සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ලුණු අත්‍යාවශ්‍ය
වුවද , ලුණු රසට වැඩිපුර ලොල් වීම මරණීය රෝගාබාධ වලට හේතු වන බව සිහියේ තබා ගැනීම
වැදගත් කාරණාවකි. දැන් කාලයේ අපේ රටේ බොහෝ දෙනෙකු ආහාර අනුභවයේදී හයක් හතරක් නොදැන
කණ්නන් වාලේ කණ බව පැවසීමට හේතු කාරණ බොහෝ ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව, මෙරට
ජනයා සීනි සහ පැණි රස කෑම මෙන්ම ලුණු කෑම පිළිබ ද එතරම් සැලකිල්ලක් නොදක්වන බව ඉතා
පැහැදිලිය.
දිනකට කොපමණ ලුණු අවශ්‍යද?
ලුණු වලින් අපේ ශරීරයට ලැබෙන අත්‍යාවශ්‍ය
ඛණිජලවනය වන්නේ සෝඩියම්ය. අපට දෛනිකව සෝඩියම් අවශ්‍ය වන්නේ ඉතා අල්ප වශයෙනි. එම ප්‍රමාණයෙන්
සැලකිය යුතු ප්‍රමාණයක් අප දිනපතා අනුභව කරන එළවළු, පලතුරු වැනි ආහාර වලින්ද ලැබෙන
බව අප සිහියේ තබා ගත යුතුයි. ලුණු වැඩියෙන් ශරීර ගත වීම බරපතල රෝගාබාධ වලට මුල් වන
නිසා, දිනකට උපරිම ලෙස ගත හැකි එකතු කළ ලුණු ප්‍රමාණය (Added Salt) වැඩිහිටියෙකු
සදහා ග්රෑම් 5 ක් ලෙසත්, ළමයෙකු ස දහා ඉන් අඩක් ලෙසත්, ළදරුවන්ට ලුණු ලබා නොදිය
යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත.
ඔබේ ලුණු කෑම නිවැරදිදැයි දැන ගැනීමට ක්‍රමයක්
.jpg)
සකස් කළ ආහාරය
|
අඩංගු වන සෝඩියම් ප්‍රමාණය
|
බටර්
|
මේස හැන්දක 117 මිලි ග්රෑම්
|
මාගරින්
|
මේස හැන්දක 105 මිලි ග්රෑම්
|
සුදු පාන්/ කේක්
|
එක් කෑල්ලක 153 මිලි ග්රෑම්
|
බේකන්
|
අවුන්ස තුනක 621 මිලි
ග්රෑම්
|
සෝයා සෝස්
|
මේස හැන්දක 914 මිලි ග්රෑම්
|
චිලී /තක්කාලි/සුදුළූණු
සෝස්
|
මේස හැන්දක 310 මිලි ග්රෑම්
|
චිප්ස්/බයිට්ස් වර්ග
|
එක් අවුන්සයක 179 මිලි
ග්රෑම්
|
අනුෂා එන්. ගමගේ
විද්‍යා හා තාක්ෂණ
නිලධාරී, බදුල්ල.
0 comments:
Post a Comment