Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

January 21, 2018

ස්ථූලතාවය හා පිළිකා



Prabashwara 1.jpgස්ථූලතාවය හා පිළිකා
(Obesity and Cancer)

ශරීරයේ අතිරේකව මේදය තැන්පත් වී තිබීම ස්ථූලතාවය ලෙස සරළව හැඳින්විය හැකිය. මෙය නිර්ණය කිරීම සඳහා එක් පරිමාණයක් ලෙස BMI (Body Mass Iadex) යොදා ගනු ලැබේ. එහිදී ශරීරයේ බර කිලෝග්‍රෑම්වලින් (Kg) ද ශරීරයේ උස මීටර් (m) වලින් ද ගනු ලබන අතර ශරීරයේ බර, උසෙහි වර්ග සංඛ්‍යාවෙන් බෙදා BMI අගය සොයා ගනු ලැබේ.
BMI අගය 18.5 ට අඩු අගයක් ඇති විට අඩු බර (under weight) ලෙස සලකන අතර එය 18.5 ත් 24.9 ත් අතර පැවතීම සාමාන්‍ය (Normal) බර ලෙස සලකනු ලබයි. 25.0 ත් 29.9 ත් අතර ශරීරයේ බර පැවතීම වැඩි බර (Over weight) ලෙස සලකයි. අවධානම වැඩි වන්නේ ස්ථූලතාවය ඇති විටය. එහිදී 30.0 ත් 39.9 ත් අතර BMI අගය පැවතීම ස්ථූලතාවය ලෙස සලකයි. BMI අගය 40.0 හෝ ඊට වැඩි විට අධික ස්ථූලතාවය වේ.

ස්ථුලතාවය පිළිකා ආකාර දහතුනක් සඳහා බලපාන බව පර්යේෂණ මඟින් සොයා ගෙන ඇත. පියයුරු පිළිකා, වකුගඩු ආශ්‍රිත පිළිකා හා බඩවැල් ආශ්‍රිත පිළිකා ඒ සඳහා උදාහරණ කිහිපයකි. මේ ආශ්‍රිත පිළිකා සෑදුනු පුද්ගලයින්ගෙන් 25% කටම පිළිකා සෑදීමට ප්‍රධානතම සාධකය වී ඇත්තේ තරබාරුකමය. දුම් පානය හැරුනු කොට පිළිකා සඳහා හේතු වන ප්‍රධානතම සාධකයක් ලෙස ස්ථූලතාවය සඳහන් කල හැකිය. 
ශරීරයේ ඇති අධික මේදය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ (immune System) ක්‍රියාකාරිත්වයට බලපෑම් කරනු ලබයි. එය දීර්ඝකාලීනව පැවතීම හේතුවෙන් ශරීරයේ DNA හානි වීම සිදු විය හැකි අතර එමගින් පිළිකා සෑදීමේ අවධානම වැඩි වේ. මෙම නිසා පිත්තාශයේ, අක්මාවේ හා ආහාර මාර්ගයේ පිළිකා තත්ව ඇති වීමට හේතු විය හැකිය.
එමෙන්ම තරබාරු පුද්ගලයින්ගේ නිරන්තරයෙන්ම රුධිරයේ ඉන්සියුලීන් හා ZGF-1 සාධකවල මට්ටම් වැඩි විය හැකිය. මෙමගින් ඉන්සියුලීන් වැනි හෝමෝන හා වැනි IGF සාධක වැඩි වීම බඩවැල්, වකුගඩු, පුරස්ථි ග්‍රන්ථි, ගර්භාෂය ආශ්‍රිත පිළිකා ඇතිවීමට අතවැනීමක් වැනිය.
මෙමගින් සෛලවල adipokines හෝමෝන නිෂ්පාදනය කරන අතර ඒවා සෛල වර්ධනය වැලැක්වීම උත්තේජනය කරනු ලබයි. මෙමගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ද බලපාන අතර පිළිකා සෑදීමේ ප්‍රවනතාවය වැඩි කරයි.
තරබාරුකම අඩු කිරීම තුළින් පිළිකා අවධානම අඩු වන අතරම දියවැඩියාව හා හෘදයාබාධ සෑදීමේ අවධානම ද අඩුවනු ඇත. මේදය, පිෂ්ඨය  හා සීනි අඩු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් හා මනා ශරීර ක්‍රියාකාරිත්වයක් තුළින් තරබාරුකම පාලනය කර හැක. එමගින් නිරෝගී දිවියක උරුමය ළඟා කර ගත හැකිවේ.

January 16, 2018

බිම්මල උද්භිද විද්‍යාත්මකව හදුනාගනිමු.

ශාක වර්ගීකරණයට අනුව බිම්මල අයත් වනුයේ දිලීර Fungi හෙවත් Mycetea රාජධානියටය. උසස් ශාක වලට තම ආහාර නිෂ්පාදනය සදහා හරිතපද්‍ර පවතී. නමුත් මෙම Mycetea රාජධානියේ දිලීරවලට හරිතපද්‍ර නොමැති බැවින් ආහාර නිපදවා ගැනීමට නොහැක. ඒ නිසා ඔවුන් තම පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට වෙනත් අයෙකු මත ලැබේ. මෙසේ ජීවී අයෙකු මත යැපීම පරපෝෂීතාව ලෙසත් අජීවී උපස්තර මත යැපීම මෘතෝපජීවීතාව ලෙසත් හැදින්වේ. අප දන්නා දිලීර වලින් 99.9% ක්ම මෘතෝපජීවීවේ. ඔවුන් බොහෝවිට දිරායන සෙලියුලෝස් උපස්ථර වන ශාක‍ කදන්, පිදුරු හා ලී කුඩු මත ජීවත්වේ. 
දිලීර, තම වර්ගයා ප්‍රචාරණය කර ගැනීමට අනුගමනය කරන ප්‍රජනන ක්‍රියාවලිය අනුව වර්ග දෙකකට බෙදා දැක්විය හැකිය. වර්ගයා ප්‍රචාරණය සදහා ලිංගික ප්‍රජනන ක්‍රියාවලියෙන් බීජාණු සාදන දිලීර උසස් දිලීර ලෙසත් අලිංගික ප්‍රජනනය මගින් ප්‍රචාරණය කර ගන්නා දිලීර පහත් දිලීර ලෙසත් හදුන්වයි. බිම්මල් ලිංගික ප්‍රජනනය සිදු කරන උසස් දිලීර වලට අයත්වේ.
බිම්මල එසේත් නැතිනම් සාමාන්‍ය ව්‍යවහාරයේදී හත්ත ලෙස හදුන්වන ව්‍යුහය ලිංගික ප්‍රජනනය සිදු කරන උසස් දිලීර වල බීජ සාදන ව්‍යුහය එනම් ඵලාකරය$ බීජාණුකරය වේ. මෙසේ සලකන විට බිම්මලa යනු පියවි ඇසට පෙනෙන, අතින් නෙලාගත හැකි දිලීර වල ප්‍රජනක ව්‍යුහයන්ය.
මෙසේ Mycetea රාජධානියේ ඵලාකරය නැතිනම් බීජාණුකරය නම් ප්‍රජනක ව්‍යුහයන් නිපදවන දිලීර බැසිඩියෝමයිසිටීස් හා ඇස්කොමයිසිටීස් පංති Class වලට අයත්වේ. මේ අතරින් ආහාරයට ගන්නා දිලීර බොහොමයක් අයත් වනුයේ බැසිඩියෝමයිසිටීස් පංතියට Class හා ඇගරිකාලේස් වර්ගයට Order ය. මෙම ඝනයේ බිම්මල් මාංශල හා මාංශල නොවන ලෙස කොටස් දෙකකට බෙදිය හැකිය. මෙම මාංශල බිම්මල් අතුරින් අප ආහාරයට ගන්නේ සමහර දිලීර ඝනයන් Genus පමණි.

