September 13, 2014

මිතුරු සහ හතුරු වෙස් ගත් කොලෙස්ටරෝල්

කොලෙස්ටරෝල් යන පදය නුතනයේ බොහෝදෙනා අතර නිතරම කතාබහට ලක්වන පදයකි.සියඵ සත්ව පටකයන්හි අත්‍යාවශ්‍ය අංගයක් ලෙස කොලෙස්ටරෝල් දැකිය හැක.මිනිසාට සහ සතුන්ට කොලෙස්ටරෝල් නැතුවම බැරිය.ස්ටෙරොයිඩ හෝමෝන ,ලිංගික හෝමෝන , විටමින් ඩි සහ පිත් යුෂ සෑදීම සදහා ශරීරයට  කොලෙස්ටරෝල්  අවශ්‍ය වන අතර සෛල පටක ගොඩනැගීම හා පවත්වාගෙන යාම සදහා ශරීරයට කොලෙස්ටරෝල් අවශ්‍ය වේ.

      මුලින්ම 1979 වසරේ කොලෙස්ටරෝල් ඝන ස්වරූපයෙන් හදුනාගනු ලැබුවේ Francois Poulleties de lasalle නැමති විද්‍යාඥයා විසිනි.නමුත් රසායන විද්‍යාඥ Michel Eugene Chevreul විසින් 1815දි මෙම සංයෝගය කොලෙස්ටරීන් ලෙස නමි කරන ලදි.

          කොලෙස්ටරෝල් ජලයෙහි දිය නොවන අතර ඵය රුධිරය තුල පරිවහනය වන්නේ ලිපෝ ප්‍රෝටීන නමැති විශේෂ ප්‍රෝටීන ව්‍යුහයක් මගිනි.ලිපෝ ප්‍රෝටීන සදහා ඵම නම ලැබි ඇත්තේ ඵ්වා ලිපිඩ සහ ප්‍රෝටීන වලින් සෑදි ඇති නිසාය.
       මෙම කොලෙස්ටරෝල් ප්‍රවාහන මාධ්‍යය වන ලිපෝ ප්‍රෝටීන ඵහි ඝනත්වය අනුව වර්ග කිහිපයකි. ඵනමි ඉතා අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන(VLDL), අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන(LDL),  අතරමැදි ඝනත්ව ලිපෝ ප්‍රෝටීන(IDL) සහ ඉහළ ඝනත්ව ලිපෝ ප්‍රෝටීන(HDL) යනුවෙනි.
කොලෙස්ටරෝල් ප්‍රභව දෙකක් පවති. ඵ් අභ්‍යන්තර හා බාහිර වශයෙනි.

        සෑම සත්ව සෛලයකටම කොලෙස්ටරෝල් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත.කොදුඇටපෙළ සහිත සතුන්ගේ අක්මා සෛල මගින් කොලෙස්ටරෝල් වැඩි ප්‍රතිශතයක් නිෂ්පාදනය කිරීම සිදු වේ.


අක්මාව තුලදි කොලෙස්ටරෝල් පිත්යුෂ බවට පරිවර්තනය වන අතර ය පිත්තාශය තුල තැමිපත් වේ.මෙම පිත් යුෂ ආහාර මාර්ගයේ පවතින මේද කොටස් හා  මේදයේ දියවන විටමින් A,D,E සහ K යනාදිය අන්ත්‍රයේදි අවශෝෂණය පහසු කරයි.

