Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

October 31, 2014

හැකිලූ විට දිගහැරෙන, දික්කළ විට හැකිලෙන Metamaterial

ද්‍රව්‍යවල ස්වභාවික ලක්ෂණ වෙනස් කර විශේෂිත ගුණ දක්වන ලෙස සකස් කර නිර්මාණය කරන නව කෘතිම ද්‍රව්‍ය Metamaterial සේ සරලව දැක්වේ.එලෙස ස්වභාවික ආකාරයට වෙනස් වූ සුවිශේෂී අයුරින් ආලෝකයට හා ශබ්දයට ප්‍රතිචාර දක්වන ආකාරයෙන් ද්‍රව්‍ය වල ව්‍යුහ වෙනස් කළ Metamaterial වර්ග දැනටමත් නිෂ්පාදනය කර ඇති බව වාර්තා වේ. මේ දක්වා විද්‍යුත් චුම්භක ලක්ෂණ සුවිශේෂී ලෙස කෘතීම ආකාරයෙන් ක්‍රියාත්මක කරන Metamaterial නිෂ්පාදන සඳහා පර්යේෂණ යොමු වී තිබුණි. එනම් ඒවා ආලෝකය හෝ ශබ්දය අස්භාවික ලෙස නැමීම වැනි ප්‍රතික්‍රියා දක්වන සේ සකස් කර තිබේ.

මෙම පර්යේෂණ ක්‍රමයට වෙනස් ලෙස North Western විශ්ව විද්‍යාලයේ ද්‍රව්‍ය විද්‍යාඥයකු සුවිශේෂී කාර්මික ගුණ සහිත Metamaterial නිෂ්පාදනය සඳහා පර්යේෂණ ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව එම පර්යේෂණ කණ්ඩායමට සෘණ සම්පීඩ්‍යතාවය සහිත ද්‍රව්‍ය නිෂ්පාදනය සැලසුම් කිරීමට හැකි වී තිබේ. හැකිලූ විට දිග හැරෙන, දික්කළ විට හැකිලෙන Metamaterial  නිෂ්පාදනය කිරීමට හැකි බව න්‍යායිකව සනාථ කර ඇත.