ඇමරිකන් ඔයිස්ටර් බිම්මල් වල වර්ගීකරණය
Domain           - Eukarya
Kingdom         - Mycetea (Fungi)
Phylum            - Basidiomycota         
Class                - Basidiomycetes / Agaricomycetes
Order               - Agaricales
Family             - Pleurotaceae
Genus              - Pleurotus
Species            - Pleurotus ostreatus

(ඔයිස්ටර් බිම්මල් වගාව කෘතිය ඇසුරෙනි)

ජේ.සී. රාමනායක,
විද්‍යා තාක්ෂණ නිලධාරි,

පස්ගොඩ.

January 15, 2018

අප සෞරග්‍රහ මණ්ඩලය ආසන්නයේ යෝධ ග්‍රහයෙකු සැගවී සිටියි!

අපගේ සෞරග්‍රහ මණ්ඩලය ආසන්නයේ යෝධ ග්‍රහලෝකයක් සැගවී සිටින බව සොයාගෙන තිබෙන බව කලකට පෙර වාර්තා විය. නාසා ආයතනය එය නිලවශයෙන් පිළිගැනීමත් සමග, කොන්ස්පයිරසි තිය්රිස්ට්ස් (Conspiracy theorist වචනාර්ථය කුමන්ත්‍රණ න්‍යායාචාර්ය) වරුන්  ෂැම්පේන් පානය කරමින් සතුට සැමරූ බව 2016 ජනවාරි මාසයේ පලවූ වාර්තාවල පළවී තිබේ.

1970 දශකයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකල සේකාරියා සිචින් මහතා, මැදපෙරදිගින් හමුවූ පාෂාණ පුවරුවක් කියවා තේරුම් ගැනීමට තමන් සමත්වූ බවත්, එහි නිබුරු ලෙස හඳුන්වන ග්‍රහයෙකු පිළිබඳව සඳහන් වී ඇති බව දන්වා සිටියේය. සෑම වසර 3600කට වරක් එම ග්‍රහලෝකය සුර්යා හා කක්ෂගත වෙන බවද ඔහු පවසා තිබේ. ඔහුගේ අනුගාමිකයින් විශ්වාස කරන්නේ එම ග්‍රහලෝකය පෘතුවිය හා ගැටීමට නියමිත බවයි. 2015 අවසානයේ හෝ 2016 අප්‍රේල් මාසයේදී නිබුරු පෘථිවිය පසු කරන බවට වීඩියෝවක්ද ප්‍රචලිත වූ බව EXPRESS පුවත්පත වාර්තා කර ඇත.

අප ආසන්නයේ නිබුරු හෝ ප්ලැනට් එක්ස් ලෙස හඳුන්වන කිසිම ග්‍රහයෙකු නොමැති බව නාසා ආයතනය මින් පෙර පවසා ඇති අතර  එය විකාර මතයක් බව පවසා දැඩිව ප්‍රතික්ෂේප කිරීමටද කටයුතු කර තිබේ. නමුත් සෑම වසර විසිදාහකට වරක් සුර්යා හා කක්ෂගතවෙන යෝධ ග්‍රහයෙකු අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයේ සැගවී සිටින බව කැලිෆෝනියා තාක්ෂණික විද්‍යාලයේ තාරකා විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන තිබේ.

9 වෙනි ග්‍රහයෙකු සිටින බව සනාත කිරීමට සමත් ප්‍රභල සාක්ෂි නාසා ආයතනය විසින් සිදුකරනු ලැබූ පර්යේෂණ වලදීද හමුවී තිබෙන බවට වාර්තා කර තිබු අතර 10 වැනි ග්‍රහයා ලෙස 2003UB313 නමින් ග්‍රහලෝකයක්ද නාසා ආයතනය හදුන්වා දී තිබේ. Planet 9 ලෙස විකල්ප නමකින් හදුන්වාදුන් 9 වැනි ග්‍රහලෝකය අප සෞරග්‍රහමණ්ඩලය කෙලවරේම අඳුරේ පවතින ඉතා මන්දගාමී සහ ලජ්ජාශීලී යෝධ ග්‍රහලෝකයක් බව නාසා ආයතනයේ ප්‍රකාශයක සදහන් වී තිබේ. ගුරුත්වාකර්ෂණ සලකුණු විමර්ශනය කිරීමේදී, එය පෘතුවියටත් වඩා 10 ගුණයකින් බර බව හෙළිවී තිබෙන අතර එහි වූ අධික ස්කන්ධය නිසාම සෞරග්‍රහමණ්ඩලයේ වූ සියලුම ග්‍රහයන්ගේ කක්ෂයන්ට බලපෑම් කිරීමටද හැකියාවක් ඇති බවත් මෙම ග්‍රහලෝකය නිරීක්ෂණය කිරීම ඉතාම අපහසු බවත් වාර්තාවල සදහන් වේ.

අන්තර්ජාලය ඇසුරිනි.
https://www.nasa.gov/vision/universe/solarsystem/newplanet-072905-images.html
https://www.express.co.uk/news/science/637061/End-world-Conspiracy-theorists-new-Planet-9-discovery-spark-apocalypse-Nibiru-Planet-X
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
විදාතා මධ්‍යස්ථානය
පාදුක්ක.

January 5, 2018

ස්පින්ට්‍රොනික් සුපිරි තාක්ෂණය

 
ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය නිසා පසුගිය වසර 50ක කාලය තුල විප්ලවීය වෙනසක් සිදුවුනා.  ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයේදී අපි භාවිතා කල ආරෝපිත ගුණය අභිබවමින් විද්‍යාඥයින් ඉලෙක්ට්‍රෝනවල භ්‍රමණය උපයෝගී කරගනිමින්, තාක්ෂණික ක්ෂේත්‍රය තුල නව පියවරක් ඉදිරියට තැබීමට සුදානමින් සිටිනවා. එම නව තාක්ෂණය Spintronics (ස්පින්ට්‍රොනික් තාක්ෂණය්දී) ලෙස හඳුන්වනවා.

