September 10, 2014

පස රහිතව වගා කරමු.

පසෙහි  වගා  කිරීමේදී මතුවන   විවිධ සීමාකාරී  සාධක   මගහැරවීම සදහා භාවිතා කළ හැකි විකල්ප ක්‍රම පිලිබදව කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ජල රෝපිත හෙවත් පස් රහිත වගාව (Hydroponics / Soilless culture) දියුණූ වී ඇත.
1929 දී කැලිපෝනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය විලියම් එන් ග්‍රීකේ විසින් තක්කාලි ශාකයක් ජලීය පෝෂක මාධ්‍යක සාර්ථක ලෙස වගා කළ අතර ඔහු මෙම ක්‍රමය ජලාරෝපිත වගාව (Hydroponics) ලෙස නම් කළේය. ග්‍රීක භාෂාවෙන් හයිඩ්‍රො (Hydro) යනු ජලය වන අතර පෝනෙස් (phones) යනු ක්‍රියාකාරි යන්නයි. එනම් මෙහි අදහස් ක්‍රියාකාරී ජලය (Hydroponics) යන අර්ථය ලබා දෙනු ඇත.
ලාරම්භයේදී පෝෂක ද්‍රාවන තුළ වගාව පමණක් හයිඩ්‍රොපොනික් ලෙස හැදින්වුවද වර්තමානයේ පස් රහිතව වෙනත් මාධ්‍යක් සහිතව හෝ රහිතව පෝෂණ ද්‍රාවක උපකාරයෙන් කරනු ලබන සියලුම වගාවන් ජලාරෝපිත වගාවන් ලෙස හදුන්වයි.


 
ජල රෝපිත වගාව සිදුකල හැකි ක්‍රම කිහිපයකි.

01. පෝෂක ද්‍රාවණ තුළ වගාව (Solution culture or liquid hydrophonics) (ආකාර දෙකකි.)
  • සංවෘත පද්ධති තුළ සංසරණය වන ක්‍රම.(මෙහිද ක්‍රම 02 කි.)
                   1.පෝෂණ ද්‍රව්‍ය පටල තාක්ෂණය (Nutrient film technique - NFT)
                   2.ගැඹුරු පෝෂණ ධාරා තාක්ෂණය 
(Deep flow technique - DTP)
  • විවෘත පද්ධති තුළ ද්‍රාවණ සංසරණය නොවන ක්‍රම.මෙහිද ක්‍රම 03 කි)
                  1.ජලීය පෝෂක මාධ්‍යයක මුල් ගිල්වූ වගා තාක්ෂණය (Root Dipping Technique)
                  2.පාවෙන ස්ථරයක වගා තාක්ෂණය 
(Floating Technique)
                  3.කේෂාකර්ෂණ අවශෝෂණ වගා තාක්ෂණය(Capillary action Technique)
02.  ඝන මාධ්‍යක වගාව (Solid media culture or Aggregate system) (ආකාර හතරකි.)
විවෘත හෝ සංවෘත ක්‍රමයට වගා ව්‍යූහ භාවිත කළ හැකිය.

               1.සිරස් ලෙස රැඳවූ වගා මලු තාක්ෂණය - Hanging bag technique
               2.තිරස් වගා මලු තාක්ෂණය - Horizontal grow bag Technique
               3.ඝන මාධ්‍ය පිරවූ කාණු හෝ පාත්ති තුළ වගා තාක්ෂණය - Trench or troughTechnique
               4.බඳුන් තාක්ෂණය - Pot Technique

03. වා‍යුරෝපිත වගාව - Aeroponics (ආකාර 02 කි)

              1.පෝෂණ ද්‍රාවණ වලාවක් තුළ වගා තාක්ෂණය - Fog Feed Technique
              2.පෝෂණ ද්‍රව්‍ය විසිරුමක් තුළ වගා තාක්ෂණය - Root Mist Technique

     මෙම වගා ක්‍රම වලින් සුදුසු ක්‍රමයක් තේරීමේදී පරිසරයෙහි ලබා ගත හැකි ඉඩ, මූල්‍යමය පහසුකම,ලාබදායී සහ පහසුවෙන් ලබාගත හැකි මාධ්‍යය, ඒකීය ක්ෂේත්‍රයක ලබා ගත හැකි අස්වැන්න, නිෂ්පාදිතයේ පෙනුම,පැහැය,හානිදායක ක්ෂුද්‍රජීවින්ගෙන් තොර වීම ගුනාත්මක බව ආදි සාධක කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
      මෙ වගා ක්‍රමය යටතේ පුලුල් පරාසයක බෝග වගා කළ හැකි අතර කොළ එළවලු ලෙස සළාද,ගෙඩි සළාද,කන්කුන්,ගොටුකොළ වගා කළ හැක. තක්කාලි, මාලු මිරිස්,බටු,පිපිඥ්ඤා, රාබු,බෝංචි,බීට්,දඹල,ගෝවා,මල් ගෝවා, වැනි එළවලු වර්ගද ස්ටෝබෙරි,මෙලන්,වැනි පළතුරු වර්ගද වගා කළ හැකි අතර ඇන්තුරියම්,කෝලියාස්,රෝස, මෙරිගෝල්ඩා,ඕකිඩ්, ජර්බෙරා,කපුරු,සහ කානේෂන් වැනි මල් පැළද වගා කළ හැක.

  සම්ප්‍රදායික කෘෂිකර්මාන්තය හා සසදන විට ජල රෝපිත වගාවෙන් බොහෝ වාසි ලබා ගත හැක.
  •  විශෘල භුමියක් අවශ්‍ය නොවන අතර මහල් නිවාස වලද වගා කළ හැක
  •  පස් භාවිතා නොකරන නිසා පාංශු ජීවානුහරණය,පාංශුතත්වයන්,වැඩි දියුණූ කිරීම,වල්නෙලීම,ජල සම්පාදනය, ශ්‍රමය අධික ලෙස වැය වන ක්‍රම මග හරවා ගැනීමට හැකිවේ. මෙමගින් වසර පුරා අඛණ්ඩ වගාවක් පවත්වා ගැනීමට හැකිවේ. මෙමගින් වසර පුරා වෙළදපොළ ඉලක්ක කර ගත් නිෂ්පාදන ක්‍රියාවලියක් සැලසුම් කළ හැක.
  • පාංශුජනක ව්‍යාධිකාරකයින්ගෙන් හා කෘමි හානි මගහැරවීමට මෙම ක්‍රමය ඉවහල් වේ.
  •  නිවැරදි පාලන යටතේ වැඩි අස්වැන්නක් ලබා ගත හැකි අතර බොහෝ බෝග වලින් ඉක්මනින් අස්වනු ලබා ගත හැක.
  • පුළුල් පරාසයක එළවලු හා මල් ප්‍රභේද වගා කිරීමේ හැකියාව ඇත.
නමුත් මූලධන වියදම අධික වීම වගාව පිළිබද විධිමත් තාක්ෂණික දැනුමක් හා සුදුසු ශ්‍රමය අවහ්‍ය වීම සහ ඒකකය ක්‍රියාත්මක කිරීමට ඉන්ධන හෝ විදුලිය අවශ්‍ය වීම මෙම වගා ක්‍රමයේ ඇති දුෂ්කරතා ලෙස හදුන්වා දිය හැකිය.

උපුටා ගැනීම-www.simplyhydro.com/whatis.htm ,www.aiviassolution.com/advantages-isadvantages-of-hydroponics


1 comments:

how to get more details about this... please give a contact number...

Post a Comment