සරල ලෙස දැක්වුවහොත් ඔබ කුෂන් පුටුවක් තුල වාඩි වූ විට ඔබගේ බරට ප්‍රතිවිරුද්ධ බලයක් කුෂන් ක්‍රියාත්මක කරයි. එනම් කුෂන් එක හැකිලෙනවා (එබෙනවා) වෙනුවට දිගහැරීම සිදුවේ. මෙය ඉතා අසාමාන්‍ය තත්වයේ සැලසුමකි. අර්ථ දැක්වීම අනුව මෙලෙස හැසිරීම කුෂන් අස්ථාවර බවට පත් වීමක් ලෙස සැලකේ. එවිට කුෂන් ස්වයංක්‍රීයව ස්ථාවර තත්වයට කඩිනමින් පත්විය යුතුය. නමුත් කුෂන් වල ස්වාභාවික මෙම ගුණය සම්පූර්ණයෙන් අහෝසි කරමින් මෙවැනි Metamaterial කුෂන් සැකසීමට හැකි අයුරින් සාමාන්‍ය කුෂන්හි අභ්‍යන්තර ව්‍යුහ සැලසුම් කිරීමට North Western කණ්ඩායම සමත් වී තිබේ. මෙහිදී ස්ථාවර තත්වය යනු ස්වාභාවික තත්වයට වඩා හැකිලුණු හෝ දිග් ගැසුණු ස්වරූපයයි. මෙය සම්පූර්ණයෙන් ව්‍යාකූල නමුත් ඒ සඳහා නව විද්‍යාවේ පැහිදිලි කිරීමක් තිබේ.
ප්‍රසාරණය වීමේ ආවේණික ලක්ෂණ සහිත අංශු හතරක් තිරස් පෙළක් ලෙස සැකසුනු ද්‍රව්‍යයන් ගැන සිතන්න. අංශුවලට ප්‍රසාරණය වීමට අවශ්‍ය වුවත් අණු එකිනෙකට ආකර්ශනය වී ඇති නිසා ද්‍රව්‍යය ප්‍රසාරණය වීම වළක්වයි. ද්‍රව්‍යය ඇදීමෙන් අභ්‍යන්තර අංශු දෙකක් අතර ඇති දුර්වල බන්ධන බිඳී යනු ඇත. අභ්‍යන්තර අංශු අතර බන්ධනය බිඳී ගියද භාහිරෙන් තිබෙන අංශු එකිනෙක තව තවත් ආකර්ශනය වෙමින් ඊට ප්‍රතිචාර දක්වයි. එනම් ඇදීමට ප්‍රතික්‍රියාවක් ලෙස සම්පීඩනය නිර්මාණය වේ. එලෙසම හැකිලෙමින් අභ්‍යන්තර අංශු අතර පෙර පැවති දුර්වල බන්ධනය නැවත ඇති කිරීමෙන් ද්‍රව්‍ය නැවත ප්‍රසාරණය වේ. මෙය ව්‍යාකූලය. එහෙත් එය ක්‍රියාත්මක කළ හැකිය. Metamaterial වලින් නිර්මාණය වන නොපෙනී සිටීමේ හැකියාව ඇති ඇඳුම් හා වර්ණක නිපදවීමට අමතරව මේ ආකාරයේ Metamaterial මගින් අනාගතයේ පිපිරීමක් සිදුවීමට ආසන්න වූ විට හැකිලෙන හමුදාමය වාහන හෝ ආවරණ වැනි නොයෙක් නිර්මාණ බිහිවනු ඇත.

උපුටාගැනීම :
New mechanical metamaterial expands when you compress It, shrinks when you stretch it   -  by Clay Dillow ( New Scientist)

October 28, 2014

මුතු ඇතිවන්නේ කොහොමද?


මුතු ඇතිවන්නේ මොලුස්කා වර්ගයේ ජීවීන් තුලයි. මොලුස්කාවන් මෘද්වංශික ජීවීන් හැටියටත් හැදින්වේ. කාවාටි, මට්ටියන් සහ බෙල්ලන් යන ජීවීන්ගේ දේහ තුල මුතු ඇතිවේ. මේ විශේෂ වල ජීවීන්ගේ බාහිර කවච තුලට ආගන්තුක අංශුවක් ඇතුළු වුනු විට ඔවුන්ගේ අභ්‍යන්තර පඨක වලට එමගින් පීඩාවක් ඇතිවේ. ඒ පීඩාව ඉවත් කර ගැනීමට ජීවියාට පුලුවන්කමක් නැත.

          මේ නිසා ආරක්ෂාකාරී යාන්ත්‍රණයක් ජීවියා තුලින්ම පැනනැගේ. ආගන්තුක අංශවෙන් තමන්ගේ දේහය ආරක්ෂා කර ගැනීමට දේහය තුලින්ම විශේෂ රසායනික ද්‍රව්‍යයක් නිපදවේ. මේ රසායනිකය තුල අන්තර්ගත වන්නේ ඇරොගොනයිට්(Aragonite) නම ලවනයක් සහ කොන්කිඔලීන් (Conchiolin) නැමති ප්‍රෝටීනයකි. රසායනික ද්‍රව්‍යය ඇතිවන්නේ ජීවියාගේ භාහිර කවචයේ ඇතුල් පැත්තෙනි. ආගන්තුක අංශුව වටා රසායනික ද්‍රව්‍ය ස්ථරයෙන් ස්ථරය තැන්පත් වේ. ආගන්තුක අංශු මේ තුලින් මෘදු තත්වයට පත්වේ. ජීවියාට හානියක් කිරීමට ආගන්තුක අංශුවට ඉඩක් සැලසෙන්නේ නැත. ජීවියා අලංකාර පැහැයකින් පෙනෙන්නටද ගැනේ. ඒ රසායනික ද්‍රව්‍යය ස්ථර රැසැක් තැන්පත් වූ විටදීය. ඒ තුළ අන්වික්ෂය මට්ටමේ ස්ඵටික සෑහෙන ප්‍රමානයක් අඩංගු වේ. තැන්පත් වුනු රසායනික ද්‍රව්‍යයවල ඉහල ස්ථර වලින් සමහරක් ආලෝකය පරිවර්ථනය කරයි. නමුත් ඇතැම් ස්ථර හරහා ආලෝකය ගමන් ගනී. පහල තියන ස්ථර වලින් සමහර ඒවා ද ආලෝකය පරිවර්ථනය කිරීමට පටන්ගනී. මේ ක්‍රියාවලිය හරහා විවිධ වර්ණ ඇතිවේ. මුතුවලට පැහැය ලැබෙන්නේ එවිටයි.