මෙහිදී අප ඉලෙක්ට්‍රෝනවල ආරෝපිත ගුණය භාවිතා කල ආකාරයටම, එහිවූ භ්‍රමණයවීමේ ගුණය භාවිතා කරයි. ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයට අනුව අද තොරතුරු කේතනය කරන්නේ, විද්‍යුතය ගලා යන විට එය 1 ලෙස සලකන අතර, විද්‍යුතය අක්‍රීයව පවතින විට එය 0 ලෙස සලකනවා.ඉලෙක්ට්‍රෝන වලට උඩට සහ පහලට දිශානති දෙකකට කරකැවෙන්නට පුළුවන්. එම නිසා සක්‍රීය සහ අක්‍රීය යන සංකල්පයෙන් 1 සහ 0 නිරූපණය කරනවා වෙනුවට, උඩට සහ පහලට භ්‍රමණයවීමේ ගුණාංගය ප්‍රයෝජනයට ගන්නට හැකියාව තිබෙනවා.

ඉලෙක්ට්‍රොනික් තාක්ෂනය හා සසඳා බැලීමේදී ස්පින්ට්‍රොනික් තාක්ෂනය සතුව වාසි සහගත වගේම මෙම ක්‍රමය ඉතාමත්ම වේගවත් විශ්වාසදායක වෙනවා.

ඉලෙක්ට්‍රෝන වල ගලායාම පාලනය කිරීමට අර්ධ සන්නායක භාවිතා කරනවා වෙනුවට, ඉලෙක්ට්‍රෝන වල භ්‍රමණය වීම කියවීමට අවශ්‍ය වන්නේ ඇලුමීනියම් සහ තඹ වැනි සරල අමුද්‍රව්‍ය පමණයි.

භ්‍රමණය වීම ක්ෂණිකව වෙනස් කිරීමට හැකි නිසා බල හානියකදී එය ක්ෂණිකව නැතිවී යයි. එම විද්‍යුත් ධාරාවක් නඩත්තු කරනවාට වඩා අඩු බලයකින් ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වීමට සලස්වන්න පුළුවන් නිසා ආරම්භයේදී ස්පින්ට්‍රොනික් වලට අවශ්‍ය වන්නේ ඉතාමත්ම අවම බලශක්තියකි.

90 දශකයේ සිට මෙම ස්පින්ට්‍රොනික් තාක්ෂණය සාම්ප්‍රදායික ඉලෙක්ට්‍රොනික් වලට භාවිතා කර තිබෙනවා. ගුවන්යානා වල පරිගණක වල RAM වලටද එම තාක්ෂණය යොදවා තිබෙනවා. මොකද එය cosmic rays වලට නිරාවරණය වීමේදී ඉහල විශ්වාසදායි බවක් පෙන්වනවා. නොබෝ දිනකින් එය SD Card වල වූ ෆ්ලෑෂ් මෙමරි තාක්ෂණයද ප්‍රතිස්ථාපනය කරනවා ඇති.

ඉලෙක්ට්‍රෝන වල චලනය වීමට සහ ස්පින් කරන්ට් නිර්මාණය වීමේ ක්‍රියාවලියට තාපය සහ විදුලි බලය බලපාන ආකාරය අධ්‍යයනය කිරීමට විද්‍යාඥයින් වෙහෙස මහන්සි වෙනවා. එම කරුණ පසක් කරගත් විට අනාගතයේදී ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය වෙනුවට නව ස්පින්ට්‍රොනික් තාක්ෂණය භාවිතා කරන්නට පුළුවන්.

තවත් අවුරුදු කිහිපයකින් මෙම ස්පින්ට්‍රොනික් තාක්ෂණය විසින් ලෝකයම වෙනස් කිරීමට නියමිතයි.

අන්තර්ජාලය ඇසුරිනි.

විද්‍යා හා තාක්ෂණ නිලධාරී
පාදුක්ක.

January 3, 2018

මී මැස්සන්ට ඇකේෂියා මල් අහිතකරද?


