October 12, 2016

සුර්යාලෝකය වෙනුවට අන්තරික්ෂණ කිරණ මගින් ජිවය ලැබීම

අන්තරික්ෂණ (cosmic) කිරණ මගින් ජිවය ලබන පිටසක්වල ජීවින් පැවතිය හැකිද? ධුර්ත ග්‍රහලෝක (rogue planets), වල්ගාතරු යනාදියෙහි පැවතිය හැකි ක්ෂුද්‍ර ජිවින් හට  මෙවැනි මරණිය විකිරණ උදේ ආහාර වේල වේද? තාරකා මණ්ඩලයේ අන්තරික්ෂණ (cosmic) කිරණ වල එක් ප්‍රභවයක් ලෙස සිතු Supernova තුළ මෙවැනි ජීවින් බලගැන්වීම සදහා ප්‍රමාණවත් බල ශක්තියක් ඇත.
පෘථිවිය, සුර්යා මගින් බල ගැන්වී තිබේ. සුර්යා අප වෙත විදින පොටෝන කදම්භ මගින් පෘථිවියේ ඇති කොළ පැලැටි තුළ ශක්තිය ගොඩ ගැසේ. ඉන්පසු එම පැළෑටි අපි ආහාරයට ගනිමු නැතිනම් එම පැළෑටි අනුභවය කරන සත්වයන් අපි ආහාරයට ගනිමු. ආහාර දාමය ලෙස සලකන මෙම ක්‍රියාදාමයට අමතරව අපට මිහිරි සුර්ය බලශක්තිය වක්‍රව අපිද උරා ගනිමු.

ධුර්ත ග්‍රහයන් හා කක්ෂ ගත වූ තාරාකා නොමැත. ඒවා තාරකා අතර පවතින අදුරු අවකාශයේ (interstella) ඉබාගාතේ සැරි සරයි. පෘථිවිය තුළ සිදුවන සුර්යාලෝක ක්‍රියාවලියට සමාන ලෙස ධුර්ත ග්‍රලෝක තුළ අන්තරික්ෂණ කිරණ  ක්‍රියා කරනු ඇත. එනම් මෙම අධි ශක්ති කිරණ මගින් සුර්ය කිරණ හෝ වායුගෝලයක් නොමැති ගැඹුරු බිමෙහි පාරිසරික පද්ධතිය බල ගැන්වේය යන අදහස යෝජනා වී ඇති බව Royal Society Interface සගරාව ප්‍රකාශ කරයි.

පෘථිවිය තුළ පවා සිදුවන අද්භූත සිදුවීම් මෙම උපකල්පනයට හේතු වී තිබේ. පොළව යට ඉතා ගැඹුරු ප්‍රදේශයේ සිටින Desulforudis audaxviato බැක්ටීරියාව ජීවත්වනුයේ යුරේනියම්, තෝරියම්, පොටෑසියම් වැනි විකිරණශීලි මුලද්‍රව්‍ය වල අතුරු නිෂ්පාදන ආහාරයට ගනිමින්ය. පෘථිවිය මතුපිට ඇති ශාක සුර්යාගේ ශක්තිය උපයෝගී කරමින් ජලය කොටස් කර කාබෝහයිඩ්රේට් නිෂ්පාදනය කරයි. ඒ ආකාරයෙන්ම මෙම බැක්ටීරියාව විකිරණශීලි පර්වත  අහුරන අංශු වල හැකියාව ප්‍රයෝජනයට ගනියි. එම අංශු ජලය කොටස් කරමින් වෙනත් අංශු හා සම්බන්ධ වී බැක්ටීරියාවට අවශ්‍ය ආහාර නිපදවයි.

Blue Marble Space විද්‍යායතනයේ තාරකා ජීව විද්‍යාඥ Dimitri Atri යෝජනාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කලේ තාරකා මණ්ඩලයේ අන්තරික්ෂකණ විකිරණ ජලය හා වෙනත් අණු වඩා ප්‍රයෝජනවත් ස්වරූප සදහා කොටස් කිරීමට අවශ්‍ය ශක්තිය සපයන බවයි.

පෘථිවි පරිසර පද්ධතිය මෙවැනිම වූ ආකාරයකට ක්‍රියාත්මක වන නිසා මෙම උපකල්පනය සම්පුර්ණයෙන් සැලකිය යුතු බව මෙම පර්යේෂණයට සහභාගී නොවූ NASA හි තාරකා ජීව විද්‍යාඥ Chris Mckay පවසයි.


 අන්තර්ජාලය ඇසුරෙණි.

0 comments:

Post a Comment