එක් ප්‍රධාන ගැටළුවකි. බලය රඳවා ගැනීමේ අභියෝගය (Power bearing Challenge) නම් NASA  ආයතනය මඟින් රුපියල් බිලියන 2 ක ත්‍යාග මුදලක් ලබාදෙන තරඟයක් මේ සඳහා ක්‍රියාත්මක වේ. ජයග්‍රාහි රොබෝව රැහැන් විරහිත බලශක්තිය ලබාගෙන කේබලයක් දිගේ හැකි තරම් වේගයෙන් අභ්‍යවකාශය තෙක් ගමන් කළ යුතුය.ලේසර් බලයෙන්  ක්‍රියාත්මක කරවු රොබෝව එම ඉලක්කය ජයගැනීමේ ක්‍රියාවලියේ එක් පියවරක් ඉදිරියට තැබු බව Spaceward foundation (අභ්‍යවකාශගත පදනම) නම් ලාභ නොලබන ආයතනයේ තරඟ සංවිධායකයෙක් පවසා ඇත. 2005 වසරේ සිට පැවැත්වෙන මෙම තරඟයෙන් ප්‍රථම වතාවට ලේසර් රොබෝ ත්‍යාග මුදලෙන් කොටසක් 2010 වසරේදී ජයග්‍රහණය කළ බව ආයතනයේ ස්වේච්ඡා සේවක ටෙඩ් සීමන් සඳහන් කර තිබේ. මෙම තාක්ෂණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිබව පෙන්වීමට ඔවුන් බොහෝ කාර්ය කර තිබෙන බව New scientist  සඟරාවේ පළවිය.
වොල්ටන්හි  Laser Motive (ලේසර් මෝටිව් ) ආයතනය විසින් මෙම ජයග්‍රාහි රොබෝ නිර්මාණය  කර තිබේ. අනෙක් තරකරුවන් මෙන්ම ලේසර් රොබෝද පෘථිවියේ සිට අධෝරක්ත කිරණ මඟින් ලබාදෙන ශක්තිය තම සුර්යකෝෂ භාවිතා කර  ගබඩා කර ගන්නා ලදි. රොබෝ මීටර 900 (අඩි 2950 ක් පමණ) ඉහට නඟින ලද අතර ඒ සඳහා විනාඩි 4 ක කාලයක් ගත කළේය. එනම් නැඟිමේ වේගය තත්පරයට මීටර 3.9 ක් විය. මේනිසා තත්පරයට මීටර   2 කට වැඩි වේගයෙන් නැඟීමට හැකිනම් රුපියල් බිලියනයක් ලබාදෙන බවට NASA  ආයතනයේ කොන්දේසියට අනුව ලේසර් මෝටිව් ආයතනය එම සම්පූර්ණ ත්‍යාගයම ජයග්‍රහණය කර ඇත.
ඉතිරි ත්‍යාග මුදල වන රුපියල් බිලියන 11/2 ක පමණ ත්‍යාග මුදල දිනාගැනීමට තත්පරයට මීටර 5 ක වේගයකින් අභ්‍යවකාශය දක්වා නැඟීම කළ යුතුය. එහෙත් එසේ කිරීමට මෙතෙක් කිසිවකු සමත් නොවු බැවින් එම ත්‍යාග මුදල එසේම පවතියි.

උපුටා ගැනිම :-   
Space elevator wins & 90,000 NASA prize -D. shiga , New scientist  