අප රටේ බෝග පරාගනයේ ප්‍රමුඛතමයා වශයෙන් මී මැස්සාට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. මෙහිදී ඒපීස් (Apis Spp.) යටතේ ගැනෙන මී මැස්සන්ද ට්‍රයිගෝනා (Trigona Spp.) යටතේ ගැනෙන විෂ රහිත මී බිඟුන්ද හඳුනා ගත හැකිය.  ඇකේෂියා ශාකයන්ගෙන් පැනි ලබාගන්නා මීමැස්සන් මිය යන බව ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වලින් වාර්ථා වී ඇත. මෙය මෑත භාගයේ මීමැසි පාලන ගොවීන් අතර මහත් ආන්දෝලනයකට ලක්වූ කරුණක් වී ඇත.   
Acacia auriculiformis  හා Acacia mangium නම් ශාක විශේෂයන් අප රටට හඳුන්වා දුන් විදේශීය ශාක දෙකකි. මෙම ශාකයන් Fabaceae කුලය යටතේ Mimosoideae උප කුලයට අයත් වෙයි. ද්වි ලිංගික පුෂ්ප දරයි. මෙම ශාක වසර පුරා මල් හටගන්නා අතර මැයි සහ ජූනි මාසයනහීදී වැඩිම මල් හටගැනීමක් සිදුවේ.
ප්‍රධාන වශයෙන් දැවමය වටිනාකමක් සහිත මෙම ශාක විශේෂයන් වන වගාවන් ලෙසත් මාර්ග අලංකරනය හා සෙවන ශාක ලෙසත් වගාකර ඇති අතර ගෙවතු වැට මායිම් හා කෘෂි වන වගාවන් ලෙසත් දැකිය හැකි වේ. තවද මෙම ශාක ගවයන් සඳහා ආහාර ලෙසත් ඉදිකිරීම් දැව සඳහාත් රෙසින ලබාගැනීමටත් දැව භාණ්ඩ නිෂ්පාදනයේදී හා කඩදාසි නිෂ්පාදනයේදීත් බීජ, ආහාරයක් ලෙසත් මෙම ශාක පාංශු සංරක්ෂකයක් හා නයිට්රජන් තිරකිරීමටත් වැදගත් වේ.
ශ්‍රී ලංකාව තුල දැකිය හැකි මීබිඟුන් අතර ගෘහාශ්‍රිතව ඇතිකරනුලබන මීමැසි විශේෂය වනුයේ Apis cerana indica යි. මේ හැරුණු කොට අප රට තුල Apis dorsata  (බඹරා) හා Apis florae (දඬුවැල් මැස්සා) සුලබව දැකිය හැකි බිඟු විශේෂ වේ. මෙම සියළු මී බිඟුන් Apideae  කුලයටත්  Hymonoptera ගෝත්‍රයටත් අයත් වේ. මොවුන් ආසියානු මීමැස්සන් ලෙස පොදුවේ හඳුන්වයි. මේ හැරුණුකොට මෙලිපොනිඩේ (meliponideae) කුලයේ Melipona හා Trigona  නම් විෂ රහිත මීමැසි ගණයන්ද සුළු වශයෙන් පැණි නිෂ්පාදනය කරයි. මෙ මීබිගුන් ඝනාවාස ලෙස දිවි ගෙවන අතර නිවෙස්,  තනි වද ලෙස හෝ වද කහිපයක් ලෙස පවතී. Apis dorsata  (බඹරා) හා Apis florae (දඬුවැල් මැස්සා) විශේෂයන්ගේ රළු චර්යා රඨාවන් නිසා මීමැසි පාලනය සඳහා යොදා නොගනී.
ඇකේෂියා ශාකයන් මඟින් මීමැස්සන්ට හානිකර භාවයක් ඇතිවන බවත් මේ හේතුවෙන් ඇකේෂියා ශාක සඳහා ගොවීන් තුල දැඩි විරෝධයක් හටගෙන ඇති බවත් සමීක්ෂණ මගින් තහවුරු වී ඇත. මේ පිළිඹඳ ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකික පර්යේෂකයන් දෙපලක් වූ අමානී මාන්න්ක්කාර හා අලවත්තාගොඩ යන පර්යේෂකයින් ඇකේෂියා ශාක හා මීමැස්සන් මියයෑම අතර සම්බන්ධය සොයා පර්යේෂණයක් දියත් කරන ලදී.
මේ සඳහා තෝරාගන්නා ලද  ස්ථාන කිහිපයක Acacia auriculiformis  හා Acacia mangium සහිත වන වගාවන්ද, මෙම ශාක බහුලව දැකිය හැකි මීමැසි පාලනය සිදුකරන ගෙවතු කිහිපයක්ද තෝරා ගනිමින් මෙම පර්යේෂණය සිදුකරන ලදී. මේ සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මොරගොල්ල හා කුඔල්පොල ප්‍රෙද්ශයන්ගේ හොඳින් මල් පිපුන ශාක සහිත භූමියක්ද තිඹිරායාව ප්‍රාද්ශයේ ඇකේෂියා ශාක සහිත මී මැසි පාලනය සිදු කරන ගෙවතු කිහියක්ද තෝරා ගන්නා ලදී.
මෙහිදී Acacia  වගාවන් සහිත පෞද්ගලික වන වගා භූමියෙහි ඇති Acacia auriculiformis  විශේෂයේ ශාක 06ක් තෝරා ඒ ආශ්‍රිතව එක් එක් ශාකයට ඇලෙන සුළු ද්‍රව්‍ය සහිත කෘමි උගුල් 2- 3ක් බැගින් රඳවා සතියක කාලයකදී එම උගුල් තුල හසුව ඇති කෘමීන් ගෝත්‍ර (Order) මට්ටමින් හදුනා ගන්නා ලදී. මෙම කාලසීමාව තුලදීම මිය යන මී මැස්සන් පිළිබදව වාර්තා සටහන් තබා ගන්නා ලදී.
එසේම තෝරාගත් ගෙවතු ආශ්‍රිතව Acacia ශාක වෙත ඇදී එන මී මැස්සන් උදේ 6.00ත් සවස 6.00ත් අතර පරීක්ෂාවට ලක් කල අතර එම කාල සීමාව තුල මිය ගිය මීමැස්සන් පිළිබද වාර්තා සටහන් තබා ගන්නා ලදී. මෙම අධ්‍යයන කාලසීමාව තුලදී පර්යේෂණයට ලක් වූ ප්‍රදේශ අවට අනෙකුත් මල් පිපෙන ප්‍රමුඛ ශාකද ලයිස්තු ගත කරගන්නා ලදී.
මෙම පර්යේෂණ ප්‍රථිපල වලදී නිරීක්ෂණය වූයේ යොදන ලද කෘමි උගුල් සදහා පුළුල් පරාසයක විවිධත්වයක් සහිත කෘමීන් හසුව සිටීමයි. මේ අතර මල් පැණි හා පරාග මත යැපෙන මී මැස්සන්ද, සමනලුන්ද, පරාග හා මල් ආහාර කොට ගන්නා කුරුමිණියන්ද ප්‍රධාන විය. බත් කූරන් වැනි කෘමීන්ද උගුලට හසු වී සිටින ලදී. උගුලට හසුව සිටි කෘමීන්ගෙන් 21% ක් හයිමොනොප්ටෙරා ගෝත්‍රයට අයත් වූවන්ය. 1% ක්  Apis cerana  විශේෂයේ මී මැස්සන්ද, 3% ක් විෂ රහිත මී මැස්සන්ද (Trigona Spp.) දක්නට ලැබිණි. මීට අමතරව ගෙවතු ආශ්‍රිත අධ්‍යයයේදී Apis cerana, Apis dorsata  හා විෂ රහිත මී මැසි විශේෂ කිහිපයක් දිවා කාලයේදී පැණි ලබා ගැනීමට අඛණ්ඩව ඇකේෂියා ශාක වෙත පැමිණ ඇති බව දක්නට ලැබිණි. Apis florae (දඬුවැල් මැස්සා) විශේෂයේ බිගුන් අධ්‍යයනට ලක් වූ කාල සීමාව තුලදී නිරීක්ෂණය වි නැත. මේ හැරුණු විට එම ගෙවතු ආශ්‍රිතව අඹ, දිවුල්, සියඹලා, පොල්, පලු හා දොඹ වැනි ශාක ආශ්‍රිතවද මී මැස්සන්ගේ හැසිරීම අධ්‍යයනයට ලක් විය.
මෙම අධ්‍යයන කාලසීමාව තුලදී වන වගාවන් ආශ්‍රිතව හෝ නිවෙස් ආශ්‍රිත ගෙවතු පරිසරයන් හිදී කිසිදු මිය ගිය මී මැසි විශේෂයක් හඳුනා ගැනීමට නොහැකි විය. එසේම මෙම නිරීක්ෂණයට ලක් වූ ප්‍රදේශයේ මී මැසි පාලන ගොවීන්ගෙන් ලත් තොරතුරු වලට අනුව ඇකේෂියා ශාක ආශ්‍රිතව මී මැස්සන් මිය යෑමක් නිරීක්ෂණයට ලක් වී නොමැත. මේ අනුව පර්යේෂණ ප්‍රථිඵලයෙන් තහවුරු වී ඇත්තේ මෙම ප්‍රදේශය තුල  Acacia auriculiformis  හා Acacia mangium  ශාක මගින් මී මැස්සන් වෙත කිසිඳු අහිතකර බලපෑමක් එල්ල වී නොමැති බවයි.
එසේම විදේශ ගත පර්යේෂණ වාර්ථාවන්ට අනුව  Acacia auriculiformis  x හා Acacia mangium  දෙමුහුන් ශාකයන්ගේ නිරන්තරව පරාගනය සදහා මී මැස්සන් හවුල් වන බව සදහන්ව ඇත. උතුරු ඉන්දියාවේ  A.senagal  ශාකයේ මල් වලට Apis cerana හා Apis dorsata  යන මී මැසි විශේෂයන්ගේ වැඩි ආකර්ශනයක් ඇති බවද වාර්තා වී ඇත. එමෙන්ම ඇතැම් මෙක්සිකානු ඇකේෂියා ශාක සදහා A.mellifera, Trigona හා Scaptotrigona  මී මැසි විශේෂයන්ගේ ආකර්ෂණයක් ඇති බව පර්යේෂකයන් තව දුරටත් සදහන් කර ඇත. (Raine et al, 2002)
කෙසේ උවද පර්යේෂකයන් වැඩි දුරටත් පවසන්නේ මහා පරිමාණ ඇකේෂියා වගා තුලින් මී මැස්සන්ගේ අවධානය ප්‍රමුඛ ලෙස මෙම ශාක වෙතම යොමු වීමෙන් කෘමි ජෛව විවිධත්වයට මින් බලපෑමක් සිදු විය හැකිද යන්නයි.
Forest Research News Letter, Issue 7 (2007) ඇසුරිනි.         

