March 7, 2014

ජාන මගින් රෝග සුව කිරීමේ විවිධ ක්‍රම

රෝගි බවට පත්කරන හෝ යම් දිනක රෝගී බවට පත් කළ හැකි  ප්‍රවේණි ජාන බොහෝ මිනිසුන් තුල තිබේ. මෙවැනි කරදරකාරි ජාන  මනවයාගේ  කොටසක් ලෙස සැළකේ. කෙසේ  වෙතත් වෛද්‍යවරුන්ට මෙවැනි ජාන නිවරුදි කිරීමට අනාගතයේදී  හැකිවනු ඇත . දෝෂ සහිත ජාන වෙනුවට රෝගියාට ක්‍රියාකාරි ජාන ලබා දීම සහ දෝෂ සහිත ජාන අළුත්වැඩියා කිරීම යනාදිය මෙවැනි ක්‍රියාවන් ලෙස දැක්විය හැකිය. ජාන ඉංජිනේරු විද්‍යාවේ විවිධාකාර සංවර්ධනයන් මෑතකදී ප්‍රසිද්ධියට පත් කළ Economist සඟරාවේ සඳහන් කර තිබේ.
ප්‍රවේණි රෝග සඳහා හේතු වන දෝෂ සහිත ජාන වෙනුවට එම ජානයේම දෝෂ රහිත ජාන ලබාදිම ජාන ප්‍රතිකාර ක්‍රමයේ සාමාන්‍ය අරමුණයි. එහෙත් මුල් කාලයේ ජාන ප්‍රතිකාර පර්යේෂණ සාර්ථක ප්‍රතිඵල ලබා දි නැත. වැනි ප්‍රතිකාර සඳහා මිනිසුන්ගේ ශරීර මරණිය ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් දැක්වීම එයට හේතුවයි. එසේවුවද මෑතකදී ජාන ප්‍රතාකාර වල සතුටුදායක මුලික ප්‍රතිචාර ලැබී තිබේ. අන්ධතාවය සඳහා හේතුවන ප්‍රවේණි රෝග දෙකක් වන Choroiheremia සහ Lebers congenital amaurosis (කොරොයිහමියා සහ සහජ ලේබ ඇමොරොසියාව) සඳහා කළ ප්‍රතිකාර වලදී මෙය ප්‍රදර්ශණය විය.
පිළිකා සඳහා දෝෂ සහිත ජාන වෙනුවට ක්‍රියාකාරි ජාන ලබා දීම ජාන ප්‍රතිකාර ක්‍රමයකි. එහෙත් එම ක්‍රමය මගින් රෝගියාගේ ප්‍රතිශක්ති සෛල විශේෂිත ජාන සමඟ මිශ්‍ර කරනු ලැබේ. විශේෂිත ජාන, ප්‍රතිශක්ති සෛලවලට වායුගෙඩි  (tumor) ඉලක්ක කර ගැනීමට උපකාර කරයි.
ලියුකේමියා/ශ්වේතරක්තය (leukemia) සහ ලිම්ෆෝමාව (lymphomas) වැනි රෝග සඳහා  ජාන ප්‍රතිකාර ක්‍රම නිව්යෝක්හි, MSK  පිළිකා මධ්‍යස්ථානයේ මයිකල් සඩලේන් විසින් ක්‍රියාත්මක කරයි.  තවද චීනයේ නන්ජිං වෛද්‍ය විද්‍යාලයේ ෂාජියාහෝ ඇතුළු කණ්ඩායම විසින්  වඳුරන්ගේ DNA වෙනස් කිරීමට හැකි තාක්ෂණයක් සෙයාගෙන තිබේ. මිනිසුන්ගේ දෝෂ සහිත DNA  නිවැරිදි කිරීමට හැකියාව සලසන ප්‍රධාන  පියවරක් ලෙස එය සැලකේ.

උපුටා ගැනීම   -: 
There’s More than one way to cure diseases with genes by France  Diep – popular science http://www.popsci.com/article/science/theres-more-one-way-cure-diseases-genes

0 comments:

Post a Comment