September 1, 2014

ඇතුවත් බැරි නැතුවත් බැරි ඇස්ප්‍රින්

ඩිස්ප්‍රින් යනු ඇස්ප්‍රින්හි වෙළද නාමයයි. ඇස්ප්‍රින්,ඩිස්ප්‍රින් වේදනා නාශක ඖෂධ අතර ප්‍රධාන ඖෂධයකි. මෙය වසර සියයක් පමණ පැරණි ඖෂධයකි. ප්‍රධාන ඖෂධ අතර දහවන ස්ථානය හිමි ඇස්ප්‍රින් ලොව පුරා කෝටි සංඛ්‍යාත ඡනයා භාවිතා කරයි. සෑම වසරකම ලෝකයේ මෙට්ට්‍රික් ටොන් හතලිස්දහසක් ඇස්ප්‍රින් නිෂ්පාදනය කරයි. 

අතිතයේදි ඡනයා උණ හෝ හිසරදය සෑදුණු විට විලෝ ගසේ කොළ ඖෂධයක් ලෙස යොදාගත්හ. පසුකලකදි රසායනික පර්යේෂණ වල ප්‍රථිඵලයක් ලෙස1763 දි Edward Stone විසින්  විලෝ ශාඛයේ පිට පොත්තේ ඇස්ප්‍රින්හි ක්‍රියාකාරි සංයෝගය වන සැලිසිලික් අමිලය සොයා ගන්නා ලදි. රසායනික පර්යේෂණ වල ප්‍රථිඵලයක් ලෙස 1897දි සැලිසිලික් අමිලය භාවිතයෙන්රසායන විද්‍යා Felix Hoffmann විසින් ඇස්ප්‍රින් මුලින්ම වෙළදපොළට සුදුපැහැති කුඩක් ලෙස හදුන්වාදෙන ලදි. පසුව 1904 දි පෙත්තක් ලෙස වෙළදපොළට පැමිණ ලොව පුරා සීග්‍රයෙන් ඡනප්‍රිය විය.
මෙය වෙිදනාව ,උණ,රූමැටික් උණ, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, සහ ඉදිමුම සදහා භාවිතා කරන ප්‍රබල වේදනා නාශකයකි. තවද සමහර අවස්ථා වල රුධිරය කැටි ගැසිම වැලැක්විමටද ඇස්ප්‍රින් භාවිතා කරයි.

 
ඇස්ප්‍රින්හි රසායනික ව්‍යුහය හත පරිදි වේ.                      2-(acetyloxy)benzoic acid
  