ඇඟට නොදැනෙන්න මදුරුවකු පිටව යෑමේ අපූර්ව රහස


මදුරුවකු ඉතා ක්ෂුක්ෂමව සිරුරෙන් ඉවත්ව යන්නේ කේසේද?  මෙය ජීව විද්‍යාඥයන් හමුවේ කලක සිට පැවති ආන්දොලාත්මක ගැටළුවකි. මේ පිළිබඳ මෑතකදී කල පරීක්ෂණයක් මගින් කරුණු අනාවරණය කරගෙන ඇත.
මදුරුවකු ඉවත්ව යෑමට සාපේක්ෂව මැස්සන් වැනි අනෙකුත් කෘමීන් ඉහලට එසවීමේ දී පළමුව වසා සිටින පෘෂ්ඨය මතුපිට පීඩනයක් ඇති වන අතර අක්‍රමවත් හා වේගවත් පියාසැරිය මගින් ඉවත්ව යයි. මෙහිදි වසා සිටින ප්‍රදේශය පිළිබඳව මනා වැටහීමක් ලබා ගැනීමෙන් පහර කෑමට ලක්වීමේ සම්භාවිතාවය වැඩි බව පරීක්ෂකයන් පෙන්වා දෙයි.
නමුත් මදුරුවකුගේ පිටව යෑම පියාපත් මගින් සිදුවන විශේෂ චලනයක් මගින් සිදු කරන අතර උගේ පාද වඩාත් සියුම් ලෙස හා ඇතැම් විට නොදැනෙන තරමට තරමට පාෂ්ඨයට නොදැනීම ඉවත් කර ගන්නා බව මේ පිළිබදව පර්යේෂණයේ යෙදෙන කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ  ජීවවිද්‍යාඥ “සෝෆියා ඩැනග්“ පවසයි. ඇය තව දුරටත් මැලේරියා වර්ගයේ මදුරුවන් යොදා ගනිමින් සිදු කරනු ලබන මෙම පර්යේෂණයේදී පෙන්වා දෙන්නේ පාද වලින් අවම පීඩනයක් යොදමින් හා පියාපත් මගින් යොදන උපරිම තෙරපුම මගින් ඇඟට නොදැනීම මදුරුවා අපෙන් ගිලිහී යන බවයි.ඇතැම් විට ආහාර නොගෙන පිටත් වීමේදී වඩා සැහැල්ලු සිරුරක් දරණ අතර රුධිරය උරා බී ඇති විට තම ශරීරය මෙන් දෙගුණයක බර දරා ඉගිල්ලීමටද මෙම හැකියාව සූක්ෂමව යොදාගන්නා බව පරයේෂකයන් පවසයි.
මේ සම්බන්ධයෙන් කටයුතු කරන නෙදර්ලන්තයේ  “Wageningen” විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් මදුරුවන් 600 කගේ පියාසැරි දර්ශණ තලයන් රූගත කර ඇති අතර මේ සඳහා තත්පරයට දර්ශනයන් 125 000 ක වේගයෙන් යුත් අති ප්‍රභල කැමරා පද්ධතියක් යොදා ගෙන ඇත.මේ සඳහා තම ශරීරය මත මදුරුවන් වැසීමට සලස්වා රුධිරය උරා බීමට දී පසුව පිටව යෑමේදී දර්ශණ වාර ලබාගෙන ඇත. මේ සඳහා ඇනෝපිලීස් කොලුසි (Anopheles coluzzi) නම් මදුරු විශේෂය යොදාගෙන ඇති අතර වඩාත් ජීවායුහරිත තත්වය යටතේදී සිදු කිරීමට වගබලාගෙන ඇත.
මේ පිළිබඳව පර්යේෂණයේ යෙදෙන පර්යේෂකයන් පවසන්නනේ මෙම සොයාගැනීම ඉදිරියේදී වඩාත් සියුම් රෝබෝවන් නිස්පාදනයේදී (Miniaturigation  Technology) යොදා ගත හැකි බවයි.
ඩැන්ග් ඇතුලු පර්යේෂකයන් මෙහිදී අති ක්ෂුක්ෂම කැමරා මගින් ලබා ගත් දර්ශණ තල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, මදුරුවකු ඉවත් විමේදී සිදුවන පියාසැරියේ විශේෂිත වායුගතික සිද්ධාන්තයන් (Aerodynamic ) හදුනාගෙන ඇත. තවදුරටත් පර්යේෂකයන් පවසන්නනේ මදුරුවකු පෘෂ්ඨයෙන් ඉවත්වීමට මිලි තත්පර 30 කට පෙරදී තම අත්තටු කම්පනය ආරම්භ කරන අතර එය අති වේගවත් හා තත්පයකට කම්පන වාර 600 ක් පමණ වන බවත් හදුනාගෙන ඇත. නමුත් අනෙකුත් කෘමීන්ගේ මෙය තත්පරයට කම්පන වාර 200 ක් බව හදුනාගෙන ඇත. ගණනය කිරීම් වලට අනුව ඉවත් වීම සදහා යොදන බලයෙන් 60% ක ප්‍රමාණයක් හෝ ඇතැම් විට සම්පූර්ණ බලයම මෙම පියාසැරි රටාව මත රදා පවතින බව හෙලිකරගෙන ඇත.
මෙම සිද්ධාන්තය මදුරුවන්ට සුවිශේෂි වනවා මෙන්ම ඇතැම්විට රුධිර පරපෝෂී කෘමීන් බොහොමයකට උරුම වන බව පර්යේෂකයින්ගේ විශ්වාසයයි.
පලතුරු මැස්සන් හා මදුරුවන් සැසඳීමේදී පලතුරු මැස්සාගේ පාද සතු විශේෂිත මාංශ පේෂින් ( Quick kick muscles ) මදුරුවන්ගේ පාද තුල ප්‍රකට නැත. එයට හේතුව පෘෂ්ඨයක් මතින් ඉගිල යාමේදී පලතුරු මැස්සාට තම පාද මගින් අමතර වැඩි බලයක් යෙදීමට සිදු වීමයි.
පර්යේෂකයන්ගේ ඊලග අවධානය මදුරුවකුගේ ගොඩ බෑම හා අනෙකුත් කෘමීන්ගේ ගොඩ බෑමත් අතර වෙනස්කම් හඳුනාගනිමින් රුධිර පරපෝෂි හා එසේ නොවන කෘමීන්ගේ ගොඩබෑමේ විශේෂිත චර්යාවන් හඳුනා ගැනීමය. මෙය අනාගත වෛද්‍ය හා කීට විද්‍යාවන්හීදී මෙන්ම රොබෝ තාක්ෂණයේද නව සොයාගැනීම් සඳහා නව මංපෙත් විවරකර දීමට හේතුවන බව පර්යේෂකයින්ගේ අදහසයි.

www.Sciencedaily.com   ඇසුරිනි.


