September 5, 2014

දත්ත සම්ප්‍රේෂණ වේගය හා ඩවුන්ලෝඩ් වේගය.


වැඩි දෙනෙකු නොතකන, වැඩි දෙනෙකු නොදකින, වැඩි දෙනෙකු රැවටෙන හා නොදන්නා මුත් ඒ බව නොහඟවන KBps හා kbps අතර වෙනස පිළිබඳව කතා කරන්නයි මේ සූදානම. මේ සටහන අවබෝධයෙන් කියවුවහොත් පරිගණක කේෂත්‍රෙය් බොහෝ ගැටළුවලට ඔබට පිළිතුරු ලැබෙනවා ඇති.

ෆයිල් සයිස් එක මැනීම.

මෙහිදී මුලින්ම බලමු KB යනු කුමක්ද කියලා. මෙහි ඉංග්‍රීසි කැපිටල් අකුරින් සඳහන් වන KB යනු නිතරම කිලෝ බයිට් යන්නයි. එයම සිම්පල් අකුරින් සඳහන් වන විට ඉන් හැඟවෙන්නේ කිලෝ බිට් යන්නයි. ෆයිල් සයිස් එක යනු යම් ගොණුවක් විසින් හාර්ඩ් ඩිස්ක් එකේ හෝ වෙනත් ගබඩා මාධ්‍යයක කොපමණ ඉඩක් අත්පත් කරගන්නවාද යන්නයි. ඒ අත්පත් කරගන්නා ඉඩ ප්‍රමාණය මනින්නේ කිලෝ බයිට් (KB) වලිනි. (කැපිටල් K සහ කැපිටල් B) පරිගණක විද්‍යාවේ මගින් නිරූපණය වන්නේ 1024 යන අගයයි. එනම් 2හි 10 වන බලයයි. එනම් 2හි 10 වන බලයයි.  මෙහි 2 මගින් නිරූපණය වන්නේ ඩිජිටල් තාක්ෂණයේදී දත්ත සම්ප්‍රේෂණය හා ගබඩා කිරීමේදී භාවිත කරන බින්දුව (0) සහ එක (1) යන්නයි.
1KB (Kilo Byte) = 1024 Bytes (ආසන්න වශයෙන් බයිට් 1000)
1MB (Mega Byte) = 1024 KB (ආසන්න වශයෙන් කිලෝ බයිට් 1000 ක් හෝ බයිට් මිලියනයක්)
1GB (Giga Byte) = 1024 MB (ආසන්න වශයෙන් මෙගා බයිට් 1000 ක් හෝ බයිට් බිලියනයක්)
1TB (Terra Byte) = 1024 GB (ආසන්න වශයෙන් ගිගා බයිට් 1000 ක් හෝ බයිට් ට්‍රිලියනයක්)

දත්ත සම්ප්‍රේෂණ වේගය මැනීම.


අන්තර්ජාලය ඇතුළුව සියලුම දත්ත සම්ප්‍රේෂණය කරන ජාලයන් තුළ දත්ත සම්ප්‍රේෂණ වේගය මනිනු ලබන්නේ තත්පරයට කිලෝ බිට් (kbps) වලිනි. (සිම්පල් k සහ සිම්පල් b) තත්ත්පරයට සම්ප්‍රේෂණය වන බිට් ගණන වැඩිනම් වේගය වැඩිය. එනම් නෙට්වර්ක් සම්බන්ධතාව වඩා වේගවත් ය.  මෙහි k වලින් අදහස් වන්නේ  1000 හෙවත් 103 ය.
1 kbps (Kilo bits per second) = 1000 bits per second.
1 Mbps (mega bits per second) = 1000 kilo bits per second.
1 Gbps (giga bits per second) = 1000 mega bits per second.

ISP Band width.

බොහෝ පටලැවිලි ඇති වන්නේ KBps හා kbps යන දෙක සමග Internet Bandwidth සහ ඩවුන්ලෝඩ් වේගය ගැන කතා කරද්දීය. බොහෝ අය නිතර නගන මැසිවිල්ලක් තමයි තමාගේ අන්තර්ජාල සේවා සැපයුම්කරු හෙවත් ISP  මුලින් කීවේ 512kbps වේගයක් සහිත සබඳතාවක් ලබා දෙනවාය කියා. නමුත් තමන්ට කවදාවත් පුළුවන් වෙලා නැහැ 512KBps වේගයකින් ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න. එනිසා ඔවුන් සිතා සිටිනවා තමන්ව රැවටීමකට ලක් වෙලා ය කියා. නමුත් ඔවුන් 512kbps සහ  512KBps අතර වෙනස පිළිබඳව වැටහීමක් නැතිව තමයි මේ නිගමනයට එළඹිලා තියෙන්නේ.

