October 3, 2014

සිගරට් බිව්වොත් මොකද වෙන්නේ


සිගරට් බොන දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මිය යන්නේ සිගරට් නිසා ඇතිවන රෝගී තත්වයකින්. ඒ කියන්නේ සිගරට් බොන අයගෙන් 50%ක් සිගරට් නිසා මිය යනවා. මේ විදියට වසරකට මිය යන සංඛ්‍යාව ගණනය කලොත්, ඒ සංඛ්‍යාව මෝටර් රථ අනතුරු, සිය දිවි නසාගැනීම, මනුෂ්‍ය ඝාතන, ක්ෂය රෝගය, මාතෘ මරණ ආදිය නිසා මිය යන සංඛ්‍යාවේ එකතුවටත් වඩා වැඩියි.
දුම්කොළ වල අඩංගු විවිධාකාරයේ විෂ රසායන ද්‍රව්‍ය අපේ ශ්වසන මාර්ගයට ඇතුල් වුනාම ඒවා අපේ ශරීරයට එරෙහිව ක්‍රියා කරනවා. ඒ නිසා මේ විදියේ රෝගාබාධ ඇති වෙන්න පුළුවන්.
·         හෘද රෝග (හෘදයාබාධ, ආඝාත, හේතුවක් නැතිව හදිසියේ මියයාම, රුධිර වාහිනී ආශ්‍රිත රෝග ) 
·         පිළිකා (පෙනහළු, මුඛකුහරය,  අන්නශ්‍රෝතය, ආමාශය, අග්න්‍යාශය, ස්වරාලය, මුත්‍රාශය, අක්මාව, ලියුකේමියා, වකුගඩු) 
·         නිධන්ගත පෙනහළු රෝග
·        ප්‍රජනක සෞඛ්‍යය (reproductive health) සම්බන්ධයෙන් ඇති වෙන ගැටළු 
දුම් බොන අය ළඟ ඉන්න දුම් නොබොන අයටත් මෙය බලපානවා. එය "අක්‍රීය දුම් පානය"නම්වේ. එසේ වෙන්නේ, සිගරට් දුමෙන් ¾ ක් පිට වෙන්නේ වායුගෝලයට. මේ දුම සාමාන්‍ය වාතයට වඩා බරින් වැඩි නිසා සුළඟට ගසාගෙන යන්නෙ නැතිව ඒ අවට පරිසරයේම රැඳි තියෙනවා. මේ නිසා දුම් නෙබොන කෙනෙකුටත් මේ දුම ආඝ්‍රාණය වෙන්න පුළුවන්.
අක්‍රීය දුම් පානය නිසා මෙන්න මේ දේවල් වෙන්න පුළුවන්.
·         හදිසියේ ළදරුවන් මියයාම 
·         නිධන්ගතව පවතින කැස්ස 
·         කණේ ආසාදන
·         ඇදුම 
ගර්භනී මවක් අක්‍රීය දුම් පානයට ගොදුරු වුනොත් කළලයට මේ විදියට බලපාන්න පුළුවන්.
·         අඩු බර දරු උපත්
·         නොමේරූ ළදරුවන් බිහි වීම (සති 36ට අඩු) 
·         ගබ්සා වීම 
·         මළ දරු උපත් 
·         ආබාධ සහිත දරුවන් ලැබීම 

0 comments:

Post a Comment