සමහරවිට ඔබට
කොරල් පෙනෙනු ඇත්තේ පාෂාණයක් මෙනි. එහෙම පෙණුනත් ඒවාට ශාකයක ලක්ෂණත් තිබෙනවා
නොවේදැයි කියා සිතන්නට ඉඩ ඇත. කොරල් ඔබට සතෙකුගේ ස්වරූපයෙනුත් පෙනෙන්නට බැරි නැත.
කොහොම වුණත් කොරල් යනු සතෙකු බව නම් ඔබ අමතක නොකල යුක්තකි. තවත් විස්තර ඇතිව
කිවහොත් මේ සත්ත්වයා අපට හදුන්වන්නට සිදුවන්නේ මුහුදු ජලයේ සිටින අපෘෂ්ඨවංශීක
ජීවයෙකු හැටියටයි.
කොරල් බුහුපාවා යනුවෙන් ඌව හදුන්වන්නටත්
පුලුවන. (coral polyp) ජීවියා
වැඩිපුරම ජීවත් වන්නේ නොගැබුරු සහ උණුසුම් මුහුදු ජලයේය. කොරල් ජීවීන් අයත්වන්නේ chidarians යනුවෙන්
හදුන්වන සතුන් අතරටයි. ලොඩියන් (Jelly fish) අයත් වන්නේත් මෙම
කොටසටයි. ලොඩියන් මෙන් නොව කොරල් ජීවීන්ට කිසියම් උපස්ථරයකට සවි වී සිටින්නට
පුලුවන. මේ උපස්ථරය හැම විටම වාගේ පාෂාණයකි. ඒ නිසා ලොඩියන් මෙන් කොරල් ජීවීන්
නිදහස් ලෙස මුහුදේ නිරතුරුව පාවෙමින් ජීවත්වන්නේ නැත. අනෙක් අතට කොරල් ජීවත්
ජීවත්වන්නේ ඇල්ගී විශේෂයේ ශාකයක් සමග සහ සම්බන්දතාවයක් ඇතිවයි. මේ ඇල්ගී ඒක සෛලීය
එකකි.
මුහුදේ නොගැඹුරු ප්‍රදේශවල ඉහළ ස්ථර
ඉතාමත් පැහැදිලිය. එමෙන්ම උණුසුම්ය. මෙවැනි ස්ථානවල ඉතා කුඩා ශාකවලට - එසේත්
නැත්නම් අන්වික්ෂීය ඇල්ගීවලට වැඩෙන්නට පුළුවන. මෙවැනි ඇල්ගී විශේෂ කරන්නේ හිරු
එළිය ඇති විට කාබොන්ඩයොක්සයිඩ් වායුව සහ ජලය ආශ්‍රය කරගෙන ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ
යෙදීමයි. මේ විධියට සකස් කරන ආහාර තවත් ජීවීන් සමග බෙදාගනිමින් සහ සම්බන්ධතා
ගොඩනගා ගැනීම සුලභය.
කොරල් ජීවීන් සමග සහසම්බන්ධාවක් ඇති
කරගන්නා ඇල්ගී මෙකී ආකාරයේ හැඩගැස්ම පෙන්වන එකකි. ඒ ඇල්ගී නමින් සුසැන්තාලේය (Zooxanthellae) කොරල් ජීවීන් ජීවත්
වන්නේ සමූහ ලෙසයි. ඒ සෑම ජීවියෙකුම ජීවත්වන්නේ ඇල්ගී සමගයි. කොරල් ජීවීන් ඉතා
විශාල සංඛ්‍යාවක් එකට ජීවත්වන තැනක කොලනියක් ඇති වේ. ඒ සෑම ජීවියෙකුම ජීවත් වන්නේ
ඇල්ගී සමග බව අමතක නොකල යුතුය. කෙරල් ජීවීන් මුහුදු ජලයේ තිබෙන කැලිසියම් හා තවත්
විවිධ විධියේ ලවණ වර්ග භාවිත භාවිතයට ගනිති. මේ ලවන වර්ග නොයෙක් විද අපද්‍රව්‍යය සහ ද්‍රව්‍ය සමග මිශ්‍රවීමෙන්
කැල්සියම් කාබනේට් සහිති සැකිල්ලක් තැනේ. ඒ තුල කොරල් ජීවීහු වෙසෙති.
ජීවියා ජීවිතක්ෂයට පත්වූ විට මේ සැකිල්ල
ඝනයක් බවට පත්වේ. අලුතින් එන කොරල් ජීවියෙකුට, මියගිය සැකිලි මත ජීවත්වන්නට සිදුවේ.
මිනිසා භාවිතයට ගන්නා හුනුගල් නැමති පාෂාණ වර්ගය සැකසෙන්නේ මියගිය කොරල් ජීවීන්ගේ
සිකිල් එකට එක්රැසි වී වසර දහස් ගානක් පැවති විටයි. වසර ලක්ෂ ගණනක් පුරා කොරල්
ජීවී කොලනි දිගින් දිගටම වඩෙන්නට පුළුවන. එවිට එක් කොලනියක් තවත් කොලනියක් සමග එකට
එකතු වන්නට පුළුවන. කොරල්පර ඇතිවන්නේ ඒ ආකාරයටයි.
නවයුගය සගාරාව
ඇසුරින්
0 comments:
Post a Comment