April 2, 2014

ජංගම දුරකථනයක IMEI අංකය?

වර්තමාන ‍ලෝක‍යේ ජංගම දුරකථන භාවිතයට ගන්නා පාරි‍භෝගිකයින් පිරිස අතිබහුතරයකි. එසේම නිෂ්පාදක සමාගම් ද බහුලය.
දි‍නෙන් දින ඉහළ යන පාරි‍භෝගික ඉල්ලුමට සරිලන ‍ලෙස නිෂ්පාදක සමාගම් මගින් අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරන ලද ජංගම දුරකථන ‍වෙළද‍පොලට ඉදිරිපත් කරති. ‍මෙවැනි ජංගම දුරකථනයක් ‍වෙළද‍පො‍ලේ දී අඩු මුදලකට ලබා ගත හැකි වුවද එහි ගුණාත්මක තත්වය (Quality) පිළිබද දැනුවත් ද යන්න විමසා බලමු.
ජංගම දුරකථනයක ගුණාත්මක බව ‍කො‍තෙක් ද යන්න හා නිෂ්පාදිත රට පිළිබද අව‍බෝධයක් ලබා ගැනීමට එහි IMEI අංකය වැදගත් ‍වේ. (International Mobile Equipment Identity) 

ඔබ දුරකථනයක් මිලදී, IMEI අංකය එහි බහාලු‍මේ ‍හෝ දුරකථන‍යේ බැටරිය පිටුපස සටහන් කර ඇති අතර, එය අංක 14 කින් ‍හෝ 15 කින් යුක්ත අංකයකි.

එ‍සේත් ‍නොමැති නම් *#06# ‍‍යෙදීමෙන් ‍මෙම අංකය ලබා ගත හැකි අතර‍මෙම සංඛ්‍යා ‍ශ්‍රේණි‍යේ පිළි‍වෙලින් මුල සිට 7 වැනි හා 8 වැනි ස්ථාන‍යේ ඇති අංක ‍දෙ‍කෙන් ඔ‍බේ දුරකථන‍යේ ගුණාත්මක තත්වය (Quality) පිළිබද අදහසක් ලබා ගත හැකිය.


උදා - ‍ලෙස 9 1 9 1 1 1 0 1 7 4 3 7 1 1 අංක ‍‍ශ්‍රේණි‍ය බලමු.



ඒ අනුව‍මෙම අංක ‍දෙක '00' නම් (High quality) ‍හෝ   '01' ,  '10' නම් (Good quality) වන  ජංගම දුරකථනයකි. 

IMEI අංක‍යේ 7 හා 8 ස්ථාන‍යේ  '02' ‍හෝ  '20' පවතී නම් එය ගුණාත්මක බවින් අඩු (Poor quality) අතර, ජර්මනිය හා චීනය වැනි රටවල නිෂ්පාදිත ‍ජංගම දුරකථන බො‍හොමයක ‍මෙම අංකය  '03' ‍/  '30' ‍හෝ '04'/ '40' ‍වේ. ‍මෙම දුරකථන ද ගුණාත්මක තත්ව‍යෙන් යුක්ත වන අතර, '00'  '01' ,  '10' දුරකථන තරම් ‍නො‍වේ.
IMEI අංක‍යේ 7 හා 8 ස්ථාන‍යේ '13' ‍ලෙස අංක සටහන් නම් එම දුරකථන ඉතාමත් දුර්වල තත්වයක පවතී. (Too Bad) ‍මෙවැනි ජංගම දුරකථන භාවිතය ‍සෞඛ්‍යයට තර්ජනයකි.
ජංගම දුරකථනයකින් නිකුත්වන විද්‍යුත් චුම්භක තරංග මගින් ‍මොළ‍යේ DNA වලට හානි කරන අතර‍මෙමගින් ස්නායු ක්‍රියාකාරීත්වය ට ද බලපෑම් ඇති ‍කිරී‍මෙන් Alzheimer’s හා Parkinson’s යන ස්නායුගත ‍රෝග ඇති වීමට ද ‍හේතුවක් වන බව පර්‍යේෂකයින් විසින් ‍සොයා ‍ගෙන ඇත. තවද ඉන් නිකුත් වන ‍‍විකිරණ මගින් පිටවන තාප‍යෙන් ‍මොළ‍යේ පටක රත් වීම ද ‍මෙමගින් ක්‍රමිකව ‍මොළ‍යේ ‍සෛලවලට හානි සිදු වන බවද ‍සොයා ‍ගෙන ඇත. මීට අමතරව ‍මෙම විකිරණශීලී තරංග පිලිකාකාරක ද ‍වේ.

උපුටා ගැනීම් -
           http://listdose.com/10-bad-effects-of-cellphone-on-health/


0 comments:

Post a Comment