Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

September 30, 2014

වසර 2100 ට වඩා පැරණි පරිගණකයක්


මේ ඡායාරූපයේ තියෙන්නේ වසර 2100කට වඩා පැරණි පරිගණකයක කොටසක්.අපි දැන් ඉන්නේ තොරතුරු තාක්‍ෂණ යුගයක කියල කිව්වට අපි ඇතැම් විට මිට වඩා දියුණු යුග පසු කර ඇවිත් ඇති. මේ එවැන්නකට කදිම සාධකයක්.
මේ පරිගණකයට කියන්නේ Antikythera mechanism හෙවත් ඇන්ටිකිතරා යන්ත්‍රයකියල. මෙය සම්පුර්ණයෙන්ම යාන්ත්‍රිකව ක්‍රියාත්මක වන පරිගණකයක්. මෙය නිර්මාණය කර තිබෙන්නේ ක්‍රි.පූ 100 හෝ 150 වැනි කාල වලදී, ඒ කියන්නේ අදින් වසර 2100ක් පමණ ඈතදී. ග්‍රීක විද්‍යාඥයින් පිරිසක් විසින් නිර්මාණය සැලකෙන මේ යන්ත්‍රය යොදාගෙන තියෙන්නේ තාරකා පිහිටීම සහ චන්ද්‍රග්‍රහණ ආදිය පිළිබඳව දැන ගැනීමට බවයි කියවෙන්නේ.
මෙම පරිගණකයේ කොටස් මුලින්ම සොයාගෙන තියෙන්නේ වසර 1900 දී ග්‍රීසියේ Antikythera දිවයින ආසන්නයේදී. මුහුදු පතුලේ තිබී හමුවී ඇති මෙය ඉතිහාසය පිළිබඳ අලුත් පිටුවක් පෙරලන්න සමත් වෙලා තියෙනවා.
මේ ඡායාරුපයේ තියෙන්නේ එම යාන්ත්‍රික පරිගණකයේ භාවිතා කල ගියර් විල් එකක්. මෙය මිලිමීටර් 140ක පමණ විශ්කම්භයකින් යුතු වන අතර ගියර් දත් (gear teeth) 223කින් සමන්විතයි. මෙවැනි ඒවා 30ක් පමණ එහිදී සොයා ගෙන ඇති අතර තවත් ඒවා තිබෙන්නට ඇති බව සැක කෙරෙනවා. ක්‍රි.පූ 100 දී පමණ ගියර් වීල් එකක් නිර්මාණය කර තිබුනා කියන කාරණය තුලම එවක දියුණු තාක්‍ෂණයක් තිබුණු බව තහවුරු වෙනවා. කොහොම වුනත් පසුකාලීනව එම තාක්‍ෂණය ගිලිහි ගොසින් නැවත 14 වන සියවස වැනි කාලවලදී තමයි එම තාක්‍ෂණය යලිත් ඉස්මතු වන්න පටන් ගෙන තියෙන්නේ.
මෙම ඇන්ටිකිතරා යන්ත්‍රය සොයා ගැනීමෙන් (1900 දී පමණ), තවත් ශතවර්ෂයකට පමණ පසුව වත්මන් විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය ප්‍රති නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.
මෙම ඇන්ටිකිතරා යන්ත්‍රය සොයා ගැනීමෙන් (1900 දී පමණ), තවත් ශතවර්ෂයකට පමණ පසුව වත්මන් විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය ප්‍රති නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.
මෙම ඇන්ටිකිතරා යන්ත්‍රය වගේම අපේ රටේ තිබුණ අති විශිෂ්ඨ වාරි සහ ගෘහ නිර්මාණ තාක්ෂණය වගේම යෝධ පිරමිඩ යන මේ කරුණු සියල්ල එකට යාකොට බලන විට විද්‍යාමාන වන එක් ප්‍රධාන කරුණක් ඇත. එනම් ඓතිහාසික මානව වර්ගයා සතුව ඉතා දියුණු තාක්‍ෂණයක් පවතී බවයි. කෙසේ වෙතත් අපගේ වර්තමාන දැනුම මත පදනම් වූ දෘෂ්ඨිකෝණයකින් බලා මෙම තාක්‍ෂණයේ රහස් හෙළි කර ගත හැකිද යන්න බරපතල ගැටලුවකි.

උපුටා ගැනීම  -  විදු ලොවින්
සකස්කළේ :
අනුර දික්වැල්ල
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
ගොනපිනුවල .