ජලය සහ මිනිස් සිරුර

සාමාන්‍යයෙන් වැඩුණු මිනිස් සිරුරක 60% ක පමණ ප්‍රමාණයක ජලය අඩංගු වේ. විශාල ප්‍රමාණයක් මිනිස් ශරීරයේ  සෛල තුළ ජලය අන්තර්ගත වේ. ශාක හා සත්ව ප්‍රජාව බිලියන ගණනක ජීවය පැවැත්ම සදහා ජලය වැදගත් වන බව ඔබ අප දන්නා කරුණකි. මෙපමණ විශාල ජල ප්‍රමාණයක් අප ශරීරයේ ප්‍රධාන ස්ථාන 3ක අන්තර්ගත වී ඇති බව හදුනා ගත හැකිය. මිනිස් සිරුරේ සෛල වලින් 2/3ක් පමණ ජලය ඇති බව විද්‍යාඥයන් විසින් හදුනා ගෙන ඇත.අපගේ සෛල වල හා රුධිරය අතර ජලය 2/3ක් පමණ අන්තර්ගත වේ. ජලය 70Kgක් පමණ බර මිනිසකු සතුව ඔහුගේ ජල ප්‍රමාණය 42 Lක් පමණ වන බව සොයා ගෙන ඇත.

මිනිස් ශරීරයන් තුළ ජලයේ ප්‍රධාන ක්‍රියාකාරීත්වයන් කිහිපයක් පහත දැක්වේ.මිනිස් සිරුර තුළ 42 Lක් පමණ ජලය ඇති නිසා ශරීරයේ ක්‍රියාකාරීත්වයට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.


1 සෛල වල ජීවිතය පවත්වාගෙන යාම.
             සෛල නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සදහා ජලය අත්‍යවශ්‍ය වේ. සෛල තුළ රසායනික ද්‍රව්‍ය වල සංයුතිය නිසි ලෙස පවත්වාගත යුතුය.
2 රසායනික හා පරිවෘත්තීය ක්‍රියා.
             මිනිස් සිරුරේ ජලය හරහා සිදුවන රසායනික ප්‍රතික්‍රියා කිහිපයකි. ප්‍රෝටීන් ලිපිඩ හා කාබෝහයිඩ්‍රේට් බිද දැමීම සදහා ජලය උපකාරී වේ.
3 පෝෂක ද්‍රව්‍ය හා අප ද්‍රව්‍ය ඉවත් කිරීම.
              රුධිරයේ ප්‍රධාන සංරචකයන් ලෙස ජලය පෝෂ්‍ය පදාර්ථ සෛල වලට ප්‍රවාහනය කරයි. පෝෂ්‍ය පදාර්ථ       ප්‍රවාහනය සදහා රුධිරයද උපකාරී වේ.
4 සිරුරේ සෛල මගින් ඉවත් කරන අප ද්‍රව්‍ය ප්‍රවාහනය සදහාද ජලය උපකාරී වේ.
              මුත්‍රා මගින් මෙම අපද්‍රව්‍ය ඉවත් වේ.
5 ශරීර උෂ්ණත්ව පාලනය
              උණුසුම් හෝ සිසිල් පරිසරයකදී ශරීර උෂ්ණත්වය පාලනය කිරීමට ජලය වැදගත් වේ.
උදා:-ශරීර උෂ්ණත්වයට වඩා පරිසර උෂ්ණත්වය ඉහළ ගිය විට දහඩිය දැමීම සිදු වී ඒවා වාෂ්ප වීම මගින් ශරීර උෂ්ණත්වය නියතව ලබා ගනී. ජලය ජීවිතයේ හදවත බදුය. ජලය ලබා ගැනීමෙන් තොරව දින කිහිපයකට වඩා ජීවත් විය නොහැක.වැඩුණු මිනිසකු දිනකට1.5 L පමණවත් ජලය පානය කල යුතු බව සොයා ගෙන තිබේ.

මීට අමතරව සමහර ආයතන මගින්ද ජලයෙහි Ph අගය වෙනස් කර රෝග සදහාද එදිනෙදා කාර්යන් සදහාද යොදා ගැනීමට අවස්ථා උදා කර දී ඇත. Ph අගය වෙනස් කර පහත ආකාරයට වර්ගීකරණය කර තිබේ.
1.               1       Ph අගය11
මෙම ජලය බීමට සුදුසු නොවන අතර දිනපතා කාර්යන් සදහා යොදා ගත හැකිය. ආහාර පිළියෙළ කිරීමට හා පිරිසිදු කිරීමට යොදා ගත හැකිය. ආහාර වල ඇති කෘමිනාශක වැනි ද්‍රව්‍ය මෙම ජලයට දිය වේ. දීසි සහ ලෝහමය ද්‍රව්‍ය සේදීම සදහා මෙම ජලය සුදුසු වේ.

2    Ph අගය 8.5 -9.5
මෙම ජලය බීම සහ සෞඛ්‍යසම්පන්න ආහාර පිසීම සදහා සුදුසු වේ. භාෂ්මික ගුණයෙන් යුක්ත මෙම ජලය ශරීරයේ සෞඛ්‍යසම්පන්න යහ පැවැත්ම සදහා යෝග්‍යය. ආහාර පිළියෙළ කිරීමට තේ කෝපි සෑදීමට සුප් වැනි දේ   සැදීමට යෝග්‍ය වේ. එලෙසම ශාක වලට දැනීම සදහාද යෝග්‍ය වේ. 

3   Ph අගය 7 පිරිසිදු ජලය.
මෙම ජලය ක්ලෝරීන් වලින් නිදහස් වේ. කුඩා දරුවන්ගේ ආහාර පිළියෙළ කිරීමට සහ බෙහෙත් වර්ග බීමට මෙම ජලය සුදුසු වේ.
4   Ph අගය 4.3 – 6ත් අතර ජලය
මෙම ජලය බීම සදහා සුදුසු නොවේ. ආම්ලිකතාව වැඩි වේ. රූපලාවනය කටයුතු සදහා යොදා ගත හැක.
උදා:- මුහුණ සේදීමට
         ඇස් වල ආරක්ෂාවට
         සුරතල් සතුන්ගේ ආරක්ෂාවට
         ඔප දැමීමට
         පිරිසිදු කාරකයක් ලෙස භාවිතා කිරීම යෝග්‍යය.
5  Ph අගය 2.5 - 2.7
   බීම සදහා කිසිසේත්ම නුසුදුසුය ආම්ලිකතාව ඉතාමත්ම වැඩිය.පිරිසිදු කිරීම් හා ව්‍යාපාරික කටයුතු සදහා යොදා ගත හැක.

