September 7, 2014

ආයුෂ වැඩි කරන කෙසෙල්

පොටෑසියම් අඩංගු අඩංගු ආහාර වැඩිපුර ආහාරයට ගැනීමෙන් ආයුෂ වැඩිවන බව නවතම පර්යේෂණවලින් සොයාගෙන ඇත. කෙසෙල් ජනප්‍රිය පොටෑසියම් බහුල පළතුරක් මෙන්ම එළවළුවකි.
 ඉදුණු කෙසෙල් දෛනික ආහාරයෙන් පසු අතුරුපසක්‌ ලෙස ගැනීම වඩාත් සුදුසු ය. අප ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය තන්තුමය කොටස් මෙන්ම පොටෑසියම් වැනි ලවණ වලින්ද පොහොසත්ය. එබැවින් කෙසෙල් ආහාරයට ගැනීම කෙනෙකුගේ නීරෝගී සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගෙන යාමට ඉවහල් වේ. විටමින් සී, විටමින් ඒ, විටමින් බී, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම් ආදී සංඝටක අඩංගු වන කෙසෙල් රත්තහීනතාවය, අධික රුධිර පීඩනය, මළබද්ධය, මානසික ආතතිය, ස්නායු රෝග සහ විශාදය ආදී රෝග සඳහා වඩාත් සුදුසු ඖෂධීය ගුණයෙන් යුක්ත වේ.ආහාර මාර්ග පද්ධතියේ අසාමාන්‍යතා නැති කරයි.සාමාන්‍ය කෙසෙල් වර්ග අතරින් බොහොමයක් ඒවා මළබද්දය ඇති කරන අතර සමහර කෙසෙල් වර්ග මළපිට කිරීමට උපකාරීවේමීට අමතරව කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේදී කෙසෙල් ආහාරයට ගැනීමෙන් වැඩිපුර රුධිරය පිටවීම අඩුකරන බවද කියවේ.
කෙසෙල්ගෙඩියක ස්වභාවයෙන්ම හමුවන ප‍්‍රධාන සීනි වර්ගතුනකි. සුක්රෝස්,ෆ‍්‍රක්ටෝස් හා ග්ලූකෝස් තුන් ජාතියම එහි ඇත.

මෙනිසා කෙසෙල් ගෙඩියක් කෑම යනු රූපවාහිනී දැන්වීමක පෙන්වනාක් මෙන් නමට ශක්තිය ලැබෙන ශක්තිජනක පානයක් මෙන් නොව සැබෑවටම සිරුරට එක් ක්ෂණිකයකින් ශක්තිය ලබා දෙන්නකි.
එය කෙඳී සහිතය.එනිසා දිරවීම පහසුය.
මෙනිසාවෙන්ම කෙසෙල් ලෝකයේ ප‍්‍රසිද්ධ ක්‍රීඩක කී‍්‍රඩිකාවන් අතර ජනපි‍්‍රය ආහාරයකි.
නමුත් ශක්තියට අමතරව කෙසෙල්වලින් ලැබෙන ප‍්‍රතිලාභ බොහෝය
ආතතියට
මයින්ඩ් ආයතනය ආතතිය ඇති පුද්ගලයින් කණ්ඩායමක් ආශ‍්‍රයෙන් සිදුකර ඇති පර්යේෂණයක් අනුව ඔවුන් බොහෝ දෙනෙක් කෙසෙල් ගෙඩියක් කෑමෙන් තමන්ගේ මනසට සහනයක් දැනෙන්නේයැයි ප‍්‍රකාශ කර ඇත.මෙහි විද්‍යාත්මක පසුබිම වන්නේ කෙසෙල් වල ඇති ප්‍රෝටීන විශේෂයක් වන ටි‍්‍රප්ටොෆන් ශරීරයේදී සෙරොටොනින් නම් සිත සැහැල්ලූ කිරීමේ හා ආතතිය දුරලීමේ සමත් සංයෝගයක් බවට පත්වීමයි.
තවත් කරුණක් වන්නේ කෙසෙල් වල ඇති විටමින් බී6 යි.විටමින් බී6 රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරන අතර රුධිර ග්ලූකෝස් මට්ටම සිතේ ස්වභාවය කෙරෙහි බලපාන බව සොයාගෙන තිබේ.
ආතතියට තවදුරටත් පෙති බීම අවැසි නොවේ.
ලේ හිඟකමට
යකඩ අධික නිසා කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ හිමොග්ලොබින් නිශ්පාදනය ඉහළ නැංවිය හැකිය.එය ලේ හිඟවීමට ප‍්‍රතිකාරයකි.
රුධිර පීඩනයට
කෙසෙල්වල පොටෑසියම් ප‍්‍රමාණය අධිකය අන්තර්ගතව ඇති ලූණු ප‍්‍රමාණය අවමය.මෙනිසා එය රුධිර පීඩනය මර්දනය කිරීමට හොඳ අවියකි.කෙසෙල් නිශ්පාදනයන්ට රුධිර පීඩන තත්ත්වයන් හා ආඝාත තත්ත්වයන් මර්දනය කිරීමට හැකියාව තිබෙන බව නිල වශයෙන්ම නිවේදනය කිරීමේ අවසරය නිශ්පාදකයින්ට ලබාදීමට ඇමරිකා ආහාර හා ඖෂධ අධිකාරියද කටයුතු කර තිබේ.
 
