October 31, 2016

මහා ගල්පර බාධකය රැකේද?


වාර්තා ගත දරුණුම විරංජනයවීම නිසා ඕස්ට්‍රේලියාවේ කුවිස්ලන්ඩ්හි නැගෙනහිර මුහුදු තිරයේ පිහිටි ලොව විශාලතම හිරිගල් ගල්පර පරිසර පද්ධතිය වන මහා ගල්පර බාධකය මිය යයි. Lizard island (කටුසු දිවයින) ට ඉහලින් පිහිටි ගල්පරවල උතුරු කොටස මෙසේ මියයාමට බොහෝසේ භාජනය වී තිබේ.

විරංජනය සිදුවීම ආරම්භවී මාස ගණනකට පසු පර්යේෂකයෝ මෙම හානිය පිලිබදව ගණනයක යෙදෙති. හිරිගල්වලට විරංජනයෙන් ආරක්ෂාවීමේ හැකියාව ඇත. එහෙත් ඒ සදහා වෙනස් වන ලෝකය තුළ පවතින කාලය සීමිතය. ඒක සෛලීය ඇල්ගී (හරිතප්‍රද සහිත සරල ශාක) විශේෂයක් සමග සහවනව ජිවත්වන සත්ව විශේෂයක් ලෙස හිරිගල් සැලකේ. මෙම හිරිගල්වලට ගල්පර ගොඩනැගීමට හැකිය. කථාවහරෙන් zooxanthellae ලෙස හදුන්වන ඇල්ගී විශේෂය Symbiodinium නම් වේ.

ඇල්ගී සමග වෙසෙමින් හිරිගල් ඒවාට ආරක්ෂාව සපයන අතර පෝෂකද ලබාදේ. මේ අතර ඇල්ගී තම ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවෙන් ලද නිෂ්පාදන මගින් හිරිගල් පෝෂණය කරයි. මෙම සම්බන්ධතාව ඉහල කාර්යක්ෂමතාවයකින් යුක්තය. තම සැකිල්ල නිර්මාණය සදහා ගල් සහිත කොරල් හෙවත් හිරිගල් වලට බොහෝ සේ අවශ්‍යවන ශක්තිය එමගින් ලැබේ. විශේෂයෙන් පෝෂක වලින් හීන නිවර්තන (උෂ්ණ කලාපයට අයත් ) ජලයේදී එය වඩා ඵලදායී වේ. එහෙත් ඒසමගම එය බිදෙනසුළු සමබරතාවයකි.

ජලයේ උෂ්ණත්වය වැඩිවීම සහ උත්සන්න වූ ආලෝක තත්ව හේතුවෙන් ඇතිවූ පරිසර පිඩාව නිසා  zooxanthella නම් ඇල්ගී ඔක්සිජන්වලට ප්‍රතික්‍රියා දක්වන සත්ව විශේෂයන් වැඩි වශයෙන් නිපදවයි. එම සත්ව විශේෂ හිරිගල් වලට විෂ සහිත වේ. එනිසා හිරිගල් විසින් ඇල්ගී නෙරපීම සිදු කරයි . එවිට ඇල්ගී සහ හිරිගල් සම්බන්ධතාවය බිද වැටේ. විරංජනය සිදුවන්නේ මෙම ක්‍රියාදාමය  නිසාය. ඇල්ගී 90% ක් පමණ නෙරපා දැමු විට හිරිගල් සැකිල්ල එහි පටක තුළින් මතුවී පෙනේ. ඒවායේ වර්ණවත් බව නොපෙනී යයි.

විරංජනය වූ හිරිගල් වලට ජීවත්විය හැකි නමුත් ඒවා තම ප්‍රධාන ආහාර ගබඩාව (ඇල්ගී) අහිමි කර ගැනීම නිසා මන්දපෝෂණයට පත්වේ. එහි පරිවෘත්තිය ක්‍රියාවලිය පිඩාවට පත්වේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය හින වීම නිසා රෝගවලට ගොදුරු වේ. එපමණක් නොව Drupella   නම් ගොලුබෙලි විශ්ෂයෙන් ආරක්ෂාවීමටද නොහැකි වේ.

පාරිසරික පිඩාවේ ධාරිතාව සහ සිදුවන කාල පරාසය අනුව අධික උෂ්ණත්වය තදින් බලපෑම, සාගින්න, රෝග හෝ ගොලුබෙල්ලන්ට ගොදුරුවීම නිසා හිරිගල් මිය යයි. එහෙත් වාතාවරණය වඩාත් සුවදායක වුවහොත් හිරිගල් නැවත ඇල්ගී සමග සහවනය ඇතිකර ගනු ඇත. එහි වර්ණවත් බව නැවත ලබා ගනු ඇත. හිරිගල් සැකිලි තුළ ශේෂ වූ ඇල්ගී හෝ අවට ජලය මගින්  සමහර හිරිගල් ජනපද ප්‍රකෘතිමත් වේ යයි “විරංජනය වූ හිරිගල් වලට තවම ජිවය තිබේ.” ග්‍රන්ථයේ කතෘ Greg Torda පවසයි.

අන්තර්ජාලය ඇසුරෙණි.

https://www.youtube.com/watch?v=mVxp1_gdHe4

0 comments:

Post a Comment