ඒ. ඒ. ජේ. එස්. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
විදාතා සම්පත් මධ්‍යස්ථානය.
ගලගෙදර

January 2, 2018

2050 දී විශ්මිත ලෝකය පිළිබද තොරතුරු රැසක්

2017 දී මෙහෙම වුණාට 2050 දී අපේ දවස කොහොම ගතවෙයිද?අපි ජීවත් වෙන ලෝකය මොන වගේ තැනක් වෙයි ද? මේ ඒ ගැන පොඩි විමසුමක්බහුතරයක් වයස්ගත අය සෑම හය දෙනෙකුගෙන් ම එක් අයෙක් වයස හැට ඉක්ම වූ අයෙකි.2050 දී දුප්පත් රටවල ජනගහන වර්ධන වේගය ඉහළ ගියද සංවර්ධිත රටවල තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්. එම රටවල උපත් අනුපාතයේ පහළ යාමක් සිදු වෙනවා. නමුත් උපතේදී ආයු අපේක්ෂාව සාමාන්‍යයෙන් වයස 76 ඉක්මවා යාහැකි බව යි දැනට පවතින මතය වන්නේ.

මේ හේතුවෙන් ලෝකයේ සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන්ම එක් අයෙක් වයස හැට ඉක්මවූ අයෙක් බවට පත් වෙනවා. එසේම වයස්ගත ජනගහනය වැඩි වීම නිසා වයස හා සම්බන්ධ චිත්ත වික්ෂේපය (Dementia) වැනි රෝගයන්ගෙන් පෙළන පුද්ගල සංඛ්‍යාව දැන් පවතින අගය මෙන් තුන් ගුණයකින් ඉහළ යනවා. එසේම පිළිකා සහ දියවැඩියා රෝගීන් සංඛ්‍යාවද දෙගුණයක් වන්නේ සෑම වැඩිහිටියන් තිදෙනෙකුගෙන් ම එක් අයෙක් ගොදුරු කර



සෑදීමටරොබෝවරුන් නිර්මාණය කිරීම කෙරෙහි ලෝකයේ බලවත් රටවල් කිහිපයක ම අවධානය යොමුව ගනිමින්. ඒ නිසා දැනටම වැඩිහිටියන්ගේ කායික සහ මානසික අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන්ට අවැසි තිබෙනවා.

2050 දී ලෝකය ජනගහනය බිලියන 9.6 ක්

දැනට දළ වශයෙන් ලෝක ජනගහනය බිලියන හත ඉක්මවා ගිහින්. නමුත් 2050 වසරේ දී මේ අගය මෙයට වඩා බොහොම ඉහළ අගයක් ගන්නා ඇති බවට විවිධ මූලාශ්‍ර අනාවැකි පළකරලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට අනුව එය බිලියන 9.6 කට ආසන්න අගයක් ගන්නවා. දැනට ඇති අගය මෙන් 30% ඉක්ම වූ වැඩි වීමක්  දැනටම මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අරගලයක යෙදෙන දුප්පත් රටවල ජනගහන වර්ධන වේගය 2050 දී අනෙක් රටවල සාපේක්ෂ ව ඉහළ අගයක් ගැනීම නොවැළැක්විය හැකි නිසා ගෝලීය වශයෙන් උපත් පාලන ක්‍රම සහ ලිංගික අධ්‍යාපනය ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන්ගේ වාර්තාව මගින් අවධාරණය කර තිබෙනවා.

සෞඛ්‍ය පහසුකම්
වැඩිහිටි ජනගහනයට විවිධ රෝගාබාධවලින් පීඩා විඳීමට සිදු වුවද 2050 දී ලෝකයේ ළමා සහ තරුණ ජනගහනයෙන් බහුතරය ඉතා නිරෝගී අයයි. එයට හේතුව ලෙස ඉහළ වෛද්‍ය පහසුකම් වර්ධනය වීම හඳුන්වන්න පුළුවන්.දැනට වාර්ෂික ලෝක ජනගහනයෙන් මිලියන දෙකක පමණ පිරිසක් මැලේරියා සහ ඒඩ්ස් වැනි රෝගයන් හේතුවෙන් මිය ගියද 2050 වසර වන විට අඩ සියවසක් තිස්සේ සිදුවූ විද්‍යාත්මක පර්යේෂණ මගින් මෙවැනි රෝග සඳහා සාර්ථක එන්නත් සොයා ගැනීම සිදුවනු ඇතැයි විශ්වාස කරනවා. එසේම විද්‍යාඥයින්ගේ මතය වන්නේ බොහෝ ඖෂධ නිපදවීම සඳහා දුම්කොළ සහ පොපි මල් යොදා ගනු ඇති බවයි.


මිල අඩු එහෙත් බලයෙන් වැඩි පරිගණක
ඉදිරියට එළැඹෙන්නේ තොරතුරු තාක්ෂණ යුගයක්. පරිගණක විද්‍යාඥයින්ගේ මතය අනුව 2050 දී දැනට පවතින පරිගණක මෙන් දහස් ගුණයක් බලයෙන් වැඩි පරිගණක නිපදවීම සිදු වෙනවා.

ඒ අනුව වර්තමානයේ දී ඇමෙරිකානු ඩොලර් 500 ක් ගෙවා මිල දී ගන්නා පරිගණක කොටසක් අනාගතයේ දී ඇමෙරිකානු ඩොලර් .50 ක් වැනි ඉතා සුළු මුදලකට අලෙවි විය හැකියි. මේ හේතුවෙන් ලෝකයේ සෑම දෙනාටම පාහේ පරිගණක භාවිතය සඳහා දොරගුළු විවර වෙනවා. එසේ ම 2050 දී පරිගණකය හරහා අපගේ මොළයේ විද්‍යුත් සංස්කරණයක් ඩිජිටල් අවකාශයට upload කිරීමේ අවස්ථාව හිමිවෙනවා. ඒ අනුව කැමති අයෙක්ට පරිගණක මතකයක් ඔස්සේ ජීවත්වීම පිළිබඳ සාම්ප්‍රදායික මතය අබිබවා ගිය සදාකාලික ජීවිතයක් ළඟා කර ගත හැකියි.