මොළය වැඞීමට
බි‍්‍රතාන්‍යයේ පාසලක සිසුන් 200 ක් දිනපතා උදය,දහවල් හා රාතී‍්‍ර ආහාර වේල්වලදී කෙසෙල් අනුභව කර ඔවුන්ගේ පාඩම් වැඩකටයුතු පෙරට වඩා සාර්ථකව නිම කළ පුවතක් වාර්තා වේ.විද්‍යාඥයින් පවසන ආකාරයට කෙසෙල් වල ඇති අධික වශයෙන් ඇති පොටෑසියම් මොළය ඉහළ කි‍්‍රයාකාරීත්වයෙන් පවත්වා ගැනීමේ සමත් වන අතර මෙනිසා පාඩම් වැඩකටයුතු වඩා අවධානයෙන් යුතුව කළ හැකිය.
 
මල බද්ධයට
කෙඳි වලින් සපිරි ආහාරයක් නිසා මල බද්ධයට කෙසෙල්ගෙඩි හොදම පිළිතුරකි.එය මලපහ කිරීම නැවත සාමාන්‍ය තත්ත්වයට පත්කරවීමේ සමත්ය.
 
රැයේ මත්පැන් පානය කර උදයේ ඇතිවන අපහසුතාවන්ට - ප‍්‍රධාන වශයෙන්ම මත්පැන් පානය නිසා ඇතිවන විජලනයටමෙවන් අපහසුතාවන් මගහරවා ගැනීමට කෙසෙල්, කිරි හා මී පැණි සමග මිශ‍්‍ර කර පානය කිරීම සුදුසුය.කෙසෙල් වලින් උදරය සාමාන්‍ය තත්ත්වයට පත්කරන අතර,මී පැණි මත්පැන් නිසා අඩුවී ඇති සිරුරේ සීනි මට්ටම ඉහළ නංවයි.කිරි විජලන තත්ත්වය පහකරයි.
හදවතේ ඇතිවන රිදුම් වලට
සිරුරේ ඇතිවන අම්ලකර තත්ත්වයන් පාලනය කිරීමේ හැකියාවක් කෙසෙල්වලට ඇත.හදවතේ රිදුම් ඇතිවන අවස්ථාවකදී කෙසෙල් ගෙඩියක් කෑම සහනය ගෙන දෙනු ඇත.
දරු උපත් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට ඇතිවන අපහසුතා වලට
ආහාර වේල් අතරතුරදී කෙසෙල් ආහාරයට ගැනීමෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ දමා ගත හැකිය.මෙය දරු උපතක් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ගේ සිරුරේ සිදුවන වෙනස්කම් නිසා ඇතිවන අපහසුතාවයන් වළක්වාලීමේ සමත්ය.
මදුරුවන් දෂ්ට කිරීම් වලට
එක එක වර්ගයේ ආලේපන වර්ග නොව කෙසෙල් ලෙල්ලක ඇතුල් පැත්ත මදුරුවා දෂ්ට කළ ස්ථානයේ සුමුදුවට ඇතිල්ලීමෙන් වේදනාව මෙන්ම ඉදිමුමද අඩු කර ගැනීමට හැකිය.
ස්නායුවලට
ඉහළ විටමින් බී ප‍්‍රමාණයක් ඇති කෙසෙල් ස්නායු පද්දතියේ සෞඛ්‍යය තත්ත්වය ඉහළ නංවයි.
කුසෙහි ඇති වන වණ වලට
