September 1, 2016

සෝයා කිරි ගැන ඔබ දන්නවාද?


සෝයා කිරි ගැන ඔබ දන්නවාද?


සෝයා කිරි සෝයා බෝංචි යොදා ගෙන නිපදවනු ලබන අතර ප්‍රෝටීන් බහුලවම අඩංගු වනවා මෙන්ම විටමින් වලින්ද  පිරිපුන් වන අතර මේදය ඉතාම අඩුය. Lactose intolerant පුද්ගලයන් හට ලොව පුරාම අනුමත කරනුයේ සෝයා කිරි වන අතරම පුර්ණ නිර්මාංශී පුද්ගලයන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතා ලබාදෙනුයේද සෝයා කිරි මඟින් වේ.මේ ආකාරයට සෝයා කිරි පෝෂණීය ආහාරයක් ලෙස ආහාරයට එකතුකරගැනීමට සුදුසු වන නමුත් පර්යේෂණ මඟින් වර්තමානයේ සොයාගෙන ඇති ආකාරයට ඹ්නෑම හොඳ දෙයක් වැඩිපුර ගැනීම හානිදායක වන බව සෝයා කිරි වලට ද අදාල වන බවයි.
 සෝයා බීජ වල අන්තර්ගත වී ඇති ඊස්ටජන් හෝමෝනයට සමාන අයිසෝෆෙලේවෝන්(isoflavones)  මඟින් හෘදරෝග,ඔස්ටියෝපොරෝසිස්, පිළිකා ,එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝග වලට එරෙහිව සටන් කිරිමේ හැකියාව ලබාදේ. එසේම ප්‍රෝටීන් අවශ්‍යතා වෙනුවෙන් සෝයා ආහාරයට ගන්නා පිරිමි පුද්ගලයන්ගේ සති 5ක් කුළ දී ශරීරයේ LDL කොලොස්ටරෝල් මට්ටම 14% ක් අඩුවන බව HDL 8% ක් ඉහළ යන බවත් සොයා ගෙන ඇත. මෙසේ වාසිදායක තත්ව මෙන්ම සෝයා ආහාර වල  ගැටළු සහගත තත්වයන්ද ඇත.

එනම් රටකජු වැනි වෙනත් ආහාර මෙන්ම සෝයා වලද අසාත්මිකතා ඇති කිරිමේ හැකියාව ඇත.
එසේම කුඩා දරුවන්ගේ මොළය වර්ධනය සඳහා මේද වර්ග අවශ්‍ය වන බැවින් අවු.2ට අඩු දරුවන්ට සෝයා කිරි නිර්දේශ නොකරයි.
එසේම මෙහි අවසිදායකම තත්වය වන්නේ තයිරොයිඩි ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුකිරිම සෝයා කිරි හේතු වන බවයි.එනම් අයඩින් අවශෝෂණය අඩු වීම නිසා තයිරොයිඩි ග්‍රන්ථි ඉදිමුමට ලක්වීමයි.
එසේම අවශෝෂණය නොවු සෝයා කිරි වල වැඩි වශයෙන්phytic acid  අඩංගුවේ. මෙම phytic acid මඟින් අත්‍යවශ්‍ය ඛණිජලවන හා විටමින් වර්ග ආහාර මාර්ගයේදී අවශෝෂණය වලක්වාලයි. විශේෂයෙන්ම කැල්සියම්,අයඩින්,යකඩ වැනි අත්‍යාවශ්‍ය ඛණිජලවන අවශෝෂණය අඩු වීම නිසා සෞඛ්‍යම ගැටළු ඇති විය හැක. මේ නිසා වඩාත්ම සුදුසු වන්නේ ආහාර වේලට අවශ්‍ය එළවළු,පළතුරු හා ධාන්‍ය වර්ගද සමඟ සෝයා කිරි අවශ්‍ය පමණට පමණක් ආහාරයට එකතුකර ගැනීමයි.

විද්‍යා හා තාක්ෂණ නිලධාරි
ඉබ්බාගමුව

උපුටා ගැනීම - www.web md.com/food.recipes/features/how-good-is-soy

                      www.buzzle.com/articles/soy-milk sidefects.html

0 comments:

Post a Comment