හෘදයේ පොම්පකිරීමේ ශක්තියට දිගුකාලයක් සඳහා කාබන් නැනෝනාලිකා පැලැස්තර


කාබන් නැනෝනාලිකා පැලැස්තර මගින් ඔබේ හෘදයේ පොම්පකිරීමේ ශක්තිය වඩාත් හොදින් ශක්තිමත්ව දිගුකාලයක් පවත්වාගන්න.1985 වර්ෂයේදී රයිස් විශ්වවිද්‍යාලයේ රිචඩ් සම‘ලි විසින් කාබන් වල නවතම ආකාරයක් සොයාගත් අතර එය “බක්මිනිස්ටර්ෆලුවරන්ස්“   (buckminsterfullerene) ලෙස හෝ සරලව C60 ලෙස හඳුන්වන ලදී. පසුව ඔහු කාබන්වල නැනෝනාලිකා සංස්ලේශණය කිරීමේ නවතම ක්‍රමවේදයක් සොයාගන්නා ලදී. මෑත කාලීනව රයිස් හි ජීව ඉන්ජිනේරුවන්  හෘදයේ සිදුරු නිසා රෝගීවූවන්ට උපකාරී වන ශක්තිමත් මෙන්ම සංනායකතාවය සහිත අවහිරකිරීමක් (පැලැස්තරයක්) නැනෝනාලිකා මගින් නිර්මාණය කිරීම පිළිබඳ පර්යේෂණ සිදුකර ඇති අතර එය ඔවුන්ගේ පරීක්ෂණ පත්‍රිකාවක් වන  ACSNano හි විස්තර කර ඇත. ඔවුන්ගේ මෙම විශිෂ්ඨ කාඩියැක් පොටි විශේෂය ඉහත රූපයේ පෙන්වා ඇත.
ලොව සියළු දෙනාම පාහේ සිය ශරීරයේ භෞතික වෙනස්වීමකට අදාල විශීෂ්ඨ වූ දුෂ්කර ක්‍රියාවලියක් ඉවසා දරාගෙන සිටී. එනම් උපතේදී හෘදයේ වම් හා දකුණු කර්ණිකා අතර පවතින දොරටුව (සිදුර) වැසී යාමයි. මෙම සිදුරට හේතුව ගැබෙහි වූ දරුවා ඔක්සිජන් ලබාගනුයේ මවගේ කලල බන්ධය හරහා වන අතර එබැවින් ඔහුගේ පෙනහළු භාවිතයට නොගැනීමයි. මෙලොවට බිහිවන විටම පෙනහළු ක්‍රියාකාරී වන අතර ඒ සමගම හෘදයේ දකුණු පසින් ඇතිකරන පීඩනය වේගයෙන් පහලට ගමන් කිරීමෙන් සංකීරණ භෞතික හා රසායනික ක්‍රියාවලි පෙලක් සිදුවේ. නමුත් ඇතැමුන්ගේ මෙම ක්‍රියාවලිය නිසි ආකාරයෙන් සිදු නොවන අතර එනිසා හදවත නමැති පොම්පයේ ප්‍රසස්ථ ක්‍රියාකාරීත්වය නොලැබේ. මෙම ගැටළුවට අමතරව වෙනත් අවධානයට ලක් නොකිරුණු හෘදයේ සංකුලතා බොහෝමයක් පවතී.

රිච් පර්යේෂකයන් මීට පෙර කයිටොසාන් (chitosan) පදනම්කරගත් හයිඩ්‍රොජෙල් පැලැස්තර විශේෂයක් වැඩිදියුණු කරන ලද අතර එය හෘදයේ සිදුරු වැසීම සඳහා භාවිතය පිළිබඳ පර්යේෂණ සිදුකර ඇත. (කයිටොසාන් යනු ඉස්සන් වැනි කවච සහිත ජීවීන්ගේ භාහිර ආවරණයේ පවතින කයිටීන් වලින් නිෂ්පාදනය කරනු ලබන සංයෝගයකි.) මෙම කයිටොසින් මගින් නිර්මිත දැලෙහි පවතින සිදුරු අතරට හෘත් සෛල ගමන් කිරීමෙන් හෘත් සිදුරු සාර්ථකව අවහිර වීමක් සිදුවූ නමුත් මෙහි ඇති ගැටළුව නම් මෙම පැලැස්තරය විද්‍යුතය සංනයනය නොකිරීමයි. මින් හෘදය හෘත් ප්‍රිබ්‍රිලේශන් (state of fibrillation) නම් අවධානම් තත්වයට පත්වේ. පැලැස්තරය සඳහා නැනෝ නාලිකා නියමිත සාන්ද්‍රණයට සම්බන්ධ කලේ නම් එමගින් හෘත් කොන්ක්‍රීට් ව්‍යුහයට වැරගැන්වූ සැකිල්ල්ක් ලැබෙනු ඇත.[DOI: 10.1021/nn503693h]