ආහාර මාර්ගයේ විවිධාකාර ආසාදනයන්ට හොදම පිළිතුරක් වන්නේ කෙසෙල්ය.මෘදු ආහාරයක් හෙයින් ආහාර මාර්ගය ඔස්සේ ගමන් කිරීමේදී, ආසාදනයන් නිසා ආහාර මාර්ගය කවර තත්ත්වයක තිබුණද එය වේදනාවක් නොගෙනේ.ආමාශයේ අම්ලකර තත්ත්වයන් නිසා ඇතිවන වණ ආදියටද කෙසෙල් හොද ප‍්‍රතිකාරයකි.එය අම්ලකර තත්ත්වය පාලනය කරනවා සේම වණ උඩින් ආවරණයක් සේ පිහිටා තවත් අම්ල වැදී වණ ‘‘වණ‘‘ වීම වළක්වාලයි.
උෂ්ණත්වය යාමනයට
දරුවන් ලැබීමට නියමිතව සිටිනා කාන්තාවන්ගේ සිරුරේ උෂ්ණත්වය පහත දැම්මේ ශක්තිය කෙසෙල් වලට කෙසෙල් වලට ශක්තිය ඇතැයි විශ්වාසයක් පවතී.තායිලන්තයේ අදටත් බඩ දරු අම්මලාට කෙසෙල් අනුභව කිරීමට දේ.එවිට ඉපදෙන දරුවා සිසිල් ශරීර තත්ත්වයකින් යුතු දරුවෙකු වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.
මේවාට අමතරව තරබාරු බව අඩු කිරීමේ හැකියාවක්ද කෙසෙල් වලට ඇත.විශේෂඥයින් සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව ඇතැම් රටවල තරබාරු භාවය රෝගයක් යැයි සළකන තරමටම වර්ධනයව ඇත්තේ මිනිසාගේ වැරදි ආහාර පුරුදු නිසාය.මෙනිසා කෙසෙල් වැනි ස්වභාවික ආහාරයන් ගැනීමට හුරු වීම මෙම තත්ත්වය මර්දනය කිරීමට උපකාරී වනු ඇතැයි ඔවුන් පෙන්වා දේ.
ඇත්ත වශයෙන්ම කෙසෙල් යනු ගෙවන මිලට වඩා වටින,කිසිදු ආහාරයකට ළංවිය නොහැකි අද්විතීය ථානයක් හිමි ආහාරයකි.එය අප බොහෝ දෙනා හඳුනාගෙන නොසිටීම නම් කනගාටුදායකය.
  සමහර කෙසෙල් වල ලෙල්ල කලු වී ඇත.එනම් හොදට ඉදුනු කෙසෙල්ය. 
මේ කලු පැල්ලම් වලින් TFT පවුලෙ සෛල ප්ලාස්මා අඩංගු රසායනිකය සංඝටකයක් නිශ්පාදනය කරන බව පර්යේෂණ වලින් සොයා ගෙන ඇත.
කෙසෙල් වල කලු ගතිය වැඩි වෙන තරමට මේ පිළිකා සෛල වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව වැඩි වෙන බව පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.
උපුටා ගැනීම
http://www.medicalhealthguide.com/articles/banana.htm

1 comments:

Really a good post.
keep it up...

Post a Comment