March 24, 2014

මී පැණි

මී පැණි ස්වභාවධර්මයෙන් ලැබුනු  දායාදයකි. මී පැණි විශ්වයේ ඇති නරක් නොවන එකම ආහාරයයි.
මී පැණි වලට ස්ඵටික ලෙස පැවතීමේ හැකියාව නොමැත.
 ආදි කාලයේදී ඊජිප්තු ජාතිකයන් විස්වාශ කලේ මී පැණි භාවිතයෙන් ආයුෂ වැඩි වන බවයි.
මී පැණි පැණි ස්වභාවික ඇන්ටිඔක්සිජන් කාරකයකි.
මී පැණි වල 80% ක සීනි ප්‍රතිශතයක් ඇත.
මී පැණිවල සංයුතිය
Fructose -38.2%    Glucose-31.3%    Maltose-7.1%   Sucrose-1.3%    Water-17.2%  Higher suger-1.5% Ash-0.2%     Other-3.2%
තවද යකඩ කැල්සියම් පොස්පරස් මැන්ගනීස් සහ ඇමයිනෝ අම්ල අඩංගු වේ.
විටමින් බී සහ සී ද අඩංගු වේ.
මී පැණි වල ගුණ
මී පැණි මගින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි. මී පැණි රැධිරයේ සුදු රැධිරාණු ශක්තිමත් කරයි.ඇන්ටිඔක්සිජන් අඩංගු බැවින් බැක්ටීරියා සහ දිලීර ආසාදන වලට එරෙහිව ක්‍රියා කරයි.ව්‍යාජනක ක්ෂුද්‍රජීවීන්ට එරෙහිව ක්‍රියාකරයි.උදා E. coli, Staphylococcus aureus and Pseudomonas aeruginos
වැනි  biofilms සාදන විශේෂ  මෙම ක්‍රියාවලිය පහසුකිරීමට මී පැණි වල ඇති සර්වසාධාරන ගතිලක්ෂණ හේතුකාරක වේ.
එනම් හයිට්‍රජන් පෙරොක්සයිඩ් අඩංගු වීම
ආම්ලිකතාවය
අධික සීනි සාන්ද්‍රනය
බාහිර ආස්‍රතිය මගින් බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව
phenolic acids, caffeic acid, p-coumaric acid and ellagic acid අඩංගුවීම.
ව්‍යාජනක ක්ෂුද්‍රජීවීන්ට එරෙහිව ක්‍රියාකරන ප්‍රොටීනයක්මී පැණි වල ඇති බව නවතම පර්යේෂණ වලින්  සොයා ගෙන ඇත.
පිලිකා සහ හදවත් රෝග පාලනයට මී පැණි වැදගත් වේ.
මී පැණි සහ කුරැදු  මිශ්‍ර කර ආහාරයට ගැනීම රැධිර කොලෙස්ටරෝල් සහ රැධිර පීඩනය පාලනයට වැදගත්ය.
මී පැණි සමට ඉතා වැදගත්ය.uv කිරණ වලින් සම ආරක්ෂා කරයි.සමට ලාබාල පෙනුමක් ලබා දෙයි.
මී පැණි සහ කිරි මුහුණ පිරිසිදුකාරකයක් ලෙස ක්‍රියා කරයි.
මී පැණිවල විටමින් සහ ඇන්ටිඔක්සිජන් අඩංගු වීම නිසා සම මතු පිට තුවාල සහ පිලිස්සුම් සුව කිරීමට වැදගත් වේ.
මී පැණි සහ කුරැදු  මිශ්‍ර කර ආහාරයට ගැනීම කැස්ස උණ වැනි රෝග පාලනයට වැදගත් වේ.
තවද මීපැ ණි මගින් දත් කැක්කුම, ඇසීමේ දුර්වලතා ,හුස්ම ගැනිමේ දුර්වලතා වැලැක්වීමට හේතු වේ.
මී පැණිඅමාශික බැක්ටීරියා රෝග සහ වාත රෝග වැලැක්වීමට හේතු වේ.
මී පැණි සහ කුරැදු  මිශ්‍ර කර ආහාරයට ගැනීම ආතරයිටීස්  රෝගය සහ මුත්‍ර ආසාදන පාලනයට හේතු වේ.


උපුටා ගැනීම-. American Chemical Society (ACS). "Honey offers new approach to fighting antibiotic resistance." ScienceDaily. ScienceDaily, 16 March 2014. <www.sciencedaily.com/releases/2014/03/140316132801.htm>.

පිරිමැසුම්දායි බලශක්තිය හරහා අප කරා එන නිහඬ මාරයා



වර්තමානය වන විට මුළු ලෝකයම සමස්ථයක් ලෙස බලශක්තිය පිළිබඳ අර්බුදයක පෙරනිමිති දකිමින් සිටින අතරම ඊට මුහුණදීම සඳහා ‍‍‍‍‍ෙලාවපුරා රටවල් ‍‍ෙලස තනි තනිවමත් කළාප ‍හෝ සමූහ ‍ලෙසත් විවිධ විකල්පයන් සහ අත්හදා බැලීම් ආදිය සිදු කරමින් සිටී.