වෙනත් පර්යේෂකයන් පිරිසක් විසින් ස්වභාවික ක්‍රියාකාරිත්වය සහිත හෘත් පටක නැනොනාලිකා යොදාගෙන නිපදවීම පිළිබඳ පර්යේෂණ සිදුකර ඇත. මෙහිදී හෘත් සෛල මගින් නැනෝනාලිකා විකර්ෂණය කල හැකි බැවින් ඒවායේ සාන්ද්‍රණය ඉතා අඩු මට්ටමක (67 ppm) පවත්වා ගත යුතු වේ. කයිටොසාන් හා නැනෝනාලිකා වඩාත් හොඳ මිශ්‍රණයක් බව රයිස් හි ඉන්ජිනේරුවන් පවසයි. කයිටොසාන් හි ජලකාමී හා ජලභීතික කොටස් දෙකම පවතින බැවින් ඒවා නැනෝනාලිකා සමග මනාව ආකර්ෂණය වේ. මෙයට පර්යේෂකයන් විසින් පෙර භාවිත ජෛව පදාර්තයේ පැවති පොලිකැප්රොලැක්ටෝන් (polycaprolactone) නමැති සංයෝගයද එක් කර ඇති අතර එය මූලික ව්‍යුහයට ආධාරකයක් ලෙස ක්‍රියා කරයි. 

මෙලෙස නිර්මිත පැලැස්තර වල විද්‍යුත් සංනයන වේගය ස්වභාවික හෘත් පටල වල වේගයට (22 ± 9 cm/s) වඩාත් සමානව සිදුවන බව හා හෘදයේ බිත්ති හා සමානව ශක්තිමත්ව ක්‍රියාකිරීමේ හැකියාව පවතින් බව ඉහත කණ්ඩායම සොයාගෙන ඇත. මේ හේතුවෙන් මෙම ප්‍රතිකාර ක්‍රමය හෘදය ආශ්‍රිත බොහෝ රෝග හා සින්ඩ්‍රෝම තත්වයන් සමනය කිරීමට හේතුවනු ඇත. නමුත් මෙහි තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන අතර නුදුරු අනාතතයේදී මෙම සන්නායක පටක පැලැස්තර  (conductive tissue patch) ලොව හෘද රෝගීන් බොහෝමයකගේ ජීවිත බේරාදෙනු ඇත. 

උපුටා ගැනීම.:
www.extremetech.com/extreme/190939-carbon-nanotube-patches-can-keep-your-heart-pumping-longer-better-stronger       
By John Hewitt on September 26, 2014 at 1:28 pm

September 29, 2014

ලොව විශ්මිත හතු ඔබ දන්නවාද?

                                           
                                            1 Agaricus bisporus -

ආහාර සදහා යොදාගන්නා බිමිමල් අතර මෙය ඉතා ජනප්‍රිය වේ.මෑත කාලය තුල සංවර්ධිත රටවල පවා ආහාරය සදහා මෙම බිමිමල් වගාව සීඝ්‍රයෙන් දියුනුවි ඇත.


2 Lactarius deliciosus - මෙම විශේෂය Saffron Milk Cap යනුවෙන්ද හදුන්වනු ලැබේ.තැඹිලි පාටින් ආරමිභ වී ,කොළ පැහැයට හුරුවක් ගැනිම සිදුවන්නේ බිමිමල හොදින් වැඩෙන විටදීය.බිමි මලේ මුදුන දැඩි ගතියක් දක්වයි.බිමි මල හොදින් වැඩුනු පසුව ක්‍රිමි පැහැයක් ගනු ලැබේ.මෙය ආහාරයට ගනි.

3 Lactarius hepaticus - මෙය Liver Milk Cap යනුවෙන්ද හදුන්වනු ලැබේ.ග්‍රිස්ම සෘතුවට පසු පයින් ගසේ මෙය වර්ධනය වේ.

4 Lactarius eamphoratus - මෙය curry Milk Cap යනුවෙන්ද හදුන්වනු ලැබේ.කේතු ධර දැව වර්ගවල බෙහෙවින් හ‍ට ගැනේ.
5  Lactaius rufus - මෙය red Milk Cap යනුවෙන්ද හදුන්වනු ලැබේ.පයින් ගසේ ,සරත් සහ ග්‍රිෂ්ම සෘතුවලට පසුව හ‍ට ගැනේ.

