විශ්වයේ ජීවය
යනු විවිධ දේ පුපුරා යාම (විනාශවීම)
සහ එමඟින් වෙනත් දේවල් නිර්මාණය වීම සහ එම නව නිර්මාණ නැවත විනාශ වීම සමඟ පෙර ක්‍රියාවලියම
නැවත නැවත සිදුවීම පිළිබඳ දිර්ඝ කතාන්දරයකි.
ග්‍රහලෝකයක
ගැටීම හෝ දරුණු
භූමි කම්පන වැනි මහා ව්‍යසන මඟින් පෘථිවිය සලිත වී විනාශ වේ යයි බියෙන් ජීවත්වන අපි
සත්‍ය වශයෙන්ම බිහිවුයේද එවැනි හෝ ඊටත් වඩා
දරුණු උපද්‍රව නිසාය. සෑම වසර මිලියන කිහිපයකට වරක් විශ්වයේ මහා ඝට්ටන සිදුවීමට
ඇති යොමුව ජීවය හට ගැනීමට හේතුවක් බව පැවසේ. එය රුධිරු ආදරයක් බඳුය.
මෙවැනි මහා ව්‍යසනයකින් පෘථිවියේ ජීවය ඇති
වීමට අවස්ථාව උදා කළ සඳු නිර්මාණය විය. එනිසා මහ ව්‍යසනයන් සහිත ඝට්ටන ගැන
තොරතුරු විමසා දැනගැනීම
කාලෝචිතය. ඉතා කුඩා උල්කා ගැටිමෙන් සිදුවන විනාශයන් රඟ දක්වන ආකර්ණීය චිත්‍රපටිවල
මෙන් පෟථිවිය සම්පුර්ණයෙන් විනාශ වීමට අති විශාල උල්කාපාතයන් ගැටීම අවශ්‍ය නොවේ.
එසේ නම් සම්පුර්ණ ග්‍රහයෙකු පෟථිවිය හා ගැටුණු විට කුමක් සිදු වේ ද? එවැන්නක් චිත්‍රපටියකින්
නිරූපණය කිරීමට කිසිවෙකු උනන්දු නොවෙනු ඇත. නමුත් මෙවැනි දේ බොහෝ කලකට පෙර සිදුවී තිබේ.
සුර්යයා ඉපදී
වසර මිලියන 400 කට පමණ පසු සෞරග්‍රහ
මණ්ඩලය හි අභ්‍යන්තරය, යෝධ කඳු අතර වු යුද්ධයක් පිළිඹිබු කරන යුධපිටියක් මෙන් දිස් විය. පෘථිවියේ ළමා
අවධිය නිරිමාණය වෙමින් පැවති මෙම කාලයේදී සිකුරු ග්‍රහයා මෙන් පස් ගුණක් විශාල ග්‍රහයෙකු
ළමා පෘථිවිය මතට සෘජුව කඩා වැටුණි. මෙම පලායන විශාල ග්‍රහයා Theia (තියා) නම් විය.
Theia පෘථිවිය සමඟ ඉතා තඳින් ගැටුන නිසා Theia ගේ මධ්‍යය පෟථිවියේ මධ්‍යය සමඟ එකට ගිනියම් විය. ග්‍රහයන් දෙදෙනාගේම
කැබලි අවකාශයට විදී විසිරුණි. එලෙස විසිවු ග්‍රාහක කොටස් පෘථිවිය වටා භ්‍රමණය වෙමින්
පෘථිවිය සමඟ බැදී පැවතියේය. චන්ද්‍රයා බිහිවුයේ එසේය. ප්‍රධාන ගැටුමින් පසු
සඳු පෘථිවිය සමඟ
බැදීමට ගත වුයේ මසක් වැනි කෙටි කාලයක් බව සමහර විද්‍යාඥයින්ගේ මතයයි .
චන්ද්‍රයාගේ ප්‍රේමණීය රූපයට අමතරව එහි
විශාල ස්කන්ධය පෘථිවියේ ජීවය හට ගැනීමට විශාල හේතුවක් වී තිබේ. චන්ද්‍රයා නොමැති නම් උදම් (මුහුදේ
වඩදිය බාදිය) ඇති නොවේ. මුහුදු මට්ටම වෙනස් වීම නිසා
ජීවීන් සුළු කාලයකදී
ජලය හා වායුවලට නිරාවරණය වේ. එය ජීවින්ගේ අනුවර්තනය හා පරිනාමය
සඳහා බලපෑමක් ඇති කරයි. තවද සමහර සත්වයින් මුහුදෙන් ගොඩබිමට යොමු කිරීමටපෙළඹවීමද මේනිසා සිදුවිය.
මීට අමතරව
සඳුගේ විශාලත්වය නිසා පෘථිවියේ භ්‍රමණය වන වේගය සහ පෘථිවියේ ස්වභාවිකව පිහිටි ඇල (ආනත) ස්වරූපයද ස්ථිර වී
තිබේ. මෙය පෘථිවියේ කාලගුණය විවිධාකාර වීමට හා බෝහෝ කාලයක්
ස්ථාවරව පැවතීමට හේතු විය. එමඟින් ජිවය විසිරී යාම, පරිණාමනය සහ විවිධාකාරවීමට ප්‍රමාණවත් කාලයක්
ලබාදී තිබේ.එය ක්ෂිරපායින්
නිර්මාණයට අවශ්‍ය
වටපිටාව සකස් කළේය.අවසානයේ මනුෂ්‍යයින් වන අප බිහි වුයේ ද එවැනි සාධක ඔස්සේය. එනම්
මෙම අහඹු ග්‍රහලෝක
ගැටුමෙන් ඇති වු
සන්බුන් වලින් ඉතා ප්‍රයෝජනවත් කුට්ටියක / ග්‍රහයකු / වූ චන්ද්‍රයා නිර්මාණය
සිදුවිය.
උපුටා ගැනීම
:-
5 Horrific disasters that made Human life
possible by Sebastian Paquin http://www.cracked.com/article_20349_5-horrific-disasters-that-made-human-life-possible.html
http://www.youtube.com/watch?v=PENT_hnyO-o
0 comments:
Post a Comment