එහිදී ‍මේ සම්බන්ධව දැනට ඇතිවී ඇති කථිකාව තුළින් ‍‍‍අංශ තුනක් ‍කෙ‍රෙහි අවධානය ‍යොමු වී ඇති අතර,

1.     නව බලශක්ති ප්‍රභව සහ මූලාශ්‍ර ‍සොයා ගැනීම.
2.     පුණර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතය ප්‍රචලිත කිරීම.
3.     පවතින බලශක්ති ප්‍රභව පිරිමැසුම්දායි ‍ලෙස සකසුරුවමින් භාවිතයට ‍යොමු වීම.

මින් තුන්වන අංශයට අදාළව ‍‍ගෙවතු, නිවාස, වීදි, කම්හල් ආදී ආයතන වල ආ‍ලෝකය ලබා ගැනීමට ප්‍රධාන වශ‍යෙන් භාවිතාවන විදුලි පහන් සඳහා පිරිමැසුම්දායි පහන් ලෙස වර්තමානයේදී  CFL  බල්බ විශාල වශයෙන් භාවිතා කරයි.
            මෙම CFL බල්බවල ක්ෂමතාවය, තෝමස් අල්වා එඩිසන් මහතා විසින් සොයා ගන්නා ලදුව අද දක්වා නවීකරණය වෙමින් පැමිණ ඇති සාමාන්‍ය සූතික්‍රිකා බල්බයක මෙන් පස් ගුණයක තරම් ඉහළ අගයක පවතින අතරම ආයු කාලයද සූත්‍රිකා බල්බයකට සාපේක්ෂව ඉතා ඉහළ අගයක පවතී. එනිසා ක්ෂමතාවය 100W වන සාමාන්‍ය සුත්‍රිකා බල්බ 05ක් යොදාගෙන ආලෝකමත් කරණ ස්ථානයක් ආලෝකමත් කිරීමට CFL බල්බ 05ක් යොදා ගතහොතවැයවන විදුලි ප්‍රමාණය ආසන්න වශයෙන් එක් සූත්‍රිකා බල්බයකට වැයවන ප්‍රමාණයට සමාන වේ.
ඉහතින් දක්වන ලද සාධනීය අංගයන් කෙරෙහි අවධානය යොමු කරමින් ලොවපුරා ජනතාව විශාල වශයෙන් මෙම බල්බ භාවිතයට පෙළඹෙමින් සිටින අතරම එම හේතුවෙන් දිනපතා භාවිතයෙන් ඉවත්කරණ CFL බල්බ ප්‍රමාණයද ඉහළ අගයක පවතී. මෙලෙස සමස්ථ ලෝකය පුරාම භාවිතයෙන් ඉවත් කරණ අබලි CFL බල්බ ප්‍රමාණය වර්ෂයකට දළ වශයෙන් මිලියන 900 ක් එනම් ලක්ෂ 9000 ක් පමණ වෙයි. තවද මෙලෙස ඉවත්කරණ සියළුම CFL බල්බ ඉතාමත් අක්‍රමවත් ලෙස අවිධිමත්ව පරිසරයට ඉවත් කිරීම නිරන්තරයෙන් සිදු වන්නකි.
නමුත් මෙහි ඇති බැරෑරුම් කරුණ නම් වෙළඳ පොළ ඉලක්ක කරගත් ආර්ථික රටාවක් පවතින සමාජයක මෙම CFL බල්බවල පවතින සාධනීය ලක්ෂණ පමණක් උලුප්පා දක්වමින් සිදු කරණ ප්‍රචාරණ ජාලය හේතුවෙන් සාමාන්‍ය ජනතාව තුල CFL බල්බ හෝ ඒවා නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍යය ගැන හෝ එම අමුද්‍රව්‍යය මඟින් සමස්ථ පරිසරයට ඇතිකරණ බලපෑම ගැන හෝ  පවතින දැණුම ඉතා අල්ප මට්ටමක පැවතීමයි.
