March 1, 2014

ප්ලාස්ටික් බෑග් වලින් ඩීසල්

ප්ලාස්ටික් මලු (plastic bags) සීමා කිරීමට විවිධ තහනම් නියෝග සහ දඩ ක්‍රියාත්මක කළද ඒවා භාවිතය ප්‍රමාණවත් ලෙස අඩු වී නොමැත. කාණු, ජල මාර්ග සහ මුහුදු ප්ලාස්ටික් බෑග් වලින් පිරීයාම අඛණ්ඩව සිදුවේ.මෙම පරිසර හානියට විකල්පයක් ලෙස ඉවතලන ප්ලාස්ටික් බැග් විවිධ පෙට්‍රෝලියම් නිෂ්පාදන වලට පරිවර්තනය කිරීමට පර්යේෂකයන් සමත්වී තිබේ.
ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ කල් පවත්නා තාක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයෝ මේ සඳහා තාප විච්ඡේදනය (pyrolysis) නම් ක්‍රමයක් භාවිතා කරති. මෙහිදී ඔක්සිජන් නොමැති ගෘහයක් තුල ප්ලාස්ටික් බැග් උණු කරනු ලැබේ. පිරිපහදු නොකළ ඉන්ධන නිෂ්පාදනය සඳහා මෙම ක්‍රමය මින් පෙර වෙනත් පර්යේෂකයෝ  විසින් භාවිතා කර තිබේ. එහෙත් නව ක්‍රමය ඉදිරි පියවරක් ලෙස සැළකිය හැකිය.
                                            
නව ක්‍රමයෙන් පිරිපහදු නොකළ ඉන්ධන විවිධාකාර පෙට්‍රොලියම් නිෂ්පාදන සඳහා වර්ගිකරණය වේ. මෙමඟින් ස්වභාවික වායු, නැප්තා, ගැසලීන්, ඉටි සහ ස්නේහක තෙල් (ඉන්ජින් ඔයිල් , හයිඩ්‍රොලික් ඔයිල්) නිෂ්පාදනය කිරීමට පර්යේෂකයන්ට හැකි වේ. තවද ඔවුන්ට ඩීසල් නිෂ්පාදනයද කළ හැකි වී තිබේ. ඩීසල්වල දහන ශීලීත්වය මනින සෙටේන් අංකය මෙලෙස  නිෂ්පාදිත ඩීසල් වල ඉහළ අගයක් ගන්නා බව ISTC ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක විද්‍යාඥයෙක් වන බී.කේ.සර්මා පවසයි. සාමාන්‍ය පිරිපහදු නොකළ ඉන්ධනවලින් ඩීසල් 50% ක ප්‍රමාණයක් ලබාගත හැකි වුවත් නව තාක්ෂණයෙන් ලැබෙන ඩීසල් ප්‍රමාණය 80% ක් පමණ වන බවද වාර්තා වේ.

උපුටා ගැනීම :- 
Researches convert plastic bags in to a variety of petroleum  products by Darren quick http://www.gizmag.com/plastic-bag-recycling-diesel-fuel/30820/

0 comments:

Post a Comment