                 ඵමෙන්ම බාහිර වශයෙන් අප ගන්නා ආහාර මගින් කොලෙස්ටරෝල් ශරීර ගත වේ.ප්‍රධාන මුලයන් වනුයේ මස්/මස් ආශ්‍රිත නිෂ්පාදන, බිත්තර කහ මදය , කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන වේ.තවද මවිකිරිවල  සැලකිය යුතු ප්‍රමාණයකින් කොලෙස්ටරෝල් දැකිය හැක.නමුත් ශාක ප්‍රභවයන් වන ඵළවඵ, පළතුරු,ධාන්‍යවර්ගවල කොලෙස්ටරෝල් සැලකිය යුතු ප්‍රමානවලින් දැකිය නොහැක.ශාක නිෂ්පාදන වන රටකජු යනාදියේ කොලෙස්ටරෝල් හා සමාන ෆයිටොස්ටෙරෝල් නමැති සංයෝගයක් දැකිය හැක.මෙම මේද සහිත ආහාර බහුලව ගැනීම කොලෙස්ටරෝල් මටිටම ඉහල නැංවිම‍ට හේතු වේ.දිනපතා ආහාරයෙන් ගන්නා කොලෙස්ටරෝල් ප්‍රමාණය මිලි ග්‍රෑමි 300 ට අඩු මටිටමකින් පවත්වා ගත යුතුය. සාමාන්‍යයෙන්  කි.ග්‍රෑමි 68 ක් පමණ බර මිනිසෙකු දිනකට ග්‍රැමි 01ක් පමණ කොලෙස්ටරෝල් ප්‍රමාණයක්  නිෂ්පාදනය කරන අතර ශරීරය තුල පවතින මුඵ කොලෙස්ටරෝල්  ප්‍රමාණය ග්‍රෑමි 35 ක් පමණ වේ

              ඇතැමි කොලෙස්ටරෝල් කොටස් රුධිර නාලවලට ඉතා අහිතකර වන අතර තවත් කොටස් හිතකර ප්‍රතිඵල අත්කර දේ. අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන කොලෙස්ටරෝල් වන LDL අපගේ රුධිර නාලවල බිත්තිවල තැමිපත් වේ.

විශේෂයෙන්ම හෘදයට සහ මොළයට රුධිරය සපයන නාල පද්ධතියේ මෙසේ LDL වර්ගයේ කොලෙස්ට‍රෝල් තැමිපත්වීම නිසා නාල කුඩා වි රුධිරය ගලා යාම අපහසු වි රුධිර නාල පිපිරි මරණයට පත්විය හැක. ඵබැවින් LDL වර්ගයේ කොලෙස්ට‍රෝල්  වැඩිවීම ශරීරයට අහිතකරය .

රුධිරයේ පවතින කොලෙස්ටරෝල් වලින් 1/3 – ¼ පමණ අඩංගු වනුයේ ඉහළ ඝනත්වයක් සහිත HDL වර්ගයේ කොලෙස්ටරෝල්ය.මෙම කොලෙස්ටරෝල් වෙනස ඉතා වැදගත්ය.මෙම HDL වර්ගයේ කොලෙස්ටරෝල් මගින් රුධිර නාල වල ඇති LDL වර්ගයේ කොලෙස්ට‍රෝල් අක්මාව වෙත ගෙන යයි.ඵනිසා  මෙය රුධිර නාල පද්ධතිය පිරිසිදු කරන්නෙකු ලෙස හැදින්වීම නිවැරදිය. ඵබැවින් මෙය හිතකර කොලෙස්ටරෝල් ඝනයට අයත්ය.

             සිරුරේ  HDL වර්ගයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය 1% කින් පහළ වැටෙන විට හෘදයාබාධ වැළදීමේ ප්‍රවණතාව 2%කින් වැඩිවේ.

                  ඵබැවින්  සිරුරේ කොලෙස්ටරෝල්  මටිටම ඉහළ යෑම මෙන්ම පහලයෑමද භයානක ප්‍රතිඵල ගෙන දේ.කොලෙස්ටරෝල් මටිටම HDL සහ LDL මටිටම වශයෙන් වෙනවෙනම දැනගැනීම අවශ්‍ය වන අතර ඵමගින් හෘදයාබාධයක් ඇතිවීමේ ඉඩකඩ පිළිබද අවබෝධයක් ලබාගත හැක. 


උපුටා ගැනීම- http://en.wikipedia.org/wiki/Cholesterol
                     www.healthline.com/health-slideshow/cholesterol-free-foods 
කේ.එච්.එම්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි

0 comments:

Post a Comment