සම්පත් හිඟතාවය නිසා ප්‍රතිචක්‍රීයකරණය කරා
සම්පත් රැක ගැනීමට ප්‍රතිචක්‍රීයකරණය (recyclepoints.com)

2050 දී ලෝකය තොරතුරු තාක්ෂණ අංශයෙන් ඉහළම ස්ථානයක සිටියද බිලියන නවය ඉක්මවාගිය පුද්ගල සමූහයකගේ අවශ්‍යතා පිරිමැසීම සඳහා පවතින ස්වභාවික සම්පත් ශීඝ්‍රයෙන් ක්ෂයව යාම නතර කිරීම හෝ යළිත් වරක් කෘතිමව ස්වභාවික සම්පත් උත්පාදනය කිරීම සඳහා එයට කළ හැකි දෙයක් පවතින්නේ නැහැ. ඒ අනුව මිනිසාගේ සුවතාවය සහ පාරිසරික සුවතාවය අතර පවතින සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා සාකල්‍ය සුවතාවයනම් සංකල්පයක් හඳුන්වා දෙනවා.

ඒ අනුව හුදෙක්ම සම්පත් ප්‍රතිචක්‍රීයකරණය කරනවා වෙනුවට ලෝහ වර්ග සහ තෙල් අණු නැවත භාවිතා කිරීමේ ක්‍රමවේදයක් වර්ධනය කිරීම සිදුවෙනවා. මෙසේ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රමවේදයේ වර්ධනය නිසා වර්තමානයේ දී මෙන් 2050 දී ප්‍රතිචක්‍රීයකරණය හේතුවෙන් අදාළ නිෂ්පාදිතයේ වටිනාකම හෝ තත්ත්වය බාල වීමක් සිදු වන්නේ නැහැ.

එසේම භාණ්ඩ නිෂ්පාදනයේ දී ඒවායේ සැබෑ වටිනාකම 100% ක් ආරක්ෂා වන ආකාරයට ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි වන ලෙස එම ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සිදු වෙනවා.

මූලික ශක්ති ප්‍රභවය ලෙස හිරු එළිය
2050 වසරේ දී වාහන හෝ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාවේ යෙදවීම සඳහා තව දුරටත් ඛනිජ තෙල් අවශ්‍ය නොවුණද ගුවන් යානා ඉන්ධනයක් ලෙස එය තව දුරටත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස පවතිනවා.

නමුත් අනෙකුත් කටයුතු බොහෝමයක් සඳහා අවශ්‍ය වන ශක්ති ප්‍රභවය ලෙස යොදා ගන්නේ හිරු එළියයි. මේ අනුව සූර්ය ශක්තිය එක් රැස් කිරීම සඳහා 2030 වර්ෂය වන විට සහරා කාන්තාරය වැනි ප්‍රදේශවල දැවැන්ත සූර්ය බලශක්ති මධ්‍යස්ථාන ගොඩ නැංවීම ආරම්භ කිරීම දැකීමට අපට හැකියාව ලැබෙයි.

එසේම හිරු එළියට අමතරව තවත් වැදගත් ශක්ති මූලාශ්‍රයක් ලෙස ඉතා විශාල ලෙස න්‍යෂ්ටික බලය භාවිතා කිරීම සිදුවෙනවා.භාණ්ඩ යැවීමට ඩ්‍රෝන යානා

අනාගතයේදී රෝහල් වැනි ස්ථාන සඳහා හෝ විශාල ඇසුරුම් යැවීම සඳහා ඩ්‍රෝන යානා යොදා ගැනීම සිදුකරනු ඇතැයි මත පළවී තිබෙනවා. එසේම ගොඩනැගිලි නිර්මාණය, නිෂ්පාදන ක්‍රියාවලි සහ අලුත්වැඩියා කිරීම් වැනි කටයුතු සඳහා තාක්ෂණය යොදා ගනිමින් ආරක්ෂිත ඇඳුම් නිර්මාණය කිරීම සිදු වෙනවා. මේ මගින් බලාපොරොත්තු වන්නේ රැකියාවේදී සිදු වෙන අනතුරු සැලකිය යුතු තරම් අඩු කර ගැනීමයි.

එසේම 2050 වසරේදී අධ්‍යාපන කටයුතු සඳහා තාක්ෂණය මගින් විශාල රුකුලක් ලබා දෙනවා. පළමු ලෝක සංග්‍රාමය පිළිබඳව පෙළපොත් මගින් හැදෑරිමේ කාලය අවසන් වී අධි තාත්වික ඩිජිටල් නිර්මාණ ඔස්සේ සිසුන්ට සැබෑ ලෙසම පළමු ලෝක සංග්‍රාමය තුළට පිවිසීමට අවස්ථාව උදාවෙනවා.

ගූගල් සමාගම දැනටමත් මේ සඳහා මූලික අඩිතාලම දමා අවසන්. එහි ප්‍රතිඵලයක් ලෙස සජීවිකරණ ඉගෙනුම් අත්දැකීමක් සඳහා Google Play Store හරහා Google Expeditions බාගත කර ගැනීමට හැකි යි.

පාරිසරික ගැටලු

ඉහළ යන ජනගහනය, තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුව සහ ස්වභාවික සම්පත් ක්ෂය වීම යන හේතූන් නිසා 2050 දී දැන් පවතින තත්ත්වය මෙන් 50% ගුණයකින් පාරිසරික ගැටලු ඉහළ යාම සිදු විය හැකියි. ඒ අනුව ලෝකයාට මුහුණ දීමට සිදු වන අනාගත පාරිසරික අභියෝගයන් ලෙස උෂ්ණතවය ඉහළ යාම, ග්ලැසියර දියවීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස මුහුදු ඛාදනය සිදු වීම, ජෛව විවිධත්වයේ බිඳ වැටීම සහ කෘෂිකාර්මික නිෂ්පාදන පහළ වැටීම හඳුනාගෙන තිබෙනවා.

නමුත් මෙයට වඩා හාත්පසින්ම වෙනස් මතයක්ද ඉදිරිපත්ව තිබෙනවා. ඒ අනුව දැනටම රටවල් පරිසරය සුරැකීම සඳහා විවිධ ක්‍රියාමාර්ගයන් ගෙන ඇති නිසා අනාගතයේ දී අදට වඩා හරිත පැහැ ලෝකයක් බිහිවීමට හැකියාවක් ඇති බවයි ඇතැම් විද්‍යාඥයින්ගේ මතය වන්නේ.

මේ ආකාරයට 2050 දී ලෝකය පැවතිය හැකි ආකාරය පිළිබඳ ව නොයෙකුත් මත පළ වී තිබෙනවා.

බුද්ධිමත්ව සිතා බලා මනුෂ්‍ය වර්ගයාට පමණක් නොව අනෙකුත් සතුන්ට මෙන්ම පෘථිවි තලයටද යහපතක් වන ලෙස ක්‍රියා කළහොත් අප සැමට දීප්තිමත් අනාගතයක් හිමි කරගන්නට හැකියාව ලැබේවි නේද මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද?
අන්තර්ජාලය ඇසුරෙන් 

විද්‍යා හා තාක්ෂණ නිලධාරි, පාදුක්ක