සාමාන්‍ය CFL බල්බයක් ගත්විට එය නිර්මාණ‍ෙය්දී සංවෘත නළයක් තුල දෙකෙලවර අග්‍ර අතර අධි විභවයක් ඇති කිරීම තුලින් අයනීකරණය වන ඉලෙක්ට්‍රෝන ධාරාවක් මගින් නිකුත් කරණ ශක්තිය ප්‍රතිදීපනය සඳහා එම නළයේ අභ්‍යන්තර පෘෂ්ඨයේ විවිධ බැර ලෝහවල සංයෝග ආලේප කිරීම සිදු කරයි. මෙම බැර ලෝහ අතරින් සුදු ආලෝකය ලබා ගැනීම සඳහා රසදිය (Hg) යොදා ගන්නා අතර දැනට වැඩිපුර බාවිතයට ගන්නේද මෙම සුදු ආලෝකය නිකුත් කරණ CFL බල්බය. මෙම සාමාන්‍ය සුදු ආලෝකය නිකුත් කරන CFL බල්බයක රසදිය මිලිග්‍රෑම් පහක් (5mg)ක් පමණ අඩංගු වෙයි. තත්වය එසේඋවද ජනතාවගේ පවතින දැණූම ඌණතාවය නිසා හෝ නොසැලකිළිමත්කම නිසා හෝ මෙලෙස පරිසරයට එකතු කරන CFL බල්බ හේතුවෙන් සෘජුලෙසම පරිසරයට එසේ නැත්නම් ජලමුලාශ්‍ර වලට බැරලෝහ(රසදිය) එකතුවීම පසුගිය දශකය දෙකක සිට අඛන්ඩව සුදු ‍වේ. රසදිය විවෘත පරිසරයට නැත්නම් ජල මූලාශ්‍ර වලට එකතු වූ කල පාරිසරික සංඝටක සමඟ ක්‍රියාත්මක වී  මෙතිල් මර්කරි නම් සං‍යෝගය සෑ‍දේ. මෙතිල් මර්කරි යනු ස්වාභාවිකව වියෝජනය වීමට ඉතා දිගු කාලයක් ගතවන ජීවීන්ට උග්‍ර විෂ සහිත රසායනික සංයෝගයක් වන අතර මේවා ස්වාභාවිකවම ආහාර දාම සහ ජාල ඔස්සේ සාන්ද්‍රගතවීම  නිසා එම ආහාර දාම හා ජාලවල ඉහළ පුරුක්වල සිටින මිනිසාද ඇතුළු අනෙකුත් ජීවීන්ට බලපෑම් ඇති කරයි.
සාමාන්‍ය‍ෙයන් මෙම බල්බයක් භාවිතයෙන් ඉවත් කිරීම නිසා හෝ භෞතික ක්‍රියාකාරිත්වයක් නිසා පිපිරීයාමක් නිසා ජල මූලාශ්‍රයකට එකතු වූවහොත් එමඟින් ජලය ලීටර 24000 ක් පමණ දූෂණයට ලක්වීමත් සිදුවිය හැකිය. එසේම ඇමරිකානු පාරිසරික ඒජන්සියේ(EPA STANDERDS) සම්මතයන්ට අනුව යම් සංවෘත කුටීරයක් තුල(කාමරයක් වැනි) CFL බල්බයක් පළුදුවීම නිසා මිනිසා ඇතුළු ජීවීන්ට ඇතිකරණ බලපෑම එහි සීමාකාරී රසදිය සාන්ද්‍රණ මට්ටම මෙන් 300 ගුනයකින් ඉහළ බව පෙන්වා දී ඇත.
විවිධ වූ මෙම බැරලෝහමය සංයෝග හේතුවෙන් සෘජුවම වැඩුණු පුද්ගලයින් ගේ මොළයට හා ස්නායු පද්ධතියට බලපෑම් ඇතිකල හැකි අතරම, ගර්භණී මව්වරුන් ඔස්සේ වැඩෙන කළල වලට යම් යම් තීරණාත්මක බලපෑම් හා සංකූලතා ඇති කිරීමට හැකියාව ඇති බවද පැවසේ. මේවායේ බලපෑම කොතෙක්දයත්, වඩාත් දියුණූ යැයි සැළකෙන ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් වසරක් පාසා මෙතිල් මර්කරි හේතුවෙන්ම සංකූළතා සහිතව මෙලොව එළිය දකින දරුවන් සංඛ්‍යාව 60000 ක් වන බව EPA වාර්තා පෙන්වා දෙයි.
