April 3, 2014

විදුලි බිලට මරු පහරක් දුන් දේශීය නිපයුම

මෙවැනි වදනක් ඇසීමෙන් පවා අපට ලැබෙනුයේ මහත් අස්වැසිල්ලකි. අප රටේ සාමාන්‍ය මාසික විදුලි පරිභෝජනය ඒකක 150 ක් පමණ වේ. මෙයින්ද සාමාන්‍ය නිවසක වැඩිපුරම විදුලිය වැය වනුයේ ශීතකරණයටය වන අතර එය ඒකක 55 සිට 60 අතර අගයක් ගනී. එහෙත් වායුසමීකරණ යන්ත්‍රයක එම අගය ඒකක 180 – 300 අතර වේ. මේ හැරුණු කොට අනෙකුත් විද්‍යුත් උපකරණ සදහා වැයවන (විදුලි පංකාව, රෙදි සෝදන යන්තුය, රූපවාහිනිය, විදුලි කේත, ස්ත්‍රික්කය) විදුලි ඒකක ගණන සාපේක්ෂව අඩුය. මෙම ක්‍රමය භාවිතයෙන් නිවසක විදුලි බිල 30% - 50% අතර අගයකින් අඩු කල හැකි වේ.  

නිවෙස් ආලෝකකරණය සදහා වැයවන්නේ අවම විද්‍යුත් ඒකක ගණනක් වන අතර එය සමස්ථ විදුලි බිලෙන් 5% - 10% අතර වේ. CFL හා LED බල්බවල කාර්යක්ෂමතාව ඉහල වුවද ඒ සදහා වැයකල යුතු මුදල ඉහල වේ. මේ සදහා වැය වන මුදල පියවා ගැනීමට වසරක් හෝ ඊට වැඩි කාලයක් ගත වේ. මෙම උපකරණය භාවිතා කරමින් ශීතකරණයකට විදුලිය සැපයීමෙන් මාස 3ක් වැනි කෙටි කාලයකදී උපකරණය සදහා ගිය වියදම පියවා ගත හැකිය. මාසිත විදුලි පාරිභෝගික ඒකක ගණන 90 ඉක්මවන පාරිභෝගිකයින්ට මෙම තාක්ෂණය භාවිතා කිරීමෙන් 60% කින් පමණ විදුලි බිල අවම කරගත හැකිය.

මෙම උපකරණයේ නිර්මාතෘ බ්‍රාවෝ සොලියුෂන්ස් ආයතනයේ විදායක ඉංජිනේරු කමල් එදිරිසිංහ මහතා පවසන පරිදි, මෙහි මූලික සිද්ධාන්තය නමි පාලනයකින් යුක්තව අධියර 9ක් යටතේ යන්ත්‍රයට ලබා දෙන විදුලිය තාවකාලිකව විසන්ධි කිරීමයි. මෙය සාමාන්‍ය ස්විචයෙන් විදුලිය විසන්ධි කර ගැනීමට වඩා හාත්පසින් වෙනස් වේ. එසේම මෙය ඉතා ආරක්ෂිත ක්‍රියාවලියකි. සාමන්‍ය පරිදි ස්විචයෙන් විදුලිය විසන්ධි කිරීම ශීතකරණයේ කොම්ප්‍රෙෂරයට හානිදායි විය හැකි අතර කල්පැවැත්මටද ඉතා අහිතකර ලෙස බලපායි. නමුත් මෙම නව කිලර්වොට් තාක්ෂණය මගින් ඉහත දැක්වූ අදියර 9න් අප විසින් තෝරා ගන්නා ලද නිෂ්චිත කාලසීමාවකදී පමණක් ආරක්ෂාකාරීව විදුලිය අත්හිටවනු ලබයි. මෙමගින් දිවා හා රාත්‍රී කාලයන්ට ගැලපෙන පරිදි හා ශීතකරණය තුල අසුරා ඇති භාණ්ඩ වල අඩු වැඩි භාවය මත අදාල සැපයුම් අත්හිටවන කාලයන් තීරණය කල හැකි වේ. තවද ශීතකරණයේ අභ්‍යන්තර සිසිලනයට හානි නොවන ආකාරයට පාලනය වේ. මෙම ක්‍රමයේදී සාමාන්‍ය ශීතකරණයක් සතු තර්මෝස්ටැට් උපකරණයට වඩා වෙනස් වූ ක්‍රියාවලියක් ඔස්සේ යන්ත්‍රයට ලබාදෙන විද්‍යුතය පාලනය කරයි. එසේම තර්මෝස්ටැට් උපකරණය මගින් උෂ්ණත්වය පමණක් පාලනය කරයි. තවද ශීතකරණය වෙත සැපයෙන විදුලිය පහසුවෙන් කපා හැරීමට හා නැවත බල ගැන්වීමට සරල ටයිමරයක් භාවිතා කල හැකිය. නමුත් මෙය කොම්පෙෂරයට හානි ගෙනදේ. මෙම නව තාක්ෂණය මගින් ඒ සතු ශක්ති සංවේදී කොටස (Power Sensor) මගින් කොම්ප්‍රෙෂරය කරා යොමුවන විදුලිය මැනීමකට ලක් කර වඩාත් සුදුසුම අවස්ථාවේදී විදුලි සැපයුම අත්හිටුවයි. මෙමගින් ඉතා ආරක්ෂාකාරීව කොම්පෙෂරය කරා සැපයෙන් විදයුත් ධාරාව පාලනය කර ශීතකරණය අක්‍රීය කිරීම හා පනගැන්වීම සිදු කරයි.
කිලර්වොට් උපකරණයේ වැදගත්ම කොටස පවර් සෙන්සර් පරිපතයයි. මෙමගින් අදාල ශීතකරණයට සැපයෙන විදුලිය නිරතුරුවම මැනීම් සිදු කරයි. එසේම උපකරණයට මෙයින් කිසිදු හානිකර තත්වයක් ඇති නොවන අතර භාවිතා කර ඇති පවර් සෙන්සර්  ඒකකය මගින් විද්‍යුත් උපාංගයන්ට උපරිම ආරක්ෂාව සපයන බවද මෙම උපකරණයේ නිර්මාතෘගේ අදහසයි.

ක්‍රියාකාරීත්වය සම්බන්ධ වැඩිදුර තොරතුරු සදහා වීඩියෝ දර්ශණය නරඹන්න.




බ්‍රාවෝ සොලියුෂන්ස් ආයතනයේ විදායක ඉංජිනේරු කමල් එදිරිසිංහ මහතා සමග කල සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලදී.

සකස්කලේ :-
කේ.එන්. සම්පත් පෙරේරා සහ ඉෂාන් මිහිරාජ්

3 comments:

Are your Srilankan read this

Read all the Sri Lankans

Are your Srilankan read this

Post a Comment