March 7, 2014

ඉබේ ඇලවෙන බහු අවයව.

ඇදෙන සුළු, ඉබේ ප්‍රතිසංස්කරණය වන (උපශමය) සායම් සහ ආලේපන පොදු භාවිතය සඳහා ආසන්න වී තිබේ. කැඩී වෙන් වු පසුවද ඉබේ ඇලවෙන බහු අවයව නිෂ්පාදනය පෙර සඳහන් නිර්මාණයන් කළ ඉල්නොයිස් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින්ගේ නව නිර්මාණයකි. සම්පූර්ණයෙන් කැඩි වෙන් වුවද කිසිදු බාහිර ගම් වර්ගයක් හෝ රසායණිකයක් ආලේප නොකර මෙම බහු අවයවයට ඉබේ බන්ධනය(ඇලීම/හාවීම)  විය හැකිය. බන්ධනයෙන් පසු ශක්තියේ කිසිදු අඩුවක් සිදු නොවේ.
බහු අවයව නිෂ්පාදිත ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ලාභදායි, පොදුවේ ලබාගත හැකි සංයූතීන්ගේ මිශ්‍රණයකි. එහි ඇදෙන සුළු කෘතිම රෙසිනයක (polyurea elastomeric /පොලියුරී ඉලෙස්ටෝවර්) ගති ලක්ෂණ අඩංගුය. ප්ලාස්ටික් සහ තීන්ත වැනි විවිධ නිෂ්පාදන වල polyurea සාමා්‍යයන් දක්නට ලැබේ. අණුවල ව්‍යුහ නිසා ඒවා අතර බන්ධනය දීර්ඝ කරන බව පර්යේෂකයෝ වාර්තා කරති. ඒනිසා අණු එකිනෙකන් වෙන් කිරීම පහසුවේ. එලෙසම ඒවා නැවත බැඳීම ඉතා පහසුවෙන් සිදුවේ.
                          
යනමික් පොලියූරී (Dynamic polyurea) නැමති ද්‍රව්‍යයේ ආදර්ශක කපා වෙන් කර නැවත කොටස් එකිනෙකා හා ස්පර්ශ වන ලෙස තැබූ විට ඒවා නැවත බන්ධනය (ඇලීම/හාවීම) සිදු වේ. කාමර උෂ්ත්වයේදී ක්‍රියාවලිය වේගවත් වේ. නැවත බන්ධනයෙන්(ඇලීම/හාවීම) පසුවද ඒවායේ ශක්තිය පෙරසේම පවතී.මෙලෙස බන්ධනය කළ හැකි ස්වයං ප්‍රතිසංස්කරණය (උපශමය) වන වෙනත් ක්‍රම ඇතත් ඒවායේදී බොහෝවිට ගම් වර්ග, රසායනික ආලේපන, පෙති වර්ග භාවිතා වේ. එහෙත් ඒවා කැපුණු හෝ ඉරි තැළුණු අවස්ථා සඳහා පමණි. තවද බන්ධනය (ඇලීම/හාවීම)  ප්‍රතිකාර ඇතිතාක් පමණක් පවතී. එහෙත් නව ක්‍රමය Dynamic polyurea අණුවල ව්‍යුහ මත ගොඩනැගී ඇති බැවින් ස්ථිරව බන්ධනය වේ. නැවත නැවත කැඩී වෙන් වීම් වලදී පවා නැවත නැවත බන්ධනය වේ.

උපුටා ගැනීම :-
Scientists create an inexpensive Self healing polymer By Ben Coxworth

0 comments:

Post a Comment