6 Enokitake,Buna-shimeji,Bunapi-shimeji,King oyster mushroom  හා  Shiitake යන බිමිමල් ජපානයේ වාණිජ වශයෙන් ආහාරය සදහා වගා කරනු ලැබේ.

7  වාණිජව වගාකරන ආහාරයට ගතහැකි කැලෑබිමිමල් විශේෂ වනුයේ.
Chanterelles විශේෂ

Boletus  edulis

Hericium coralloides
                                                  Clitocybe nuda

8 Mycena epipterygia - මෙය yellow Stalk යනුවෙන්ද හදුන්වනු ලැබේ.මෙය යුරෝපයේ සුලභව දැකිය හැක.වැඩි වශයෙන් කේතුධර වර්ගයේ දැවවල හට ගැනේ.මැද කොටස් කහ පැහැයෙන් යුක්ත වන අතර මුදුනත තොප්පියක හැඩයෙන් කවාකාරව පිහිටා තිබේ.

9 Mycena rubromarginata - මෙය pink Bonnet යනුවෙන්ද ව්‍යවහාර වේ.පයින් දැවයේ සමුහ වශයෙන් ග්‍රිෂ්ම සෘතුවේදි හට ගැනේ.

10 Mycena Lactea -
මෙය Snow Bonnet යනුවෙන්ද හදුන්වයි.සමුහ වශයෙන් පයින්  දැවවල  සෙවන යට ග්‍රිෂ්ම සෘතුවේදි හටගැනේ.ලා සුදු පැහැයෙන් යුක්ත වේ.

11 Mycena Cinerella - මෙය Mole cap ලෙසින්ද හදුන්වනු ලැබේ. ග්‍රිෂ්ම සෘතුවේ. දි හටගැනේ.ලා දුඹුරු පැහැයෙන් යුක්ත වේ.
12 Russula sardonia- මෙම හතු වර්ගයේ මුහුනත තද දමි වර්ණයෙන් යුක්ත වන අතර තද ආවරණයකින් යුක්ත වේ..පසේ 50%කින් යුක්ත වු ඇමෝනියමි හයිඩ්‍රොක්සයිඩි මත හට ගැනෙන අතර හතු පිපී විනාඩි 10 ක් අතරතුර පැහැය වෙනස් වේ.
13 Russula Coerulea - මුහුනත තද දමි වර්ණයෙන් යුක්ත වේ. මුලින්ම කහ පැහැයෙන් හට ගනි.තද සුදු පැහැයෙන් යුක්ත වේ.
14Russula nauseosa - රතු දුඹුරු පැහැයෙන් යුක්ත වේ.කුඩාවට හටගැනේ.ප්‍රථමයෙන් හට ගැනිමේදි කහ පැහැයෙන් යුක්ත වේ.

15 Russula puellaris -
 දමි රෝස පැහැයෙන් යුක්ත වේ.අනෙකුත් හතු මෙන් ඵතරමි විශාලයට හට නොගනි.ඉතා කුඩාද නො වේ.

 16 Clitocybe Langei - මෙම හතු වර්ගය බොහෝවිට කේතුධර දැවවල ශිත සෘතු වේ දි හට ගනි.මෙම හතු වර්ගය මුළුමනින්ම දුඹුරු පුහුයෙන් යුක්ත වේ.ආහාරයට සුදුසු බිමිමල් වර්ගයකි.

17 Clitocybe Clavipes - මෙම හතු විශේෂය club foot යන නාමයෙන් ව්‍යවහාර කෙරේ.දුඹුරු අඵ පැහැයෙන් යුක්ත වේ.විවිධ හැඩයෙන් යුක්තයි.


18 Clitocybe nebulavis – ආහාරයට සුදුසු හතු වර්ගයකි.

19  Fomes fomentarius - ස්වභාවික කෙදි වර්ණ ගැන්විම සදහා මෙම බිමිමල් වර්ගය යොදා ගනි.මෙම බිමිමල් වර්ණක මගින් විවිධවු වර්ණ ලබාගත හැක.කෘත්‍රිම වර්ණක සොයාගැනීමට ප්‍රථම මෙම බිමිමල් වර්ණක රෙදිපිලි වර්ණගැන්වීම සදහා යොදාගෙන ඇත.

උපුටා ගැනිම-en.wikipedia.org/wiki/Mushroom
කේ.ඵචි.ඵමි.ඵමි.ඵමි ජයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි