September 25, 2014

මොලයේ ශල්‍යකර්මයේදී වීනා වැයු රොජර්

 මොලය සම්බන්ධ ශල්‍යකර්ම ඉතා සියුම් හා අන්ත්‍රාදායකය. මොලයේ ශල්‍යකර්මයකදී මද සිහියෙන් හෝ සිටීම ඊටත් වඩා අන්ත්‍රාදායකය. එහෙයින් මිනෙසොතා ඕචෙස්ට්‍රා හි රොජර් ෆ්‍රිච් තම මොලයේ ශල්‍යකර්මය සිදු කරන විට වීනා වාදනය කිරීම අගය කළ යුතු මෙන්ම වෛද්‍ය විද්‍යාවේ දියුණුව  සටහන් කරන පුදුම සිදූවිමකි. මෙම සැත්කමේදී මොලයේ ගැඹුරුම ස්ථානයක්  තුල විද්‍යුත් අග්‍රයක් තැන්පත් කිරීම සිදු කරන ලදී. සම්පූර්ණ ශල්‍යකර්මය පුරාම රොජර් වීනාව වාදනය කළේය.

මොලය තුල  ස්ථාපිත මෙවැනි ඉලෙක්ට්‍රෝඩ මඟින් විශේෂිත සංඛ්‍යාත ඔස්සේ නිකුත් කරනු ලබන සංඥා මොලයේ ගැඹුරු උත්තේජනයක් ඇති කරයි. මෙලෙස සමහර සංඛ්‍යාත සංඥා උත්තේජනය සඳහා උපකාරී වන්නේත් තවත් සමහර සංඥා බාධාකාරි වන්නේත් මන්දැයි ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි වුවත් සමහර Parkinson (පාකින්සන්) රෝගීන්ට හෝ Depression (අවපාතය) සහිත රෝගීන්ට මෙම උත්තේජන මගින් ලැබෙන ස්පන්දන ඔවුන්ගේ ජීවන තත්වය වර්ධනයට මහෝපකාරී වේ.

විද්‍යුත් අග්‍ර (ඉලෙක්ට්‍රෝඩ) තැන්පත් කිරීමෙන් Degenerative disease (රෝග) සඳහා සාර්ථක ප්‍රතිඵල ලැබුණු බවට සාක්ෂි තිබුණද රොජර්  පෙලුණු වෙව්ලීම   රෝගයට එය පිළියමක්වේ දැයි පැහැදිලි වී තිබුණේ නැත. වෙව්ලීම මරණීය රෝගයක් නොවන නමුත් වෘත්තීය වයලින වාදකයෙක් වු රොජර්ගේ වෙව්ලීම ඔහුගේ ජීවන වෘත්තියට (වයලීන් වාදනයට ) තද බල බාධාවක් විය.

මෙම ශල්‍යකර්මයේදී විද්‍යුත් අග්‍ර තැන්පත් කළ යුතු මොලයේ කොටස ගැඹුරෙන් පිහිටා තිබුණු අතර එහි නිරවද්‍ය ස්ථානය හඳුනාගැනීම අපහසුවිය. අදාල ස්ථාන ඉතා සුළු වශයෙන් වෙනස් වුවද රෝගියාට මරණීය  තර්ජනයක් ඇතිවේ. එනිසා අදාල නිවැරදි ස්ථානය හඳුනා ගැනීමට නම් ශල්‍යකර්මය සිදුකරන අවස්ථාවේදී රෝගියා වයලීන වාදනයේ යෙදී සිටීම අනිවාර්ය වී තිබේ. එමඟින් ඔහුගේ වෙව්ලීම හා වාදනය අතර සම්බන්ධතාවයට අදාල මොළයේ ස්ථානය හඳුනාගෙන එහි විද්‍යුත් අග්‍රය තැන්පත් කළ හැකිවේ. එනම් නිවැරදි ස්ථානයට විද්‍යුත් අග්‍රය ස්ථානගත වූ විට පමණක් වෙව්ලීම නැවතී යයි.

ඉලෙක්ට්‍රෝඩ තැනපත් කළ ශල්‍යකර්මය සිදු කළ මායෝ සායනයේදී  (Mayo clinic) ශල්‍යකර්මය කරන විට වාදනයට සුදුසු විශේෂ වයලීනයක් කෙටින් බෙනට් ඉංජිනේරුවරයා විසින් සකස් කර තිබේ. එයට වයලීන වාදනයත් සමඟ සිදුවිය හැකි ඉතා සියුම් වෙව්ලීමක් වුව හඳුනා ගැනීමට හැකියාව ලබාදෙන වේගමානයන්ද සම්බන්ධ කර ඇත.

රෝගීන්ට සංගීතය  ඇසීමට සැලැස්වීමෙන් ශල්‍යකර්ම සාර්ථකව වීමට වැඩි හැකියාවක් ඇති බව මෑත අධ්‍යයන වලදී පැහැදිලි වී තිබේ.එහෙත් එය මිනුම් ගත කළ හැකි උපකරණ මෙතෙක් නිපදවා නොමැත.එලෙසම ශල්‍යකර්මයට භාජනය වන රෝගියාම සංගීතය වාදනය කිරීමක්ද වාර්තාවී නැත.

උපුටාගැනීම :
Man fiddles on his violin during his own brain surgery by Stephen Luntz

https://www.youtube.com/watch?v=T3QQOQAILZw

0 comments:

Post a Comment