October 27, 2014

එළවලු හා පලතුරු වල අන්තර්ගත ශරීරයට හිතකර Photochemical

බොහෝ එළවලු හා පලතුරු වල ශරීර සෞඛ්‍යයට හිතකර විවිධ Photochemical වර්ග ගණණාවක් ඇතිබව මෑතකදී සොයා ගෙන ඇත. මේ වන විට Photochemical වර්ග දහස්ගණනක් සොයා ගෙන ඇති අතර වර්ග කිහිපයක් පමණක් අධ්‍යයන මට්ටමේ ඇත. දැනට කරමින් පවතින පරීක්ෂණ වලට අනුව  සොයා ගෙන ඇති Photochemical වර්ග සහ දැනට හදුනා නොගත් Photochemical වර්ග යන දෙවර්ගයම ශරීරයේ බොහෝ ක්‍රියාකාරකම් සදහා වැදගත් වන බව එළිදරවු වී ඇත.

Photochemical යනු ශාක වලින් ව්‍යුත්පන්න කරන ලද රසායනද්‍රව්‍ය වේ. මෙම ව්‍යුත්පන්න විටමින ඛනිජ ලවන හෝ ක්ෂුද්‍ර පෝෂක ලෙස සලකනු නොලැබේ. සාමාන්‍යයෙන් මෙම Photochemical අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් ලෙස සලකනු ලැබුවේ නැත. නමුත් මෑතකදී කරන ලද අධ්‍යයනයන්ට අනුව මේවායේ ඇති විශේෂිත ක්‍රියාකාරීත්වය නිසා මේවා මගින් ශරීරයට ආවරණ එළියක් ලබා දීමට පටන්ගෙන ඇත.

සමහර Photochemical ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියාකරන අතර ශරීරය තුල නිපදවන මුක්ත ඛණ්ඩක විනාශ කරමින් සෛල හානිවීම වලකයි. අනෙකුත් Photochemical හෝමෝන මෙන් සෛල තුලදී කෙලින්ම ක්‍රියාකරයි. කෙසේ වෙතත් දැනට හදුනාගෙන ඇති බොහොමයක් Photochemical වල  ක්‍රියාකාරීත්වය මෙතෙක් සොයාගෙන නැත.

