September 7, 2014

ඇට රහිත මිහිරි රසැති අඹ

ඇට රහිත මිහිරි රසැති අඹ
 (Indian Scientists have bread a mango that has no seed)

  මිහිරි පළතුරක් වන අඹ  බාල මහΩ තරුණ කා අතරත් ඉතා ඡනප්‍රිය පළතුරකි. අඹ  ප්‍රනීත රසයකික්  යුක්ත වන අතර ‍ කෙදි සහිත මාංශලමය මදයක් සහ ඇටයකින් යුක්ත වේ.  මෙම නිසා ඇට රහිත අඹ ගෙඩියක රස බැලීමට හැකිවීම හැමෝටම මහු අවස්ථාවක් වනු ඇත.

Mangifera indica යන විද්‍යාත්මක නමින් හදුන්වන අඹ ලෝකයේ ඝර්ම කලාපීය රටවල වැවෙන අතර විශේෂයෙන් දකුණු සහ දකුණු සියාතික රටවල බහුලව  වැවේ.  අඹ කැල්සියම්, විටමින් ඒ, විටමින් සී, ප්‍රතිඔක්සිකාරක සහ පොටෑසියම් බහුල පළතුරකි. නමුත් බොහෝ අඹ ගෙඩිවල ඇටය විශාලවීම මෙය රසවිදීම සහා බාධාවක් වී ඇත. අඹ කැපීමේදී ඇටයට විශාල පුමාණයක් ඉවත් වීම සහ ඇටය කෑමේදී එහි යුෂය සහ සමහර විට කහට ගෑවීමද ගැටΩවකි.එම නිසා මෙම ගැටΩවට පිළියම් සෙවීම සහා පර්යේෂණ කරණ  ඉන්දියානු  විද්‍යායින් කණ්ඩායමක් විසින් කරණ ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ඉතාමත් ප්‍රනීත රසයෙන් යුතු ඇට රහිත අඹ වි ශේෂයක් හදුනා ගැනීමට සමත් වී ඇත.
මේ සහා  ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරණ ලද්දේ ඉන්දියාවේ බිනාර් කෘෂිකර්ම විශ්ව විද්‍යාලයේ  භෝග පර්යේෂන දෙපාර්තමේන්තුවේ ස ඇතුළු පර්යේෂණ කණ්ඩායමයි.(The Horiculture Department of The Bihar Agriculture University in India ) ඔවුන් මේ සහා රත්න (Rathna) සහ අපොන්සු (Aponsu)යන අඹ වර්ග දෙක මුහුන් කර(Hybrid)මෙම ඇට රහිත  ප්‍රනීත රසැති අඹ  ගෙඩිය සොයාගෙන ඇත.
මෙම  ඇට රහිත අඹ වර්ගය දැනට ඉන්දියාවේ සින්දු (Sindu)සහ ට්‍රේල්ස්( Trails) වල සමහර ප්‍රදේශවල සාර්ථකව වගා කරගෙන යනු ලබන අතර එහි අනෙකුත් විශේෂත්වයන් වනුයේ කෙදි ප්‍රමාණය අඩුවීම සහ යුෂ පිරුන මාංශලමය කොටස වැඩිවීමත්ය. එලෙසම මෙම අඹ ගෙඩියක් දළ වශයෙන් ග්‍රෑම් 200 ක පමණ බරකින් යුක්ත වේ.
මෙම කණ්ඩායම ඊලග අඹ වාරයේදී ගොවීන් හරහා වෙළපලට අලෙවිය සහා එකතු කිරීමට  සැලසුම් කර  ඇති මෙය විදේශීය වෙළපල සදහා හොද අපනයන විභවයක්ද ඇත.  2015 වර්ෂයේදි මෙය වෙනත් රටවලය අපනයනය නිරීමට බලාපොරොත්තු වේ. අපගේ වෙළපලට  පසු මෙය රස බැලීමට අපට හැකිවනු ඇත සහ ඉන්දියාවෙන් පැල ලබා ගැනීමෙන් මෙරටෙහි වගා කර දේශීය මෙන්ම විදේශීය වෙළඳපලටද  අලෙවි  කල හැකිවනු ඇත.
Source : India today
Nayana Wijeratne,STO,Yatinuwara

0 comments:

Post a Comment