ඇස්ප්‍රින් වල විශේෂත්වය
  • ඇස්ප්‍රින් ඉතා ඉක්මනින් ක්‍රියාකාරි වන අතර දිගු වේලාවක් එහි බලපෑම පැවතිම. 
  •  ඇස්ප්‍රින් වේදනා නාශකයක් පමණක් නොවන අතර අනෙක් වේදනා නාශක වලට වඩා ඖෂධීය ගුණයක් ඇත. 
  •  ශරිරයේ කවර ස්ථානයක හෝ ඇති ඉදිමුම සදහාද ඇස්ප්‍රින් සහනය ලබා දේ. 
  •  දිනපතා ඇස්ප්‍රින් /ඩිස්ප්‍රින් කුඩා මාත්‍රාවක් නිතර ඇතිවන හෘදයාබාධ හෝ හෘදය ආශ්‍රිත රෝගාබාධයන්ගේ අවධානම 50%කින් අඩු කිරිමට දායක වේ. තවද හෘද රෝග සදහා ලබාදෙන අනෙක් ඖෂධ   අතුරු ප්‍රථිඵල සහිත වු අතර ඇස්ප්‍රින් සෑම ඖෂධයකටම සාපේක්ෂව අඩු අතුරු ප්‍රථිඵල සහිත බව හෙලි වි ඇත. 
  •  ඇස්ප්‍රින් වයස අවුරුදු 35-70ත් අතර හෘද රෝගින් සදහා යොදාගන්නා ඖෂධයකි. කාන්තාවන්ගේ කොලොස්ටරෝල් මටිටම ඉහළයාම හෝ දියවැඩියා වැනි අවස්ථා වලදි ඇස්ප්‍රින් භාවිතා කිරිම හෘදරෝග වලට ගොදුරු විමේ අවධානම විශාල ලෙස අඩු කරයි. ඇස්ප්‍රින් සුළු හෝ සාමාන්‍ය හෘදරෝගින් සදහා පමණක් නොව මරණාසන්න හෘදරෝගින් සදහාද හෘද ක්‍රියාකාරිත්වය දිගු වේලාවක් තබා ගැනිමට භාවිතා කරයි.
ඇස්ප්‍රින් ගැනිමේදි සැලකිලිමත් විය යුතු කරුණු
 කිසිවිටෙකත් ඇස්ප්‍රින් සෑමවිටම ආහාර සමග හෝ ආහාර ලබාගත් පසු ගැනිමට මතක තබාගන්න.  නිරාහාරව සිට නොග න්න. නිරාහාරව සිට ඇස්ප්‍රින් ගැනිමෙන් ආමාශයේ ආම්ලිකතාවය වැඩි වි ආමාශ බිත්තියේ තුවාල ඇති විම හා රුධිරය ශ්‍රාවය විම ප්‍රධාන අතුරු ආබාධ ලෙස හැදින්විය හැක.
  •   ඇස්ප්‍රින් සෑම විටම වතුර විදුරුවක දියකර පානයට ගන්න. මෙහිදි වතුර වෙනුවට පළතුරු යුෂ,ශිතකළ බීම වර්ග,තේ හෝ කෝපි සමග කිසිවිටෙක නොගන්න. 
  •  එකවර ඇස්ප්‍රින් පෙති වැඩි ප්‍රමාණයක් නොගන්න. 
  •  දත්කැක්කුම සදහා ඇස්ප්‍රින් දත් අතර රැදවිමෙන් වලකින්න. එය විදුරුමස් වලට හානිදායක වේ. 
  •  ඇස්ප්‍රින් භාවිතා කරන විට  මත්පැන් නොගන්න. එයට හේතුව මත්පැන් අධික ආම්ලිකතාවයක් ඇති නිසා  ඒත් සමග ඇස්ප්‍රින් ගැනිමේදි ආමාශයට හානිදායක විය හැකිය. 
  •  අවුරුසු 18ට අඩු අයට ඇස්ප්‍රින් භාවිතයෙන්  රිඒසිංඩ්‍රොම් නැමති රෝගය ඇතිවිමට ඉඩකඩ ඇති හෙයින් වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කිරිම යෝග්‍ය වේ.
 පිලිකා වැලදුනු රෝගින්ටද ඇස්ප්‍රින් ගුණදායකය. පිලිකාවක් වැලදුන  පුද්ගලයෙක්  සෑම මසකම ඇස්ප්‍රින් පෙති දහසකට අධික  ප්‍රමාණයක්  ගනි නම් පිලිකාවක් නිසා මිය යාමේ අවධානම 50%කින් අඩු වනු ඇත.
ඇස්ප්‍රින් වල යම් දුර්ගන්ධයක් වේ නම් ඇස්ප්‍රින් කල් ඉකුත් වි ඇති හෝ නරක් වි ඇති බැවින් භාවිතා කිරිමෙන් වලකින්න.
ඇස්ප්‍රින් වැඩිපුර ගැනිම
වැඩිපුර භාවිතයට ගැනිමෙන් පාචනය,සොටුදියර ගැලිම,රුධිරය වමනය විම,කෙටි ආශ්වාස හා ප්‍රශ්වාස,සහ කනෙන් ශබ්ද ඇති විම දැකිය හැකිය.
එවැනි අවස්ථාවකදි වහාම වෛද්‍ය ප්‍රථිකාර ගත යුතු වේ.                                                  

උපුටා ගැනිම - http://en.wikipedia.org/wiki/Aspirin
කේ.එච්.එම්.එම්.ඡයවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
විදාතා සම්පත් මධ්‍යස්ථානය
හාරිස්පත්තුව

3 comments:

පැනඩෝල් පාවිච්චිය අඩු කරලා ඩිස්ප්‍රින් පාවිච්චියට යනඑක හොදයි වගේ

ප්‍රෙග්නට් අයට බොන්න හොද නෑ නේද....?

Post a Comment