ඉහත කරුණූ ගැන අවධානය යොමු කරද්දී CFL බල්බයක් අක්‍රිය වූ මොහොතක එය ඉවත් කිරීම හෝ යම් සිදුවීමක් මත CFL බල්බයක් පළුදුවීමකට ලක්වීම එය ඉවත් කිරීමකට හෝ අවශ්‍ය උවහොත් වෙනදා මෙන් එය සිදු නොකලයුතු බව ඔබට හැඟී යනවා ඇත. එනිසා මෙම ලිපිය කියවන ඔබට මින් ඉදිරියට එවන් අවස්ථාවකට මුහුණදීමට සිදුවුවහොත් පහත පියවරයන් අනුගමනය කලහොත් එම ක්‍රියාව ඔබ, ඔබට මෙන්ම මතු පරපුර වෙනුවෙන් කරණා සත් කාරක ක්‍රියාවක් බව කිව හැකිය.
එනම්,
1.  යම් අවස්ථාවක කල් ඉකුත්වීම නිසා හෝ නිෂ්පාදක දෝෂයක් නිසා හෝ  වෙනයම් හේතුවක් මත ඔබ විසින් CFL බල්බයක් ඉවත් කිරීමට අදහස් කළහොත් එය පළුදු නොවන ලෙස සැහැල්ලුකරණ ද්‍රව්‍යකින්(රෙජිෆෝම් වැනි) පරිවරණය කර ගණ පොලිතීන් උරයක බහා සීල් කර පාරිසරික හිතකාමී ලෙස කසළ බැහැර කරණ ස්ථානයකට බාර දෙන්න.
2.    යම් අවස්ථාවක කිසියම් හේතුවක් මත CFL බල්බයක් පළුදුවීමකට බඳුන්වුවහොත් එය ආසන්නයෙන් ගැබිණි මවුවරුන්, ළදරුවන් සහ අබාධිත පුද්ගලයින් හැකි ඉක්මණින් රසදිය වාෂ්ප  ආග්‍රහණය නොවන සේ ඉවත්කර සියළුම විවෘත කළ හැකි දොර ජනෙල් ආවරණ විවෘතකර හොඳින් වාතනය වීමට ඉඩ හරින්න. විදුලි පංකා සහ වායු සමීකරණ යන්ත්‍ර අක්‍රිය කරන්න. එම සිදුවීම ආසන්නයේ ඇති ඇතිරිලි, රෙදි ආදී අප භාවිතයට ගන්නා රෙදි නැවත භාවිතයට නොගත යුතුය. අත් වැසුම් සහ මුඛවාඩමක් පැලඳ පළුදු වූ බල්බයේ කැබලි ප්‍ර‍ෙව්ශමෙන් එකතුකර ඉහත පළමු පියවර අනුගමනය කරන්න.
            කෙ‍සේ ‍හෝ දැනුවත්වීම් සමඟ ‍මෙවැනි උපකරණ භාවිතයට ‍පෙළඹීම තුලින් නිහඬව සිදුවන මහා විපතක් වලක්වා ගැනීමටත් අප‍‍ගේ අරමුණවන බලශක්ති සංරක්ෂණයත් සාර්ථකව සිදුකර ගත හැකිය.
නමුත් සංඛ්‍යාලේඛණ ‍තොරතුරු වලට අනුව ගත්කල ‍ලෝක‍යේ මානව බලශක්ති පාරි‍‍භෝජන රටාව තුල ආ‍ලෝකය ලබා ගැනීම සඳහා වැය කරණූ‍යේ සමස්ථ බලශක්ති‍යෙන් 5% ක ප්‍රමාණයකි. ඒ අනුව ගත් කල ‍මෙම CFL බල්බ බාවිත‍යෙන් සිදු කිරීමට අ‍පේක්ෂිත බලශක්ති සංරක්ෂණය ‍කො‍තෙක්දුරට සා‍පේක්ෂ වශ‍යෙන් බලපෑමක් අති කරන්නේද යන්න ප්‍රශ්ණාර්ථයකි.