වසර 200 කට පෙර තාක්ෂණයේ
වෙනස් වීම බටහිර සමාජය තුළ වේගවත්ව ආරම්භ විය. සුළග, ජලය, සත්ව බලශක්තිය යනාදියේ
වූ ස්ථානීය සහ ප්‍රමාණාත්මක සීමාසහිත භාවය නිසා ඒවා වර්ධනය කිරීම මෙන්ම නව සොයා
ගැනීම් මගින් ප්‍රතිස්ථාපනය කිරිම්ද සිදුවිය. කාර්මික විප්ලවයේදී කර්මාන්තශාලා
බලගැන්වීම සදහා වාෂ්ප එන්ජිම භාවිතය ආරම්භ විය. දුම්රිය මාර්ග සහ දුම්රිය නිසා
භාණ්ඩ සහ මගී ප්‍රවාහනය වේගවත් වීම පමණක් නොව විශාල දුර ප්‍රමාණයන් ආවරණය කිරීමේ
හැකියාව ලද්දේය. මුලින් විදුලි පණිවුඩ පසුව දුරකථන නිසා නාගරික හා ග්‍රාමීය
සන්නිවේදනය පහසු විය.කුඩා එළියක් ලබා දුන් ඉටිපන්දම්, භූමිතෙල් ලාම්පු, ගෑස්
ලාම්පු වෙනුවට විදුලිය විශාල ආලෝකයක් ලොවට ලබා දුන්නේය.
විසිවෙනි ශතවර්ෂය ආරම්භයේදී
සංවර්ධනය, තාක්ෂණික දියුණුව හා ඉතා සමීප වී පසුව පළමු දශක දෙකේදී එහි තිර්වතාවයද
වැඩි කර ගන්නා ලදී. මොටෝර් රථ සහ අහස්යානා නිර්මාණය වී ගමනාගමනය පමණක් නොව නගර හා මහා නගර වල ස්වභාවය
සම්පුර්ණයෙන් වෙනස් කළේය. රේඩියෝව හා පසුව රුපවාහිනිය මගින් බාහිර ලෝකය සෑමදෙනාගේම
නිවාස තුළට ගෙනෙන ලදී. රෝගවලට හේතුකාරක පිලිබදව ලබාගත් නව දැණුම නිසා නව ප්‍රතිකාර
හා නිවාරණ ක්‍රම නිර්මාණය විය. පරිගණක මතුවී ඉතා ඉක්මනින් ඒවා ට්‍රාන්සිස්ටර්
මගින් ප්‍රමාණයෙන් කුඩා විය, වඩා බලවත් විය, පරිශීලනය පහසු විය, ලබාගැනීම පහසු
විය.
නව නිෂ්පාදනයන් සදහා
හේතු වූ පර්යේෂණ සහ සංවර්ධන ක්‍ෂේත්‍රයේ පදනම දහනමවෙනි ශතවර්ෂයට වඩා සුවිශේෂී ලෙස වෙනස් විය.
ඒක පුද්ගල නව සොයාගැනීම් ක්‍රම වේදය සංවිධානාත්මකව සිදු කරන විද්‍යාත්මක සහ
තාක්ෂණික සොයා ගැනීම් හා බද්ධ විය. ජ්‍යාතන්තරකරණ වර්ධනයන් සහිත වූ සංවිධානාත්මක
පර්යේෂණ හා සංවර්ධනයන් නව දැනුම සුවිශාල ලෙස නිර්මාණය කළේය. ජීවින් පිළිබද ලද
ගැඹුරු අවබෝධය මගින් කාලයක් සුවකළ නොහැකි ලෙස සැලකු සහ මහා ව්‍යසනයන් වූ රෝග සුව
කළේය, තුරන් කළේය.
විද්‍යාව හා තාක්ෂණය
මනුෂ්‍ය සමාජය සදහා කරන ලද පොදු දායකත්වයේ සුළු ප්‍රමාණයක් මෙසේ දශක කිහිපයකට පෙර
සටහන් කර ඇති අතර එයට සාපේක්ෂව වර්තමානයේදී සමාජය සදහා විද්‍යාව
හා තාක්ෂණයේ පොදු භාවිතය වර්ධනය වීම පිළබදව වටහා ගැනීම අපහසු නැත. දුර්වලතා ඇතත්
ආපසු හැරීමක් ගැන විවාදයක් ඇතිවී නැත.
අන්තර්ජාලය
ඇසුරෙණි.
https://www.youtube.com/watch?v=BT894WBoRJ8
1 comments:
👏👍
Post a Comment