
විටමින A ඌනතාවය අවම කිරීමට එක් ක්‍රමෝපායක් ලෙස බත් ප්‍රධාන ආහාරයක් ලෙස පරිභෝජනය
කිරීම නිසා විටමීන A වල පූර්වජකයක් වන β- කැරොටීන් වැඩිපුර අඩංගු
සහල් නිපදවීමට ජාන ඉංජිනේරු තාක්ෂණය භාවිතා කර වී සදහා ප්‍රවේණිකව වැඩි දියුණු කළ
ප්‍රභේද නිපදවීමට විද්‍යාඥයින් උනන්දු විය.
එහි ප්‍රතිඵලයක් ලෙස Golden
Rice නැමති වී ප්‍රභේදය ලොවට හදුන්වා දෙන ලදී.
Golden
Rice නැමති වී වර්ගය එහි මවු වර්ණදේහ වලින්
වෙනස්වන්නේ එයට 3 – β carotene biosynthesize නැමති ජානයක් එකතු කිරීම මගින්ය. මෙය ජෛව තාක්ෂණයේ හැරවුම් ලක්ෂයක් ලෙස ද
පර්යේෂකයන් පෙන්වා දී ඇත.
2005 වර්ෂයේ දී Golden Rice 2 නැමති වී ප්‍රභේදයක්
පර්යේෂණ මගින් නිපද වූ අතර එම ප්‍රභේදය ප්‍රථමයෙන් නිපද වූ Golden Rice ප්‍රභේදයට වඩා
විසිතුන් ගුණයකින් β- කැරොටීන් නිෂ්පාදනය කරණ බවට සොයාගෙන ඇත.
ඒ.එම්.සී.එල්. සේනාධීර,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
පඩුවස්නුවර (බටහිර).
උපුටා ගැනීම: http://www.goldenrice.org/
0 comments:
Post a Comment