අධික වායු දුෂණය නිසා
ලොව සෑම පුද්ගලයින් 10 කින් 9ක්ම හදවත් රෝග, ආඝාත, පෙනහළු පිළිකා ඇතුළු විවිධ
ගැටලුවලට මුහුණපාන බව ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) වාර්තා කරයි.
අග්නිදිග ආසියාව, නැගෙනහිර
මධ්‍යධරණිය සහ බටහිර පැසිපික් ප්‍රදේශවල වායුවේ ගුණාත්මක බව ලෝක සෞඛ්‍ය
සංවිධානයේ සිමා පසු කරමින් පිරිහී තිබෙන බවත් එම රටවල ජනගහනයෙන් 92% කට මෙම තත්වය
දරුණු ලෙස බලපා ඇති බවත් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සියේ වාර්තාවේද සදහන් වේ.
නව චන්ද්‍රිකා
දත්ත මගින් සැම රටකටම පාහේ සම්බන්ධ ප්‍රදේශ 3000 ක පමණ දුෂණය පිළිබද සම්ප්‍රදායික
බිම් මට්ටමේ මිනුම් වාර්තා කර ඇත.මේවාට වැඩි වශයෙන් නාගරික ප්‍රදේශ මෙන්ම ග්‍රාමීය
ප්‍රදේශද ඇතුලත් වේ.මැයි මාසයේ WHO නිකුත් කළ වාර්තාවකට
අනුව අඩු සහ මධ්‍යම ආදායම් රටවල පිහිටි නගරයන්හි වැසියන් 98%ක් පමණ අධික වායු දුෂණ
ව්‍යසනයට මුහුණදී තිබේ.
ලොව සෑම මරණ
10 කින් එක් මරණයක් ගෘහස්ත සහ එළිමහන් දුෂණය නිසා සිදුවන බවද WHO ප්‍රකාශ කරයි. හාත්පස
පැතිරුණු වායු දුෂණය නිසා ලොව ඉහලම මරණ අනුපාතය Turkmenistan යෙන් වාර්තා වේ. එම WHO
වර්ගීකරණයට අනුව ටජිකිස්තානය, උස්බෙකිස්තානය ඇෆ්ගනිස්තානය ,ඊජිප්තුව සහ චීනය අනුපිළිවෙලින් මරණ අනුපාතය වැඩි රට වල් වේ.
අවසාන වතාවට
ලබා ගත් දැනට පවතින 2012 සංඛ්‍යාලේඛන වලට අනුව බාහිර වායු දුෂණය නිසා වසරකට මිලියන
3 ක් මියයන බව සදහන් වේ.
“වායු දුෂණය
සම්බන්ධ ලොව සිදුවීම් දෙකයි. පළමුවැන්න ධනවත් රටවල වායුවේ ගුණාත්මක බව වර්ධනය වීම
හොදින් සිදුවේ. දෙවැන්න දුගී රටවල වායුවේ ගුණාත්මක බව සීඝ්‍රයෙන් පහත බසියි. අවසාන
වශයෙන් සිදුවන්නේ මෙයයි.” යන්න පාරසරික සහ සමාජයීය සෞඛ්‍ය නිර්ණායක සදහා WHO හි
සම්බන්ධිකාරක Carlos Dora පවසයි. ආසියාවේ සමහර රටවල මෙන් මුහුණු ආවරණ පැළදීමේ අවශ්‍යතාවයක්
WHO හදුනාගෙන නැති බවත්
වෛද්‍යවරු ,රෝගීන්ට හදවත් රෝග අවදානම පිලිබදව හෝ භූමිතෙල් ලාම්පු වෙනුවට සුර්ය
බලශක්ති ලාම්පු භාවිතා කිරීම පිලිබදව උපදෙස් ලබාදෙන්නේ නම් වඩාත් සුදුසු බව Dora තවදුරටත් පවසයි.
අන්තර්ජාලය ඇසුරෙණි
https://www.youtube.com/watch?v=YsmxZ_1AbRc
0 comments:
Post a Comment