September 7, 2014

පරිගණක මවුසයේ මලගමද?

(Death of the Computer Mouse? Meet the 3D touch)
අප  වර්තමානයේදී පරිගණකය භාවිතා කිරීමේදී විවිධ මවුසයන්(Computer mouse) භාවිතා කරමින් සිටින්නෙමු. නමුදු මෙම මවුසය ද්විමාන(Two dimension)   චලනයන් ,රූප හා ක්‍රියාකාරකම්  වලට පමණක් සීමා වී ඇත. නමුදු මවුසය භාවිතා කර පරිගණකය හරහා ත්‍රිමාණ (3D) චලනයන් සහ පින්තූර ලබා ගැනීමට අපට හැකිනම් එය කොයි තරම් අගනේද? මවුසය වැඩිදියුණු කිරීම්   සදහා කරන ලද පර්යේෂණවල  ප්‍රතිඵලයක් ලෙස නුදුරේදී ම අපට පරිගණකයේ  ත්‍රිමාණ චලනයන්  සඳහා  මවුසයෙන්  ප්‍රවේශවීමේ හැකියාව ලැබෙනු ඇත
මෙම සීමාව තරණය කිරීම සඳහා ඇමරිකාවේ වයෝමින් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින් පිරිසක් විසින් (Scientists of the university of Wyoming in the USA) ත්‍රිමාණ පරිගණක  මවුසයක් නිෂ්පාදනය කිරිම පිළිබඳව පර්යේෂණ කරණු ලබන අතර මෙහිදී ඔබගේ දඹර ඇගිල්ල කෙළවරට දැමිය හැකි වන පරිදි  දිදාලයක් වැනි (A Thimble like device)මෙම  උපකරණය  නිර්මාණය කර ඇති අතර   මෙම උපකරණය නිවැරදි ලෙස  දබර ඇගිල්ලට දැමීම මගින් සහ අනෙක් අන්තය පරිගණකයට සම්බන්ධ කිරීමෙන්  ලැබෙන සංවේදනය  මගින් ඒය ක්‍රියාත්මක වේ. එම විශිෂ්ඨ නිර්මාණය තුලින් ඔබට පරිගණකය හරහා ත්‍රිමාණ  චලනයන් හා  දෘෂ්ඨියකින් යුතු ත්‍රිමාණ  ලෝකයක් වෙත ප්‍රෙව්ශවීමේ හැකියාව ලැබෙනු ඇත.

මෙම  උපකරණය සඳහා වර්ග තුනක සංවේදක භාවිතා කර ඇත. ඒවානම්  ත්‍රිමාණ ඇක්සලමීටරය (3D accelerometer) ත්‍රිමාන මැග්නටෝමීටරය (3D Magnetometer) සහ 3D ගයිරොස්කෝපය (3D gyroscope) වේ. එක් එක් සංවේදකය මගින් තනි මිනුමක් ලෙස තොරතුරු ලබා දෙනවාට වඩා  මෙම සංවේදක ත්‍රිත්වයේ සංකලනය නිසා  එකිනෙක සංවේදකවල අන්ත මගින් ලැබෙන ත්‍රිමාන චලනයන් හා දෘෂ්ඨියන් සංසන්ඳනාත්මකව හා වඩාත් සුදුසු දිශානතියන් අනුව සංකලනය කර වඩාත් සුදුසු පරිදි  පැහැදිළි රූප හා චලනයන් පරිගණකය හරහා නැරඹිය   හැකි හෝ   ලබාගත හැකිවනු ඇත. එයට අමතරව මෙම ත්‍රිමාණ සංවේදකයට දෘෂ්‍ය සංවේදකයක් (Optical low sensor)  ඇති අතර එයින් ද්විමාන තලයේ චලනයන්ගේ වෙනස්වීම්වලට විරුද්ධව පරාමිතින්  ගනු ලබයි. එහිදී ද්විමාණ තලයේ චලනයන් හා රූපවලින් වෙනස්ව ක්‍රියා කර ත්‍රිමාණ රූප ලබා දෙන්නේ හරියට එය තුල තවත් මවුසයක් ඇති පරිදිය.
තවද මෙම උපකරණය මගින් පෙරදී මවුසය මගින්  කිරීමට සැලසුම් කල වැඩසටහන්  වලට ප්‍රතිචාර දැක්විය හැකි පරිදි ක්‍රියා කල හැකි වනවා සේම පරිගණක තලයෙන් වස්තූන් ඉදිරියට පැමිනෙනවා සේ  ත්‍රිමාණව දර්ශණය වන පරිදි සකස් කර ඇත. මෙලෙස වස්තූන් ඉදිරියට පැමිණෙන ආකාරයට සකස් කිරීමට නම් වස්තුව තෝරා ගැනීමෙන් පසුව(Selecting the object)  ඇදීම කර(Dragging)  තට්ටු කිරීම (Tap) , දෙවරක් තට්ටු(Double tap)  සහ තද කිරීම(Click)   මගින් සිදු කල  හැක.  ඔබට මෙම ත්‍රිමාණ සංවේදක උපකරණ අත් දෙකෙහිම එක බැගින් පැලදීමෙන්  බහු ස්පර්ශක(Multi touch) අවස්ථාවන්ද ලැබෙනු ඇත.
දැනට මෙම උපකරණය පෙනුමෙන් එතරම් මටසිලුටු ආකාරයක් නොගන්නා අතර විද්‍යාඥයින් එය වයර සහිත සහ වයර රහිත  උපකරණයක් ලෙස සකස් කීරීමට කටයුතු සම්පාදනය කරමින් සිටී. මෙම උපකරනය අලෙවිය සඳහා වෙළඳපලට  ඉදිරිපත් කල පසු අනෙකුතු ප උපකර වලට වඩා  සාපේක්ෂව මිලෙන් අඩු වනු ඇත.  එලෙසම එය ප්‍රමාණයෙන් කුඩාවන අතර අවහිරයකින් තොරව පහසුවෙන් එහා හො ගෙන යා හැකි වනු ඇත.
කෙසේ වුවද  එම විද්‍යාඥයින්ගේ මෙම අති විශිෂ්ඨ නිර්මාණය නුදුරේදීම වෙළඳපලට පැමිණිය හැකි අතර  අප එය ක්‍රියාත්මක වන අයුරු  සහ කරලියට එන දිනය තෙක් බලා සිටිමු.

 Source: MIT Technology Review
              www.sciencealerts.com
Nayana wijeratne , STO, Yatinuwara

0 comments:

Post a Comment