මිනිසකු තම ජීවිත කාලයෙන් 36% ක් නිදාගන්නා බව ඔබ
දන්නවාද? එනම් අවුරුදු අනූවක් ජීවත්වන පුද්ගලයෙකුගේ ජීවිත කාලයෙන් අවුරුදු 32ක්ම ගෙවී යනුයේ
නින්දේදී ය. ඇයි අපි නිදා ගන්නේ? සැබැවින්ම රාත්‍රී නින්ද මිනිසකුට අත්‍යඅවශ්‍යද?
නොඑසේනම් එය හුදෙක් කාලය නාස්ති කිරීමක්ද? මදක් අපි විමසා බලමු .
අපි නිදාගත් විට
අවධියෙන් සිට අප කරන සියළුම ක්‍රියාවන් තාවකාලිකව නැවතේ. නින්දේදී ශරිරයේ බොහෝ
කොටස් විවේක ගත්තද අපගේ මොළය ක්‍රියාකාරීත්වයේ පවතී. එසේම මොළයේ ඇතැම් කොටස් වඩාත්
වැඩි කාර්යක්ෂමතාවයකින් ක්‍රියාකිරීමට පටන්ගන්නේ රාත්‍රී නින්දේදීය. ශරීරයේ
ගෙවීගිය සෛල නැවත ගොඩනැගීම ( Restoration)
සහ මොළයේ ක්‍රියාකාරීත්වය (Brain
function) යන ප්‍රධාන
කාර්යයන් සිදුවනුයේ නින්දේදිය.
මෙම ප්‍රධාන කාර්යයන් සිදුවන අයුරු වෙන් වෙන්ව විමසා
බලමු
01. ශරීර කොටස් නැවත ගොඩනැගීම -
අවධියෙන් සිටීමේදී විනාශවන සහ ගෙවී යන සෛල නැවත සකස්කිරීමට අවශ්‍යවන සමහර ජාන ක්‍රියාකාරීවන්නේ රාත්‍රී නින්දේදීය. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ
වර්ධක හෝමෝනය (Growth hormone) ස්‍රාවය වනුයේ
දරුවන් ගැඹුරු නින්දේ පසුවන විටය. මේ අනුව පෙරපාසල් වියේ දරුවන්ට පැය 10 - 12 අතර
ප්‍රමාණයක රාත්‍රී නින්දක් අවශ්‍ය වන අතර පාසල් අවධියේ සිටින
දරුවන්ට පැය 9 - 11 අතර ප්‍රමාණයක නින්දක්
අත්‍යවශ්‍ය වේ. එසේ නොමැති වු විට වැඩීමේ ගැටළුවලට ( slowed & stunted growth) මුහුණපෑමට එම දරුවන්ට සිදුවේ. එසේම අවශ්‍ය ප්‍රමාණයට
නින්ද නොලැබුණු විට ඔවුන්ගේ හෘදයේ සහ පෙනහළුවල ශක්තිය අඩුවන අතර ප්‍රතිශක්තිකරණ
පද්ධතියේ ප්‍රබලත්වයද හීනවේ. එමතුද නොව අඩු නින්ද, ආහාර රුචිය හා බඩගින්න ඇතිකරන හෝමෝන වලට බලපෑම් කරන බැවින් වැඩිපුර ආහාර
ගැනීමට සහ කැලරි අධික ආහාර ගැනීමට දරුවන් පෙළඹේ. තවද ඉන්සියුලින් හෝමෝනයට ප්‍රතිරෝධයක් ලෙස බලපාන
අඩුනින්ද Type
2 දියවැඩියාව
ඇතිකිරීමට හේතුවේ.
මොළයේ ක්‍රියාකාරිත්වය
- ප්‍රමාණවත් රාත්‍රී නින්දක් ලබා ගැනීම
මොළයේ මනා ක්‍රියාකාරීත්වයට හේතු වේ. මෙහිදී මොළයේ ස්නායු සම්බන්ධතාවයන් ( Nuro Synapsis) වල වැදගත් සම්බන්ධතාවයන්
තවදුරටත් ශක්තිමත් කරන අතර නොවැදගත් සම්බන්ධතාවයන් හීන කරනු ලබයි.මේ නිසා මතකය
වර්ධනය වන අතර යමක් වටහා ගැනීමට සහ ඉගෙන ගැනීමට ඇති හැකියාව වර්ධනය වේ. එමතුද නොව නිර්මාණාත්මක
හැකියාව තුන් ගුණයකින් වර්ධනය වන අතර වෙනස් සහ අළුත් විසඳුම් කරා
යෑමට ඇති හැකියාව වර්ධනය වේ. එසේම ප්‍රමාණවත් නින්දක් ලැබුන විටකදී මිනිසකුගේ මොළය
අභ්‍යන්තරයේ තිබෙන පයිනල් ග්‍රන්ථිය මගින් මෙලටොනින් හෝමෝනය පිටවීම සිදුවේ. මෙය ගැඹුරු නින්දේදී පමණක් ස්වභාවිකව
පිටවන හෝමෝනයකි. මෙලටොනින් මගින් දවල්
කාලය තුල ඇතිවු වෙහෙස නිවන අතර තරුණ බව ආරක්ෂා කරමින් පිළිකා සෛල වර්ධනයද හීන
කරවයි.
