September 4, 2014

පෝෂණිය ගුණ සපිරි නැවුම් එළකිරි

නැවුම් එළකිරි පෝෂණය ගුණ සපිරි  පානයකි.අංග සම්පුර්ණ ආහාර වේලක අඩංගු වියයුතු පෝෂ්‍ය පදාර්ථ වන කාබොහයිඩ්‍රේට් , ප්‍රොටින් , මේදය , විටමින් සහ ඛනිජ ලවන අන්තර් ගතවේ.එම පෝෂ්‍ය පදාර්ථ වල සංයුතිය පහත සදහන් පරිදි වේ.
කාබොහයිඩ්‍රේට් - 4.8%
ප්‍රොටින්  - 3.5%
මේදය - 3.5%
විටමින් සහ ඛනිජ - 0.7%

විටමින් අතරින්  A සහ D විටමින් බහුලව අඩංගු වන අතර කැල්සියම් බහුලවම අඩංගු ඛනිජ ලවනය වේ.මිනිස් ශරිරයට අවශෝෂණය කළ හැකි කැල්සියම් වැඩි ප්‍රමාණයක් අඩංගු ආහාරය නැවුම් එළකිරිය.නැවුම් එළකිරි විවිධ ආකාරයට පරිභෝජනයට ගත හැක.ප්‍රධාන වශයෙන් පරිභෝජනයට ගත හැකි ක්‍රම 5 ක් ඇති ඒවා පස්ගෝරස ලෙස හදුන්වනු ලැබේ.
කිරි - නැවුම් එළකිරි
දිකිරි - මුදවපු කිරි
මෝරු - වේ ප්‍රොටින්
වෙඩරු - බටර්
ගිතෙල් - එළගිතෙල්

අප විසින් ලබා ගන්නා යම් ආහාරයකින් ආයු , වර්ණ , සැප , බල , ප්‍රඥා යන ලක්ෂණ ලැබිය යුතුය.නැවුම් එළකිරි වලින් සකස් කර  පස්ගෝ රස වලින් මෙම ලක්ෂණ ලබාගත හැක.
කිරි - ආයු
දිකිරි - වර්ණ
මෝරු - සැප
වෙඩරු -  බලය
ගිතෙල් - ප්‍රඥා
ඒ අනුව නැවුම් එළකිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය මගින් නිරෝගි සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කළ හැක.

ඒ.ටි.ඩි.සි.පි.කුමාර,
විද්‍යා හා තාක්ෂණ නිලාධාරි,
නාත්තන්ඩිය.

1 comments:

I am just wondering, why isn't CHEESE included?? Is it because cheese production was not known to our ancestors or it was not popular. I know Indians have a cheese called paneer.

Post a Comment