September 3, 2014

සුදු පොල් තෙල් වල සෞඛ්‍යය ආරක්ෂිත බව

1 පරීක්ෂණ වලින් සොයාගෙන ඇති ආකාරයට සුදු පොල් තෙල් වල ඇති මධ්‍ය ප්‍රමාණයේ ෆැටි ඇසිඩි පරිවෘත්තිය ක්‍රියාවලිය වේගවත් කරන නිසා වැඩි ශක්තියක් ලබා ගතහැකි වේ·
2  සුදු පොල් තෙල් වල වැඩි ප්‍රමාණයක් කැප්රලික් ඇසිඩි ඇත එමගින් අහිතකර බැක්ටීරියා විනාශ කර දැමීමට අවස්ථාව සැලසේ (කැන්ඩිඩා වැනි)·
3 ලෝරික් ඇසිඩි වලින් පරිපූර්ණ නිසා එමගින්  පූර්ණ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකර අපගේ හෘදය ආරක්ෂා කරන අතරම හිතකර  කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කරනු ලබයි·

4  බර අඩු කිරීමට උපකාරි වේ - සුදු පොල් තෙල් වල ඇති හිතකර මධ්‍යම ප්‍රමාණයේ ෆැටි ඇසිඩි අනෙකුත් ඇසිඩි මෙන්  රැධිරය තුල සංසරනය  නොවේ කෙලින්ම අක්මාවට ගමන් කර ශක්තිය බවට පරිවර්තනය වේ ·

5 මේවා රැධිරයේ දි ඉන්සියුලින් ස්පයික් නොසාදයි  එමනිසා ඉන්සියුලින් ශ්‍රාවය වැඩි කරමින් රැධිරයේ සීනි මටිටම පාලනයට උපකාරි වේ·

6 හෘද රෝග අවම කර ගැනීමට - පැසිපික් දුපත් වල මිනිසුන් ගැන කරන ලද පරීක්ෂණ වලින් හෙලිවී ඇත්තේ ඔවුන් ගන්නා  කැලරි වලින් සියයට 30 සිට 60 දක්වා  ප්‍රමාණයක් සමිපූර්ණයෙන්ම පොල්තෙල් වල බහා ගන්නා ආහාර වලින් ලබාගන්නා බවයි  පැසිපික් දුපත් වල වැසියන්ගෙන් හෙලිවී ඇත්තේ හෘද රෝග වලින් ඔවුන් පීඩා නොවිදින බවයි·

7 මෙම තෙල් වල අඩංගු ලෝරික් ඇසිඩි ශරීරයේ ප්‍රතිශක්තිකරණය සදහා උපකාරි  වේ·
8 මෙම තෙල් සම මත බාහිරින් ආලේප කිරීමෙන් ඇන්ටි බැක්ටිරියා ස්ථරයක් ලෙස ක්‍රියා කර  ආසාදනය වු ස්ථාන ආරක්ෂා කරයි·

9 ස්නායු සමිබන්ධ රෝග මුලික අවස්ථාවෙදිම සුවකර ගැනිමට පොල් තෙල් වලින් සිදුකෙරේ 

සකස් කලේ
ඒ ඒ සි වි අතාවුද
විදාතා සමිපත් මධ්‍යස්ථානය
අරණායක

0 comments:

Post a Comment