September 19, 2014

ජපන් හමුදාව පෘථිවි කක්ෂ‍ය මුර කරයිද?

වසර 2015 දී ආරක්ෂක කටයුතු අභ්‍යවකාශය දක්වා ව්‍යාප්ත කිරීමට ජපන් හමුදාව සැලසුම් කරන බව ජපානයේ තියෝඩන් ප්‍රවෘත්ති එජන්සිය වාර්තා කරයි. ජපානයේ Aerospace Exploration (වායුගෝලීය ගවේෂණ) ඒජන්සිය සහ ආත්මාරක්ෂක ගුවන් බලකාය සමඟ එක්ව ජපානයේ ආත්මාරක්ෂක බලකාය අභ්‍යවකාශ නිරික්ෂණ ශාඛාවක් ආරම්භ කිරීමට සැලසුම් කරයි. අභ්‍යවකාශයේ “ Fourth Battlefield” (සිව්වන යුද්ධ භූමිය) හි ආරක්ෂා කළ යුතු බොහෝ අතිශය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට මුලින්ම ඉදිරිපත් වී ඇත්තේ ජපානයයි.

අභ්‍යවකාශය යනු මහා පරිමාණ ව්‍යාපාරික අවස්ථාවකි. 2012 වසරේදී සැටලයිට් නිෂ්පාදනයෙන් ඩොලර් බිලියන 1,891.5 (≈ රු. බිලි 245,895) ක අදායම වාර්තා කර ඇති බව සැටලයිට් කර්මාන්තයේ 2013 වාර්තාවේ සඳහන් වේ. අති විශාල වටිනාකමකින් යුතු මෙම සැටලයිට්  පෘථිවියේ මිනිසුන් සඳහා විශාල සේවයක් සලසා තිබේ.1962 දී Telstar අභ්‍යවකාශ ගත කිරීමෙන් ආරම්භ වූ සැටලයිට්  relayed terrestrial (ප්‍රතිචාර ‍‍භෞමික) සන්නිවේදනය අද වන විට මෝටර් රථ, Smart Phone, වැනි බොහෝ උපකරණ ඒවායේ පිහිටීම හඳුනාගැනීමට GPS සැටලයිට් භාවිතා කිරීම දක්වා වර්ධනය වී ඇත. මෙම වටිනා සැටලයිට් සහ අනෙකුත් අභ්‍යවකාශයේ ඇති වස්තු හානිකර සුන්ඹුන් (Harmful debris) වලින් ආරක්ෂා කිරීමට රේඩාර් හා දුරදක්න වලින් පෘථිවිකක්ෂය නිරික්ෂණය කරන අභ්‍යවකාශ හමුදාවක අවශ්‍යතාවය ජපානය යෝජනා කරයි. මෙය සම්පූර්ණයෙන් දේශපාලනික නොවන පරහිතකාමී කාර්යයක් නොවේ. ජපානයේ ප්‍රාදේශිය පසමිතුරා වු චීනය වසර 2007 දී ඔවුන්ගේ සැටලයිටයක් අභ්‍යවකාශයේදී පුපුරවා හරින ලදී. එමඟින් ඔවුන් අභ්‍යවකාශයේ ඇති සැටලයිට් පුපුරවා හැරිය හැකි බව මෙන්ම අනෙකුත් භූවිදත්මක සැටලයිට් සඳහා ද හානිකර වන සුන්ඹුන්/නොවශේෂ අභ්‍යවකාශයේ නිර්මාණය කළ හැකි බව ඔප්පු කර තිබේ. මේ අනුව ජපානයේ වායුගෝලිය ගවේෂණ ඒජන්සිය ඇමරිකා එක්සත් ජනපදය සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත. එමඟින් ඔවුන් අභ්‍යවකාශයේ සුන්ඹුන් පිළිබඳ තොරතුරු ඇමරිකානු උපායමාර්ගීක පාලක මධ්‍යස්ථාන වෙත ලබාදෙනු ලැබේ. NASA ආයතනය, ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අභ්‍යවකාශ සුන්ඹුන් නිරීක්ෂණ වැඩසටහන් දැනටමත් ආරම්භ කර ති‍බේ.

සාගරයේ සැඟවී සිටින ඇමරිකාණු න්‍යෂ්ටික සබ්මැරීන පෘථිවියේ ඕනෑම තැනක සිට ඕනෑම ඉලක්කයකට එකවර පහර දිමේ හැකියාව සහිතය. ඒ සඳහා භූගෝලිය ස්ථාන ඉලක්ක කිරීමට සබ්මැරින සැටලයිට යොදාගෙන ගණනය කිරීම් කරයි. ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයේ සටන කරන විටදී පවා ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙම අභ්‍යවකාශ පාලනය පිළිබඳ අදහස් දක්වා තිබේ. අභ්‍යකාශ පාලනය මඟින් වැදගත් ඇමරිකානු සැටලයිට් සඳහා අභ්‍යවකාශයේ හානි පැමිණි වීම වැලැක්වීම බලාපොරොත්තු වේ.
 
මෙම නව අදහස ජපානය අහඹු ලෙස ඉදිරිපත් කර නැත. ඔවුන් ඊට පෙර වසර 2008 දී මූලික අභ්‍යවකාශ නිතිය සංශෝධනය කරන ලද්දේ අභ්‍යවකාශය සඳහා වූ හමුදාමය නොවන භාවිතය වෙනුවට ආක්‍රමණශීලි නොවන භාවිතය ලෙස සඳහන් කරමිනි. මෙය ජපානයට අභ්‍යවකාශයේදී ආරක්ෂාව සඳහා ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ලබාදෙයි. මේ අතර ජපානය පෘථිවිය මත ඔවුන්ගේ හමුදාව ශක්තිය සෙමින් දියුණු කරමින් සිටියි. එනමුත් නව අභ්‍යවකාශ ආරක්ෂාව නමින් ජපානය යුධ සැටලයිට් අභ්‍යවකාශ ගත කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. මක් නිසාද යත් ජපානය, ඇමරිකාව, ඇතුළු රටවල් 89 ක් අභ්‍යවකාශයේ ආයුධ තැනපත් නොකිරිම, ආයුධ අත්හදා නොබැලීම යනාදිය ඇතුළු අභ්‍යවකාශය යුධ මුක්ත කලාපයක් ලෙස Outer space Treaty නම් ගිවිසුම මඟින් නෛතිකව පිළිගෙන තිබේ.

උපුටාගැනීම:
Japan military will patrol earth’s orbital by Kelsey D Atherton

https://www.youtube.com/watch?v=9BIq-baHLnA

0 comments:

Post a Comment