October 20, 2014

චොකලට් ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් “සුපිරි ආහාරයක්”

දේහයේ හැඩය පිළිබඳ උනන්දු වන මෙන්ම ශරීර සුවතාව කෙරෙහි අවධානය යොමු කරන ඔබගේ ආහාර වටිටෝරුවේ චොකලට් වලට හිමිවන්නේ ඉතාම අඩු සැලකිල්ලක් බව නොරහසකි. තවද සුවැති දිවි පෙවෙතක් සඳහා පලතුරු ආහාරයට ගැනීම සුදුසු බව පොදු පිළිගැනීමයි.එයට හේතු ලෙස පවසනුයේ පලතුරු වල ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වීමයි. එම මතයට අභියෝග කරනු ලබන පුවතක් Chemistry Central Journal සඟරාවේ පලවී ඇත.මෙම නවතම පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස චොකලට් වල පලතුරු යුෂවලට සාපේක්ෂව වැඞි ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගුවන බවත්  වැඞි polyphanols හා flavanols ප්‍රමාණයක්අන්තර්ගතබවත් සොයාගෙනඇත.අවම ලෙස සැකසූ චොකලට්මැග්නීසියම් හා අනෙකුත් අතිශය වැදගත් ඛණිජ ලවණ වන කැල්සියම්‚ සල්ෆර්සින්ක්,අයන්ද විටමින් B1, B2,B3,B5,B9,C,E වැනි විටමින් වර්ග ද,හදවතට හිතකර(essential heart-healthy fat) වන oleic acid(monounsaturated fat)හා කෙඳි(fiber) ද අන්තර්ගතවේ.

Hershey Center for Health & Nutrition හි පර්යේෂකයන් චොකලට් පවුඩර්වල හා පිටි බවට පත් කල පලතුරුවල ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර සන්සන්දනයකර බැලීමේදී චොකලට් පවුඩර්වල වැඞි ප්‍රතිඔක්සිකාරක ධාරිතාවක් හා වැඞි polyphanols හා flavanols ප්‍රමාණයක් අන්තර්ගතබවත් සොයාගෙන ඇත.කලු චොකලට් ‚කොකෝවා‚ hot chocolate හා පලතුරු යුෂවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය සන්සන්දනය කර බැලීමේදීකලු චොකලට් ‚ කොකෝවා වල ප්‍රතිඔක්සිකාරක ධාරිතාව polyphanols හා flavanols වැඩිපුර ඇති බව සොයාගෙන ඇත. hot chocolate සැකසීමේදී ඇල්කලීකරණය කිරීමේදී අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණය අඩුවී ඇති බව පැවසේ.
 මෙසේ පෝෂණ පදාර්ථ 300කට වඩා අන්තර්ගතවන චොකලට් සුපිරි ආහාරයක් ”ලෙස වර්ගීකරණය කිරීම අතිශයෝක්තියක් නොවෙයි නේද?
උක්ත පෝෂණ පදාර්ථ මගින් සිරුරට ලබාදෙන වාසි සැකවින් දක්වතොත්
Flavanols හා theobromine මගින් රුධිර පීඩනය අඩුකිරීම හා රුධිර ගමනාගමනය වැඩි දියුණු කරයි.
Flavonoids වල ඇති ප්‍රතිඔක්සිකාරක බලය හා අතිශය වැදගත් ඛණිජ ලවණ මෙන්ම, විටමින් වර්ග මගින් හදවතේ නිරෝගී ක්‍රියාකාරීත්වය ඇති කරයි.( රුධිර පීඩනය අඩුකිරීම, රුධිර ගමනාගමනය වැඩි දියුණු කිරීම හා LDL chollesterol අඩුකිරීම මගින්)
කෙඳි (fiber) මගින්  ආහාර ජීර්ණය ට උපකාර කරන අතර සුදු චොකලට් මගින් ආහාර ජීර්ණක එන්සයිම නිපදවීම උත්තේජනය කිරීම
එමෙන්ම ශාරීරික හා මානසික සුවතාවය පවත්වා ගැනීමටද චොකලටවල අන්තර්ගතවන පෝෂණ පදාර්ථයන් දක්වන්නේ නොමද දායකත්වයකි.
මෙම පර්යේෂණ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස චොකලට් ආදරයේ සංකේතයක් ලෙස භාවිතය තවත් අර්ථවත්වූ බව පර්යේෂක කණ්ඩායමේ නායිකා Dr. Debra Miller පවසයි.

0 comments:

Post a Comment