Carotenoids ප්‍රසිද්ධ Photochemical වර්ගයකි. Carotenoids අන්තර්ගත වන්නේ beta-carotene, beta-cryptoxanthin, lutein, zeaxanthin, lycopene සහ alpha-carotene. පළතුරු සහ එළවලු වල ඉහල ප්‍රතිශතයකින් ඇති කැරටොනොයිඩ නිසා ඒවා රතු පාට තැඹිලි පාට හෝ කහ පැහැති වීමට ප්‍රවනතාවයක් ඇත. මෙයට හේතුව මෙම කැරොටනයිඩ දීප්තිමත් වර්ණක සංඝයක වීමය. රසකාරක ද රසායනික සම්බන්ධතාවක් ඇති විශාල Photochemical කාණ්ඩයකි. මේවා මගින් ශරීරය තුලදී සෛල වලට පණිවුඩ රැගෙන යන මාර්ග ලෙස කටයුතු කරයි. කැරට් තක්කාලි cantaloupe (කොමඩු විශේෂයක්) ගස්ලබු ජමනාරං සහ බතල වල කැරොටනොයිඩ අන්තර්ගත වේ. Berries (දං වැනි ගෙඩි වර්ගයක්) සහ මිදි රතු දම් හෝ නිල් පැහැති වර්ණ වලින් යුත්තවේ. වම්බටු සහ රතුගෝවා වල anthocyanidin නැමති රසකාරකය අඩංගුවේ. අනෙකුත් රසකාරක අඩංගු වන්නේ දෙහි කුලයේ පළතුරු හා ඇපල් ලුණු broccoli(ගෝවා වර්ගයක්) බොකුටු ගෝවා සැල්දරි සහ hotpepper වල අන්තර් ගතවේ. Glucosinolates සහ lignans හටගන්නා ගෝවා braocooli වැනි එළවලු වල ඇත. Resveratrol මිදි මිදියුෂ සමහර berries වර්ග වල සහ වයින් වල ඇත.

Photochemical වල සෞඛ්‍ය බලපෑම සැලකූවිට මේවා විටමින හා ඛනිජ ලවණ මෙන් විශාල විවිධත්වයක් ඇත. නමුත් මෙම රසායනද්‍රව්‍ය පිළිබදව දීර්ඝ ලෙස මෙතෙක් අධ්‍යනය කර නැත. කෙසේ වෙතත් ප්‍රාථමික මට්ටමෙන් කරන ලද අධ්‍යනයන්ට අනුව සමහර Photochemical වලින් ශක්තිසම්පන්න සෞඛ්‍ය තත්වයක් ලබාගත හැකි බව පෙන්වා දී ඇත. පළතුරු හා එළවලු වල බහුලව පවතින carotenoids මගින් හෘදයේ කන්තුක වාහිනී හා සම්බන්ධ රෝග සහ පිළිකා රෝග වැලදීම වැලැක්වීමට උපකාරී වන බව සොයා ගෙන ඇත.

Resveratrol මගින් හෘදයාබාද වැළදීම පිළිකා වැළදීම අධික තරබාරුව සහ වයසට යාමේදී ඇතිවන ලක්ෂණ අවම කිරීම සිදු කරයි. රසකාරක මගින් හෘදආරක්ෂාව සහ ස්නායු පද්ධතිය ආරක්ෂා කරයි.

මේ අනුව විවිධ පළතුරු හා විවිධ එළවලු බහුල ලෙස ආහාරයට එකතු කර ගැනීමෙන් නීරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සදහා යෝග්‍ය වේ.
www.livestrong.com › Food and Drink

අහිමු වු මොළය වෙනුවට නව මොළයක් සාදාගන්නා Axolotl

මේ රුපය චිත්‍රපටියක එන අත්භූත සත්වයකුගේ නොව සැබෑ ලෙසම ජීවත්වන ඇක්සෝලොටල් (Axolotl) ඇලි සත්වයායි. වෙනත් සත්වයන්ගේ කොටස් එකතුවෙන් සැදුණු සත්වයෙක් ලෙස දිස්වන Axolotl ගේ ශරීරය මත්‍ස්‍යයෙක් මෙන්ය. මෙම මත්ස්‍යයාට ගෙම්බාගේ කකුල්ද විහිළුකාර මුහුණක්ද තිබේ. එහෙත් සත්‍යවශයෙන්ම Axolotl සලමන්දාර (Salamander) වර්ගයේ කටුසු ඝනයේ සත්වයකි.

මෙක්සිකෝවේ විශේෂිත විල්වල දැකිය හැකි අතර ඌට මෙක්සිකානුවන් භාවිතා කරන නමෙහි අරුථ ජල රාක්ෂයා වේ. ඊට හේතුව Axolotl බොහෝ විට අපායේ සත්වයෙක් ලෙස දෘෂ්‍යමාන වීම බව ඔවුන්ගේ හැඟිමයි. Axolotl ගේ ඇස දෙස බොහෝ වෙලා බලා සිටීමෙන් ඌගේ ආත්මය ඔවුන්ගේ ශරිරයට හුවමාරුවන බව ඔවුන්ගේ විශ්වාසයකි. 
සුපිරි බලය
පූනර්ජනන බලයෙන් අනන්තය. බොහෝ සත්වයන්ට උන්ගේ ශරීර කොටස් අහිමි වු විට ඒවා නැවත වැඩීම (පුනර්ජනනය) කළ හැකිය. එහෙත් Axolotl මේ සියළු දෙනාම පරදවයි. ඌට සම්පූර්ණ පිටුපස බාහුවම පුනර්ජනනය කළ හැකිය. තවද ඇස්, හකු පමණක් නොව හදවතද නැවතවැඩීමේ / පුනර්ජනන හැකියාව තිබේ. තම මොළයේ කොටස් නැවත වැඩිමට හැකි එකම පෘෂ්ඨවංශිකයා Axolotl වේ. සමහර අවස්ථාවලදී එක් කකුලක් අහිමිවු විට කකුල් දෙකක්ම වැඩේ.

උතුරු ඇමෙරිකාවේ සතෙක් වු Wolverine මෙන් පුනර්ජනනය හැකියාවට අමතරව Axolotl ට වෙනත් Axolotl සතුන්ගේ කොටස් වුව තම සිරුරට ඇඳගැනීමේ හැකියාවද තිබේ. කෙටියෙන් පවසන්නේ නම් වෙරලේ විසිරී ඇති වෙන්වු ශරීර කොටස් සහිත Axolotl සත්වයන්ගේ ශරීර කොටස් ඔබ එක ස්ථානයක ලං කළහොත් ඔබ පුදුමයට පත් කරමින් ඒ සියළු කොටස් එකට එකතුවී Axolotl සත්වයෙක් ඇවිද යනු දැකීමටද බොහෝ විට හැකිවනු ඇත.

උපුටා ගැනීම:- Destroy an Axolotl’s Brain and it’ll grow a new one http://www.cracked.com/article_19821_the-5-stupidest-looking-superpowers-in-animal-kingdom.html

http://www.youtube.com/watch?v=EsCSwVx3GvA

October 26, 2014

ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට්


දිනෙන් දින තාක්ෂණය දියුණු වෙමින් පවතින ලෝකයේ සෑම රටක්ම යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරයි. එහිදී ගමනාගමනය (අධිවේගී මාර්ග, ගුවන් පථ නිර්මාණය) , ක්‍රීඩා පිට්ටනි නිර්මාණය, කෘෂි කර්මාන්තය(Green house floors), කර්මාන්ත ක්ෂේත්‍රයේ මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම් වලදී බිම් අලංකරණය සහා වැනි ක්ෂේත්‍ර ගණනාවක් සහා  අද වන විට ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් යොදා ගැනීම බහුලව සිදුකෙරේ.

