September 21, 2016

පහන් දරුවන් සදහා සහජ බුද්ධිය සහ ප්‍රගුණනය

වසර 45 ක් දිගු කාලයක් ක්‍රියාත්මක වන වඩාත් වර්ණවත් විද්‍යාත්මක අධ්‍යනයක් ලෙස Mathematically Precocious Youth (SMPY) අධ්‍යනය හැදින්වේ. ඉතා සියුම් (ගණිතමය) පැසුණු යෞවනත්වය ලෙස වචනාර්ථයෙන් දැක්විය හැකි SMPY අධ්‍යනය සදහා තනි පුද්ගයින් 5000 කගේ චර්යාවන් හා කෞශල්‍යයන්  ඔවුන්ගේ ළමාවියේ හෝ යොවුන්වියේ සිට වසර 45 ක කාලයක් තුළ වාර්තා ගත කර තිබේ.එක්සත් ජනපදයේ අධ්‍යාපන ක්‍රම මගින් පහන් (smart) දරුවන් හදුනාගැනීම හා පෝෂණය කිරීම දක්වා මෙම අධ්‍යනය වර්ධනය වූ බව Nature සගරාව ප්‍රකාශ කරයි.

සිත්ගන්නා සමහර බුද්ධිමය හැකියාවන් සමග දරුවන් වර්ධනය වන අයුරු හදුනාගැනීම සදහා මෙම අධ්‍යනය වෙනත් අධ්‍යනයන්ට වඩා උසස් මුලාශ්‍රයක් බවට අවිවාදිත බවද Nature හි තවදුරටත් සදහන් වේ. තවද SMPY නිසා ශාස්ත්‍රීය අධ්‍යනයන් සිය ගණනක් නිර්මාණය වී තිබේ උදාහරණයක් ලෙස විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිත ක්ෂේත්‍රවල හැකියාවන්හි ඵලය සංවර්ධනය සදහා යොදා ගන්නේ කෙසේදැයි හදුනාගැනීමට මෙම අධ්‍යන මුලාශ්‍රය පහසුකම් සපයා තිබේ.
Vanderbilt විශ්ව විද්‍යාලය මගින් සම්බන්ධීකරණය කළ SMPY අධ්‍යනයට බදුන් වූ බොහෝ දෙනෙක් ඉහලම තලයේ විද්‍යාඥයන් බවට පත්වී ඇත. එසේනම් ඔබගේ දරුවා ප්‍රතිභාවන්තයකු කිරීමේ රහස කුමක්ද?

වෙනත් බොහෝ අධ්‍යනයන්ට වෙනස් ලෙස  SMPY දත්ත මගින් ප්‍රතිභාවන්තයකුගේ බොහෝ ලක්ෂණ යෞවන වියේදී උපන් සහ පහුණු කළ දේ ලෙස සනාථ වී තිබේ.යම් ක්ෂේත්‍රයක විශේසඥයකු වීමේදී පුනරාවර්තන කළ පුහුණුවීම් අභිබවා සහජ බුද්ධිය කටයුතු කර ඇති බවද පැහැදිලිවී ඇත.එනම් ජයග්‍රහන කෙරෙහි ආරම්භක ඥානාත්මක හැකියාවන් කර ඇති බලපෑම අඛන්ඩ පුහුණුවීම් හෝ පවුලේ ආර්ථික සමාජීය තත්ව වැනි වෙනත් කරුණු වල බලපෑමට වඩා වැඩිය.
මෙම සොයාගැනීම් බොහෝ බටහිර අධ්‍යාපනයේ ආචාරවිධි වල මුල බිජවලට වඩා වෙනස් වේ. එනම් එම ආචාරවිධි අනුව දරුවන්ට හැකියාව වර්ධනය කරගැනීමේ අවස්ථාවන් සදහා වැඩි මුලිකත්වයක් ලබාදෙන ලද්දේ ඉහල තත්වයක් ළගා කර ගැනීමට විභවයක් ඇති දරුවන්ට වඩා  ඉහල තත්වයක් ළගා කර ගැනීමට උත්සහ කරන දරුවන්ටය. SMPY හි සුවිශේෂි හදුනාගැනීම නම් දරුවා හපන්කම් දක්වන ක්ෂේත්‍රය මුලින් හදුනාගෙන ඒ මග ඔස්සේ පෝෂණය කළ විට නිසැකයෙන්ම එම දරුවා දක්ෂයකු වන බවයි.

අපි කැමති වුවත් නැතත් සත්‍යවශයෙන්ම සමාජය පාලනය කළ යුත්තේ මෙලෙස බිහිවූ දක්ෂයන් බව ඩියුක් විස්වා විද්‍යාලිය දක්ෂතා හදුනාගැනීමේ වැඩ සටහනේ මනෝ විද්‍යාඥ සහ JHU සහයක ජොනතන් වේ, Nature ට පවසා තිබේ. 

අනර්ජාලය ඇසුරෙණි

https://www.youtube.com/watch?v=2ZiRZrYo5tA

0 comments:

Post a Comment