ප්‍රමාණවත් නින්දකින් ලබාගත හැකි යහපත් ප්‍රතිථල මෙන්ම
අඩු නින්දකින් ලැබෙන අයහපත් ප්‍රතිථල පිළිබඳවද දැනුවත්වී සිටීම අප සැමටම වැදගත්වනු
ඇත.
අඩු නින්දක ප්‍රතිථල
1. දිගින් දිගටම නින්ද අඩුවීම නිසා කැෆේන්, නිකොටීන් (මත්ද්‍රව්‍යද) ,
ඇල්කොහොල් වැනි උත්තේජකයින් ඉල්ලීමට මොළය පෙළඹේ.
2.දිගින් දිගටම පැය 5ට වඩා අඩු නින්දක් ලබන පුද්ගලයකුගේ බර වැඩිවීමට 50% ක
සම්භාවිතාවයක් ඇත. ග්‍රෙලින් නැමැති හෝමෝනය (Hunger
hormone) නිදහස් වීම
මෙයට හේතුවේ. (එවිට කාබෝහයිඩ්රේට විශේෂයෙන්ම සීනි අවශ්‍ය බව මොළය දැනුම්දෙයි )
03. අඩු නින්ද ක්ලෙමථය (Stress ) ඇතිවීම කෙරෙහිද බලපානු ඇත. විශේෂයෙන්ම දිගින් දිගටම පවතින ක්ලෙමථයෙහි සෘජු
ප්‍රතිථලය වනුයේ මතකය අඩුවීමයි.
04. අඩු නින්ද ප්‍රතිශක්තීකරණය හීන වීම කෙරෙහි බලපාන බව පර්යේෂණ මගින් හෙළිවී
ඇත. රාත්‍රී වැඩමුරයන්හි නිරතවන
පුද්ගලයින්ගේ රෝග සෑදීමේ අවධානම විශේෂයෙන්ම
පිළිකා සෑදීමේ අවධානම වැඩිබව හෙළිවී ඇත.
ඔබ අවශ්‍ය ප්‍රමාණයට නින්ද ලබන පුද්ගලයෙක්ද? සාමාන්‍ය පුද්ගලයෙකු
දිනකට පැය 8ක රාත්‍රී නින්දක් ලැබිය යුතුය. නමුත් එක් එක් පුද්ගලයාගේ ශරීර ස්වභාවය
අනුව මෙය අඩු වැඩි විය හැක. ඔබගේ ශරීර ස්වභාවය අනුව ඔබ ලැබිය යුතු නින්දේ ප්‍රමාණය
මැනගත හැක්කේ කෙසේද?
01. ඔබ නැගිටින්නේ එලාම් ඔරලෝසුවක් භාවිතයෙන් නම්,
02. ඇදෙන් නැගිටීමට සැලකිය යුතු වෙලාවක් ගන්නේ නම්,
03. ඔබගේ මුහුණින් මහන්සි ස්වභාවයක් දිස්වන්නේ නම්,
ඔබ ලබාගන්නේ අඩු නින්දකි. නින්ද පිළිබඳ
අවදි වන්න.ස්වභාව ධර්මයෙන් නින්ද මිනිසාට ලැබී ඇත්තේ එය නිරෝගී දිවි
පැවැත්මකට අත්‍යාවශ්‍ය නිසාය. එබැවින් ඔබට හැකි හැමවිටම ප්‍රමාණවත් නින්දක් ලබා
ගැනීමට උත්සුක වන්න.
“TED TALK” web අඩවිය ඇසුරින් සකස් කරන ලද්දේ
කාංචනා හෙට්ටිආරච්චි
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
කැලණිය
1 comments:
Hey there! Someone in my Facebook group shared this
site with us so I came to check it out. I'm definitely enjoying the information. I'm bookmarking and
will be tweeting this to my followers! Great blog and great style and design.
Feel free to visit my site diets ()
Post a Comment