September 21, 2016

සතියේ නව දසුන් දෙකක් කෙටියෙන්

1.රියදුරු නොමැතිව ධාවනය වන  වාහන කුලියට
නව නාගරික අත්දැකීමක් ලෙස පිටර්ස්බර්ග් නගරයේ සුපිරි පාරිභෝගිකයන්ට නව රියදුරු නොමැති  ස්වයං ධාවන මෝටර් රථයක ගමන් කිරීමට අවස්ථාව ලැබී තිබේ. මෙවැනි ස්වයං පාලන වාහන වලට ගොඩවූ අයට සාමාන්‍ය වාහනයක නොමැති විශේෂත්ව කිහිපයක් පහසුවෙන් දැකිය හැකි වේ.වාහනයේ ඉහල පිහිටි ප්‍රධාන සුපිරික්සකය (scanner) ට අමතරව ලේසර් කදම්බ 64 ක් මෝටර් රථය ධාවනය වන මුළු  වටපිටාව ධාවනයවන අතරතුරදීම නිරීක්ෂණය කරයි.එමගින් අවට ඇති බාධක ඇතුළු සියලු දේ හදුනාගැනීම සහ ඒවාට ඇති දුර මැනීම සිදු කරයි. තවත් හුරුබුහුටි සංවේධක හා යන්ත්‍ර කියවන රීති මගින් විදියේ ත්‍රිමාණ සිතියම් ඉතා නිවැරිදිව සකස් කරයි.

මේ සියල්ල සිදුවෙද්දී මගියා පසුපස ආසනයේ සිට තමා කොතරම් දුර ගමන් කර තිබේද? මෝටර් රථය කොතරම් හොදින් ධාවනය වේද? යනාදිය පසුපස ආසනයේ සවිකර ඇති iPad දර්ශන තිරයකින් දැක බලා ගත හැකිය.මේ අනුව මෙම රථය සම්පුර්නයෙන්ම රියදුරු නොමැති ලෙස තාක්ෂණිකව සැලකිය නොහැකි නමුත් ඒ තුළ ගමන් කිරීමෙන් ඉතා නැවුම් වූ අත්දැකීමක් ලබා ගත හැකිය.


2.කළු කුහරය තරුවක් ගිල ගැනීම

කළු කුහරය (Black Hole) තළුමරමින් තරුවක් ගිල දමන විට සුවිශාල ගිනිදලු ශක්ති කදම්භයක් නිදහස් විය. අවට පහිටි අභ්‍යවකාශ දුවිලි පිරිම නිසා සම්පුර්ණයෙන් නටබුන් විය.මදක් ඇතින් පිහිටි දුවිලි ගිනියම් වී අධෝරක්ත කිරණ නිදහස් කළේය. එහ් මේ ආලෝක දෝන්කාර්යන් වසරක් පුරා වුවද නිරීක්ෂණය කර මියගිය තරුවේ තොරතුරු රැස් කිරීමට තාරකා විද්‍යාඥයන්ට අවස්ථාව ලැබේ. දැනටමත් ඔව්හු ගිනි දළු 4 ක් සම්බන්ධව ඉව බලමින් සිටිති. මේ සදහා NASA ආයතනයේ WISE හෙවත් Wide-field Infrared Survey Explorer අභ්‍යවකාශ යානය යොදා ගැනේ. එමගින් සොයා ගත් දේ නිදහස් අධ්‍යනයන් දෙකක් ලෙස ප්‍රසිද්ධියට පත් කර තිබේ.


අන්තර්ජාලය ඇසුරෙණි  

0 comments:

Post a Comment