නවතම පර්යේෂණවල ප්‍රතිඵලයක්
ලෙස ගස්ලබු කොළවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක,
ජීර්ණක එන්සයිම හා අනෙකුත් පෝෂණීය ගුණවලට වැඩිවන පිළිකා සෛලවලට එරෙහිව සටන් කල හැකි බව සොයාගෙනඇත.මෙය
දැනටමත් පිළිකා රෝගයෙන් පීඩාවිඳින සුවහසක්දෙනාට නැවුමි බලාපොරොත්තු
ඇති කරනු නියතයි.
University of Floridaහි වෛද්‍ය Nam Dang මහතා පර්යේෂණාගාර තත්ව යටතේ වියළි ගස්ලබු කොළ භාවිතා කර පිළියෙල කර ගත් නිස්සාරකයක් මගින් සෘජුවම
පිළිකා සෛල විනාශ කළබව හා වැඩෙන පිළිකා සෛලවල වර්ධන වේගයද අඩුකළබවත් පැවසීය.අක්මා,පෙනහලු, ගැබිගෙල හා පියයුරැ පිළිකා සියලු ඇතුලු පිළිකා වර්ගවල පිළිකා සෛල විනාශ කළ හැකි බව ඔහු පවසයි. ගස්ලබු කොළ නිස්සාරකයේ පිළිකා නාශක ගුණය මාත්‍රාව(Dosage) අනුව වැඩිවන බව ගණනය කර ඇත. තවද මෙමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා වැදගත්වන Th1-type cytokines නිපදවීම
වේගවත් කිරීම නිසා ප්‍රතිශක්තිය වැඩි කරයි.
ගස්ලබු කොළ නිස්සාරකය භාවිතය නිසා කිසිඳු දෘශ්‍යමාන අතුරැ ආබාධයක් නොමැති බව වෛද්‍ය Nam Dang
මහතා සිය සායණික
අත්දැකීමි ඇසුරින් පවසයි.තවද ශරීරයට විෂ
සහිත සංඝඨක නිකුත්කිරීමක්ද සිදු නොවන බව ඔහු පවසයි.එබැවින් දීර්ඝ කාලයක් භාවිතා කලද ශරීරයට අහිතකර තත්වයක්ඇති නොවන බව ඔහු පෙන්වා දෙයි.
මෙය ගෙදරදීම
පිළියෙල කර ගත හැකි ( Home made) පිළිකා ඖෂධයක්ද?
සුවකල නොහැකි බවට පවසා අතහැර දැමූ රෝගීන් තමා විසින්ම පිළියෙල කර ගත් ගස්ලබු කොළ නිස්සාරකයක් බීමට ගැනීමෙන් සුව අතට හැරැණු බව වාර්තාවේ. Stan Sheldon නමැති
(Gold Coast in Australia හි පදිංචි)
පුද්ගලයා සුවකල නොහැකි බවට පවසා අතහැර දැමූ පෙනහලු පිළිකා රෝගීයෙකි.ඔහු ගස්ලබු කොළ හොඳින් සෝදා කැබලිවලට කපා ජලය ලීටර දෙකක් පමණ දමා බුබුලු දමන
තෙක් උණුකර අඩක් දක්වා හිදෙන්නට හැර සාදාගත්
නිස්සාරකය දිනකට තුන්වරක් පානය කරන ලදි. මාස දෙකක්පමණ
භාවිතයෙන් පසු පිළිකා සෛල තිබේදැයි කරන ලද පර්යේෂණයේදී පිළිකා සෛල නොමැති බව තහවුරැවී ඇත. සාදාගත් නිස්සාරකය වීදුරැ බඳුනක දමා ශීතකරණයක් තුළතැන්පත්කර
කල්තබා ගත හැකි බවද ඔහු පවසයි.ඔහු තම වටිටෝරැව ලබා දුන් පිරිසද පිළිකා රෝගයෙන් සුවපත් වූහ.
අමු ගස්ලබු කොළ ඇඹරැමි උපකරණයක් භාවිතයෙන් හොඳින් අඹරාගත් ගස්ලබු කොළ යුෂ වශයෙන් මෙන්ම අමු ගස්ලබු කොළ සොයාගත නොහැකි පුද්ගලයන්ට
වියළි ගස්ලබු කොළ තේ වැනි පානයක්
ලෙසද දිනපතා භාවිතා කළ හැක.මෙම පුතිකාරය අනෙකුත් පිළිකා පුතිකාර විධි සමග වුවද භාවිතා කළ හැක.තවද ගස්ලබු කොළ පැසවීමට ලක් කිරීම මගින් තවදුරටත් සාන්දු නිස්සාරකයක් පිළියෙල කරගත හැක.
0 comments:
Post a Comment