September 7, 2014

පොහොර නිපදවීමට ගන්නා පොස්පරස්


 ක්‍රි: ව: 1869 දී   ඡර්මන් ඡාතික හේනින් බ්‍රෑන්ඩ් විසින් මූත්‍රා මගින් පොස්පරස් නිපදවීමට සමත් විය. බ්‍රෑන්ඩ් එය ˝සීතල ගින්දර˝ ලෙස හැදින්වීය. අදුරේදී දිස්නය දෙන තරමට  ඒවා දීප්තිමත් විම එයට හේතුවයි. ඔහු එහිදී මූත්‍රා වාෂ්පීකරණය කිරීමෙන් ඉතිරිවන කළු පැහැති  ද්‍රව්‍ය මාස කිහිපයක් පරණ වෙන්නට හැරීමෙන් අවශේෂයක් සකස් කර ගන්නා ලදි. (ෙම් සඳහා ඔහු මූත්‍රා බාල්දි 50 60 1තර ප්‍රමාණයක්  ෙයාදා ගන්නා ලදි). එම අවශේෂය වැලි සමඟ රත්කර අවසාන ද්‍රව්‍යයන් ඉවත් වූ පසු සුදු පැහැති ඝනයක් ලස ඝනීභවනය වන්නේ පොස්පරස්ය. මෙම නිසා ඔහු ඉතිහාසයේ ප්‍රථම මූල ද්‍රව්‍ය සොයා ගත් තැනැත්තා ලෙස සලකයි.

පොස්පරස් ග්‍රීක වදනෙහි තේරුම ˝ ආලෝකය ගෙනෙන්නා ˝ යන්නයි. ඒෙලසම වීනස් ග්‍රහයාට අතීෙය්දි ෙමම නම බාවිතා කර අැති බවද ඉතිහාසෙය් අැත. ඝන ද්‍රව්‍යයක් වන පොස්පරස් අලෝහ මූල ද්‍රව්‍යයකි. සුදු පොස්පරස් සාමාන්‍යෙන් ලා කහ පැහැතිය.මෙය  වාතයේදී ඉබේ දහනය වෙයි. එලෙසම කටුක ගන්ධයකින් යුක්තය. ඔක්ෂිඡන් ඇති විට පොස්පරස් වලින් දුර්වල කොළ පැහැති ආලෝකයක් විහිදෙයි. පොස්පරස් ඡලයේ ද්‍රාව්‍ය නොවන නමුත් කාබන් ඩයොක්සයිඩ් වල ද්‍රාව්‍ය වෙයි. මෙහි පරමානුකභාරය 30,97376 ක් වන අතර ද්‍රවාංකය සෙල්සියස් අංශක 44.2(කෙල්වින් 317.3) සහ තාපාංකය සෙල්සියස් අංශක 280.5 (කෙල්වින් 553.7) කි. ඝනත්වය  ඝන ෙසන්ටි මීටරයට ග්‍රෑම් 1.823 කි.

පොස්පරස් වල බහුරූපි ආකාර කීපයකි. සුදු පොස්පරස් හිරු එළියට නිරාවරණය වීමේදී තවත් එක් බහුරූපි ආකාරයන් වන රතු පොස්පරස් නිපදවෙයි. එලෙසම සුදු පොස්පරස් සෙල්සියස් අංශක 300 ක උෂ්නත්වයට රත් කිරීමෙන් රතු පොස්පරස් නිපදවා ගනී. කළුගල් වැනි ආකාරයක් දක්වන දම් පොස්පරස් තවත් එක් බහුරූපි ආකාරයකි. සුදු පොස්පරස්  විෂ සහිත වුවද රතු පොස්පරස් විෂ සහිත නොවේ. රතු පොස්පරස් ඉබේ දහනය නොවන අතර ඝර්ෂණය වීමේදි දහනය වේ. මේ නිසා රතු පොස්පරස් ගිනිකූරු නිෂ්පාදනය සඳහා සහ ගිනි කෙළි කර්මාන්තය සඳහා අමුද්‍රව්‍යයක් ලෙසත් යොදා ගනී.

 පොස්පරස්  සංයෝග ඡීවයට අත්‍යවශ්‍ය වේ. ඡීවදේහ තුල බහුලවම ඇති මූලද්‍රව්‍ය අතරින් පොස්පරස් වලට හයවැනි ස්ථානය හිමිවෙයි. පොස්පරස් යනු  වර්ධනයට   අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. මේ නිසා පොස්පරස්වල ප්‍රධාන ප්‍රයේඡනය වනුයේ පොහොර නිවදවීමට යොදා ගැනීමයි. එමෙන්ම වානේ නිෂ්පාදනය සඳහාත් සමහර සේදුම්කාරක සඳහා අමුද්‍රව්‍යයක් ලෙසත් ආලෝක විමෝචක ඩයෝඩ නිපදවීම සඳහාත්  පොස්පරස් යොදා ගනී.

පොස්පරස් නිදහස් මූලද්‍රව්‍යයක් ලෙස ස්වභාවික පරිසරයේදී හමු නොවේ. එහෙත් ඒවා විවිධ ඛණිඡ තුලදී  හැකිය. වානිඡ ලෙස පොහොර නිපදවීමේදී ඒවා  සඳහා  කැල්සියම් පොස්පේට් යොදා ගනී. කැල්සියම් පොස්පේට් සිලිකා සහ කාබන් සමඟ  උදුනක රත්කරණ විට වාෂ්පශීලි ටෙට්ට්‍රා පොස්පේට් නිපදවේ. ඉන්පසු ඡලය සමඟ එක්වී  ඝනීභවනය වීමෙන් සුදුපාට කුඩක් ලෙස පොස්පරස් ඉතිරිවේ.

              www.sciencealerts.com
             Nayana wijeratne , STO,Yatinuwara.

0 comments:

Post a Comment