නමුත් ඉහත කී පරිදි දැන් ඔබ දන්නවා දත්ත සම්ප්‍රේෂණ වේගය නිතරම මනින්නේ තත්පරයට කිලෝ බිට් වලින් බව (kbps) ඉතින් අන්තර්ජාල සේවා සපයන්නා කියා සිටින්නේ තමන්ගේ උපරිම දත්ත සම්ප්‍රේෂණ වේගය තත්පරයට කිලෝ බිට් 512ක් (512kbps) බවයි.

අනෙක් අතට ෆයිල් සයිස් එක නිතරම මනින්නේ කිලෝ බයිට් (KB)  මගින් වන අතර ඩවුන්ලෝඩ් වේගය නිතරම මනින්නේ තත්පරයකට කොපමණ බයිට් ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් වනවාද යන්න මගින් මගින් නිසා  තත්පරයට කිලෝ බයිට් (KBps) මගින් ය. මෙනිසා KBps හා kbps යන දෙක අතර සම්ප්‍රේෂණ වේගය පැත්තෙන් බලන කළ අන්තර් සම්බන්ධයක් නැත.

ඉතින් මේ නිසා 512kbps යන වේගය ඇති සම්බන්ධතාවයකට කෙදිනකවත් 512KBps යන්න කරා වර්ධනය විය නොහැක.
දත්ත සම්ප්‍රේෂණ වේගය x kbps ලෙස ඇති සම්බන්ධතාවයක උපරිම ඩවුන්ලෝඩ් වේගය ගණනය කළ හැකි සමීකරණයක් පහතින් දක්වා ඇත.
උදා: 512 kbps සම්බන්ධතාවයක් සඳහා
Download KBps speed   =             (kbps value x 1000)/8))/1024
                                                =             (512 x 1000)/8))1024
                                                =             (512000/8)/1024
                                                =             (64000)/1024
                                                =             62.5KBps

මේ නිසා න්‍යායාත්මකව 512kbps ක දත්ත සම්ප්‍රේෂණ වේගයක් ඇති නෙට්වර්ක් එකක උපරිම ඩවුන්ලෝඩ් වේගය වන්නේ 62.5 KBps ය.
            ඉහත ගණනය කිරීම සංකීර්ණ නම් ඔබට පුළුවන් කෙලින්ම kbps අගය 0.1220703125 මගින් වැඩිකර KBps අගය ලබාගන්න. එනම්,
512kbps x 0.1220703125 = 62.5KBps.
පහත දැක්වෙන්නේ විවිධ වේගවලින් යුතු අන්තර්ජාල සම්බන්ධතාවවයන්ගෙන් ලබාගත හැකි උපරිම ඩවුන්ලෝඩ් වේගයන්ය.
256 kbps = 31.3 KBps
384 kbps = 46.9 KBps
512 kbps = 62.5 KBps
768 kbps = 93.8 KBps
1 mbps = 1000 kbps = 122.1 KBps
මෙහි මා සඳහන් කර ඇත්තේ දළ අගයන්ය. මන්ද මෙම වේගයන් ප්‍රාෙයා්ගික භාවිතයේදී ලැබෙන්නේ 15% - 20% කින් පමණ අඩු වී ය. මන්ද නෙට්වර්ක් සංඥාවල දුර්වල වීම, පරිගණකයේ ශක්‍යතාව ආදී කරුණු මත මෙය වෙනස් වන බැවිනි. ඇත්තෙන්ම වෙනස්වනවා යනු අඩු වීමය.

දැන් මම හිතනවා KBps හා අතර වූ අවුල ඔබ විසඳාගන්න ඇති කියා. එසේ නම් දැන් හොඳින් මතක තබාගන්න ඔබ නෙට්වර්ක් වේගය ගැන කතා කරනවා නම් එය තත්පරයට බිට් වලිනුත් (kbps) ඔබ ෆයිල්ස් වල ධාරිතාව හා ඩවුන්ලෝඩ් වේග ගැන කතා කරනවා නම් එය තත්ත්පරයට කිලෝ බයිට් වලිනුත් (KBps) කළ යුතු බව.

එසේ නම් දැන් ඔබ ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන විට 512kbps වේගයක් නොපෙන්වන විට ඒ  පිළිබඳව පැමිණිලි නොකරනු ඇති මන්ද දැන් ඔබ ඒ පිළිබඳව දන්නා නිසාය.

පොත පත ඇසුරින් සැකසුම
ඒ. ජී.ආනන්ද. අබේරත්න(B.Sc.)
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
නොච්චියාගම.

0 comments:

Post a Comment