මෙයින් මංමාවත් ඉදිකිරීම ප්‍රධාන තැනක් ගනී. මාර්ගයක් නිර්මාණය කිරීමේදී වැඩි මුදලක් වැය වන්නේ මතුපිට අතුරන පූර්ව මිශ්‍රණ තට්ටුව (Asphalt Concrete layer) හාය. මාර්ග තැනීමේ මුල් කාලයේ සිටම භාවිතා වූ මැකඩම් නමින් හැින්වූ ක්‍රමය වූයේ සකස් කරන ලද මාර්ග තලයේ මතුපිට 4”,2” හා  ¾” ප්‍රමාණයේ කැටගල් (Metal) තට්ටු වශයෙන් අතුරා ස්ථාවර තත්වයකට පත්වන තෙක් තැලීමෙන් ඒ මතුපිට පිළිවෙලින් උණු කරන ලද තාර දෙවරක් හා වැලි ඇතිරීමත්ය.
අමු තෙල් පිරිපහදු කිරීමෙන් පසු ඉතිරිවන මණ්ඩි එනම්  Bitumen ( සාමාන්‍ය භාවිතයේදී තාර නමින් හැින්වේ.) වල අගය ඉංජිනේරුමය ද්‍රව්‍යයක් වශයෙන් විද්‍යාඥයින්ට වඩ වඩාත් දැනෙන්නට වූයෙන් ඒ පිළිබ නිරන්තර පර්යේෂණයන් සිදු කෙරිණ.

එම පර්යේෂණයන්හි ප්‍රතිඵල වශයෙන් වඩාත් ස්ථායි වූ මාර්ග මතුපිටක් නිර්මාණය කිරීම සඳහා මෙම
බිටුමන් වලින් මිශ්‍රණ සෑදිය හැකි අන්දම පිළිබඳව අත්හදා බැලීම් සිදු කෙරුණි. මෙම අත්හදා බැලීම් වලින් ලත් අත්දැකීම් මත ලෝකයේ බෙහෝ රටවල ඇස්ෆොල්ට් කොන්ක්‍රීට් මාර්ග නිර්මාණය කිරීම ආරම්භ කෙරුණි. ඒ අනුව ගල්, වැලි, ගල්කුඩු (Aggregates) හා බිටුමන් (Binder) විවිධ අනුපාතයන්ට මිශ්‍ර කර (Asphalt Mix Designs) ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් නිෂ්පාදනය ආරම්භ විය. (බිටුමන් සාමාන්‍ය උෂ්ණත්වයේදී ඝණ තත්වයේ පවතී).  මේවා මිශ්‍ර කිරීම සහා විශාල යන්ත්‍ර (Asphalt plant) හා උණුසුම් තත්වයේදී  තිබෙද්දීම ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ වූ වාහනද ඒවා උණුවෙන්ම මාර්ගයේ ඇතිරීම සඳහා ඇස්ෆෝල්ට් අතුරන යන්ත්‍රද  (Aspalt pavers)  හඳුන්වා දෙනු ලැබිණ.

ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් මිශ්‍රණ කරන ක්‍රම කිහිපයක් ඇත.
Hot Mix Asphalt (HMA)       ඇස්ෆෝල්ට් බන්ධනය(Binder) 150C0 -190C0 තෙක් රත් කිරීමෙන් නිෂ්පාදනය කරයි. උණුසුම් තත්වයේ තිබියදීම භාවිතා කළ යුතුය. මෙය ලොව බහුලවම භාවිතා වන ක්‍රමයයි.
Warm Mix Asphalt(WMA)   -  20- 40 C0 උෂ්ණත්වයේදී සිදු කෙරේ. Zeolites, Waxes සහ ඇස්ෆෝල්ට් තෛලෝදය (Emulsion) භාවිතා කර නිෂ්පාදනය කරයි.
Cold Mix Asphalt                   - Aggregate රත්කිරීමෙන් තොරව නිෂ්පාදනය කෙරේ.මේ සහා ජලය සහ Emulsifying Agent රසායනිකයක් සමග බිටුමන් මිශ්‍ර කිරීමෙන් සාදා ගන්නා බිටුමන් ඉමල්ෂනය භාවිතා කරයි.
Cut back Asphalt concrete   - ඇස්ෆෝල්ට් බන්ධනය භූමිතෙල් (Kerosene) තුළ හෝ වෙනත් පෙට්ට්‍රෝලියම් සංඝටකයක ද්‍රාවණය කර භාවිතා කරයි.
Natural Asphalt concrete     - ස්වභාවිකව හමුවන Bituminous rock මගින් නිෂ්පාදනය කෙරේ.

ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් භාවිතයේදී පහත සඳහන් කරුණු පිළිබඳව සලකා බලනු ලැබේ.
ඉක්මනින් ගෙවී නොයාම - Wearing Resistance
ශක්තිය - Strength
ස්ථායි බව - Stability
දැඩි නොවන බව- Flexibility
ඒකාකාරි මතුපිට- Evenness
ජලය යටට කාන්දු නොවීම- Impermeability
කල් පැවැත්ම - Durability
මතුපිට වතුර බැස්ම- Surface runoff
මෙම ගතිගුණ සම්මත සීමාවන් තුළ තබා ගැනීම සඳහා ඇස්ෆෝල්ට් මිශ්‍රණ නිරන්තර පරීක්ෂණයන්ට භාජනය කරනු ලැබේ. කැටගල්(Metal), වැලි , ගල්කුඩු හා බිටුමන් සඳහා වෙන වෙනම වූ විශේෂ පරීක්ෂණ මාර්ගයෙන් ඒවායේ යෝග්‍යතාව නිර්ණය කෙරේ. උදාහරණ ලෙස ගල්කුඩු සහා (Sieve Analysis test) නියමිත ප්‍රමාණයේ අංශු සියල්ලක්ගෙන් පිළිගත් සම්මත ප්‍රමාණවලින් අඩංගුදැයි බැලීය යුතුය. Bitumen penetration test (විනිවිදුම් පරීක්ෂාව) මෙමගින් බිටුමන් වල දුස්ස්‍රාවිතාවය (Viscosity) අනුව විවිධ රටවල පාරිසරික සාධක ( උෂ්ණත්වය වැනි) වලට ගැලපෙන බිටුමන් සම්මත ශ්‍රේණි ගත කිරීමක් කර ඇති අතර එම විනිවිදුම් පරීක්ෂාවෙන් ලබා ගන්නා අගය මත ප්‍රදේශයට සහ කාර්යයට වඩාත් ගැලපෙන බිටුමන් තෝරා ගත හැක.  මෙවැනි පරීක්ෂණ ගණනාවක් මෙම මූලික අමුද්‍රව්‍ය පරීක්ෂා කිරීම සහා කළ යුතුය.

එලෙසම මාර්ගය නිර්මාණය කෙරෙන අතරතුර දිනපතාම ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් සාම්පල පරීක්ෂණාගාරය තුළදී පරීක්ෂණයන්ට භාජනය කරනු ලැබේ. අනුමත මිශ්‍රණය මාර්ගයේ අතුරා තැලීමෙන් පසුවද සාම්පල (core samples) කපා ගෙන ගොස් පරීක්ෂණ කීපයකට භාජනය කරනු ලැබේ.

ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් නිෂ්පාදනයේදී ඉංජිනේරුවන් විසින් හුනාගත් ලොව සම්මත පරීක්ෂණ කිහිපයක් පහත දැක්වේ.
Marshall Mix Designs, Ignition Method of Determining Asphalt Content (ඇස්ෆෝල්ට් ප්‍රමාණය), Maximum Specific Gravity –(උපරිම විශිෂ්ට ගුරුත්වය-), Bulk Specific Gravity of Mixture , Sieve Analysis, Tensile Strength Ratio( ආතන්‍ය ප්‍රබලතාව), Ductility (තන්‍යතාව), Air Voids testing (හිඩැස්) , Flash point (ජ්වලන අංකය), Solubility(Purity) (ද්‍රාව්‍යතාව).
මෙවැනි පරීක්ෂාවන්ට ලක් නොකර භාවිතා කරන ඇස්ෆෝල්ට් කොන්ක්‍රීට් වල ඉහත සහන් කළ ගුණාංග අපේක්ෂා කළ නොහැක.

සකස් කළේ
ඩී.එස්.උඩහේන්තැන්න

උපුටා ගැනීම් -